settings icon
share icon
ප්‍රශ්නය

අබද්දෝන් / අපොල්ලියොන් නම් කව්රුන්ද නොහොත් කුමක්ද?

පිළිතුර


අබද්දෝන් හෝ අපොල්ලියොන් යන නාමය එළිදරව් 9:11 හී ප්‍රකාශවේ: "පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දොන්ය, ග්‍රීක භාෂාවෙන් අපොල්ලියන් යන නම ඔහුට ඇත්තේය." හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දොන් යන්නෙන් අර්ථවත් වනුයේ "විනාශයේ ස්ථානය" යන්නය; ග්‍රීක පටබැදී නාමය වන "අපොල්ලියොන්" යන්න වචනානුසාරයෙන්ම අර්ථවත් වනුයේ "විනාශ කරන්නා" යන්නය.

එළිදරව් 8-9 හී මේ පොළවේ මනුෂ්‍යයන් විසින් පැමිණෙන්නට තිබෙන විවිධවූ විනිශ්චයන් සත පිළිබදව සංඥා කරන්නාවූ දේව දූතයන් හොරණෑ සතක් පිඹිනු ලබන අවසාන කාලය පිළිබදව යොහාන් විස්තර කරනු ලබයි. පස්වන දේව දූතයා ඔහුගේ හොරණෑව පිඹින කල විශාල දුමකින් පිරුණු පතුලක් නොමැති ආගාධයෙන් බිහිසුණු "පළගැටියන්" රංචුවක් නැගී එනු ඇත (එළිදරව් 9:1-3). දෙවියන්වහන්සේගේ මුද්‍රාව නොදරන්නාවූ ඕනෑම පුද්ගලයෙකුට වධ හිංසා කිරීමේ බලය මෙම සත්ත්වයන්ට දී තිබේ (4වන පදය). ඔවුන්ට පහර දෙනු ලබන වේදනාව කෙතරම් තදබලද යන්න දුක් විදින්නන් තමන් මිය යාමට කැමති වන නමුත් මරණය ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. (6 වන පදය) අබද්දෝන් / අපොල්ලියොන් වනාහී මෙම පතුලක් නොමැති ආගාධයේ පාලකයා සහ මෙම බිහිසුණු පළගැටියන්ගේ රජුන්වේ.

අබද්දෝන්‍ / අපොල්ලියොන්වූ කලී සාතන්ට භාවිතා කරනු ලබන තවත් නාමයකි. කෙසේ නමුත් ශුද්ධ ලියවිල්ල සාතන්ව / අපොල්ලියොන්ගෙන් ප්‍රභේදනය කරනු ලබයි. සාතන් පසුකාලීනව එළිදරව් පොතෙන් අපට සම්බ වන්නේ ඔහු වසර 1000 ක් පතුලක් නොමැති ආගාධයේ සිරගතවී සිටින විටය -(එළිදරවි 20:1-3). අනතුරුව මේ පොළොවේ මහත් විනාශයකින් පළිගැනීම පිණිස ඔහුව නිදහස් කරනු ලබන අතර (7-8 වන පදයන්) අවසානයේදී ඔහුගේ අවසාන සදාකාලික දඩුවම ලබා ගනු ඇත (10 වන පදය) අබද්දෝන් / අපොල්ලියොන් වනාහී බොහෝ විට සාතන් යටතේ සිටින්නාවූ විනාශකාරි යක්ෂයෙක් මෙන්ම එපීස 6:12 සදහන් ආකාරයට "අධිපතීන්" "පරාක්‍රමධාරීන්" සහ "මුලාදෑනීන්"ය.

ජොන් බන්යන්ගේ සම්භාව්‍ය උපහැරණයක් වන ද පිල්ග්‍රිම්ස් ප්‍රෝග්‍රෙස් තුළ අපොල්ලියොන් නම්වූ යක්ෂ රාක්ෂයකු හා සමග කිතුණුවකුගේ සටනෙහි අමතක නොවන දර්ෂණයක් ඇතුළත්වේ. ඔහුගේ නාමයටම සරිලන අයුරින් අපොල්ලියොන් මුළුමනින්ම පාහේ කිතුණුවන් විනාශ කරනු ලබයි. වන්දනාකරු ඔහුගේ සන්නාහයේ සිට ප්‍රහාරයට යටත් නොවී සිට තම කඩුව ඔසවා භාවිතා කරමින් රාක්ෂයාගේ පහර වළකනු ලබයි. බන්යන්ගේ "අපොල්ලියොන්" වනාහී අපගේ අධ්‍යාත්මික සතුරාගේ සංකේතාක්මක නිරූපණයක් නමුත් චරිතය සදහා දේවානුභාවයෙන් පදගතාර්ථවේ. එළිදරව්වේ අබද්දෝන් / අපොල්ලියොන් යනු දෙවියන්වහන්සේගේ විනිශ්චය අතරතුර යම් දිනෙක මනුෂ්‍යයන්ට වේදනාවෙන් පහර ගසන සැබෑ ජීවියෙකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අබද්දෝන් / අපොල්ලියොන් නම් කව්රුන්ද නොහොත් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries