දෙවියන් වහන්සේ පිරිමියෙක් හෝ ගැහැණියෙක්ද?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ පිරිමියෙක් හෝ ගැහැණියෙක්ද?

පිළිතුර:
ලියවිල පරීක්‍ෂා කිරීමේදී, සත්‍යතාවයන් දෙකක් පැහැදිලිවේ. පළමුව, දෙවියන් වහන්සේ ආත්මයකි. එහෙයින් උන් වහන්සේට මනුෂ්‍ය චරිතයක් නොමැති අතර සීමාවන්ද රහිතයි. දෙවනුව, ලියවිල්ලේ බොහෝ අවස්ථාවන්වලදී ලියවිල්ල එකඟතාවයක් පිළිබ්ඹු කරන කරුණ නම් දෙවියන් වහන්සේ පුරුෂ චරිතයක් දරන බවයි. ආරම්භ කිරීමට දෙවියන් වහන්සේගේ සැබෑ ස්වරූපය තේරුම් ගත යුතුව ඇත. දෙවියන් වහන්සේ පුද්ගලයෙකි, නියත වශයෙන්ම දෙවියන් වහන්සේ පුද්ගලයෙකුගේ චරිත ලක්‍ෂණ ක්‍රියාත්මක කරයි. දෙවියන් වහන්සේට මනසක්ද ඇත, කැමැත්තක්ද ඇත, බුද්ධියක්ද ඇත, හැඟීම්ද ඇත. දෙවියන් වහන්සේ සන්නිවේදනය කරන අතර උන් වහන්සේට සම්බන්ධකම්ද ඇත. එමෙන්ම දෙවියන් වහන්සේගේ පුද්ගලික ක්‍රියාවලියන් වලට සාධක ලියවිල්ල පුරාවට සඳහන් වේ.

යොහන් 4:24 හී සඳහන් පරිදි, “දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන් වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයි.” දෙවියන් වහන්සේ ආත්මය පුද්ගලයෙකු බැවින් උන් වහන්සේ තුළ මනුෂ්‍යයෙකුගේ චරිත ලක්‍ෂණ නැත. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේව තේරුම් ගැනීමට හැකිවන ලෙසින් ලියවිල්ලේ මනුෂ්‍ය චරිත ලක්‍ෂණ දෙවියන් වහන්සේට අදාලකොට පවසා ඇති අයුරු අපට දැකිය හැක. දෙවියන් වහන්සේව තේරුම් කරදීමේ මේ මිනිස් චරිතය උපයෝගි කර ගැනීම හඳුන්වන්නේ “මනුෂ්‍යත්වාරෝපණය” (මනුෂ්‍යත්වාරෝපය) ලෙසට හඳුන්වයි. මනුෂ්‍යත්වාරෝපණයෙහි සාමාන්‍ය‍ෙයන් තේරුම නම් දෙවියන් වහන්සේ (ආත්මීය පුද්ගලයා) සත්‍ය සන්නිවේදනය කිරීම ඔහුගේ ස්වභාවය පිළිබඳව මිනිසාට (ශාරීරික පුද්ගලයන්ට) මනුෂ්‍යයන්ට ශරීරයක් තිබෙන අතර, අපගේ ශාරීරික මට්ටමෙන් එහා (මානසික මට්ටමින්) එහා තිබෙන දේවල් තේරුම් ගැනීම සීමා සහිත වේ. එමනිසා, ලියවිල්ලේ මනුෂ්‍යත්වාරෝපණය අපට දෙවියන් වහන්සේ කව්ද කියා පැහැදිලි කර ගැනීමට උපකාර වේ.

තවත් අමාරු තත්වයකට පත්වන්නේ මනුෂ්‍යයාව මවා ඇත්තේ උන් වහන්සේගේ ස්වරූපයට යැයි පැවසීමේදීය. උත්පත්ති 1:26-27 පවසනවා, “තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ, ඔව්හූ මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්‍ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ සේක, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූ සේක, පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූ සේක.”

පුරුෂයාද ස්ත්‍රියද දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවන ලද්දේය, එමනිසා ඔවුන් මැවිල්ලේ අන්සියල්ලට වඩා උසස්ව සිටියි. මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුකුල නිසාද, මනසක් ඇති නිසාද, කැමැත්තක් ඇති නිසාද, බුද්ධියක්ද ඇති නිසාද, හැඟීම් ඇති නිසාද හා හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව. සතුන්ට හොඳ නරක නොතේරේ. එමෙන්ම නොවැදගත් (අරූපි) සම්බන්ධතා ඔවුනට නොවැසේ මිනිසාට මෙන්. දෙවියන් වහන්සේගේ ස්වරූපය තමයි ආත්මික සම්බන්ධකම මිනිසා තුළ වැසිය යුතු. දෙවියන් වහන්සේ මිනිසාව මවන ලද්දේ උන් වහන්සේ සමග සම්බන්ධතාවයක් තැබීමටයි. එම අවශ්‍යතාවයට සරිලන හැඩය / රූපය මිනිසා වේ.

පැවසූ ලෙස, පුරුෂයා හා ස්ත්‍රිය මෝස්තරගත වී ඇත්තේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට-ඔවුන් දෙවියන් වහන්සේගේ කුඩා “පිටපත්” නොවේ. ඔවුන් පිරිමි හා ගැහැණු යන ස්වරූපය ගත් හෙයින් දෙවියන් වහන්සේටද ස්ත්‍රි හෝ පුරුෂ ස්වරූපයක් තිබිය යුතුමයි පැවසිය නොහැක. මතක තබාගන්න, දෙවියන් වහන්සේගේ ස්වරූපයට මැවූ පමණින් එය ශාරීරික රූපයටද බලපෑමක් නැත (ශාරීරික රූපය සමග කිසිදු සබඳකමක් නැත).

අප දන්නා පරිදි දෙවියන් වහන්සේ ආත්මයකි, එමෙන්ම ශාරීරික චරිතයක් උන් වහන්සේට නැති බව. මෙය සීමාකිරීමට නොහැක, කෙසේවෙතත්, මනුෂ්‍යයන්ට පිළිබ්ඹු වීමට දෙවියන් වහන්සේ කුමන ක්‍රමයක් භාවිතා කරයිද? මනුෂ්‍යයන්ට තමාව පිළිබ්ඹු කරදීමට දෙවියන් වහන්සේ කළ සියලුදේ ලියවිල්ලෙහි එළිදරව් කරයි. එමනිසා දෙවියන් වහන්සේ පිළිබඳ එකම බලාපොරොත්තු සාධක තොරතුර එයයි. ලියවිල්ලෙහි අපට පවසා තිබෙන දෙය දෙස බලන කළ, දෙවියන් වහන්සේ මිනිසාට තමාව පිළිබ්ඹු කළ අයුරු පිළිබඳ බොහෝ නිරික්‍ෂනාත්මක සාධක ඇත.

ලියවිල්ලෙහි දෙවියන් වහන්සේට “පියාණන්” යැයි බොහෝවිට 170 වතාවක්වත් ආමන්ත්‍රණය කර ඇත. සාමාන්‍යයේ පිරිමියෙක් නොවී ඔහුට පියෙක් වීමට නොහැකිය. දෙවියන් වහන්සේ මිනිසාට තමාව ස්ත්‍රියකගේ ස්වරූපයෙන් පිළිබ්ඹුවීමට තීරණය කරා නම් එය “මෑණියන්” ලෙස විය යුතුය. “පියාණන්” ලෙස නොව. පරණ හා අළුත් ගිවිසුමේ පුරුෂ සර්වනාමය දිගින් දිගටම දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කිරීමට භාවිතාකර ඇත.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිතරම දෙවියන් වහන්සේට පියාණන් යැයි ආමන්ත්‍රණය කළ අතර අනෙක් පැත්තෙන් පුරුෂ සර්වනාමය භාවිතා කළේය දෙවියන් වහන්සේව පිළිබ්ඹු කිරීමට. ශුභාරංචි වල පමණක් ක්‍රිස්තුස් වහන්සේ “පියාණන්” යන වචනය සෘජුව දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කිරීමට භාවිතා කළා 160 වතාවකට ආසන්නව. යොහන් 10:30 හී ක්‍රිස්තුස් වහන්සේගේ ආමන්ත්‍රණය දෙස බැලූ විට “මමද පියාණන් වහන්සේද එක් තැනැත්තා යයි කීසේක.” නියත වශයෙන්ම, යේසුස් වහන්සේ මනුෂ්‍යය ස්වරූපය ගෙන මෙලොවට ආවා ලෝකයේ පාපයට කුලිය ලෙසට කුරුසියෙහි තම දිවි පුද කිරීමට. දෙවි පියාණන් වහන්සේ වගේම යේසුස් වහන්සේද මනුෂ්‍යයාට ප්‍රකාශ වුනේ පුරුෂයකුගේ ස්වරූපයෙනි. ලියවිල්ලෙහි බොහෝ ලෙසට ක්‍රිස්තුස් වහන්සේ උපයෝගි කරගත් පුරුෂ නාම පද හා සර්වනාම දෙවියන් වහන්සේව පිළිබ්ඹු කිරීමට සාදක ඇත.

අළුත් ගිවිසුමේ ලියවිලි (ලිපි ක්‍රියා සිට එළිදරව්) හී තියොස් යන වචනය උපයෝගි කරගත් අවස්ථා වාර 900 කට ආසන්නව ඇත. තියොස්-පුරුෂ සර්වනාමයකි. ග්‍රීක භාෂාවෙහි එය දෙවියන් වහන්සේට සෘජුව ආමන්ත්‍රණය කිරීමට භාවිතා කරයි. දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කිරීමට ලියවිල්ලේ භාවිතා කර ඇති දේ දෙස බකන කළ ඉතා පැහැදිලි ක්‍රමයක් භාවිතා කර ඇත පුරුෂත්වයට ආවේනිකව. නාමපද හා සර්වනාම දෙවියන් වහන්සේ පුරුෂයකු නොවන අතර උන් වහන්සේ පුරුෂත්වයක් රෝපණය කළා තමාව මිනිසාට හඳුන්වා දීමට. එසේම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේවද දිගට පුරුෂාරෝපණයෙන් හඳුන්වයි. නාමපද හා සර්වනාම ලෙස. උන් වහන්සේ මේ පොළොවේ සිටින විට පුරුෂයෙකුගේ ස්වරූපයද ගත් සේක. පරණ ගිවිසුමේ අනාගතවකෘන් හා අළුත් ගිවිසුමේ අපෝස්තුලුවරු යේසුස් වහන්සේව හා දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ පුරුෂාරෝපණ නාම වලින්ය. දෙවියන් වහන්සේ මේ ස්වරූපය දැරුවේ මිනිසාට ඉතා පහසුවෙන් උන් වහන්සේ කව්ද යන්න අල්ලා ගැනීමටයි. එසේම උන් වහන්සේව තේරුම් ගැනීමට හැකිවනසේ අපට දීමනාද ඇත. දෙවියන් වහන්සේව “පෙට්ටියක බැහැලීමට” උත්සහ නොදැරිය යතු යැයි ඉතා වැදගත් ලෙසට සිතිය යුතුය. එසේම උන් වහන්සේගේ ස්වභාවයට නොගැලපෙන සීමාවන් දමා කථා කිරීමද නොකළ යුතු වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ පිරිමියෙක් හෝ ගැහැණියෙක්ද?