යේසුස් වහන්සේ පව් කර තිබේද?




ප්‍රශ්නය: යේසුස් වහන්සේ පව් කර තිබේද? උන් වහන්සේට පව් කිරීමේ හැකියාවක් නැති නම්, කෙසේද උන් වහන්සේට හැකි වන්නේ “අපගේ දුර්වලකම ගැන අපට අනුකම්පා කරන්නේ කෙසේද” (හෙබ්‍රෙව් 4:15)? උන් වහන්සේට පව් කිරීමට නොහැකි නම්, පරික්‍ෂාවට ලක්කිරීමේ හේතුව කුමක්ද?

පිළිතුර:
මෙම වැදගත්වූ ප්‍රශ්නයට පැතිකඩ දෙකක් ඇත. මතක තබා ගන්න මෙම ප්‍රශ්නයට හේතුව යේසුස් වහන්සේ පව් කර තිබේද? යන්න නොවන බව. පැති දෙකම එකඟයි. බයිබලය පැහැදිලි ලෙස පවසනවා යේසුස් වහන්සේ පව් නොකල බවට (2 කොරින්ති 5:21; 1 පේත්‍රැස් 2:22). ප්‍රශ්නය නම් යේසුස් වහන්සේට පව් කිරීමට හැකියාව තිබුනද යන්න. “නිදොස්” කියන දෙය විශ්වාස කරන අය විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ පව් නොකළ බවය. “සදොස්” යැයි විශ්වාස කරන අය විශ්වාස කරන්නේ යේසුස් වහන්සේට පව් කිරීමේ හැකියාව ඇති බවය, නමුත් නැත. මොන කෝනයද නිවැරදි? ලියවිල්ලේ ඉතා පැහැදිලිව පවසන දෙය නම් යේසුස් වහන්සේ නිදොස් බවයි-යේසුස් වහන්සේට පව් කිරීමට හැකියාවක් නැත. උන් වහන්සේ පව් කර තිබේ නම් උන් වහන්සේ පව් කිරීමට හැකියාව තිබුනා නම් උන් වහන්සේ තවමත් පව් කරමින් සිටිය යුතුය. මන්ද උන් වහන්සේ මේ පොළොවේ සිටිය ලෙසටම තවමත් එසේම සිටිනවා. උන් වහන්සේ දෙවියන් වහන්සේ-මිනිසා එසේම ඒ ආකාරයෙන්ම පවතී. පූර්ණ දේවත්වය හා පූර්ණ මනුෂ්‍යත්වය ඇතිව එක පුද්ගලයෙකු තුළ එකතුව නොබෙදිය හැකි ලෙස. යේසුස් වහන්සේ පව් කළා යැයි සිතීම උන් වහන්සේ පව් කළා යැයි කීම වේ. “මක්නිසාද උන් වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන් වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා” (කොලොස්සි 1:19). කොලොස්සි 2:9 එකතු කරනවා, මක්නිසාද උන් වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය.”

යේසුස් වහන්සේ සම්පූර්ණ මිනිසකු වුනත්, උන් වහන්සේ තුළ අපි ඉපදෙන විට අප තුළ තිබෙන්නාවූ පාපය නැත. අපව මෙන් උන් වහන්සේව පරීක්‍ෂා කරන ලදී. ඒ පරීක්‍ෂාවන් උන් වහන්සේ ඉදිරියෙහි දමනුවේ සාතන් විසින්ය. නමුත් තවමත් උන් වහන්සේ පාපය රහිතව සිටියා. මන්ද දෙවියන් වහන්සේට පව් කිරීමට නොහැකිය, එය උන් වහන්සේගේ ස්වභාවයට පටහැනිය (මතෙව් 4:1; හෙබ්‍රෙව් 2:18; 4:15; යාකොබ් 1:13). පාපය නම් නීතිය තමුන්ගේ වාසියට හරවාගෙන විග්‍රහ කිරීම. දෙවියන් වහන්සේ නීතිය මවන ලදි. එමෙන්ම නීතිය නම් දෙවියන් වහන්සේ කරන හෝ නොකරන දෙයක ස්වභාවයයි. එමනිසා පාපය උන් වහන්සේගේ ස්වභාවයෙන්ම නොකරන දෙයකි.

පරීක්‍ෂාවට ලක්වීමම පාපය නොවෙයි. පුද්ගලයෙකු ඔබ විසින් නොකළ යුතු දෙයකට ඔබ කිරීමට ආශා නොවන දෙයකට ඔබව කිරීමට පෙළඹවීම. මිනී මැරීම, ලිංගික අපචාර (දුරාචාර) වැනි ක්‍රියා. මෙම ක්‍රියාවන් වල යෙදීමට ඔබට කිසිම ආශාවක් නැත. නමුත් ඔබව පරීක්‍ෂාවට ලක් කිරීමට එම පරික්‍ෂාව ඔබ ඉදිරියේ තබයි. “පරික්‍ෂාව” යන වචනයට අර්ථ දෙකක් ඇත.

1) පව්කාර ස්වභාවයක් ඔබට ඉදිරිපත් කරයි. යම් කෙනෙකු හෝ ඔබට පිටතින් යම් දෙයක් හෝ ඔබගේ පව්කාර ස්වභාවය.

2) යම් පාපයක් ඔබගේ ජීවිතයේ සිදුවන විට ඔබට ලැබෙන දඬුවම සේම එම පාපය ඔබගේ සිති තුළ ක්‍රියාත්මක වීමටද දඬුවම් ලැබේ.

පළමු ඉදිරිපත් කිරීම පාපිෂ්ඨ ක්‍රියාවක් / සිතුවිල්ලක් නොවේ. දෙවනුව පාපිෂ්ඨ ක්‍රියාවකි. ඔබ පව්කාර ක්‍රියාවක යොමු වන විට එය කෙසේද ක්‍රියාත්මක කරන්නේ යන්න සිතීමම, ඔබ පාපයේ එල්ලය (මාර්ගය) අභිබවා ගොස් ඇත. යේසුස් වහන්සේ ස්වභාවයකින් පරීක්‍ෂා කරන ලදි. යමෙකු පවසනවා උන් වහන්සේව පව්කාර ස්වභාවයෙන් පරීක්‍ෂා නොකළ බවට මන්ද එය උන් වහන්සේගේ පැවැත්මට සුදුසු නැති නිසා. සාතන් සමහර පාපිෂ්ඨ ක්‍රියාවල් යේසුස් වහන්සේට යොමු කරා. නමුත් උන් වහන්සේට ඒවාට යොමු වීමේ ආශාවක් ඇතුලාන්තයෙන් නොවීය.

කෙසේ වෙතත්, අපව සේම උන් වහන්සේවද පරීක්‍ෂාවට ලක්කල නමුත් පාපයක් නොමැතිව බේරුනා.

සදොස් යන මතය දරණ අය විශ්වාස කරනවා, යේසුස් වහන්සේ පව් නොකලා නම්, උන් වහන්සේට සැබවින්ම පරීක්‍ෂාවේ අත් දැකීමක් නැති බවය. එහෙයින් අපගේ පොරබැදීම පාපයට විරුද්ධව කෙතරම් අපහසුද යන්න තේරුම් නොගනි. අප මතක තබා ගත යුතුය යමක් තේරුම් ගැනීමට ඒ දේ අත්විඳ තිබීම අත්‍යවශ්‍යම දෙයක් නොවන බව. දෙවියන් වහන්සේ සියලුදේ පිළිබඳ සියලුදේ දන්නා සේක. දෙවියන් වහන්සේට පව් කිරීමේ ආශාව නැති වුනත්, එසේම කිසිම විටක පව් නොකලා වුනත්, දෙවියන් වහන්සේ පාපය ගැන දන්නවා හා තේරුම් ගන්නවා. එසේම පරීක්‍ෂාවට ලක්වීම කෙසේදයත් උන් වහන්සේ දන්නවා සේම තේරුම් ගන්නවා. යේසුස් වහන්සේ අප‍ෙග් පරික්‍ෂාවන් දන්නේ උන් වහන්සේ ඒවා “අත් දැක” තිබෙන නිසා නොවේ.

පරික්‍ෂාවට ලක්වීම කුමක්ද යන්න දෙවියන් වහන්සේ දන්නා සේක, නමුත් පව් කිරීම කෙසේද යන්න උන් වහන්සේ නොදනි. මේ නිසා අපට උපකාර කිරීමෙන් උන් වහන්සේව වලක්වන්නේ නැත. අපව පාපයේ පරික්‍ෂාවට ලක්වීම මිනිසාට සාමාන්‍ය යෙකි (1 කොරින්ති 10:13). මෙම පාප තුන් ආකාරයකට පිළිබිඹු වේ “ඇස්වල තෘෂ්ණාව, මාංසයේ තෘෂ්ණාව හා ජීවිතයේ අහංකාරය” (1 යොහන් 2:16). ඒවගේ පාපයේ පරික්‍ෂාව අත්හදා බැලීම, යේසුස් වහන්සේගේ පරික්‍ෂාවත්, ඔබට සොයා ගත හැකි දෙය නම් මේ පරික්‍ෂාවන් සියල්ලම පැමිණියේ තුන් ආකාරයකින් බව. අප වාගේම සෑම අතින් යේසුස් වහන්සේව පරික්‍ෂාවට ලක් විය. නමුත් ශුද්ධව පැවතුනා. අපගේ දූෂිතවූ ස්වභාවය යම් යම් පාපිෂ්ඨ දේ කිරීමට ආශාවූවත්, අපට හැකියාව තිබෙනවා, යේසුස් වහන්සේ කරණකොට ගෙන පාපයෙන් ජය ගන්න. මන්ද අප තවත් පාපයට වහල්ව නැත නමුත් දෙවියන් වහන්සේගේ වහලෙක් වීම ඊට වඩා හොඳයි (රෝම 6 විශේෂයෙන් 2 පදය හා 16-22).



නැවතත් සිංහල මුල් පිටුවට



යේසුස් වහන්සේ පව් කර තිබේද?