ගිවිසුම් දේවවේදය යනු කුමක්ද? එය බයිබලානුකුලද?




ප්‍රශ්නය: ගිවිසුම් දේවවේදය යනු කුමක්ද? එය බයිබලානුකුලද?

පිළිතුර:
ගිවිසුම් දේවවේදය “දේවවේදයක්” යටතට නොගැනුනත් එය දේවචනය පරිවර්ථනය කිරීමේ තවත් එක් ක්‍රමයකි. මෙය බොහෝවිට දේවනියම්වාදය හා එකට බැඳී පවතින අතර හා 20 සියවස් අග භාගයේදී ඇමරිකානු ඉවැන්ජලිස්ත සේවය මගින් මෙම දේවවේදය බොහෝ සෙයින් උපයෝගි කරගනු ලැබීය. කෙසේ වෙතත් මෙය රෙපරමාදුවාදය ප්‍රතිසංස්කරණයවූ අවධියේ සම්භවයක් පවතියි.

දේවනියම්දයේදී දේවවචනය කාණ්ඩ 7 ට බෙදා ඇත (බෙදා දැක්වීම යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යයා හා මැවිල්ල අතර තුර කාලපරිච්ඡේදයේදී කරනු ලැබූ ගනු දෙනුවයි). ගිවිසුම් දේවවේදය තුල ප්‍රධාන ගිවිසුම් 2 ක් ඇතුලත් වන අතර ඒවා නම්, ක්‍රියාවේ ගිවිසුම හා කරුණාගේ නැතහොත් අනුග්‍රහයේ ගිවිසුම. තෙවන ගිවිසුමක් කලාතුරකින් ඉස්මතුවන අතර එය ගැලවී‍මේ ගිවිසුම ලෙස හඳුන්වයි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දේවවචනයේ තුළ විස්තරාත්මකව දක්වා ඇති විවිධවූ ගිවිසුම් “ක්‍රියාවේ ගිවිසුම” හෝ “අනුග්‍රහයේ (කරුණාවේ) ගිවිසුම” මත පදනම් වී ඇත.

ගිවිසුම් දේවවේදය තුල පවතින විස්තරාත්මක බව මෙලෙස විග්‍රහ කළ හැක. පළමුව මිදී ගිවිසුම දෙස අවධානය යොමු කලහොත් මෙය ත්‍රිත්වය මූලික කර ගනිමින් සෑදී ඇති අතර එහි කාර්යය වන්නේ වරදට සමාව දීම හා මුදවා ගැනීමට මිනිසුන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන් ගැලවීමේ සදාකාල ජීවනය කරා ගෙන යෑමකි. සුප්‍රසිද්ධ පාලකයෙකු හා දේවධර්මධරයෙක් පවසා ඇත්තේ මිදීමේ ගිවිසුම යනු “පියාණන් විසින් තම පුත්‍රයාණන්ට මනමාලියක් සෙවීම” ලෙසයි. බයිබලය තුල මිදීමේ ගිවිසුම පිළිබඳව පැහැදිලිව පහදා දී නොමැති අතර, ගැලවී පවතින්නාවූ සදාකාලික ස්වභාවය සැලැස්ම පිළිබඳවද පැහැදිලිව සඳහන් කර නැත (එපීස 1:3-14; 3:11; 2 තෙසලෝනික 2:13; 2 තිමෝති 1:9; යාකොබ් 2:5; 1 පේත්‍රැස් 1:2). බොහෝවිට යේසුස් වහන්සේ විසින් එතුමන්ගේ කාර්යය කරගෙන යනු ලබන්නේ තමන්ගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමයි (යොහන් 5:3; 43; 6:38-40; 17:4-12). ඒ අනුව ගැලවීම මුලුමනින්ම දෙවියන් වහන්සේගේ අදහසක් වන අතර එය ලෝකයේ ආරම්භයේ පටන්ම පැවත එන්නක් වූ අතර එය කිසිසේත්ම අනුමාන කළ නොහැකිය.

ක්‍රියාවේ ගිවිසුම දෙස අප නිරීක්‍ෂණය කල විට දේවවචනය තුල දක්නට ලැබෙන පළමු ගිවිසුම වන්නේද එයයි. දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා මැවීමෙන් පසුව එතුමන් විසින් ඔවුන්ව ඒදන් උයනෙහි ස්ථාපිත කරවිය. එතුමන් එසේ කලේ ඔවුන්ට ඉතා සුළු නියෝගයක්ද කිරීමෙනි. එනම් “නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවනි, එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි” (උත්පත්ති 2:16-17) යනුවෙනි. දෙවියන් වහන්සේ විසින් ආදම්ව ඒදන් උයනෙහි ස්ථාපිත කලේ ඔහු දෙවියන් වහන්සේගේ අණට කීකරුව සිටින තාක් කල් ඔහුට සදාකාල ජීවනය ලබා දීමට පොරොන්දු වෙමින්ය. ඒ අනුව ජීවිතය යනු කීකරුකම සඳහා උරුම වන්නාවූ විපාකයක් වන අතරම මරණය යනු අකීකරුකම සඳහා උරුම වන ඳඩුවමකි. මෙය ගිවිසුම් භාෂාවයි.

සමහරක් උගතුන් මෙම ගිවිසුම අධිපතා-දාසයා යන මට්ටමින් බලයි. එනම් දාසයා විසින් ගිවිසුම් කොන්දේසි දාසයා වෙත ඉදිරිපත් කරයි. ක්‍රියාවේ ගිවිසුම ප්‍රකාරයට දෙවියන් වහන්සේ (අධිපති) විසින් මනුෂ්‍ය ජාතියට සදාකාල ජීවනය දීමට පොරොන්දු වන්නේ (මෙහිදි දාසයාගේ ස්ථානය ආදම්ට හිමි වන්නේ ඔහු මනුෂ්‍ය පරපුරේ ප්‍රථම පුරුක වන නිසාය) මනුෂ්‍යයා ගිවිසුමට පොරොන්දුවීම මතය. උදා: මෙම ගසෙන් නොකන්න, මෙම ව්‍යුහයම දෙවියන් වහන්සේ විසින් ව්‍යවස්ථාව මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජනතාවට ලබා දීමෙිදී ද දැක ගත හැකිය. ඊශ්‍රායෙල් ජනයා දෙවියන් වහන්සේ සමග සීනයි කන්ද මතදී ගිවිසුමකට එළඹිනි. දෙවියන් වහන්සේගේ ගිවිසුම පරිදි එතුමන් ඊශ්‍රායෙල් ජනතාව හට නැවත පිහිටවූ ඒදන් උයන නැතහොත් පොරොන්දු දේශය ලබා දීමට (කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශයක්) හා ඳෙවියන් වහන්සේගේ ආශීර්වාද මෙන්ම සියළු අනතුරු වලින් ආරක්‍ෂාව ලබා දීමට පොරොන්දු වන්නේ ඊශ්‍රායෙල් සෙනඟ විසින් එතුමන්ගේ ගිවිසුමට අවනත වුවහොත් පමණි. මෙම ගිවිසුමට ද්‍රෝහිවීමේ ඳඩුවම වන්නේ අදාල දේශයෙන් නෙඟ නෙරපා දැමීමයි (මෙම සිදුවීම ක්‍රි. පූ. 722 දී උතුරු රාජධානිය හා ක්‍රි. පූ. 586 දී දකුණු රාජධානියේ යටත් කිරීම් වලදී සිදුවිය).

ආදම් විසින් ක්‍රියාවේ ගිවිසුම රැකීමට අපොහොසත්වූ විට දෙවියන් වහන්සේ විසින් කරුණාවේ ගිවිසුම නමින් තෙවන ගිවිසුමක් ඉදිරිපත් කර විය. කරුණාවේ ගිවිසුම තුලද දෙවියන් වහන්සේ විසින් පව්කාරයන් හා (ක්‍රියාවේ ගිවිසුම තෙක් ජීවත් වීමට නොහැකි වූවන් හට) සදාකාල ජීවනය හා නිදහස නොමිලයේ ලබාදීමට යේසුස් වහන්සේ තුලින් කටයුතු කළ සේක. කරුණාවේ ගිවිසුම උත්පත්ති 3:15 සඳහන් වන ආකාරයට “මම තා සහ තගේ වංශය” යන සිදුවීමට පසුව දුන් පොරොන්දුවකි. එනම් ක්‍රියාවේ ගිවිසුම කොන්දේසි වලින් යුක්ත. ඒවා අතර කීකරුකමට ආශීර්වාදය මෙන්ම අකීකරුකමට ශාප කිරීම මෙහි අන්තර්ගතයයි. නමුත් කරුණා ගිවිසුම කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාරයට සියලු දෙනාට හිමිකර ගැනීමේ අවකාශය හිමිවිය. කරුණාවේ ගිවිසුම ගත් කල ආදි ගම්බර ග්‍රන්ථ වල ඇතුලත් වන පරිදි රජු විසින් අයෙකුට යමි ඉඩමක් කොන්දේසි විරහිතව ත්‍යාගයක් වශයෙන් ප්‍රධානය කලා හා සමානයි. කරුණාවේ ගිවිසුම කිසිදු කොන්දේසියක් ඇතුලත් නොවුනද විශ්වාසය හෝ ඇදහිල්ල මෙහි අන්තර්ගත වන නිසා බොහෝ දෙනෙක් එය කොන්දේසියක් ලෙසට තර්ක කර පෙන්වා දිය හැක. කෙසේ වූවත් බයිබලය තුල පුද්ගලයන් සඳහා දෙවියන් වහන්සේ තුල වූ අසීමිත කරුණාව අවසානය තෙක් රඳවා තබා ගැනීමට උපදේශන රාශියක් ඇතුලත් වේ. එලෙසම බයිබලය තුල කරුණාව රඳවා තබා ගැනීමට දෙවියන් වහන්සේගෙන් ලද අසීමිත දායාදයක් බවට (එපීස 2:8-9) සඳහන් වේ.

බයිබලය තුල දෙවියන් වහන්සේ හා විවිධ පුද්ගලයන් අතර ඇති කරගන්නා කොන්දේසි විරහිත ගිවිසුම් මගින් කරුණාවේ ගිවිසුමමනාව විද්‍යමාන වේ. දෙවියන් වහන්සේ අබ්‍රහම් හ ඇති කර ගන්නා ගිවිසුම (දෙවියන් වහන්සේ ගේ දෙවියන් වීමට හා ආබ්‍රහම් ඔහුගේ පරපුර දෙවියන් වහන්සේගේ ජනතාව වීමට) කරුණාවේ ගිවිසුම ව්‍යාප්ත කිරීමකි. දාවිතානු ගිවිසුමද (දාවිත්ගේ පරපුර සෑමවිටම රජකම් කරන බව) කරුණාවේ ගිවිසුම විද්‍යාමාන කරන්නකි. අවසාන වශයෙන් ගත් කල නව (අළුත්) ගිවිසුම කරුණාවේ ගිවිසුම පිළිබ්ඹු වන හා ඒ තුලින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව මගින් අපගේ සියලු පාපයන්ට කමාව ලබාදීම සිදු වේ. වේ අනුව අපට දැක ගත හැකි එක් කරුණක් වන්නේ සැමවිටම පැරණි ගිවිසුම තුල අන්තර්ගත වන සියල්ලම පාහේ යේසුස් වහන්සේ තුලින් පරිපූර්ණතත්වයට පත්වූ බවයි. උදාහරණයක් ලෙස දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ට ඔහුගේ පරම්පරාවට ආශීර්වාද කිරීම සම්පූර්ණත්වයට පත් වූයේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්ය. ඒ අතරම දාවිතානු රජ හා ඔහුගේ පාලනය දෙවියන් වහන්සේ ජනතාව අතර සිදුවීම ද සම්පූරණවූයේද ක්‍රිස්තුස් වහන්සේ තුලින්ය. අළුත් ගිවිසුම ගත් විට නිසැක වශයෙන්ම එය සම්පූර්ණවූයේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්ය. එපමණක් නොව පැරණි ගිවිසුම තුල අන්තර්ගතවන පූජාවන් හා චාරිත්‍ර වලද අවසාන දැක්ම වන්නේ අපගේ උත්තම පූජකයාණන්වන යේසුස් වහන්සේ තුලින්ය (හෙබ්‍රෙව් 8:10). මේ නිසා සීනයි කන්ද මත දී ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමියි නොසිතන්න, සම්පූර්ණ කරන්නාට මිස අවලංගු කරන්නට නොවෙමියි යනුවෙන් දේශනා කිරීමට එතුමන්ට අවකාශය හිමිවිය (මතෙව් 5:17).

තවද අපට පැරණි ගිවිසුම තුල ඊශ්‍රායෙල් ජනතාව නිතර නිතර කල වැරදි වලට ඳඩුවම් නොකර වලකින ආකාරයක් පෙනී යන අතර එය කරුණාවේ ගිවිසුම ක්‍රියාවට නැංවුනු අවස්ථාවකි. මොසායික් ගිවිසුමෙහි පවතින්නාවූ කොන්දේසියක් ලෙසට ඊශ්‍රායෙල් ජනතාවගේ අකීකරුකමට එතුමන්ගේ අණ පරිදි ඳඩුවම් කිරීමට එතුමා පියවර නොගෙන ඔවුන් කෙරෙහි ඉවසිලිවන්තව කටයුතු කරයි. මෙය බොහෝවිට නමුත් ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ද, ඊසාක්ද, යාකොබ්ද සමග තමන්ගේ ගිවිසුම නිසා යන පදයට අනුබද්ධිතව 2 රාජාවලිය 13:23; ගීතාවලිය 105; යෙසායා 29:22; 41:8), එතුමන්ගේ කැමැත්ත කරුණාවෙි ගිවිසුම ප්‍රකාරයට සිදුකරන්නේ, ක්‍රියාවේ ගිවිසුමද යම් වරෙක බලහත්කාරයෙන් අවලංගු කරමින්ය.

මෙය ගිවිසුම් දේවවේදය සඳහා වූ කෙටි හැඳින්වීමක් හා ඒ තුලින් දේවවචනය පැහැදිලි කර දක්වන්නේ කෙසේද යන වග පෙන්වා දෙයි. විටෙක ගිවිසුම් දේවවේදය පිළිබඳව ගැටළු මතු වන්නේ මෙය කරුණාවේ ගිවිසුම වෙනුවට හෝ නැති නම් ක්‍රියාවේ ගිවිසුම අවලංගු කර පත් වූවක් බවයි. නමුත් මෙය තවත් විග්‍රහ කලහොත් පැරණි ගිවිසුම යම් පසුබෑමකට ලක් වී ඇති නිසා ක්‍රියාවේ ගිවිසුමද අභාවයට ගොස් ඇතිද? යන ගැටළුව මතුවේ (හෙබ්‍රෙව් 8:13). කෙසේ වෙතත් මෙය නැවතත් එදා දෙවියන් වහන්සේ ඒදන් උයනේදී පොරොන්දුවූවා සේ කීකරුකමට ජීවනයද, අකීකරුකමට මරණයද යන ගිවිසුම වෙතට දිවයයි. ක්‍රියාවෙි ගිවිසුම දස පණත තුලදී විස්තරාත්මකව දක්වා ඇත්තේ කීකරුකම උදෙසා ජීවනය හා ආශීර්වාදයත්, අකීකරුකම උදෙසා ඳඩුවම හා මරණයත් පැණවීමට දෙවියන් වහන්සේ පොරොන්දුවී ඇති බවයි. පැරණි ගිවිසුම තුල දෙවියන් වහන්සේ නමස්කාරය පිළිබඳව නීති හා රෙගුලාසි පමුණුවා ඇත. එයට අමතරව ඊශ්‍රායෙල්වරුන් පාලනය කරනු ලැබූ මහජන නීතිය පිළිබඳ එහි අන්තර්ගත වෙි. යොසුස් වහන්සේගේ පැමිණීමත් සමග පැරණි ගිවිසුම තුල තිබුනාවූ යමි යමි අංශයන් පිටතට ගියේ යේසුස් වහන්සේ විසින් පැරණි ගිවිසුම පරිපූර්ණත්වයට පත් කල නිසාය (නැවත හෙබ්‍රෙවි 8-10 බලන්න). පැරණි ගිවිසුම මගින් “ආදර්ශ හා ප්‍රතිරූපයන්” ඉස්මතු කර දැක්වූ අතර ක්‍රිස්තුස් වහන්සේ විසින් එහි හරය (කොලොස්සි 2:17) ඉස්මතු කරනු ලැබීය. නැවතත් ප්‍රකාශ කලහොත් ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාව සමිපූර්ණ කිරීමටය (මතෙවි 5:17). පාවුල්තුමා ප්‍රකාශ කරන ආකාරයට “මක්නිසාද දෙවියන් වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන් වහන්සේ තුල එසේය කියාවෙි. එහෙයින් අප කරණකොටගෙන දෙවියන් වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස උන් වහන්සේ කරණකොටගෙන ආමෙන් කියාත් වෙි” (2 කොරින්ති 1:20).

කෙසේ වෙතත්, මෙි මගින් ක්‍රියාවෙි ගිවිසුම අවලංගු කරන්නේ නැත. දෙවියන් වහන්සේ විසින් පැරණි ගිවිසුම තුල තමන්ගේ ජනතාව ශුද්ධව සිටීමට නියම කරනවා සේම (ලෙවී කථාව 11:44) අළුත් ගිවිසුම තුලද එතුමන් ශුද්ධව සිටීමට නියම කරයි (1 පේත්‍රුස් 1:16). ඒ නිසාම, අදටත් ක්‍රියාවෙි ගිවිසුමෙහි පවතින්නාවූ කොන්දේසි සමිපූර්ණ කිරීම ටඅප අදටත් බැඳී සිටියි. මෙහි ශුභාරංචිය වන්නේ ගිවිසුමි ප්‍රධානියා හා අවසාන ආදමි වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියාවෙි ගිවිසුම හැම අතින්ම සමිපූර්ණ කල අතර එම අනර්ඝ ධර්මිෂ්ඨත්වය තෝරා ගනු ලැබූවන් හට ලබා දීමට හේතු විය. ආදමි විසින් මනුෂ්‍ය වර්ගයා නියෝජනය කළ අතර ඔහු විසින් ක්‍රියාවෙි ගිවිසුම පවත්වාගෙන යෑමට අපොහොසත් විය. එමනිසා ඔහුත් ඔහුගේ පරමිපරාව මරණයට හා පාපයට ඇද වැටුනි. යේසුස් වහන්සේද මනුෂ්‍යයා නියෝජනය කරමින් ඉදිරිපත්වූ අතර වනාන්තරයේ පරීක්‍ෂාවෙි සිට කල්වාරිය දක්වා වූ අවධීන් දක්වා ක්‍රියාවෙි ගිවිසුම අනර්ඝ ලෙස සමිපූර්ණ කලේය. මෙය පාවුල්තුමා ප්‍රකාශ කර සිටියේ මක්නිසාද ආදමි තුල සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලෝම ජීවත් කරනු ලබන්ණෝය (1 කොරින්ති 15:22) යනුවෙනි.

සාරංශයක් ලෙස ගත් කළ ගිවිසුමි දේවවෙිදය මගින් ක්‍රියාවෙි ගිවිසුම හෝ කරුණාවෙි ගිවිසුම ප්‍රකාශයට පත්කරන අතර මිදීමෙි අතීතය ගත් කළ එදා ආරමිභයේ සිටම අවසන් ඵලය වූ ක්‍රිස්තුස් වහන්සේ දක්වා ගිවිසුමි දේවවෙිදය ඉතා වැදගත් කොට සැලකිය හැකි වෙි. පැරණි ගිවිසුම මගින් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවූ පොරොන්දු ඇතුලත් වන අතර, අළුත් ගිවිසුම තුල ක්‍රිස්තුස් වහන්සේ තුලින් ගිවිසුම පරිපූර්ණත්වයට පත්වී විදහා පායි. යමි යමි පුද්ගලයින් විසින් ගිසුමි දේවවෙිදය ආදේශන දේවවෙිදයක් සේ හඳුන්වන අතර එය අසත්‍යකි. ආගමිකවාදය මෙන් ගිසුමි දේවවෙිදය මගින් ඊශ්‍රායෙලය හා සභාව අතර පැහැදිලි වෙනසක් පෙන්වා දෙන්නේ නැත. යුදෙවිවන් පැරණි ගිවිසුම තුල දෙවියන් වහන්සේගේ සෙනග නියෝජනය කරන අතර සභාව නව ගිවිසුම තුල (යුදෙවි හා අන්‍යජාතින්ගෙන් යුක්ත) දෙවියන් වහන්සේගේ සෙනග නියෝජනය කරයි. ඒ කෙසේ වූවත් මෙම කොටස් දෙකම දෙවියන් වහන්සේගේ ජනතාව එක්රුස් වෙි (එපීස 2:11-20). ෂභාව මගින් යුදෙවිවන් ප්‍රතිස්ථාපනය නොකරන අතර සභාව ඊශ්‍රායෙල් හා ඊශ්‍රායෙල් සභාව ලෙසට හැඳින්විය හැක (ගලාති 6:16). ආබ්‍රහමි වාගේම අන් සියලු දෙනාම ඇදහිල්ල මත රුඳි සිටියි නමි ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් යටතට අයිති වෙි (ගලාති 3:25-29).

ගිවිසුමි දේවවෙිදය පිළිබඳව තවත් බොහෝදේ ප්‍රකාශ කර සිටිය හැකි නමුත් මතක තබා ගත යුතු කරුණ වන්නේ එය දෙවියන් වහන්සේ තේරුමි ගැනීමට උපකාරිවන ප්‍රකාශන මාධ්‍යක් බවයි. නමුත් මෙය ඇති එකම ප්‍රකාශන මාධ්‍ය නොවෙි. ගිසුමි දේවවෙිදය හා ආගමි දේවවෙිදය අතර බොහෝ අසමාන්‍යතා පවතින අතර එකිනෙකට වෙනස් ඉගැන්වීම වෙත මෙිවා විහිදෙයි. නමුත් වටහා ගත යුතු කරුණ නමි මෙම අංශ දෙකම කිතුනු විශ්වාසය කරා අප ගෙන යන බවයි. මන්ද ගැලවීම, කරුණාව, විශ්වාසය ක්‍රිස්තුස් වහන්සේ හා දෙවියන් වහන්සේ හට පමණක් සියලු ගෞරවය හා මහිමය හිමි වන බවයි.



නැවතත් සිංහල මුල් පිටුවට



ගිවිසුම් දේවවේදය යනු කුමක්ද? එය බයිබලානුකුලද?