කාන්තාවන් පාලකවරියන් (දේවගැතිවරියන්) / දේශකවරියන් ලෙස සේවය කළ යුතුද? සේවයේ යෙදී සිටින ස්ත්‍රීන් සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද?




ප්‍රශ්නය: කාන්තාවන් පාලකවරියන් (දේවගැතිවරියන්) / දේශකවරියන් ලෙස සේවය කළ යුතුද? සේවයේ යෙදී සිටින ස්ත්‍රීන් සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද?

පිළිතුර:
කාන්තාවන් පාලකවරියන් / දේශකවරියන් ලෙස සේවය කිරීම තරම් විවාදයට තුඩුදුන් කරුණක් සභාව තුළ නොමැති තරම්ය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙය පිරිමින් හා කාන්තාවන් අතර කාරණයක් ලෙස නොබැලීම ඉතා වැදගත්ය. කාන්තාවන් පාලකවරියන් ලෙස සේවය කළ යුතු නැති බව හා කාන්තාවන්ගේ සේවය සීමා කළයුතු බව බයිබලය පවසන බව විශ්වාස කරන කාන්තාවන් හා කාන්තාවන්ට දේශකවරියන් ලෙස සේවය කළ හැකි බවත් කාන්තාවන්ට සේවයේ සීමාවන් නැති බවත් විශ්වාස කරන පුරුෂයින්ද සිටිති. මෙය තමාගේ කණ්ඩායමකට ඇති පක්‍ෂපාතිත්වය හෝ වෙනස් ලෙස සැලකීම හෝ විවේචනය කිරීමේ වාද විෂයක් නොවේ. එය බයිබලීය පරිවර්තනයේ කරුණක් වේ.

1 තිමෝති 2 : 11-12 මෙසේ සඳහන් වේ, “ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා. උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.” සභාව තුළ වෙනස් භුමිකාවන් පුරුෂයින් හට හා කාන්තාවන් හට දෙවියන් වහන්සේ පවරන සේක. මෙය මනුෂ්‍යයින්ගේ මැවීමේ ප්‍රතිඵලයකි (1 තිමෝති 2 : 13) එසේම ලෝකයට පාපය ඇතුළුවීමේ ක්‍රමයද වන්නේය (2 තිමෝති 2 : 14). පුරුෂයින්ට ආත්මික ඉගැන්වීමේ ආධිපත්‍යය ඇතිව සේවය කිරීමේ භුමිකාව ප්‍රේරිත පාවුල්තුමාගේ ලේඛන තුළින් දෙවියන් වහන්සේ සීමා කළසේක. කාන්තාවන් පාලකවරුන් ලෙස සේවය කිරීම මෙයින් අවහිර කරන්නේය. දේශනා කිරීමේ සිට ඉගැන්වීම දක්වා හා පුරුෂයින් කෙරෙහි ආධිපත්‍යයද නිසැකවම ඇතුළත් වන කාන්තාවන් පාලකවරියන් ලෙස සේවය කිරීම වළක්වන්නේය.

සේවය කරන (දේව) කාන්තාවන් / කාන්තා පාලකවරියන් පිළිබඳ කාරණයට බොහෝ “විරෝධතා” ඇත. පාවුල්තුමා කාන්තාවන් හට ඉගැන්වීමට සීමා පැනවීමට පොදු හේතුව වූයේ පළමුවන සියවසේ ස්ත්‍රීන් ඒකාන්තයෙන්ම නූගත් අය වූ බැවින්ය. එහෙත් 1 තිමෝති 2 : 11-14 හි කිසි තැනක අධ්‍යාපනික තත්වය සඳහන් කරන්නේ නැත. අධ්‍යාපනික මට්ටම සේවය කිරීමට සුදුසුකමක් වූයේ නම් යේසුස් වහන්සේගේ ගෝලයින්ගෙන් බහුතරයක් සේවය කිරීමට සුදුසු නොවන්නට ඉඩ තිබුණි. දෙවන පොදු කාරණය වන්නේ පාවුල්තුමා ඉගැන්වීම තහනම් කළේ එපීසයේ ස්ත්‍රීන් හට පමණක් වීමය (1 තිමෝති ලියා ඇත්තේ එපීස සභාවේ පාලකයාව සිටි තිමෝතිටය). එපීස නගරය එහි තිබූ ව්‍යාජ ග්‍රීක / රෝම දේවතාවියක්වූ අර්තේමිස්ගේ දේවාලය ගැන ප්‍රසිද්ධව තිබුණි. අර්තේමිස් නමස්කාරයේ ආධිපත්‍යය පැවතියේ කාන්තාවන්ටය. කෙසේ වෙතත් 1 තිමෝති කොතැනකවත් අර්තේමිස් ගැන සඳහන් කරන්නේ හෝ සීමා පැනවීමට හේතුව ලෙස අර්තේමිස්ට නමස්කාර කිරීම 1 තිමෝති 2 : 11-12 හි සඳහන් කරන්නේ නැත.

තුන්වන පොදු විරෝධතාවය වන්නේ පාවුල්තුමා අදාළ කළේ පුරුෂයින්ට හා භාර්යාවන්ට මිස පොදුවේ පිරිමින්ට හා ගැහැණුන්ට නොවීමය. 1 තිමෝති 2 : 11-14 දක්වා කොටස පුරුෂයින්ට හා භාර්යාවන්ට අදාළ කළ හැක. කෙසේ වෙතත් වචන වල මූළික අදහස පිරිමින් හා ගැහැණුන්ය. එම ග්‍රීක වචනම 8-10 පදවල තවදුරටත් භාවිතා වන්නේය. පුරුෂයින් පමණක් කෝපය හා ආරවුල් නොමැතිව යාච්ඤාවේදී ශුද්ධ දෑත් එසවිය යුතුද? (8 පදය). ස්ත්‍රීන් පමණක් විලිබිය ඇතිව ඇඳුම් ඇඳ, යහපත් ක්‍රියා ඇතිව දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතුද (9-10 පද)? සැබවින්ම නැත. 8-10 දක්වා පද වල සන්දර්භය තුළ පුරුෂයින්ට හා භාර්යාවන්ට ඇඟවීමක් කරනු ලැබේ.

කාන්තා පාලකවරියන් / දේශකවරියන් පිළිබඳ පරිවර්තනයට බහුලව කෙරෙන විරුද්ධත්වය වන්නේ, මීරියාම්, දෙබොරා, හුල්දා, ප්‍රිස්කිලා හා පේබි (ෆීබි) වැනි බයිබලයේ නායකත්ව තනතුරු දැරූ අයට කෙරෙන විරුද්ධත්වයය. මෙම විරුද්ධත්ව වලදී ඇතැම් වැදගත් සාධක සටහන් කිරීමට ඔවුන් අසමත් වී තිබේ. පිරිමි විනිශ්චයකාරයන් 13 දෙනා අතර එකම විනිශ්චයකාරිය දෙබොරා විය. ඒ වගේම හුල්දා සම්බන්ධයෙන් කීමට ඇත්තේ ශුද්ධ බයිබලයේ සඳහන් වන දුසිම් ගණනක් පරිමි අනාගතවක්තෘන් අතර එකම අනාගතවක්තෘවරිය ඇය බවය. මීරියාම් නායකත්වයට සම්බන්ධ වන්නේ ඇය මෝසෙස් හා ආරොන්ගේ සහෝදරිය වීමෙන් පමණය. රජවරුන්ගේ කාලයේ වඩාත් කැපී පෙනෙන කාන්තාවන් දෙදෙනෙකු වූයේ අතාලියා හා ජෙශබෙල්ය. ඔවුන් භක්තිමත් කාන්තා නායකත්වයට උදාහරණ නොවේ.

ක්‍රියා පොතේ 18 වන පරිච්ඡේදයේ ප්‍රිස්කිලා හා අකිලා ක්‍රිස්තුස් වහන්සේට අවංක අය ලෙස ඉදිරිපත් කර ඇත. ප්‍රිස්කිලාගේ නම පළමුවෙන් සඳහන් කර ඇත. (ඉංග්‍රිසි බයිබලයේ පමණය) බොහෝවිට එසේ කරන්නට ඇත්තේ ඇය සිය ස්වාමිපුරුෂයාට වඩා සේවයේ වඩාත් “කැපී පෙනෙන” බව හඟවන්නට විය හැක. (මෙය සිංහල බයිබලයට අදාළ නැත). 1 තිමෝති 2 : 11-14 ට පරස්පර විරෝධි ලෙස ප්‍රිස්කිලා සේවා ක්‍රියාකාරකමක සහභාගිවීම අන් කිසිදු ස්ථානයක විස්තර නොවේ. ප්‍රිස්කිලා හා අකිලා අපොල්ලොස් ඔවුන්ගේ නිවසට කැඳවා දෙවියන් වහන්සේගේ වචනය වඩාත් හරි ලෙස තෝරා දෙමින් ඔවුන් දෙදෙනාම ඔහූ ගෝලත්වයට ගෙනාවෝය (ක්‍රියා 18 : 26).

රෝම 16 : 1 හි පේබි (ෆීබි) “දාසියක්” ලෙස හඳුන්වනුවා වෙනුවට “උපකාරියෙක්” ලෙස හඳුන්වනු ලැබුවද ඇය සභාවේ ගුරුවරියක් ලෙස හඟවන්නේ නැත. “උගන්වන්නට සමර්ථ” යන්න වැඩිමහල්ලන්ට දී ඇති සුදුසුකමකි. එහෙත් ඩීකන් (උපස්ථාදායක) වරයෙකුට එය අදාළ නැත (1 තිමෝති 3 : 1-13; තීතස් 1 : 6-9). වැඩිමහල්ලන් / බිෂොප්වරුන් / උපස්ථාදායකවරුන් “එක භාර්යාවකට පුරුෂයාවූ“ “දරුවන් හික්මවා ගන්නාවූ“ “ගෞරවය ලබන්නට වටිනා අය” ලෙස විස්තර කර ඇත. ඊට අමතරව, 1 තිමෝති 3 : 1-3 හා තීතස් 1 : 6-9 හි වැඩිමහල්ලන් / බිෂොප්වරුන් / උපස්ථාදායකවරුන්ට අදාළ කිරීමට විශේෂයෙන් පුරුෂ ලිංග සර්වනාම යොදා ඇත.

1 තිමෝති 2 : 11-14 හි ව්‍යුහය තුළ “හේතුව” හොඳින් පැහැදිලි කරයි. 13 වන පදය “මක්නිසාද” යන්නෙන් ආරම්භ කොට පාවුල්තුමා 11-12 පදවලින් ප්‍රකාශ කළ “හේතුව” දක්වන්නේය. කාන්තාවන් පුරුෂයින්ට ඉගැන්විය යුතු නොවන්නේ හෝ ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පැවැත්විය යුතු නොවන්නේ මන්ද? ඒ, පළමුව ආදම් හා ඊළඟට ඒව මවනු ලැබූ බැවිනි. “ප්‍රථමයෙන් මුළා වූයේ ආදම් නොව ඒවය.” හේතුව එයය. දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් ආදම් මවා ඔහුට “උපකාර කරන්නියක” ලෙස ඒව මැවූ සේක. මෙම මැවීමේ පිළිවෙල මනුෂ්‍ය වර්ගයාට පවුල තුල (එපීස 5 : 22-23) හා සභාවට විශ්වීය අදාළ කිරීමක් වේ. ඒව රවටනු ලැබීම ද කාන්තාවන් සභා පාලකවරියන් ලෙස සේවය කිරීමට හෝ පිරිමින් කෙරෙහි ආත්මික ආධිපත්‍යය ඇතිව නොසිටීමට හේතු වශයෙන් දැක්වේ. මෙම කාරණය කාන්තාවන් ඉක්මණින් රුවටීමට බඳුන් වන බැවින් ඔවුන් ඉගැන්විය යුතු නැතැයි යන්න විශ්වාස කිරීමට ඇතැම් අය යොමු වන්නේය. එම සංකල්පය වාදයට තුඩු දෙන්නේය. එහෙත් කාන්තාවන් පහසුවෙන් රුවටෙන්නේ නම්, දරුවන්ට ඉගැන්වීමට ඔවුන්ට ඉඩ දෙන්නේ මනද? (දරුවන් ඉක්මණින් රුවටෙති) එසේම (ඉක්මණින් රුවටෙන්නේ යයි කියනු ලබන) වෙනත් කාන්තාවන්ට ඉගැන්වීමට ඉඩ දෙන්නේ මන්ද? ඒව රවටනු ලැබූ බැවින් හා එහි ප්‍රතිඵලය ලෙස සභාවේ මූළික ඉගැන්වීමේ අධිපත්‍යය දෙවියන් වහන්සේ පුරුෂයින්ට දී ඇති බැවින් කාන්තාවන් ඉගැන්විය යුතු නැතැයි හෝ පුරුෂයින් කෙරෙහි ආත්මික ආධිපත්‍යය පැවැත්විය යුතු නැතයි යන්න එම කොටසින් කියවෙන්නේ නැත.

කාන්තාවන් ආගන්තුක සත්කාරය, දයාව ඉගැන්වීම හා උපකාර කිරීම අතින් අති දක්‍ෂය. සභාවේ බොහොමයක් සේවාවන් කාන්තාවන් මත බලාපොරොත්තු රඳවාගෙන සිටින්නේය. ප්‍රසිද්ධ ස්ථානයන් හි යාච්ඤා කිරීමට හෝ අනාගත වාක්‍ය පැවසීමට සභාව විසින් කාන්තාවන්ට සීමා පනවා නැත. සීමා පනවා ඇත්තේ පුරුෂයින්ට ආත්මික ඉගැන්වීමේ ආධිපත්‍යය කෙරෙහි පමණය (1 කොරින්ති 11 : 5), ශුද්ධ බයිබලයේ කොතැනක හෝ කාන්තාවන් ශුද්ධාත්මයාණන්ගේ දීමනා ක්‍රියාවට දැමීම තහනම් කර නොමැත (1 කොරින්ති 12 පරිච්ඡේදය). අන්‍යයන්ට උපස්ථාන කිරීමට, ආත්මයාණන්ගේ ඵල පෙන්නුම් කිරීමට (ගලාති 5 : 22-23), මුළා වූ අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට (මතෙව් 28 : 18-20; ක්‍රියා 1 : 8; 1 පේත්‍රැස් 3 : 15) පුරුෂයින් සේම කාන්තාවන්ද කැඳවා තිබේ.

සභාවේ ආත්මික ඉගැන්වීම් ආධිපත්‍යය සහිත තනතුරු වල සේවය කිරීම සඳහා පුරුෂයින් පමණක් දෙවියන් වහන්සේ විසින් පත්කර තිබේ. ඊට හේතුව පුරුෂයින් වඩාත් හොඳ ගුරුවරුන් වීම හෝ කාන්තාවන් පහත් හෝ බුද්ධිමත් බවින් අඩු (එය හේතු නොවේ) වීම නොවේ. ඊට සරළ හේතුව සභාව ක්‍රියා කළයුත්තේ මෙයාකාර යයි දෙවියන් වහන්සේ සැලසුම්කර තිබීමයි. ආත්මික නායකත්වයෙන්, ජීවිත තුළින් හා ඔවුන්ගේ වචන වලින් පුරුෂයින් ආදර්ශමත් විය යුතුය. කාන්තාවන් ඊට වඩා අඩු බලයක් ඇතිව සිටිය යුතුය. කාන්තාවන්ට අනිත් කාන්තාවන්ට ඉගැන්වීමට ධෛර්යමත් කළ යුතුය (තීතස් 2 : 3-5). ළමයින්ට ඉගැන්වීමද කාන්තාවන්ට ශුද්ධ බයිබලයේ තහනම් කර නැත. කාන්තාවන්ට තහනම් කර ඇති එකම ක්‍රියාකාරකම වන්නේ පුරුෂයින්ට ඉගැන්වීම හෝ ඔවුන් කෙරෙහි ආත්මික ආධිපත්‍යය ඇති කර ගැනීමය. මෙය තර්කානුකුලව කාන්තාවන් පාලකවරුන් / දේශකයින් ලෙස සේවය කිරීමද ඇතුලත් වන්නේය. ඒ නිසා කාන්තාවන් කිසිසේත්ම වැදගත් කමින් අඩු වන්නේ නැත. ඒ වෙනුවට දෙවියන් වහන්සේ ඔවුන්ට දායාද කර ඇති ආකාරයේ සේවයක් කෙරෙහි වඩා එකඟතාවකට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේය.



නැවතත් සිංහල මුල් පිටුවට



කාන්තාවන් පාලකවරියන් (දේවගැතිවරියන්) / දේශකවරියන් ලෙස සේවය කළ යුතුද? සේවයේ යෙදී සිටින ස්ත්‍රීන් සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද?