settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි සලකුණු පච්ච කොටා ගැනීම නිවැරදිද?

පිළිතුර


මේ කරුණ සම්බන්ධව පසුබිමක් වශයෙන් පච්ච කෙටීම සහ ශරීරය සිදුරු කර ගැනීම සම්බන්ධව බයිබලයේ සදහන් වන්නේ කුමක් ද? යන අපගේ කෘතිය කරුණාකර කියවන්න. එම කෘතියේ සාමාන්‍ය අදහසට වඩා ගැඹුරු කරුණක් වන්නේ ක්‍රිස්තියානි ස්වභාවයක් විදහාපාන කුරුසිය, ක්‍රිස්තියානි ලියවිලි පාඨ, හෝ බයිබල් පාඨවලට වුවද මෙම මූලධර්මය අදාල වේද? සමහර ක්‍රිස්තියානි අය තේරුම් ගෙන ඇත්තේ එම පච්ච කෙටීම මගින් තමන් හට දැඩි විශ්වාසනීය භාවයක් ලබාගත හැකි බවත්, එමගින් සමහර ජන සමුහයක් අතර ධර්මදූත කටයුතුවල යෙදීමට තව තවත් අවස්ථා ලැබෙන බවත්ය. එබැවින් ක්‍රිස්තියානි ස්වරූපයක් ගත් පච්ච කෙටීම ගැන පැවසිය හැක්කේ කුමක්ද?

සැබවින්ම, ගිනිදැල් විහිදෙන හිස්කබලක්, නිරුවත් ගැහැණියක් හෝ යක්ෂයෙකුගේ රූපයක් පච්ච කොටා ගැනීමට වඩා කුරුසියේ ලකුණ කොටා ගැනීම යහපති. යේසුස් අප ගලවයි යනුවෙන් කොටාගත් කෙනෙකුට, සම්ප්‍රදායක ලෙස සැරසුන දේශනාකරුවෙකු වෙත කිසිදිනක ළගා වීමට අකමැති අය සමග පවා සංවාදයකට පිවිසීමට හැකියාවක් ඇත. එලිදරව් 19:16 පදය අනුව රජුන්ගේ රජුය සහ ස්වාමිවරුන්ගේ ස්වාමිය යනුවෙන් යේසුස් වහන්සේගේ කලවයෙහි සදහන්ව තිබීම මෙයට හොද නිදසුනක් ලෙස සමහර අය පෙන්වති. මෙහිදී ප්‍රශ්නය වව්නේ පච්ච කෙටීම හොදද සහ අවශ්‍ය ද යන්න මිස, එය පාපයක් ද යන්න නොවේ. 1 කොරින්ති 10:23 පදය දක්වන්නේ කැමති දෙයක් කිරීමට නිදහස ඇතැයි කීවත් හැමදේම යෝග්‍ය නැත. කැමති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙයම ශුභ සිද්ධියට ඉවහල් නොවේ. ලෙසින් ය.

1 කොරින්ති 9:22–23 පද මගින් පාවුල්තුමා පවසන්නේ දුර්වලයන් දිනාගන්නා පිනිස මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනා ගන්නා පිණිස, මම සියල්ලලෙහි දී, ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළමි. මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශිර්වාදයට හවුල්කාරයකු වන පිණිසය යනුවෙනි. ක්‍රිස්තියානි සලකුණු පච්ච කොටා ගැනීමේ එකම හොදම හා හැකිම හේතුව වන්නේ ටික දෙනෙකු ගලවා ගැනීම සදහා සියඵ දේම කිරීම විය හැකිය. පච්ච කෙටීමෙන්, ධර්මදූත සේවය සදහා වැසී යාමට තිබු දොරටුවක් විවෘත වන්නේ නම් පාවුල් තුමා පවසා ඇති අන්දමට එය සියඵ දේ කිරීම සදහා එක් සුදුසු කමක් වනු ඇත. ඒ අතරම, පච්ච කෙටීම නිසාවෙන් ධර්මදූත සේවයට රුකුලක් සදහා වාතාවරණයක් ඇති වන බව විදහා දැක්වීම සත්‍ය වශයෙන්ම අසීරුය. ඔබ පච්ච කොටා ගෙන නොමැති බැවින් යම් කෙනෙකු ඔබට සවන් නොදෙන්නේ නම් ඔබ පච්ච කොටා ගත්තා වුවද, ඔහු ඔබට අවංකවම ඇහුම්කන් දේයයි සීතීමට අපහසුය.

මෙම සියඵ කරුණු සලකා බැලු විට බයිබලය අනුව අපට නිගමනය කල හැක්කේ, ක්‍රිස්තියානි ස්වරූපයක් ගත් පච්ච කොටා ගැනීමට තහනමක් නැතත්, බැරැරූම් ප්‍රශ්නය වන්නේ, එසේ කිරීම යෝග්‍ය ද? සුදුසු ද? යන්නය. එබැවින් එලෙස පච්ච කෙටීමක් කර ගැනීමට කැමති ක්‍රිස්තියානි අය, ඥානවන්තභාවය සදහා දෙවියන්වහ්නසේට යාච්ඤාකොට, පිරිසිදු චේතනා සහ ඥානශක්තිය ලබා දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය (යාකොබ් 1:5)

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි සලකුණු පච්ච කොටා ගැනීම නිවැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries