settings icon
share icon
ප්‍රශ්නය

ඇබ්බැහිවීම් දෙස කිතුබැතියකු බැලිය යුත්තේ කෙසේද?

පිළිතුර


ඇබ්බැහිවීම යන වචනයට තේරුම් දෙකක් ඇත. පලමු තේරුම නම් යම් කිසි චර්යාවක් නිර්මාණය වීම සදහා බලපාන්නාවු යම් කරණාවක් මත මානසිකව සහ කායිකව යැපිම යන තත්වය.' මත්පැන්වලට ඇබ්බැහිවු හෝ ලොල්වු අය (තීතස් 1:7, 2:3) බේබද්දන් (1 තිමෝති 3:3) හෝ අධික ලෙස මත්පැන් පානය කරන්නන් (1 තිමෝති 3:8) හට සභාවේ නයකත්වය ඉසිලීමට හෝ ඉගැන්වීමේ යෙදීමට නුසුදුසු අය ලෙස සැලකිය යුතුය. එබැවින් සභා නායකයන් හික්මුන ස්වයං පාලනය කර ගත හැකි අය විය යුතු බව පැහැදිලි වන අතර එමගින් ඔවුන් අන් අයටද එසේ වීමට ආදර්ශයක් වේ. (1 කොරින්ති 6:10) අනුව බේබද්දන් හට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නොහැකි බව අපි දනිමුව. ඇදහිලිවන්තයන් මද්‍යසාර වලට අබ්බැහි නොවිය යුතු අතර එම තත්වය, මත්කුඩු, අසභ්‍ය දර්ශන නැරඹීම, සුදුව, කැදරකම දුම්පානය ආදියට ඇබ්බැහි නොවීමටද අදාලය.

ඇබ්බැහි වීම යන වචනයට දිය හැකි දෙවන තේරුම නම් කිසියම් ක්‍රියාවක් සදහා පුරුද්දක් වශයෙන් හෝ අත්හැරීමට නොහැකි ලෙස නිරත වීම හෝ අනුයුක්ත වීමය මෙයින් ප්‍රකාශ වන්නේ දෙවියන්වහන්සේ හැර වෙනත් ඕනැම දෙයක් එනම් ක්‍රීඩා, රැකියා, සාප්පු සාවාරි හා භාණ්ඩ අත්පත් කර ගැනීම්, තම පවුල හෝ දරුවන් ගැන වුවද අසව්‍යාභාවික ඇථම්කමක් (අඩුගානනේ කිතුබැතියන් තුල) තීබීම ගැනය. (ද්විතිය නීති සංග්‍රහය 6:5) අනුව අප විසින් අපගේ දෙවි සමිදාණන් වහන්සේට මුඵ හෘදයෙන්ද මුඵ සිතින්ද,මුඵ වීර්ය්‍යයෙන්ද, ප්‍රේම කළ යුතුය. යේසුස්වහන්සේ පවසන අන්දමට මෙය පලමුවන සහ උතුම්ම අඥාව වේ. (මතෙව් 22:33–38) අපගේ අවසාන නිගමනය වනුයේ දෙවියන්වහන්සේට හැර වෙනත් කිසිම දෙයකට ඇඵම් කිරීම වැරදි බවය. අප නිරතුරුවම යා යුත්තේ දෙවියන්වහන්සේ පසුපස පමණය. වෙනත් කරුණක් සදහා අප නිරත වීමෙන් උන්වහන්සේගෙන් අප ඈත් වන අතර එය උන්වහන්සේව කණගාටුවට පත් කරන්නේය. අපගේ සම්පුර්ණ අවධානය, ආදරය සහ සේවය ලැබීමට වටින එකම තැනැන්වහන්සේ එතුමාණන්ය. මෙම කරුණු වෙනත් දෙයකට හෝ වෙනත් කෙනෙකුට පුද කරන්නේ නම් එය මිථ්‍යා නමස්කාරයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇබ්බැහිවීම් දෙස කිතුබැතියකු බැලිය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries