settings icon
share icon
ප්‍රශ්නය

පැරණි ගිවිසුම හා අළුත් ගිවිසුම අතර ඇති වෙනස්කම් මොනවාද?

පිළිතුර


පරණ ගිවිසුම මගින් අළුත් ගිවිසුම තුළින් පිළිබ්ඹු වන්නාවූ ඉගැන්වීම් හා සිදුවීම් සඳහා අඩිතාලමක් වනු ඇත. බයිබලය යනු ප්‍රගතිශීලී එළිදරව්වීමකි. යම් හෙයකින් ඔබ බයිබලයේ ඇති පොතකින් එහි මුල් භාගය කියවීම අතහැර අවසන් භාගය කියවීමට උත්සාහ දරන්නේ නම් එවිට මෙම පොත තුළින් මූලික වශයෙන් කියවෙන්නාවූ, නැතහොත් එහි චරිත, කථා වස්තුව, අවසානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අපහසු වේ. මේ ආකාරයටම, අළුත් ගිවිසුම ගත් කළ එයද සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත හැක්කේ පැරණි ගිවිසුම තුළ සිදුවීම්, චරිත, නීති, පූජා සම්ප්‍රදායන්, ව්‍යවස්ථාවන් මෙන්ම පොරොන්දු පිළිබඳව පැහැදිලිව සඳහන් වන්නේ නම් පමණි.

යම් හෙයකින් අපට අළුත් ගිවිසුම පමණක් තිබුණේ නම්, අප සුභාරංචිය පරිහරණය කරන්නේ යුදෙව්වන් විසින් ගැලවුම්කරුවෙකු අපේක්‍ෂාවෙන් සිටියේ මන්ද යන ගැටළුවට පිළිතුරු නොදැනය. තවද පැරණි ගිවිසුම නොමැතිව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට හේතුව කුමක්ද (යෙසායා 53 බලන්න), යන වග අපට නිශ්චිත අවබෝධයක් ලැබිය නොහැකි අතර, අපට කිසි දිනක නාස‍ෙරත්හී යේසුස් වහන්සේ කව්ද යන වග එතුමන් සම්බන්ධව ප්‍රකාශ කෙරුණු අනාගතවාක්‍යය මගින් අවබෝධ කර ගැනීමටද අපහසු වනු ඇත. උදා: උපන් ස්ථානය (මීකා 5:2), එතුමන්ගේ මරණය සිදුවන අයුරු (ගීතාවලිය 22; විශේෂයෙන් පද 1, 7-8; 14-18; ගීතාවලිය 69:21), එතුමන්ගේ උත්ථානය (ගීතාවලිය 6:16) සහ එතුමන්ගේ සේවය ආදි බොහෝ දේ (යෙසායා 52:19; 9:2).

පරණ ගිවිසුමක් නොමැතිව අළුත් ගිවිසුම තුළ සඳහන් යුදෙව් සම්ප්‍රදායන් පිළිබඳව නිවැරදි අවබෝධයකට පැමිණීම අපහසු කරුණකි. පරිසිවරුන් විසින් දෙවියන් වහන්සේගේ නීතිය අයුතු ලෙස යොදා ගනිමින් එයට තමන්ගේ සම්ප්‍රදායන් එකතු කොට ඇති බවක් අපට තේරුම් නොයනු ඇත. එදා යේසුස් වහන්සේ විසින් බිඳුනාවූ සිතකින් යුක්තව දේවමාලිගාව පවිත්‍ර කළේ මන්ද? යන ගැටළුවට පිළිතුරක්ද තේරුම් ගැනීමට නොහැකිවේ. ඒ වගේම යේසුස් වහන්සේ විසින් උගතුන් හට පිළිතුරු දීමේදි යොදා ගත්තාවූ ප්‍රඥාව, අපටද යොදා ගත හැකි බවට, අපට කිසිදා අවබෝධයක් ලබා ගත නොහැකි වේ.

අළුත් ගිවිසුම තුළ තිබෙන්නාවූ සිභාරංචි පොත් හා අපෝස්තුලුවරුන්ගේ ක්‍රියාවන් ආදිය තුළින් සියවස් ගණනාවකට පෙර පැරණි ගිවිසුම තුළ සඳහන් වන්නාවූ අනාගතවාක්‍යයන් පිළිබ්ඹු කර දක්වයි. යේසුස් වහන්සේගේ උපත, ජීවිතය, හාස්කම්, මරණය මෙන්ම උත්ථානයද ශුභාරංචිය තුළ හමුවන අතර ඒවා ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම පිළිබඳව පැරණි ගිවිසුම තුළ සඳහන් වන්නාවූ ඒ හා බැඳී අනාගතවාක්‍යයන් හා මැනවින් සබඳතාවයක් දක්වයි. එනම් මෙම කරුණු යේසුස් වහන්සේ පැමිණෙන්නට සිටියාවූ ගැලවුම්කරු යන වග මනාව තහවුරු කරයි. නව ගිවිසුම තුළ තිබෙන්නාවූ බොහෝමයක් අනාගතවාක්‍යයන් (බොහෝමයක් එළිදරව් පොත තුළ අඩංගු වේ) රැසක් පැරණි ගිවිසුමේ පොත් වල ඇති අනාගතවාක්‍යයන් පදනම් කරගෙන ඇත. එනම් අළුත් ගිවිසුම තුළ අන්තර්ගත වන්නාවූ අනාගතවාක්‍යයන් යේසුස් වහන්සේගේ දෙවන පැමිණිම මුල් කර ගනිමින් සිදුවන සිදුවීම් මත පදනම් වී ඇත. දළ වශයෙන් එළිදරව් පොතෙහි සෑම පද තුනෙන් දෙකක් තුළම පදනම හෝ එහි සබඳතාවය පැරණි ගිවිසුමේ පදයන් හා බැඳී පවතියි.

ඒ වගේම ශුද්ධ ලියවිල්ල තුළින් එළිදරව් වන්නාවූ දේ තුළ යම් ප්‍රගතියක් ඇත්තා සේම, අළුත් ගිවිසුමේ සඳහන් ඉගැන්වීම් සඳහා අවධානය පරණ ගිවිසුම තුළ පැන නගින්නක් බව ව්යං ගාර්ථයෙන් දක්වයි. හෙබ්‍රෙව් පොතෙහි යේසුස් වහන්සේ උත්තම පූජකයාණන් ලෙස හඳුන්වා ඇති අතර එතුමන්ගේ එක් පූජාවක් අනෙකුත් සෑම පූජාවකටම හිලව් අතර, ඒවා හුදු නිරූපණයන් පමණක් විය. පරණ ගිවිසුම මගින් නීතිය හඳුන්වා දෙන ලබන අතර එය කොටස් දෙකකින් සමන්විත වේ. ඒවා නම් දේව ආඥාවන් වලට අවනත වීම හෝ අවනත නොවීම තුළින් පැණ නැගෙන්නාවූ අණ හා ආශීර්වාද / ශාප වේ. ඒ අනුව අළුත් ගිවිසුම තුළින් දෙවියන් වහන්සේ ආඥාවන් දීම මගින් බලාපොරොත්තු වූයේ මිනිසාට ගැලවීමේ ඇති වැදගත්කම වඩාත් පැහැදිලි කර දීම සඳහාය. තවද එය කිසි දිනෙක ගැලවීම සඳහා වූ උපක්‍රමයක් බවට අදහස් කරන ලද්දක් නොවේ (රෝම 3:18).

පරණ ගිවිසුම තුළදී මනුෂ්‍යයාගේ පාපයන් වසා දැමීම සඳහා තාවකාලික ක්‍රමයක් දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ජනයා හට දෙනු ලැබීය. අළුත් ගිසුම මෙම ක්‍රමය ක්‍රිස්තුස් වහන්සේ පූජාව හමුවේ හා ගැලවීමේ එකම මාර්ගය තුළින් සිදුවන බවට පැහැදිලි කර දක්වයි (ක්‍රියා 4:12; හෙබ්‍රෙව් 10:4-10). පරණ ගිවිසුම මගින් පාරාදීසයේ අවසානය දක්නට ලැබූ අතර අළුත් ගිවිසුම මගින් පාරාදීසයේ මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් නැවත ලබා ගැනීම දෙවන ආදම් (ක්‍රිස්තුස්) ගෙන් සිදුවන අතරම එය යම් දිනකදී නැවතත් යථා තත්වයට පත් කරනු ලබන ආකාරය පිළිබඳව සඳහන් වේ. පරණ ගිවිසුම තුළ පාපය මනුෂ්‍යයා හා දෙවියන් වහන්සේ අතර වෙන්වීමක් ඇති කළ අතර (උත්පත්ති පරිච්ඡේදය 3), අළුත් ගිවිසුම තුළ මිනිසාට තම දෙවියන් වහන්සේ හා සබඳතාවය නැවතත් නගා සිටුවන අයුරු ප්‍රකාශ කර සිටියි (රෝම පිරිච්ඡේද 3-6). පැරණි ගිවිසුම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව දිවස්වැකි දක්වා ඇති අතර සුභාරංචි මගින් යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබව මූලික වාර්තාවක් ලබා දෙන අතරම, සංදේශ ලිපි මගින් එතුමන්ගේ ජීවිතයට ව්‍යාඛ්‍යානයන් සපයන අතරම, ඒ සඳහා අපගේ ප්‍රතිචාරය පිළිබඳවද පැහැදිලි කිරීමක් සපයනු ලබයි.

පරණ ගිවිසුම නොමැතිව ‍ෙදවියන් වහන්සේ වසින් යුදෙව් දේශයන් හට දෙනු ලැබූ තම පොරොන්දු ඉෂ්ඨ කරන්නාවූ අකාරය පිළිබඳව වැටහීමක් නොමැති වේ. මෙයට හේතුවක් ලෙස වසර හතක්වූ පීඩා කාලය තුළ දෙවියන් වහන්සේගේ පළමු පැමිණීමේදී ප්‍රතික්ෂේප කළ නමුත් එතුමන්ගේ දෙවන පැමිණීමේදී පිළිගත්තාවූ යුදෙව් රාජ්‍යයන් හා එක්ව වැඩ කරන අයුරු පිළිබඳව නිසි අවබෝධයක් නොලැබෙන අතරම ක්‍රිස්තුස් වහන්සේගේ වසර 1000 ක්වූ අනාගත පාලන කාලය යුදෙව්වන්ට දුන්නාවූ එතුමන්ගේ පොරොන්දුව හා අන්‍යජාතීන්ගේ සූදානම්භාවය පිළිබඳවද තේරුම් ගැනීමට අපොහොසත් වේ. එපමණක් නොව බයිබලයේ අවසානයේදී, බයිබලයේ ආරම්භයේදී තිබුණාසේ, පාරාදීසය දෙවියන් වහන්සේගේ මුල් නිර්මාණය සේම නැවත ස්ථාපිත කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක්ද ලබා ගැනීමට නිසි අවබෝධයක් හිමි නොවේ.

සාරාංශයක් සේ ගත් කළ මුළු මහත් ලෝකයේම පාපයන් උදෙසා තම ජීවිතය පූජා කළ යේසුස් වහන්සේගේ පැමිණිමට ඊශ්‍රායෙල් ජනතාව සූදානම් කිරීමේ ක්‍රියාවලියට පරණ ගිවිසුම අත්තිවාරමක් වේ (1 යොහන් 2:2). අළුත් ගිවිසුම මගින් යේසුස් වහන්සේගේ ජීවිතය මෙන්ම එතුමන් විසින් සිදු කළ ක්‍රියාවන් හමුවේ එතුමන් විසින් දුන්නාවූ සදාකාල ජීවනය මෙන්, අනෙකුත් සෑම ආශීර්වාදයක් හමුවේ අප‍ෙග් ජීවිත කෘතඥතාපූර්වකව ගත කළ යුතු අන්දම පිළිබඳව විවරණය කරයි (රෝම 12). මෙම පොත් දෙකම ගත් කළ ඒ තුළින් ආවරණය කරනු ලබන්නේ ශුද්ධවූත්, ධර්මිෂ්ඨවූත්, කරුණාවන්තවූත්, එකම තැනැන් වහන්සේ පාපයන් ද්වේශ කලද, පාපයෙන් පීඩිතවූ මනුෂ්‍යය වර්ගයා හට තම පාපයන් සමාව ක්‍රිස්තුස් වහන්සේගෙන් වූ අනගි පූජාව තුළින් ඔවුන් ගලවනු ලබන බවට අවබෝධ කරයි. එලෙසම මෙම පොත් දෙක තුළින්ම දෙවියන් වහන්සේ විසින් තම ස්වරූපය විද්‍යාමාන කරනවා සේම එතුමන් කරා පැමිණිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුළින්ම පමණක් බව පිළිබ්ඹු කරයි. එපමණක් නොව සදාකාලික ජීවිතය කරා මෙන්ම ධාර්මීකවූ ජීවිතයක් කරා යා හැකි අන් සියලු දේම මෙම පොත් ද්වන්ධය මගින් සපුරා ගැනීමට හැකියාවක් පවතියි (2 තිමෝති 3:15-17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පැරණි ගිවිසුම හා අළුත් ගිවිසුම අතර ඇති වෙනස්කම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries