බොහෝ වෙනස් ක්‍රිස්තියානි පරිවර්ථනයන් (අර්ථ කථනයන්) තිබෙන්නේ ඇයි?




ප්‍රශ්නය: බොහෝ වෙනස් ක්‍රිස්තියානි පරිවර්ථනයන් (අර්ථ කථනයන්) තිබෙන්නේ ඇයි?

පිළිතුර:
ලියවිල්ලෙහි පවසනවා “එක ස්වාමින් වහන්සේත්, එක ඇදහිල්ලත්, එක බව්තිස්මයත්” (එපීස 4:4). මෙම කොටසෙන් පවසන්නේ අපි “එක ආත්මයක්” තුළ ක්‍රියාත්මක වන විට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ එක්සත් කම තිබිය යුතු බවය (4 වන පදය). 3 වන පදයෙහි පාවුල්තුමා යටහත්කම, මොලොක් ගුණය, ඉවසීම, හා ප්‍රේමය පිළිබඳව කථා කරයි. මේ සියල්ලම යටහත්කම පවත්වාගෙන යාමට වැදගත් වේ. 1 කොරින්ති 2:10-13 ට අනුකුලව, ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ හදවත (මනස) දන්නා සේක (11 පදය), උන් වහන්සේ එළිදරව් කරන සේක (10 පදය) උගන්වන සේක (13 පදය) උන් වහන්සේගේ ආත්මයාණන් තුළ සිටින්නට. ශුද්ධාත්මයාණන් වහන්සේගේ මේ ක්‍රියා වලියට පවසන්නේ දීප්තිය (ප්‍රදීපාලෝකය) ලෙසටය.

සම්පූර්ණ (පරිපූර්ණ) ලෝකයක, සෑම ඇදහිලිවන්තයෙකුම වගකීමක් (කීකරුකමක්) ලෙසින් බයිබලය ඉගෙන ගනී (2 තිමෝති 2:15) යාච්ඤාවෙන් ශුද්ධාත්මයාණන්ගේ ආලෝකය මත යැපෙමින්. පැහැදිලි ලෙස දැකීමට හැක, මෙය සම්පූර්ණ ලෝකයක් නොවන බව. ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින සෑම කෙනෙක්ම ශුද්ධාත්මායාණන්ට ඇහුම්කන් නොදේ. උන් වහන්සේව රිදවන කිතුනුවන්ද ඇත (එපීස 4:30). ඕනෑම උගතකුගෙන් හෝ විශිෂ්ට පන්තිකාමර ගුරුවරයෙකුගෙන් අසන්න ඉගෙන ගැනීමට අකමැති අකීකරු එක සිසුවකු හෝ ඔහුට මුණ ගැසෙනු ඇත ගුරුවරයා කුමක් කළත්. එමනිසා බයිබලය එක එක ලෙසට පරිවර්තනය කිරීමට හේතුව නම් සමහර අය ශුද්ධාත්මයාණන් නැමැති ගුරුවරයාට ඇහුම්කන් නොදීමය. තවත් හේතුව නම් බයිබලය උගන්වන අයගේ ව්‍යාජ විශ්වාසයන්ද හේතු වේ.

1. නොඇදහිල්ල. තමා කිතුනුවකු යැයි පවසන අයම නැවත උත්පාදනයවී නොමැති වීමයි. ඔවුන් “ක්‍රිස්තියානි” කියන නාම පුවරුව පමණක් දරා සිටියි නමුත් හදවතේ සැබෑ වෙනසක් නැත. බොහෝ අය බයිබලය ඉගැන්වීමට එය සත්‍යවූ දෙයක් යැයි නොපිළිගනී. ඔවුන් දෙවියන් වහන්සේට කථා කරන නමුත් නොඇදහිල්ල මත තවමත් සිටි. බොහෝ වැරදි පරිවර්ථන පැමිණෙන්නේ ඒ අයගෙනි.

නොඇදහිලිවන්තයෙකුට බයිබලය නිවැරදි ‍ෙලස පරිවර්ථනය කළ නොහැක. “නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්ස්ගේ ආත්මයාණන් වහන්සේගේ කාරණ පිළි නොගනීයි. ඒවා ඔහුට මෝඩකමය, ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැන ගන්ට ඔහුට බැරිය” (1 කොරින්ති 2:14). නොගැලවුනු පුද්ගලයෙකුට බයිබලයේ සත්‍යතාවන් තේරුම් ගැනීමට නොහැකිය. ඔහුට කිසිම ආලෝකයක් නැත. තවද, පාලකවරයෙකු හෝ දේවධර්මාචාර්‍යවරයෙකුවූ පලියට ගැලවීම සහතික විය නොහැක.

නොඇදහිල්ල හේතුවෙන් නිර්මානය වන දේ යොහන් 12:28-29 හී දැකිය හැකිය. යේසුස් වහන්සේ පියාණන් වෙත යාච්ඤා කරනවා “පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” පියාණන් වහන්සේ මහත් හඬකින් ප්‍රතිචාර දැක්විය ස්වර්ගයේ සිට, ලඟ සිටි සියලු දෙනාට එය ඇසුනා අවධානය යොමු කරන්න. කෙසේ වෙතත්, පරිවර්ථනයේ වෙනස “එතන සිට එය ඇසූ ජනයා පැවසුවා එය ගොරවන ශබ්දයක් කියා, අනෙක් අය පැවසුවා දේවදූතයෙක් ඔහුට කථා කළ බවට.” සෑම දෙනාට එකම දේ අහන්න ලැබුණේ ස්වර්ගයේ සිට පැහැදිලි ප්‍රකාශයක් සෑම දෙනා ඇසිය යුතු යැයි ඔහු සිතු දේ සියලු දෙනා ඇසුවා.

2. පුහුණුවේ මදිකම. ලියවිල්ල වැරදි ලෙස පරිවර්ථනය කරන්නන්ට පේත්‍රැස් අනතුරු අඟවනවා. ඔහු පවසනවා ඔවුන්ගේ ඉගැන්වීම් වල තිබෙන ඔවුන්ගේ නූගත්කම පිළිබඳව (2 පේත්‍රැස් 3:16). තිමොතිට පවසනවා “සැබෑවේ වචනය හරි ආකාර පහාදා දෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ තැනැත්තා වූ වැඩ කාරයෙක්ව, දෙවියන් වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සහ කරපන්න” (2 තිමොති 2:15). සැබෑ බයිබල් පරිවර්තනයට කෙටි මාර්ග (අතුරු මාර්ග) නැත, අප ඉගෙන ගත යුතුය.

3. දුර්වල අර්ථ විවරණය. බොහෝ වැරදි හටගෙන ඇති හේතුව නම් විවරණයේ දුර්වලකම වේ (බයිබලය පරිවර්ථනය කිරීමේ විද්‍යාව). එක් පදයක් පමණක් ගෙන පරිවර්ථනය කිරීමෙන් මුලු පදයටම හානි කරවිය හැක. පොතේ හා පරිච්ඡේදය පිළිබඳව පුළුල් අවබෝධයක් නොතිබීම, හෝ ඓතිහාසික සංස්කෘතික තත්වය තේරුම් ගැනීමට අසමර්ථ වීමද ප්‍රශ්න කරා රැගෙන යයි.

4. මුළු බයිබලයම (දේව වචනයම) නොදැන සිටීම. අපොලොස් ඉතා බලවත් දේශනාකරුවෙකු වේ. නමුත් ඔහු දැන සිටියේ යොහන්ගේ බව්තිස්මය පමණි. ඔහුට යේසුස් වහන්සේ උන් වහන්සේ ලබාදෙන ගැලවීම පිළිබඳව අවබෝධයක් නොතිබුණි. එම නිසා ඔහුගේ පණිවිඩය අසම්පූර්ණයි. අකිලා හා ප්‍රිස්කිලා ඔහුව පසෙකට ගෙන ගොස් “දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට තෝරා දුන් සේක” (ක්‍රියා 18:24-28). ඊට පසුව අපොලොස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කළේය. සමහර කණ්ඩායම් හා තනි පුද්ගලයන් ගාව අසම්පූර්ණ පණිවිඩයක් ඇත. මක්නිසාද ඔවුන් සමහර ඡේදයන් දෙසට අවධානය යොමු කරන්නේ අනෙකාගේ නිර්දේශයක් සමගය. ඔවුන් පරිච්ඡේදයෙන් පරිච්ඡේදය සැසදීමට අසාර්ථක වේ.

5. ආත්මාර්ථකාමය හා උඩඟුකම. පැවසීමට කණගාටුයි, බයිබලයේ බොහෝ පරිවර්ථනයන් පදනම්ව ඇත්තේ එක් එක්කෙනාගේ පුද්ගලික අදහස් හා සුරතල් මූලධර්ම මත වේ. තවත් සමහරු අවස්ථාවක් බලා සිටිනවා පුද්ගලික උසස්වීමකට පත්වීමකට “අළුත් දෘෂ්ටිකෝණයක්” ඉදිරිපත් කිරීමෙන් ලියවිල්ල පිළිබඳව (හැඳින්වීම දෙස අවධානය යොමුකරන් ව්‍යාජ ගුරුවරු පිළිබඳව යූද්ගේ සංදේශය පවසන දෙය බලන්න).

6. මේරූභාවයට ඒමට අසමර්ථවීම. කිතුනුවන් යුදු අයුරින් මේරූභාවයට පත්වීම නොවුවහොත්, ඔවුන් දේවචනය හසුරුවන ක්‍රමය බලපෑමක් ඇති කරයි. “මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණය කෙ‍ෙළමි, එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය, මක්නිසාද නුඹලා තවම මාංසිකය” (1 කොරින්ති 3:2-3). නොමේරූ කිතුනුවකු දේවචනයේ “මාංසය” අනුභව කිරීමට සූදානම් නැත. අවධානය යොමු කරන්න කොරින්ති සභාවේ හටගත් සිදුවීම නිසා සභාව තුළ බෙදීම හට ගත් බව (4 පදය).

7. චාරිත්‍ර මත අයුතු ලෙස අවධාරණය කිරීම. සමහර සභාවන් බයිබලය විශ්වාස කරන සභාවන් යැයි පවසන නමුත් ඔවුන්ගේ පරිවර්ථනයන් නිතරම ඔවුන්ගේ සභාවේ චාරිත්‍ර මත පදනම්ව ඇත. ඒ චාරිත්‍ර හා බයිබලය එකට ගැටෙනු ඇත. චාරිත්‍රවලට ප්‍රධාන තැනක්ද දෙනු ඇත. ඉන් වචනයට ඇති ආධිපත්‍ය අඩාල කර සභා නායකත්වයට ප්‍රධාන තැනක් දෙනු ලබයි.

ප්‍රධාන වශයෙන්, බයිබලය නිරන්තරයෙන්ම පැහැදිලියි ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳවද සැකයක් අපහැදිලි කමක් නැත. ස්වර්ගයේ හා නිරයේ යථාර්ථය හා ඇදහිල්ල කරණකොටගෙන ගැලවීම, සමහර අවස්ථාවල අඩු වැදගත්කමක් කෙසේ වෙතත් ලියවිල්ල ඉගැන්වීම පැහැදිලි මදි. එසේම මෙය වෙනත් පරිවර්ථන කරා ගෙන යයි. උදාහරණයකට බයිබලයේ අපට රාත්‍රි භෝජනය පරිහරණය කිරීම වාර ගැන හෝ සංගීත භාණ්ඩ භාවිතා කිරීමේ අයුරු ගැන කෙලින්ම ආඥා කර නැත. අවංකව, කිතනුවන්ට නම් මේ කරුණු පිළිබඳව වෙනස්වූ පරිවර්ථනයන් තිබෙනු ඇත.

ලියවිල්ලේ ඇති දෙයට එකඟවීම හා එයට පටහැනි දෙයට එකඟ නොවී සිටීම වැදගත් දෙයයි. සභාව උත්සහ කළ යුතුය යෙරුසලමේ මුල් සභාවේ ක්‍රමය අනුගමනය කිරීමට. “තවද ඔව්හූ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවල ස්ථීර ලෙස පැවතුණහ” (ක්‍රියා 2:42). මුල් සභාවේ එක්සිත්කම තිබුනා මන්ද ඔවුන් අපෝස්තුලුවරුන්ගේ මූලධර්ම මත රඳා පැවතුණ හෙයින්. අදටත් අප සභාවන් වල අපෝස්තුලුවරුන්ගේ මූලධර්ම අනුගමනය කර අනෙක් ඒවා පසෙක දැමුවහොත් සභාව තුළ එක්සිත්කම ඇතිවේ. සභාව තුළට රිංගා ඇති අනවශ්‍ය දේවල්ද ඉවතලිය යුතුවේ.



නැවතත් සිංහල මුල් පිටුවට



බොහෝ වෙනස් ක්‍රිස්තියානි පරිවර්ථනයන් (අර්ථ කථනයන්) තිබෙන්නේ ඇයි?