settings icon
share icon
ප්‍රශ්නය

තිරිසන්කම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලය විවිධ කොටස් හතරකින් තිරිසන්කම ගැන සඳහන් කරයි. නික්මයාම 22:19 හි පවසන්නේ, “සතෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන ඕනෑම අයෙකු මරණයට පත් කළ යුතුය.” ලෙවී කථාව 18:23 ප්‍රකාශ කරයි, “සතෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වමින් එයින් අපවිත්‍ර නොවන්න. ස්ත්‍රියක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමට තමාව ඉදිරිපත් නොකළ යුතුය; එය විකෘතියකි.” ලෙවී කථාව 20:15-16 අණ කරන්නේ, “මිනිසෙක් සතෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔහු මරා දැමිය යුතුය, ඔබ සතා මරා දැමිය යුතුය. කාන්තාවක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමට ළං වුවහොත් එම කාන්තාව සහ සතා යන දෙදෙනාම මරා දමන්න. ඔවුන් මරණයට පත් කළ යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන්ගේම හිස මත පවතිනු ඇත.” ද්විතීය කථාව 27:21 එකඟ වේ, “ඕනෑම සතෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන මිනිසා ශාප ලත් ය.” මෙම පද වලින්, බයිබලයට අනුව, තිරිසන්කම භයානක බව ඉතා පැහැදිලිව පෙනේ. අස්වාභාවික, පිළිකුල් සහගත පාපයකි.

තිරිසන්කම මෙතරම් දැඩි ලෙස හෙළා දකින්නේ ඇයි? පළමුව, එය අස්වාභාවික විකෘතියකි. පැහැදිලිවම, මිනිසුන් නිර්මාණය කර ඇත්තේ / අභිප්‍රාප්ත වී ඇත්තේ වෙනත් මිනිසුන් සමඟ සංසර්ගයට මිස සතුන්ට නොවේ. මැවීමේ වාර්තාවේ, කිසිම සතෙකු ආදම්ට “සුදුසු” නොවීය (උත්පත්ති 2:20). දෙවනුව, තිරිසන්කම ලිංගික අපගමනයේ අවසාන අවස්ථාව නියෝජනය කරයි. සත්වයා මරණයට පත් කිරීමට නියමිතව තිබීම (ලෙවී කථාව 20:15-16), එය “අහිංසක” බව නොතකා, තිරිසන්කම කෙතරම් දුෂ්ට ද යන්න පෙන්නුම් කරයි. තුන්වන, සහ සමහර විට වඩාත්ම වැදගත් දෙය නම්, තිරිසන්කම අත්‍යවශ්‍යයෙන්ම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ මනුෂ්‍යත්වයේ සුවිශේෂත්වය ප්‍රතික්ෂේප කරයි (උත්පත්ති 1:27). තිරිසන්කමෙන් මනුෂ්‍යත්වය පහත හෙළන්නේ සත්ත්වයෙකුට මිස, හරි වැරැද්ද වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තිරිසනෙකු ලෙසත්, ස්වාභාවික දේ අස්වාභාවික බවත්, ආදරය කාමයෙන් බවත්ය.

අළුත් ගිවිසුමේ කිසිම තැනක තිරිසන්කම ගැන නම සඳහන් කර නැත, නමුත් එය තිරිසන්කම සඳහා දීමනාවක් හෝ දෙවියන්වහන්සේගේ සදාචාරාත්මක ප්‍රමිතීන් දුර්වල කිරීමක් ලෙස අර්ථ දැක්විය යුතු නැත. තිරිසන්කම යනු ලිංගික දුරාචාරයට එරෙහි ශුද්ධ ලියවිල්ලේ බොහෝ තහනම් වල නිර්වචනය ලෙස ඇතුළත් වේ (1 කොරින්ති 6:9; ගලාති 5:19; කොලොස්සි 3:5; හෙබ්‍රෙව් 13:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

තිරිසන්කම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries