settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික උත්ථානය පිළිබඳ සත්‍යය එතරම් වැදගත් වන්නේ ඇයි?

පිළිතුර


යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික නැවත නැඟිටීම ඉතිහාසයේ වැදගත්ම සිදුවීම වන අතර, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැයි කියා ගත් තැනැත්තා බවට අවිවාදිත සාක්ෂි සපයයි. නැවත නැඟිටීම උන්වහන්සේගේ දේවත්වයේ උත්තරීතර වලංගුභාවය පමණක් නොවේ; එය උන්වහන්සේගේ පැමිණීම හා නැවත නැඟිටීම ගැන පුරෝකථනය කළ ශුද්ධ ලියවිල්ලද වලංගු කළේය. එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ තුන්වෙනි දවසේදී උත්ථාන කරනු ඇතැයි යන ප්‍රකාශය එය සනාථ කළේය (යොහන් 2:19-21; මාක් 8:31; 9:31; 10:34). ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය නැවත නැඟිටුවනු ලැබුවේ නැත්නම්, අපගේ ශරිරයද එසේ සිදුවනු ඇතැයි අපට බලාපොරොත්තුවක් නැත (1 කොරින්ති 15:13,16). ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික නැවත නැඟිටීම හැරුණුවිට, අපට ගැළවුම්කරුවෙකු නැත, ගැලවීමක් නැත, සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුවක් නැත. ප්‍රේරිත පාවුල්තුමා පැවසූ පරිදි, අපගේ ඇදහිල්ල "නිෂ්පල" වනු ඇති අතර ශුභාරංචියේ ජීව බලය ලබාදීම මුළුමනින්ම තුරන් කරනු ඇත.

අපගේ සදාකාලික ඉරණම මෙම ඓතිහාසික සිද්ධියේ සත්‍යතාවය මත රඳාපවතින නිසා, නැවත නැඟිටීම සභාවට එරෙහි සාතන්ගේ විශාලතම ප්‍රහාරවල ඉලක්කය වී තිබේ. ඒ අනුව, ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික නැවත නැඟිටීමේ ඓතිහාසිකත්වය සෑම කෝණයකින්ම පරීක්ෂාකර විමර්ශනය කර ඇති අතර, සියවස් ගණනාවක් පුරා අසංඛ්‍යාත විද්වතුන්, දේව ධර්මවාදීන්, මහාචාර්යවරුන් සහ වෙනත් අය විසින් නිමක් නැතිව අධ්‍යයනය කර ඇත. මෙම වැදගත් සිදුවීම සනාථ කිරීමට උත්සාහ කරන න්‍යායන් ගණනාවක් ඉදිරිපත් කර ඇතත්, උන්වහන්සේගේ ශාරීරික නැවත නැඟිටීම හැර වෙනත් කිසිවක් වලංගු කරන විශ්වාසනීය ඓතිහාසික සාක්ෂි නොමැත. අනෙක් අතට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික නැවත නැඟිටීම පිළිබඳ පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන සාක්ෂි අති මහත්ය. කෙසේ වෙතත්, පුරාණ කොරින්තියේ කිතුනුවන්ගේ සිට අද බොහෝ දෙනා දක්වා, අපගේ ගැළවුම්කාරයාණන්ගේ නැවත නැඟිටීමේ ඇතැම් අංශවලට සාපේක්ෂව වැරදි වැටහීම් පවතී. සමහරු අහනවා, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය නැවත නැඟිටුවීම වැදගත් වන්නේ ඇයි? උන්වහන්සේගේ උත්ථානය ආත්මික විය හැකිද? යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය ඇදහිලිවන්තයන්ගේ ශාරීරික නැවත නැඟිටීම සහතික කරන්නේ ඇයි සහ කෙසේද? අපගේ නැවත නැඟිටුවනු ලැබූ ශරීර අපගේ භූමික ශරීරවලට සමානවේද? එසේ නොවේ නම්, ඔවුන් කෙබඳුවනු ඇත්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත හැක්කේ පාවුල් කොරින්තියේ සභාවට ලියූ පළමු ලිපියේ පහළොස් වන පරිච්ඡේදයේ ය. මීට වසර කිහිපයකට පෙර ඔහු සිය දෙවන මිෂනාරි ගමනේදී පිහිටුවන ලද සභාවකි.

නවකොරින්තියේ සභාවේ වර්ධනය වන කන්ඩායම් වලට අමතරව, නැවත නැඟිටීම ඇතුළු සමහර ප්‍රධාන ක්‍රිස්තියානි ධර්මයන් පිළිබඳව වැරදි වැටහීමක් ඇතිවිය. ක්‍රිස්තුස්වහන්සේ උත්ථානවී ඇති බව කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් පිළිගත්තද (1 කොරින්ති 15:1, 11), අන් අයව නැවත නැඟිටුවනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන්ට අපහසුවිය. අධ්‍යාත්මික සෑම දෙයක්ම යහපත් යැයි විශ්වාස කළ නෝස්ටික්වාදී දර්ශනයේ අඛණ්ඩ බලපෑම, අපගේ ශරීර වැනි භෞතික සියල්ල සහජයෙන්ම නපුරුවූ අතර, ඔවුන්ගේම නැවත නැඟිටීම පිළිබඳ ව්‍යාකූලත්වයට මූලික වශයෙන් වගකිව යුතු විය. පිළිකුල් සහගත මළ කඳක් සදාකාලිකව නැවත නැඟිටුවනු ඇතැයි යන අදහස සමහරුන්ගේ දැඩි විරෝධයට හා නිසැකවම එවකට ග්‍රීක දාර්ශනිකයින්ට විරුද්ධ විය (ක්‍රියා 17:32).

නමුත් කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ශාරීරික බවත් අධ්‍යාත්මික නොවන බවත්ය. නැවත නැඟිටීම යන්නෙන් අදහස් කරන්නේ "මළවුන්ගෙන් උත්ථානවීම" යන්නයි. යමක් නැවත ජීවනයට පැමිණේ. සියලු ආත්මයන් අමරණීය බව ඔවුන් තේරුම් ගත් අතර මරණයෙන් පසු වහාම ස්වාමින්වහන්සේ සමඟ සිටීමට පටන් ගත් බවය (2 කොරින්ති 5:8). මේ අනුව, ආත්මය මිය නොයන බැවින් නැවත නැඟිටුවීමට නොහැකි බැවින් "අධ්‍යාත්මික" නැවත නැඟිටීමක් තේරුමක් නැත. ඊට අමතරව, තුන්වන දින උන්වහන්සේගේ ශරීරය නැවත නැඟිටින බව ශුද්ධලියවිල්ලෙහි මෙන්ම ක්‍රිස්තුස්වහන්සේම ප්‍රකාශ කළ බව ඔවුහු දැන සිටියහ. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය දිරාපත් නොවන බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි කර ඇත (ගීතාවලිය16:10; ක්‍රියා 2:27), මෙය උන් වහන්සේ ශරීරය නැවත නැඟිටුවනු නොලැබුවහොත් කිසිම තේරුමක් නැති චෝදනාවකි.

අවසාන වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ සිය ගෝලයන්ට තදින්ම කියා සිටියේ නැවත නැඟිටුවනු ලැබුවේ උන්වහන්සේගේ ශරීරය බවයි: "මා දකින ආකාරයට ආත්මයකට මාංසය හා ඇට කටු නැත" (ලූක් 24:39).

කෙසේ වෙතත්, නැවතත්, කොරින්තිවරුන්ගේ උත්සුකයවූයේ ඔවුන්ගේ පුද්ගලික නැවත නැඟිටීම ගැනය. ඒ අනුව, පාවුල්තුමා කොරින්තිවරුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානවූ නිසා ඔවුන්ද යම් දිනෙක මළවුන්ගෙන් උත්ථාන වන බවත්, නැවත නැඟිටීම් දෙකවන ක්‍රිස්තුස්වහන්සේ හා අප යන්න එකට පැවතිය යුතුයි , නැත්නම් ඒකට බිද වැටිය යුතුයි, "නැවත නැඟිටීමක් නොමැති නම් ක්‍රිස්තුස් වහන්සේවත් මළවුන්ගෙන් උත්ථාන වී නැත" (1 කොරින්ති15:13).

"නමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූවෝය, උන්වහන්සේ නැවත නැගිටින්නන්ගේ ප්‍රථම පලය විය. මක්නිසාද මනුෂ්‍යයෙකු තුළින් මරණය සිදුවූ බැවින් මළවුන්ගේ උත්ථානයද මිනිසෙකු තුළින් පැමිණේ. මක්නිසාද ආදම් තුළ සියල්ලෝ මැරෙති, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවනය ලබන්නෝය" (1 කොරින්ති 15:20-22).

යේසුස්ක්‍රිස්තුස්වහන්සේ උත්ථානවූ විට, උන්වහන්සේ උත්ථානවූ සියල්ලන්ගේ "පළමු පලය" බවට පත්විය (කොලොස්සි1:18 ද බලන්න). සමිඳාණන්වහන්සේට පූජාවක් ලෙස පූජකයන් වෙත නියැදියක් (පළමු පලතුරු) ගෙනෙන තුරු ඉශ්රායෙල්වරුන්ට ඔවුන්ගේ අස්වැන්න සම්පූර්ණයෙන් අස්වැන්න කළ නොහැකි විය (ලෙවීකථාව 23:10). 1 කොරින්ති 15: 20-22 හී පාවුල්තුමා පවසන්නේ මෙයයි. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය නම් ඇදහිලිවන්ත මළවුන්ගේ නැවත නැඟිටීමේ "පළමු අස්වැන්න"ය. පාවුල් භාවිතා කරන "පළමු පලය" භාෂාව යමක් අනුගමනය කළ යුතු දෙයක් පෙන්නුම් කරයි, ඒ යමක් යනු ඔහුගේ අනුගාමිකයන් වනු ඇත — ඉතිරි "අස්වැන්න". ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය අපට සහතික වන්නේ එලෙසයි. ඇත්ත වශයෙන්ම, උන් වහන්සේගේ උත්ථානයට අපගේ නැවත නැඟිටීමට අවශ්‍යවේ.

නුසුදුසු ශරීරයක් ලෙස සලකන දේට ආත්මය සම්බන්ධ කිරීම පිළිබඳ ඔවුන්ගේ කනස්සල්ල දුරු කිරීම සඳහා, අපගේ නැවත නැඟිටුවනු ලැබූ ශරීර වල ස්වභාවය සහ ඒවා අපගේ භූමික ශරීරවලින් වෙනස් වන්නේ කෙසේද යන්න පාවුල්තුමා ඔවුන්ට පැහැදිලි කළේය. පාවුල්තුමා අපගේ මිය ගිය භූමික ශරීර "බීජයකට" සමාන කළ අතර දෙවියන්වහන්සේ අවසානයේදී තවත් ශරීරයක් ලබා දෙනු ඇත (1 කොරින්ති 15:37-38) එය ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානවූ ශරීරය හා සමානවේ (1 කොරින්ති 15:49; පිලිප්පි 3:21). ඇත්ත වශයෙන්ම, අපගේ ස්වාමින්වහන්සේ හා සමානවම, දැන් විනාශ වන, අගෞරවයට පත්වූ, දුර්වල හා ස්වාභාවිකවූ අපගේ ශරීර යම් දවසක විනාශ කළ නොහැකි, මහිමාන්විත, බලවත් හා අධ්‍යාත්මික ශරීර බවට ඔසවනු ඇත (1 කොරින්ති 15:42-44). අපගේ අධ්‍යාත්මික ශරීර ස්වර්ගීය, අද්භූත ජීවත්වීම සඳහා පරිපූර්ණ ලෙස සන්නද්ධ වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ ශාරීරික උත්ථානය පිළිබඳ සත්‍යය එතරම් වැදගත් වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries