settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්ම ගින්න කෙසේ ක්‍රියා කරයි ද?

පිළිතුර


බයිබලය අපට දෙවියන්වහන්සේව දැවෙන ගින්නක් ලෙස හඳුන්වයි. (හෙබ්‍රව් 12:29) එබැවින් ගින්න දෙවියන්වහන්සේගේ සංකේතයක් ලෙස අපට හඳුන්වා දිය හැක. උදාහරණ ලෙස නික්මයාම 3:2 හි සඳහන් දැවෙන ගින්න, ශෙකයිනා මහිමය (නික්මයාම 14:19, ගණන් කථාව 9:14-15) එසකියෙල්ගේ දැක්ම (එසකියෙල්1:4 ) ගින්න බොහෝ අවස්ථාවන් හි දෙවියන්වහන්සේගේ විනිශ්වයේදී භාවිත වන උපකරණයක් ලෙස ද අපට දැනගත හැක. (ගණන් කථාව 11:1,3, 2 රාඡාවලිය 1: 10-12) හා දෙවියන්වහන්සේගේ බලය විදහාපාන සංකේතයක් ලෙස ද හැඳින්විය හැක (විනිශ්වයකාරයන්ගේ පොත 13:20,1 රාඡාවලිය 18:38).

බොහෝ විශේෂ අවස්ථාවන් වල පැරණි ගිවිසුමෙහි පූඡා සඳහා ගින්දර යොදා ගන්නා ලදී. යේසුස්වහන්සේ විසින් මොලවන ලද ගින්න උන්වහන්සේගේ අල්තාරය මත දෙවියන්වහන්සේ විසින්ම දල්වනු ලබයි. (ලෙවී කථාව 9:24) දෙවියන්වහන්සේ පූඡකයින්ව එදා මෙම ගින්නෙන් ආලේප කරන ලදී. (ලෙවී කථාව 6:13) හා උන් වහන්සේ අනි කිසි ගින්නකට දෙවියන්වහන්සේගේ ගින්න සමාන කිරීමට ඉඩ නොදුන් සේක (ලෙවී කථාව 10:1-2).

නව ගිවිසුමෙහි අල්තාරය දෙවියන්වහන්සේට වූ කැපවීමක් ලෙස හැඳින්විය හැක. දෙවියන්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපගේ ශරීරයන් ඡීවමාන යාගයක් කොට ඔප්පු කළ යුතුයි. (රෝම 12:1) දේවානුභාවයෙන් ඩැහැගනු ලබන, කිසිවෙකු විසින් සොරාගත නොහැකි ශුද්ධාත්ම ගින්නයි. නව ගිවිසුමෙහි ආරම්භයේ සිටිම ශුද්ධාත්මයාණන්වහන්සේ ගින්න හා සම්බන්ධව පවතියි. යොහාන් බෟතිස්ත පවසන ආකාරයට ශුද්ධාත්මයෙන් හා ගින්නෙන් බෞතිස්ම කල හැකි එකම කෙනා වන්නේ යේසුස්වහන්සේය. (මතෙව් 3:11) මුල් කිතුනු සභාවේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ පැමිණීම ඡනයා තුළට පැමිණියේ ගිනි දිවි ආකාරයෙනි. එම අවස්ථාවේදී ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයාණන් ඔවුන්ට කථා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍යභාෂාවලින් කථා කළෝය (ක්‍රියා 2:3-4).

ශුද්ධාත්මයාණන් පිළිබඳ මනාව පින්තාරුවක් අපට ගින්නක් දැකීම තුළින් සනාථ කර ගත හැක. ශුද්ධාත්මය සැබවින්ම තුන් ආකාරයකින් ගින්නක් ලෙස අපට විදහාපායි. එය සැබවින්ම අපට උන්වහන්සේගේ පැවැත්ම, ප්‍රේමය හා ඇතුලාන්ත පිරිසිඳු බව ගෙන එයි. ඇදහිලිවතුන් තුළ දෙවියන්වහන්සේගේ පැවැත්ම ශුද්ධාත්මයාණන් තුළින් නිර්ණය වේ (රෝම 8:9). පැරණි ගිවිසුමෙහි දෙවියන්වහන්සේ කුඩාරම් තුළ උන් වහන්සේගේගේ ගින්න පතුරෙවූ සේක. (ගණන් කථාව 9:14-15) මෙම දැවෙන ගින්න අපට ආලෝකය හා මඟ පෙන්වීම ලබා දෙයි (ගණන් කථාව 9:17-23). නව ගිවිසුමෙහි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගින්න ආධාරයෙන් උන්වහන්සේගේ දරුවන්ගේ ජීවිත සරල හා සැනසීමේ ජීවිත කළ සේක හා ඒ තුළින් අපව උන් වහන්සේ වැඩ සිටින කුඩාරම් හා දේව මාළිඟාවන් කරන ලදී (2 කොරින්ති 5: 1, 6: 16).

ශුද්ධාත්මය අපගේ ජීවිත වල තිබෙන දෙවියන්වහන්සේගේ ආලය හා ප්‍රේමය වැඩි කරයි. යේසුස්වහන්සේගේ උත්ථාන වීමෙන් පසු යේසුස්වහන්සේව දුටු සංචාරකින් දෙදෙනා ඔවුන්ගේ සිත් දැවෙන සිත් ලෙස හැඳින්විය (ලූක් 24:32). අපෝස්තලිකයින්ට ශුද්ධාත්ම දීමනාවෙන් පසු ඔවුන්ට සිය ඡීවිත කාලය පූරාවට දෙවියන්වහන්සේ පිළිබඳ ප්‍රකාශ කිරීමට පොළඹවන ලදී (ක්‍රියා 4:31).

ශුද්ධාත්මයාණන් අපගේ ඡීවිත ඇතුලාන්තයෙන් පිරිසිඳූ කරයි. දෙවියන් වහන්සේගේ කාරණය නම් අපගේ ආත්මික පිරිසිඳුකමයි (තීතස් 2:14) හා උන්වහන්සේ අපගේ පවිත්‍ර කිරීමේ නියෝජිතයාණෝය (1 කොරින්ති 6:11, 2 තෙසලෝනික 2:13,1 පේත්‍රැස් 1:2 ) රිදී බඩු සාදන්නා ගින්න යොදාගෙන සිය වටිනා ලෝභ ගරා ගන්නාක් මෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ පාප මකා දමයි (ගීතාවලිය 66:10, හිතෝපදේශ 17 :3 ) උන්වහන්සේගේ ගින්න අපව පිරිසිඳු හා ශුද්ධ කරනු ලබයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්ම ගින්න කෙසේ ක්‍රියා කරයි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries