දෙවියන් වහන්සේ පරණ ගිවිසුමට වඩා අළුත් ගිවිසුමේ වෙනස් ස්වභාවයක් පිළිඹු කරන්නේ ඇයි?




ප්‍රශ්නය: දෙවියන් වහන්සේ පරණ ගිවිසුමට වඩා අළුත් ගිවිසුමේ වෙනස් ස්වභාවයක් පිළිඹු කරන්නේ ඇයි?

පිළිතුර:
මෙම ප්‍රශ්නය ආරම්භයේදීම දෙවියන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව ඇති මූලික සත්‍යභාවය වැරදියට වටහා ගැනීමට ලක්වේ. මෙම අදහස ඉදිරිපත් කරන තවත් ක්‍රමයක් නම් සමහර මනුෂ්‍යයන් පවසන විට “පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ උදහසේ තැනන් වහන්සේ එහෙත් අළුත් ගිවිසුමේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේය.” දේව වචනය (ශුද්ධ බයිබලය) දෙවියන් වහන්සේ පිළිබඳව අපට කියාපාන එළිදරව්වයි. එහි සඳහන් ඓතිහාසික සිදුවීම් හා උන් වහන්සේ පරණ ගිවිසුමේ උන් වහන්සේ මනුෂ්‍යා සමග කටයුතු කල ආකාරය දෙස බලන අයට දෙවියන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව ඇති වැරදි වැටහීම නැති වන්නට පුළුවන්. කෙසේ වෙතත් පරණ හා අළුත් ගිවිසුම් කියවා තේරුම් ගත් විට උන් වහන්සේගේ කිසිම වෙනසක් නැති බවත් දෙකෙහිම උන් වහන්සේගේ ප්‍රේමය හා උදහස ගැන කථා කරන බව අපට දැකිය හැක.

උදාහරණයකට පරණ ගිවිසුම පුරාවටම දෙවියන් වහන්සේගේ ස්වභාවය මෙලෙස වර්ණා කරයි. “අනුකම්පාවෙන් පූර්ණ, දයාවන්තවූ, උදහස් වීමට ප්‍රමාද, අධිකතර කරුණාව හා සැබෑ කම ඇති දෙවියන් වහන්සේය” (නික්මයාම 34:6, ගණන් කථාව 14:18, ද්විතීය කථාව 4:31, නෙහෙමියා 9:17, ගීතාවලිය 86:5, 108:4, 145:8, යෝවෙල් 2:13). තවමත් අළුත් ගිවිසුමේ දෙවියන් වහන්සේගේ දයාවන්ත ප්‍රේමය හා කරුණාව විදහා පානවා. සම්පූර්ණයෙන්ම උන් වහන්සේගේ ක්‍රියාව නිසා. “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහාන් 3:16). පරණ ගිවිසුම පුරාවටම අපට දැකිය හැකි කරුණක් නම් පියෙක් තම දරුවා සමග කටයුතු කරන සේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සමග කටයුතු කළ සේක (ප්‍රේමාන්විත පියෙකු ලෙස).

ඔවුන් උවමනාවෙන්ම උන් වහන්සේට විරුද්ධව පව් කොට රූප නමස්කාරයේ යෙදුනු විට දෙවියන් වහන්සේ ඔවුන්ට තදින් චෝදනා කිරීමට යුතු තැනදී ඔවුන්ගේ එක පසුතැවීමක්දී උන් වහන්සේ ඔවුන්ව නිදහස් කළ සේකෙ. අළුත් ගිවිසුමේ කිතුණුවන් සමග දෙවියන් වහන්සේ කටයුතු කරන්නේ මෙලෙසමයි. හෙබ්‍රෙව් 12:6 ප්‍රකාශ කරනවා “මක්නිසාද ස්වාමීන් වහන්සේ ප්‍රේම කරන අයට උන් වහන්සේ ඳඬුවම් කරන සේක, උන් වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළන සේක.”

ඒ හා සමානව පරණ ගිවිසුම පුරාවටම දෙවියන් වහන්සේගේ විනිශ්චය හා උදහස පසුතැවිලි නොවූ පව් කරුවන් මත පතිතවූ අයුරු දැකිය හැක. එසේම අළුත් ගිවිසුමේද උන් වහන්සේගේ උදහස ගැන සඳහන් කරයි. “මක්නිසාද සත්‍ය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ” (රෝම 1:18). අළුත් ගිවිසුම සුළුවෙන් බැලුවා උනත් අපට දක්නට ලැබෙන දෙය නම් යේසුස් වහන්සේ පාතාලය ගැන කථා කරයි ස්වර්ගය ගැනට වඩා. ඉතින් පරණ හා අළුත් ගිවිසුමෙහි දෙවියන් වහන්සේගේ කිසිම වෙනසක් නැති බව පැහැදිලිව පෙනේ. දෙවියන් වහන්සේ උන් වහන්සේ ස්වභාවයෙන්ම නොවෙනස්වේ. සමහර අවස්ථා වලදී උන් වහන්සේ එකම ක්‍රමයට ක්‍රියා කරයි ලියවිල්ලට අනුව. කෙසේ වෙතත් උන් වහන්සේ වෙනස් නොවේ.

කෙනෙකු බයිබලය කියවා ඉගෙන ගත්තොත්, දෙවියන් වහන්සේ පරණ හා අළුත් ගිවිසුමෙහි අතර උන් වහන්සේගේ වෙනසක් නැති බවට තේරුම් යයි. බයිබලයේ පොත් 66 ක් වෙන වෙනම තිබුණත්, මහාද්වීප දෙකක හෝ තුනක භාෂා තුනකින් අවුරුදු අඩුම තරමින් 1, 400 ක් කර්තෘ වරු 40 ක් (ජිවිතයේ බොහෝ ගමන් ගත්) ගෙන් සමන්විත උනත් මෙම පොත මුල් පොතේ සිට අවසාන පොත දක්වා පරස්පර විරෝධ තාවයකින් තොරව එක හා සමානව ලියවී ඇති එකම පොතයි. එම පොතේ අපට දක්නට ලැබෙන තවත් දෙයක් නම් ප්‍රේමණීය, කරුණාබර, ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ පව්කාර මනුෂ්‍යයා සමග සියළු අවස්ථා වලදී ක්‍රියා කළ ආකාරය ගැන සඳහන් කරයි. සැබවින්ම බයිබලය දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට ලියූ පෙම් හසුනයි. දෙවියන් වහන්සේගේ මැවිල්ලට උන් වහන්සේ ප්‍රේම කරයි. විශේෂයෙන් මනුෂ්‍යයාට. එය ලියවිල්ලක් වූවත් බයිබලය පුරාවට උන් වහන්සේ ප්‍රේමයෙන් හා කරුණාවෙන් පූර්ණව මනුෂ්‍යයාට උන් වහන්සේ සමග සම්බන්ධතාවයකට ආරාධනා කරයි. මනුෂ්‍යා එම තත්වයට සුදුසු නිසා නොව දෙවියන් වහන්සේ ප්‍රේමණීය නිසාත්, කරුණාවන්ත නිසාත්, උදහස් වීමට ප්‍රමාදයි හා අසීමිත ප්‍රේමයයි. එමෙන්ම උන් වහන්සේට කීකරු නොවී උන් වහන්සේට නමස්කාර නොකරන මනුෂ්‍යයන් විනිශ්චය කිරීමට ධර්මිෂ්ඨ විනිශ්චය කරුවෙක් ලෙසද වේ. ඔවුන්ගේ දෙවි වරුන්ට, රූප වලට නමස්කාර කරනවා, සැබෑවූ එකම දෙවියන් වහන්සේට නමස්කාර නොකර (රෝම 1).

දෙවියන් වහන්සේගේ ශුද්ධවූ ධර්මිෂ්ඨ චරිතය නිසා, සියලු පාප, අතීත, වර්ථමාන, අනාගත, විනිශ්චය කළ යුතුය. දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අසීමිත ප්‍රේමය කරණකොටගෙන එම මිලය ගෙවා සමාදානයට මාවත පෑදුවා. එයින් දේව උදහසින් පව්කාර මනුෂ්‍යා බේරී ඇත. මේ පුදුමාකාර සත්‍යතාව අපිට 1 යොහාන් 4:10 දකින්නට ලැබේ. “මේ ප්‍රේමය තුළ අපි උන් වහන්සේට ප්‍රේම කළේ නැත, උන් වහන්සේ අපට ප්‍රේම කළ නිසා පාපයට වන්දියක් ලෙස තම පුත්‍රයාව මෙලොවට එව්වා.” පරණ ගිවිසුමේ උන් වහන්සේ පාපයෙන් නිදහස් වීමට පූජා කිරීමේ ක්‍රමයක් දී තිබුණා. නමුත් මෙම පූජාව තාවකාලිකයි සේ යේසුස් වහන්සේ පැමිණ සදාකාල නිදහස ලබා දෙන ස්ථීර පූජාව බලාපොරොත්තුව සිටියා. පරණ ගිවිසුමේ සඳහන් ගැලලවුම් කාරයාණෝ අළුත් ගිවිසුමේ සම්පූර්ණයෙන්ම එලි දක්වයි. එමෙන්ම ඳේව ප්‍රේමය ඉදිරිපත් කිරීම නම් උන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ මොලොවට එවීමයි. සියලු මහිමයෙන් එළිදරව් විය පරණ හා අළුත් ගිවිසුමේ. “ගැලවීම පිණිස අප නැණවත් කරයි” (2 තිමෝති 3:15). තවත් ගැඹුරින් අධ්‍යනය කලොත් අළුත් හා පරණ ගිවිසුමේ උන් වහන්සේගේ කිසිම වෙනසක් නැත.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ පරණ ගිවිසුමට වඩා අළුත් ගිවිසුමේ වෙනස් ස්වභාවයක් පිළිඹු කරන්නේ ඇයි?