settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ මිථ්‍යාවක්ද? යේසුස්වහන්සේ පුරාතනයේ ආගම් වලට අයත් මිථ්‍යාදෘෂ්ඨික දෙවිවරුන්ගේ පිටපතක්ද?

පිළිතුර


බොහෝ අය විසින් ප්‍රකාශ කරනු ලබන්නේ නව ගිවිසුමේ වාර්තා කොට ඇති යේසුස්වහන්සේ පිළිබද විස්තර හුදෙක්ම ඔසිරිස්, දියෝනිසස්, ඇඩොනිස්, ඇට්ටිස් සහ මිත්‍රාස් වැනි මිථ්‍යාදෘෂ්ඨික ජනප්‍රවාද තුළින් උපුටා ගනු ලැබූ මිථ්‍යාවන් බවය. පිළිගැනීම නම් මෙම මිථ්‍යාවන් ඉඳුරාම නව ගිවිසුමේ නාසරෙත්හී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කථාන්තරය හා සමාන බවය. අභිරහස් රහස් පරීක්ෂක නවකථාවක් වන ද ඩාවින්සි කෝඩි පිළිබදව ඩෑන් බ්‍රවුන් සදහන් කරනු ලබන්නේ “කිතුණු ආගමේ කිසිවක් මූලක නොවේ” යන්නය.

ශුභාරංචි ලේඛකයන් මිථ්‍යා කථා සමූහයන්ගෙන් තාවකාලිකව ලබාගත් බව ප්‍රකාශ වන දේහී සත්‍යය සොයා ගනු වස් වැදගත් වනු ලබන්නේ (1) ස්ථිර ප්‍රකාශනයක් පසුපස ඇති ඉතිහාසය එළිදරව් කර ගැනීම (2) ක්‍රිස්තුස්වහන්සේ හා සමග සසදනු ලබන ව්‍යාජ දෙවි වරුන් නිරූපණය කරනු ලබන සැබෑ නිරූපණයන් පරික්ෂා කර බැලීම (3) තාර්කික ගැටළු නිරාකරණය කිරීම් නිරාවරණය කිරීම සහ (4) සැබෑ සහ ඓතිහාසික යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව නව ගිවිසුමේ සුභාරංචි විශ්වාසවන්ත නිරූපණයන් වන්නේ මන්ද යන්න සොයා බැලීම

යේසුස්වහන්සේ මිථ්‍යාවක් නොහොත් අතිශයෝක්තියක් යන ප්‍රකාශය උත්පාදනය වූයේ දහනව වන සියවසෙහි ස්වතන්ත්‍ර ජර්මානු දේවධර්මධරයන්ගේ ලියවිලි වලිනි. ඔවුන් විසින් ඉදුරාම කියා සිටියේ යේසුස්වහන්සේ විවිධ ස්ථාන එනම් – මෙසපොතේමියාවේ තම්මුස්හී, සිරියාවේ අඩොනිස්, සුළු ආසියාවේ අට්ටිස් සහ ඊජිප්තුවේ හෝරස් ආදියෙහි සිටි ජනප්‍රියවූ මිය යන සහ නැගී එන දරු ඵල දෙන දෙවිවරුන්ගේ පිටපතක් විනා වෙන කිසිවෙක් නොවන බවය. සැබෑ කාරණය නම් මෙම න්‍යායන් අඩංගුවූ කිසිඳු පොතක් එකල හුන් විද්වතුන් විසින් බැරෑරුම් ලෙස නොසලක ලදී. නිදසුනක් ලෙස යේසුස්වහන්සේ තම්මුස්ගේ ප්‍රතිචක්‍රීකරණයක් බවට ඇති ස්ථිර ප්‍රකාශය සමකාලීන විද්වතුන් විසින් විමර්ශණය කරනු ලැබ එය මුළුමනින්ම පදනම් විරහිත බව අධිෂ්ඨාන කරන ලදහ. මෙම ස්ථිර ප්‍රකාශයන් නැවත උත්පාදනය කරනු ලැබුවේ නොබෝදාය, මූලිකවම අන්තර්ජාලයේ පිබීදම සහ තොරතුරු වග නොකියන ආරංචි මාර්ග මගින් ස්කන්ධව ව්‍යාප්ත වීමත් සමගය.

මෙතුළින් මග පෙන්වනු ලබන්නේ මීළග විමර්ශන ක්ෂේත්‍රයටය. පුරාණයේ මිථ්‍යා දෙවිවරුන් යේසුස්ක්‍රිස්තුස්වහන්සේ යන තැනැනවහන්සේව පිළිඹ්බු කරනු ලබයිද? උදාහරණයක් ලෙස “සෙයිටිගේස්ටි” නමැති සිනමා කෘතිය ඊජිප්තු දෙවි කෙනෙකු වන හෝරස් පිළිබදව මෙසේ ප්‍රකාශ කරනු ලබයි:

• ඔහු දෙසැම්බර් 25 වන දින කන්‍යාවක් තුළින් ඉපදුනේය: අයිසිස් මේරී

• නැගෙනහිරෙන් වූ තරුවක් මගින් ඔහුගේ පැමිණීම නිවේදනය කරනු ලැබීය

• අළුත් උපන් “ගැළවුමිකරුවාණන්ට” ගෞරව කිරීම පිණිස රජවරු තිදෙනෙක් පැමිණියහ.

• ඔහු වයස 12 හිදී ලමා ප්‍රවිඥ ගුරුවරයෙකු බවට පත්විය.

• වයස අවුරුදු 30 හීදී ඔහු “බවිතීස්ම” ලැබ “සේවයක්” ආරම්භ කළේය.

• හෝරස්ට ගෝලයන් දොළසක් සිටියහ

• හෝරස්ට ද්‍රෝහි වනු ලැබ පාවා දෙනු ලැබීය

• ඔහුව කුරුසිපත් කරනු ලැබීය

• ඔහුව දින තුනක් වළලා තබනු ලැබීය

• ඔහු දින තුනකට පසුව උත්ථාන කරනු ලැබීය

• කෙසේ නමුත් හෝරස්ගේ සැබෑ ලේඛන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුව අපට දැක ගත හැක්කේ:

• හෝරස් ඉපදුනේ අයිසිස්ටය ත ඇයව මරියා ලෙස හඳුන්වනු ලැබූ බවට ඉතිහාසයේ කිසිඳු සදහනක් නොමැත.

• තවදුරටත් මරියා වූ කලී ඇයගේ සැබෑ නාමය වන මීර්යාම් නොහොත් මීරියම් යන්න ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ස්වරූපය වේ. ශුද්ධ ලියවිල්ලේ මුල් පොත් වල මරියා යන්න භාවිතා නොකරන ලදී.

• අයිසිස් වූ කලී කන්‍යාවක් නොවේ; ඇය ඔසිරිස්ගේ වැන්දඹුව වූ අතර ඇය හෝරස් සහ ඔසිරිස්ව පිළිසිද ගත්තාය.

• හෝරස් උපත ලැබුවදෙසැමිබර් 25 නොව කෝයිඇක් මාසයේය (ඔක්රැනොවැ). තවද ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ උපන් දිනය පිළිබදව බයිබලයේ කිසිඳු සදහනක් නොමැතග රජවරු තිදෙනා හෝරස්ගේ උත්පත්තියේදී ඔහුව බැහැ දැකීමට පැමිණි බවට කිසිඳු වාර්තාවක් නොමැතග ක්‍රිස්තුස්වහන්සේව බැහැ දැකීමට පැමිණි පඩිවරුන්ගේ ගණන බයිබලයේ කිසිවිටක නොපවසයි.

• හෝරස් කිසිම ආකාරයකින් ගැළවුම්කරුවෙක් නොවේ; ඔහු කිසිවකු වෙනුවෙන් ජීවිතය පූජා නොකළේය.

• වයස අවුරුදු දොළසේදී ගුරුවරයෙකු වූ බවට හෝරස්ගේ කිසිම වාර්තාවක් නැත.

• හෝරස් බව්තීස්ම ලැබුවේ නැත. හෝරස් සහ ජලය සම්බන්ධවූ එකම වාර්තාව නම් ඔහුව කැබලි වලට ඉරනු ලැබූ කථාන්තරයකි, එනමි අයිසිස් කිඹුල් දෙවියන්ට ඔහුව ජලයෙන් පිටතට ගෙන එන ඒමට ඉල්ලීමක් කළ අවස්ථාවය.

• හෝරස්ට සේවයක් තිබුණේ නැත

• හෝරස්ට ගෝලයන් 12 ක් සිටියේ නැත. හෝරස් පිළිබදව වාර්තාව වල ඔහුව අනුගමනය කළාවූ උපදේවතාවන් සතර දෙනෙකුත් මනුෂ්‍යය අනුගාමිකයන් 16 දෙනෙකු සහ ඔහු සමග සටනට ගියාවූ ගණනින් කිවහැකි නොහැකි ප්‍රමාණයේ කම්මල්කරුවන්ද සිටි බවට ඇගවීමකුත් ඇත.

• මිතුරකු ද්‍රෝහීවී හෝරස්ව පාවා දෙනු ලැබූ බවට කිසිඳු වාර්තාවක් නොමැත.

• හෝරස් කුරුසිපත් වී මැරුණේ නැත. හෝරස්ගේ මරණය පිළිබදව විවිධ වාර්තා තිබුණත් ඒ කිසිවක කුරුසිපත් වීමක් පිළිබදව සදහනක් නොමැත.

• හෝරස් දින තුනක් භූමදානය කොට තිබූ බවට කිසිඳු වාර්තාවක් නොමැත.

• හෝරස් මළවුන්ගෙන් නැගිටුවනු නොලැබුවේය. ඔහු සොහොනට ගියාවූ ශරීරයෙන්ම නැවත එළියට ආ බවට කිසිඳු වාර්තාවක් නොමැත. සමහර වාර්තා වල සදහන් කරනු ලබන්නේ හෝරස්ව රැ ඔසිරිස්ව අයිසිස් මගින් නැවත ජීවනයට රැගෙන විත් පාතාලයේ ස්වාමියා බවට පත්වූ බවය.

පැත්තෙන් පැත්ත සාපේක්ෂව සසදා බලන කල්හී යේසුස්වහන්සේ සහ හෝරස් එකිනෙකාට ඉතාමත් අල්ප වශයෙන් සාදෘශ්‍යය වේ.

යේසුස්වහන්සේව මිත්‍රාස් හා සමගද සසදනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ මිථ්‍යාවක් බවට ප්‍රකාශ කරන්නවුන් විසිනි. ඉහත කී හෝරස්ගේ සියලූම විස්තරයන් මිත්‍රාස්ටද අදාල කරනු ලබයි. (උදාහරණයක් ලෙස කන්‍යාවකගෙන් උපත ලදල කුරුසියේ ඇණ ගසනු ලැබල තුන් දිනකින් නැගිටවනු ලැබ ආදියයි) එනමුත් මිත්‍රාස්ගේ මිථ්‍යාවන් සැබවින්ම පවසන්නේ කුමක්ද?

• ඔහු උපත ලැබුවේ කිසිඳු ස්ත්‍රියක් තුළින් නොව ඝන පර්වතයකිනි.

• ඔහු පළමුවෙන්ම සූර්‍යයා හා සමග මෙන්ම ඉන් අනතුරුව ආදි කල්පික ගොනෙකු සමග සටන් කළේය, මෙය මැවිල්ලේ ප්‍රථම ක්‍රියාවලිය ලෙස සිතනු ලබයි. මිත්‍රාස් ගොනාව මරනු ලැබීයල මෙය මනුෂ්‍යය වර්ගයාට ජීවනයේ භූමිය බවට පත්විය.

• මිත්‍රාස්ගේ උත්පත්තිය දෙසැම්බර් මස 25 වන දින සමරනු ලැබුවේ සිසිර කාලයේ සූර්‍යය නිවෘත්තිය හා සමගයග

• ඔහු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකව සිටි බවට කිසිඳු සදහනක් නොමැත.

• මිත්‍රාස්ට ගෝලයන් දොළසක් සිටි බවටද සදහනක් නොමැතග මිත්‍රාස්ට ගෝලයන් දොළසක් සිටි බවට අදහසක් පැමිණෙන්ට ඇත්තේ මිත්‍රාස්ව වට කරගෙන තිබෙන රාශි චක්‍ර සලකුණු දොළස සහිත බිතු සිතුවමින් වන්නට නිසා පිළිවන.

• මිත්‍රාස්ට ශාරිරිමය නැවත නැගිටීමක් නොවීය. ඒ වෙනුවට මිත්‍රාස්ගේ මෙම පොළොවේ මෙහෙයුම සම්පූර්ණ කොට නිම කළ විට ජීවමානව සහ මනාව පාරාදීසයට ඔහුව අශ්ව රථයකින් ගෙන යනු ලැබීය. මුල් කිතුණු ලේඛකයකු වූ ටර්ටූලියන් මිත්‍රාසීය අභිපූජකයන් නැවත සමිපාදනය කරනු ලැබූ නැවත නැගිටීමේ දර්ශන පිළිබදව ලියනු ලැබූ අතර මෙය සිදු වූයේ නව ගිවිසුම් කාල වකවානුවට පසුව හෙයින් එහි නැවත පිටපත් කිරීමක් සිදුවුනි නම් එය මිත්‍රවාදය කිතුණු දහම පිටපත් කිරීමක්ය.

ක්‍රිෂ්ණාල ඇටිටස්ල දියෝනීසස් සහ මිථ්‍යා දෙවිවරුන් පිළිබදව අනෙකුත් තවත් බොහෝ උදාහරණ දිය හැකි නමුත් ප්‍රතිඵලය ඒ ආකාරම වේ. අවසානයේදී දේවවචනයේ පිළිඹ්බු වන ඓතිහාසික යේසුස්වහන්සේ අද්විතීය. යේසුස් වහන්සේගේ කථාන්තරයේ සිට මිථ්‍යාදෘෂ්ඨකයන්ගේ චෝදනා ලද සමාන කම් බොහෝ සෙයින් අතිශයෝක්තියට භාජනය වී ඇතග තවදුරටත් හෝරස්, මිත්‍රාස් සහ අනෙකුත් පෙර දිනයන්හී කිතුණු දහම ගත් කල එම ආගම් වල පූර්ව කිතුණු විශ්වාසයන් පිළිබදව ඇති ඓතිහාසික ලේඛණ ඉතා අල්පය. මෙම ආගම් වල මුලම ලිපි වලින් අති මහත් බහුතරයක් ක්‍රි.ව. 3 වන සහ 4 වන ශතවර්ශ සිට දින ගනියි. මෙම ආගම් වල පූර්ව කිතුණු විශ්වාසයන් (ඒ පිළිබදව කිසිඳු ලේඛණ නොමැත) පශ්චාත් කිතුණු විශ්වාසයන් හා සමග සර්වසම යයි උපකල්පනය කිරීම නිවටය. මෙම ආගමි සහ කිතුණු ආගම සිට යේසුස් වහන්සේ පිළිබදව ඉගැන්වීම් පිටපත් කරනු ලබන ආගම් අතර ඇති සමානකම් ආරෝපණය කිරීම වඩාත් තාර්කිකවේ.

මෙමගින් මගපෙන්වනු ලබන්නේ ඊළග ක්ෂේත්‍රය පරීක්ෂා කිරීමටය: එනම් කිතුණු ආගම මිථ්‍යා අභිරහස් ආගම් වලින් ලබාගත් බවට ප්‍රකාශ කරන අය විසින් සිදු කරනු ලබන තාර්කික ගැටළු නිරාකරණයයි. අප විශේෂයෙන්ම ගැටළු නිරාකරණයන් දෙකක් පිළිබදව සලකා බලමුථ ව්‍යාජ හේතු ගැටළු නිරාකරණය සහ පරිභාෂා ශාස්ත්‍රීය ගැටළු නිරාකරණයයි.

එක් දෙයක් අනෙකට පූර්වගමනය කෙරේ නම් සමහරුන් නිගමනය කරනු ලබන්නේ පළමු දෙය දෙවන දෙය සිදු වීමට හේතුකාරකයක් වී ඇති බවය. මෙය ව්‍යාජ හේතු ගැටළු නිරාකරණයයිග කුකුලෙකු සෑම උදෑසනමක හිරු උදාවට ප්‍රථමයෙන් හඩලනු ලැබිය හැකි නමුත් හිරු උදාවට හේතුකාරකය කුකුලා බව ඉන් අදහස් නොවේ. මිථ්‍යා දෙවිවරුන්ගේ පූර්ව කිතුණු වාර්තා ක්‍රිස්තුස්වහන්සේ හා සමග සමීපව සමානකම් දැරුවද (ඒවා එසේ නොවේ) ශුභාරංචි ලේඛකයන්ට ව්‍යාජ යේසුස්වහන්සේ කෙනෙකු ප්‍රබන්ධ කිරීමට එය හේතුකාරකයක් වන බවට ඉන් අදහස් නොවේ. එවන් ප්‍රකාශයක් කිරීම ස්ටාර් ට්‍රෙක් යන රූපවාහිනී මාලාව නාසා අභ්‍යාවකාශ ෂටල වැඩ සටහනට හේතුකාරකයන් වූයේ යයි කීමට සමාන වේ.

පරිභාෂා ශාස්ත්‍රිය ගැටළු නිරාකරණය ඇති වන්නේ යම් කරුණක් ඔප්පු කිරිමට වචන ප්‍රතිනිර්වචනය කිරීම තුළිනි. උදාහරණයක් ලෙස ද සෙයිටිගේස්ටි යන සිනමා කෘතිය මගින් පවසනු ලබන්නේ හෝරස් ඔහුගේ සේවය ආරම්භ කල වගය. එනමුත් සේවය යන වචනය ප්‍රතිනිර්වචනය කර ඇත. හෝරස්ට සැබෑ වූ සේවයක් නොමැත – ක්‍රිස්තුස්වහන්සේගේ සේවය හා සමානවූ එවන් දෙයක් නොව. මිත්‍රාස් සහ යේසුස්වහන්සේ අතර සම්බන්ධයක් ප්‍රකාශ කරන්නවුන් කථා කරනු ලබන්නේ මිත්‍රාස් පූජා විධියේ ආරම්භය අපේක්ෂා කළ බව්තීස්මය පිළිබදවය, එනමුත් සැබවින්ම එය කුමක්ද? මිත්‍රාසීය පූජකයන් ආරම්භකයන් වළකට දමා, ගොනෙකු වළ උඩින් එල්ලා තබා, ගොනාගේ උදරය දිගට ඉරා, ආරම්භකයන් ලේ වලින් සහ කැටි ගැසුනු ලේ වලින් වසා තබති. මෙවන් පුරුද්දක් කිතුණු බවිතීස්මයට කිසිම ආකාරයක සමානකමක් නොදක්වයි - පුද්ගලයකු ජලය යටට යනු ලබයි (ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සංකේතවත් කරමින්) ඉන්පසු ජලයෙන් ඉවතට එනු ලබයි (ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය සංකේතවත් කරමින්) පුරාණෝක්ති පක්ෂවාදීන් එම ර බවිතීස්මය යන භාෂිතය කූට ලෙස භාවිතා කරනු ලබන්නේ චාරිත්‍රවිධි දෙකම විස්තර කරනු ලබන්නේ ඒ දෙකම එකට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තු ඇතිවය.

මෙතුලින් අපව නව ගිවිසුටම් සත්‍යතාවය නමැති විෂය වෙතට ගෙන එනු ලබයි. නව ගිවිසුවේ තරම පුරාතන යුගයේ කාර්‍යයන් ඓතිහාසික සත්‍යවාදීභාවයට සාක්ෂි නොදරනු නොලබයි. එම කාලපරිච්ඡේදයේ පැවතුණාවූ අනෙකුත් ලේඛණයන්ට වඩා නව ගිවිසුමේ වැඩි ලේබකයින් ගණනක් (නව දෙනෙකු) වඩා හොද ලේඛකයන් සහ මීට පෙර ලේඛකයන් ඇත. තවද අතීතය සාක්ෂී දරනු ලබන්නේ මෙම ලේඛකයන් ඔවුන්ගේ මරණ කරා යනු ලැබුවේ යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගුටුනු බව ප්‍රකාශ කරමිනි. සමහරුන් ඔවුන් විසින් සැබෑ යයි සිතු බොරුවක් හේතුකොටගෙන මිය යා හැක, කිසිම මනුෂ්‍යයකු බොරුවක් යයි දනී නම් ඒ වෙනුවෙන් මිය යා නොයයි. මේ ගැන සිතා බලන්න – අපෝස්තු පාවුළුට සිදු වුනා යයි සම්ප්‍රදාය පවසන අයුරින් ඔබව කුරුසිපත් වීම හා සමග තර්ජනය කරනු ලැබූවේ නම් සහ ඔබගේ ජීවිතය බේරා ගැනීම සදහා ඔබ විසින් කළ යුතුව තිබෙන එකම දේ දැන දැනම පවසා ඇති බොරුවෙහි සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීම නම් ඔබ කුමක් කරයිද?

ඊට අතිරේකීව ඉතිහාසය මගින් පෙන්වා දී ඇත්තේ මිථ්‍යාවකට ඓතිහාසික වාර්තාකට ඇතුළු වීම පිණිස අවම වශයෙන් පරම්පරා දෙකක් වත් ගත විය යුතු බවය. එය එසේ වන්නේ යම් කිසි සිද්ධියකට ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටින තාක් කල් දෝෂ නිෂ්ප්‍රභා කළ හැකි මෙන්ම මිථ්‍යා අලංකාරය නිරාවරණය කළ හැක. නව ගිවිසුමේ සියලූම ශුභාරංචි පාහේ ලියනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ජීවිත කාලයේ වූ අතර පාවුළුගේ සමහර හසුන් ලියන ලද්දේ ක්‍රි. ව. 50 තරම් මුල් කාලයේදීය. පාවුළු තම සමකාලීන ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් සෘජුවම ඉල්ලීම් කරනු ලැබුවේ තමාගේ සාක්ෂිය තහවුරු කරන පිණිසය (1 කොරින්ති 15:6).

පළමු වන ශතවර්ශයේ යේසුස්වහන්සේව වෙනත් දෙවිකෙනෙකුට වරදවා නොගත් බව යන කරුණට නව ගිවිසුම සහතික කරනු ලබයි. පාවුළු ඇතන්ස් නගරයේ දේශනා කළ පසු එම නගරයේ ප්‍රභූව චින්තකයන් ප්‍රකාශ කර සිටියේ මේ වාචාලයා කුමක් කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශකරන්නෙකු මෙන් පෙනේ යයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශ කළ බැවින්ය. එබැවින් ඔව්හූ අරියෝපගයට ඔහු ගෙන ගොස්: නුඹ කියන මේ අළුත් ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළුවන්ද? මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙලන්නෙහිය. එහෙයින් මේ කාරණා වල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමු යයි කීවෝය (ක්‍රියා 17:18-20). පැහැදිලිවම පාවුළු සරලව අන් දෙවිවරු පිළිබදව කථාන්තරයක පැරණි අදහස් වෙනස් නොකලේ නම් ඇතන්ස්වාසීන් උනවහන්සේගේ ධර්මය “අළුත්” සහ “අමුතු” ඉගැන්වීමක් ලෙස සදහන් නොකරනු ලබයි. පළමුවන ශතවර්ශයේ මිය යන සහ නැගී එන දෙවිවරුන් බහුල වූයේ නම් පාවුළු යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම පිළිබද දේශනා කළ විට එපිකූරියානුවන් සහ ස්ටොයිකයන් “ආල හෝරස් සහ මිත්‍රාස් හා සේම ය” ලෙස නොපැවසුවේ මන්ද?

අවසාන ලෙස යේසුස්වහන්සේ වූ කලී තමන්ගේ ක්‍රියා ශාස්ත්‍රාලීයව වටිටම් කරනු ලැබූ මිථ්‍යා දෙවිවරුන්ගෙන් පැවත ආවාවූ කර්තෘන්ගෙන් පැවත එනු ලැබූ බවට ඇති ප්‍රකාශය තුළ තාර්කික ගැටළු නිරාකරණය අඩංගු වන අතරම තදබල සන්නිරීක්ෂණය යටතේ වසර දෙදහසක් පමණ කාලයක් යටත් නොවී සිටින හෙයින් නව ගිවිසුම හා සමග සැසදිය නොහැක. යේසුස්වහන්සේ සහ අනෙකුත් දෙවිවරුන් අතර ඇති චෝදනා සමානකම් වියැකී යන්නේ මුල් මිථ්‍යා පරීක්ෂා කරනු ලබන අවස්ථාවේදීය. යේසුස්වහන්සේ මිථ්‍යාවකි යන න්‍යාය රඳා පවතිනු ලබන්නේ වරණාත්මක විස්තර, ප්‍රතිනිර්වචනය කරනු ලැබූ වචන සහ ව්‍යාජ උපකල්පන මතය.

යේසුස්වහන්සේ ඉතිහාසයේ අද්විතීය වන්නේ උන්වහන්සේ හඩ සියලූ බොරු දිවැසිවරුන්ට ඉහළින් නැග එමින් පුද්ගලයකුගේ සදාකාල ඉරණමේ අවසානයට තීරණය “නුඹලා මා කවුරුය කියා කිනනවාදැයි” යන ප්‍රශ්ණය ඇසීම තුළිනි (මතෙව් 16:15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ මිථ්‍යාවක්ද? යේසුස්වහන්සේ පුරාතනයේ ආගම් වලට අයත් මිථ්‍යාදෘෂ්ඨික දෙවිවරුන්ගේ පිටපතක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries