settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේට නමස්කාර කරන බව බයිබලයේ විස්තර කර තිබෙනවාද?

පිළිතුර


නමස්කාරය යන්නෙන් අදහස් කරන්නේ "දිව්‍යමය පුද්ගලයෙකුට ගරු කිරීම" යන්නයි. යේසුස්වහන්සේ නමස්කාරය පුදකිරිම පිළිගනු ලැබුවා නම්, එසේ කිරීමෙන් උන්වහන්සේගේ දේවත්වය තහවුරු කරමින් සිටියේය. මෙය වැදගත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කරන අය සිටින නිසා දෙවියන්වහන්සේට වඩා පහත් තැනකට උන්වහන්සේව පහත් කරමිනි. ඔව්, යේසුස්වහන්සේ නමස්කාරය පිළි ගත්තේය. ත්‍රිත්වයේ දෙවන පුද්ගලයා ලෙස උන්වහන්සේට වන්දනාමාන කරනු ලැබීය.

යේසුස්වහන්සේගේ ජීවිතයේ ආරම්භයේ සිටම, උන්වහන්සේට නමස්කාර කළ බවට උදාහරණ අපට පෙනේ. ශාස්ත්‍රවන්තයන් විසින් ළදරු ක්‍රිස්තුස් වහන්සේ දෙස දෑස් යොමු කළ විගස, "ඔවුහු උන්වහන්සේට වැඳ නමස්කාර කළහ" (මතෙව් 2:11). ජෙරුසලමට ජයග්‍රාහී ලෙස ඇතුල්වූ විට යේසුස් වහන්සේට ලැබුණු ආරම්භක ප්‍රතිචාරය ගැන බයිබලයේ සඳහන්වේ. "එබැවින් ඔවුහු තල් ගස්වල අතු රැගෙන උන්වහන්සේව මුණ ගැසීමට පිටත්වූහ. 'හොසන්නා! සමිඳාණන්වහන්සේගේ නාමයෙන් එන ඉශ්‍රායෙල් රජු පවා භාග්‍ය වන්තයෙකි!' (මතෙව් 21:9; යොහන් 12:13) හොසන්නා යන වචනය ගැලවීම උදෙසා කරන ආයාචනයකි. සමූහයා භාවිතා කරන මෙම වචනය අනිවාර්යයෙන්ම නමස්කාර ක්‍රමයකි.

වතුර මත ඇවිදිමින් යේසුස්වහන්සේ ගෝලයන් මවිතයට පත් කළ විගසම, "බෝට්ටුවේ සිටි අය උන්වහන්සේට නමස්කාර කරමින්, "සැබවින්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය" කියා පැවසුවා (මතෙව් 14:33). යේසුස් වහන්සේ නමස්කාරය පිළිගැනීම පිළිබඳ තවත් අමතක නොවන උදාහරණ දෙකක් උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව සිදුවිය. සමහර ස්ත්‍රීන් (මතෙව් 28:8-9; මාක් 16:1; ලූක් 24:10) යේසුස්වහන්සේ ඔවුන්ව හමුවූවිට නැවත නැඟිටීම ගැන ගෝලයන්ට පැවසීමට යමින් සිටියහ. එය උන්වහන්සේ බව වටහා ගත් ඔවුහු "උන්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේගේ පාද අල්ලාගෙන උන්වහන්සේට නමස්කාර කළහ" (මතෙව් 28:9).

අනෙක් ගෝලයන් සිටියද යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානවූ බව විශ්වාස නොකළ තෝමස්ගේ සිද්ධියද තිබේ. නැවත නැඟිටීමෙන් සතියක් පමණ ගතවී තිබූ අතර තෝමස් එතෙක් එය සැක කලේය. තෝමස් සැක කරන බව දැනගත් යේසුස්වහන්සේ ඔහුට දර්ශනයවී උන්වහන්සේගේ අත් සහ පාදවල ඇණ සලකුණු සහ උන්වහන්සේගේ ඇලයෙහි තුවාල ඔහුට පෙන්වීය. තෝමස් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? "තෝමස් උන්වහන්සේට කතා කොට, 'මාගේ ස්වාමීනි, මාගේ දෙවියනි!' (යොහන් 20:28). යේසුස් වහන්සේ තමාට නමස්කාර කරන අයට නවත්වන්න කියා මේ කිසිම අවස්ථාවකදී අපට පෙනෙන්නේ නැත. හුදෙක් මිනිසුන් සහ දේවදූතයන් පවා අන් අය විසින් වැරදි ලෙස නමස්කාර කරනු ලැබීය (ක්‍රියා 10:25-26; එළිදරව් 19:9-10).

අපි අදත් යේසුස්වහන්සේට නමස්කාර කිරීම දිගටම කරගෙන යන්නේ ජීවමාන පූජාවක් ලෙසය. එනම්, දෙවියන්වහන්සේට කැපවීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, උන්වහන්සේ සුදුසු යැයි සිතන ආකාරයටම කිරීම (රෝම 12:1-2). යේසුස්වහන්සේ පැවසුවේ "දෙවියන්වහන්සේ ආත්මය, උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන් හා සත්‍යයෙන් නමස්කාර කළ යුතුය" (යොහන් 4:24). අපි දෙවියන්වහන්සේට නමස්කාර කරන්නේ ආත්මයෙන් හා සත්‍යයෙන් උන්වහන්සේගේ ආඥාවලට කීකරුවීමෙනි. නමස්කාරය යනු හුදෙක් යේසුස්වහන්සේට වැඳ වැටීම, පාම් අතු උන්වහන්සේගේ පාමුලට විසි කිරීම හෝ උන්වහන්සේට ඇති අපගේ ප්‍රේමය ගැන ගායනා කිරීම හා කෑගැසීම නොවේ. නමස්කාරය යනු උන්වහන්සේව දැන හඳුනා ගැනීම, උන්වහන්සේ සමඟ අදහස් හුවමාරු කරගැනීම, උන්වහන්සේට සේවය කිරීම සහ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේට නමස්කාර කරන බව බයිබලයේ විස්තර කර තිබෙනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries