settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි සිත් තැවීම පිළිබඳව පවසන්නේ කුමක්ද?

පිළිතුර


බයිබලය පැහැදිලිව පෙන්නුම් කරන්නේ කිතුනුවා සිත් තැවුලට පත් නොවිය යුතු බවය. පිලිප්පි 4:6 පවසන්නේ, නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. ඉහත පදයෙන් පෙනීයන්නේ, අපගේ සියළු අවශ්‍යතා හා ඉල්ලීම් කනස්සලු නොවී යාචිඤාවෙන් දෙවියන්වහන්සේට සියල්ල බාර කළ යුතුය. යේසුස් වහන්සේ අපව සැමවිටම ධෛර්‍යමත් කරන්නේ අපගේ ශාරීරික අවශ්‍යතා වන ආහාර හා ඇඳුම් පිළිබඳව වද නොවනා ලෙසයි. යේසුස් වහන්සේ පොරොන්දු වන්නේ අපගේ ස්වර්ගික දෙවියන්වහන්සේ මේ සියල්ල පිළිබඳ සළකන බවය (මතෙව් 6:25-34) එබැවින් අප ඒ පිළිබඳව ලතවිය යුතු නැත.

කනස්සල්ල, ඇදහිලිවතෙකුගේ ඡීවිතයෙහි නොතිබිය යුතු කොටසක් බව අප දනිමු නුමුත්, අප එය යටපත් කර ගන්නේ කෙසේද? 1පේත්‍රැස් 5:7 අපට අවවාද කරන්නේ, උන්වහන්සේ නුඹලා ගැන සළකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබපල්ලා යනුයි. දෙවියන්වහන්සේ කිසිවිටකත් අපගේ ප්‍රශ්න හා වේදනා අමාරුවෙන් දරාගෙන යාමට ඉඩ නොතබයි. සැබවින්ම දෙවියන් වහන්සේ අපගේ ප්‍රශ්න, උන්වහන්සේගේ කර පිට තබා ගන්නේ ඇයි? බයිබලය පවසන්නේ උන්වහන්සේ අපව ගැන සළකන බවය. දෙවියන් වහන්සේ අපට සිදුවන සැමදේ ගැනම සැළකිලිමත් වේ. ඉත් කුඩා දෙයක් වුවත්, ඉතා විශාල දෙයක් වුවත්, එය දෙවියන්වහන්සේට වැදගත්ය. අපගේ ප්‍රශ්න අපි දෙව්යන් වහන්සේට දෙන කල්හි, උන් වහන්සේ අපට පොරොන්දු වන්නේ අපට සමාදානයත්, සියළු ආකාරයේ දේ පිළිබඳව අබිබවා තේරුම් ගැනීමයි (පිලිප්පි4:7).

සැබවින්ම ගැළවුම්කරුව නොදන්නාවුවන්ගේ ඡීවිත වල කනස්සල්ල හා සාංකාව ඡීවිතයේ කොටසක් වී ඇත. නුමුත් ඔවුන්ගේ ඡීවිත දෙවියන්වහන්සේට දී තිබෙන ඇදහිලිවතුන්ට දෙවියන් වහන්සේ පෙරොන්දුවන්නේ, වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘඳුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලාගේ පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්ම වලටසහනය ලැබන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයි කීසේක (මතෙවි11:28-30).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි සිත් තැවීම පිළිබඳව පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries