settings icon
share icon
ප්‍රශ්නය

භාර්‍යාවක් තම පුරුෂයාට යටහත් (කීකරු) විය යුතුද?

පිළිතුර


විවාහය තුළ යටහත්කම (කීකරුකම) ඉතාම වැදගත් වේ. පාපය ලෝකය තුළට පැමිණීමට පෙර සිටම, ප්‍රධානියා යන මූලධර්මය පැවතුනා (1 තිමෝති 2:13). ආදම්ව පළමුව මවන ලදි, එමෙන්ම ඒවව ආදම්ට සහකාරියක් ලෙසටයි මවන ලද්දේ (උත්පත්ති 2:18-20). එම අවස්ථාවේදීම ඒවන විට පාපය නොතිබුන නිසා, දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයට අමතර ආධිපත්‍යයක් තිබුනේ නැත මිනිසාට කීකරුවීමට. ආදම් හා ඒව දෙවියන් වහන්සේට අකීකරු වූ විට, පාපය ලෝකය තුළට පැමිණියා, ඊට පසු ආධිපත්‍යය අවශ්‍ය විය. එමනිසා, දෙවියන් වහන්සේ අවශ්‍ය ආධිපත්‍යය දෙනු ලැබුවා, දේශයේ නීතිය වලංගු කිරීම හා අපට අවශ්‍ය රැකවරණය ලබා දීමට. පළමුව, අපි දෙවියන් වහන්සේට යටහත් විය යුතුය, උන් වහන්සේට සැබවින්ම කීකරු විය හැක්කේ කෙසේද (යාකොබ් 1:21; 4:7). 1 කොරින්ති 11:2-3 අපි දකිනවා ස්වාමිවරු ක්‍රිස්තුස් වහන්සේට යටත් විය යුතුය, ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට යටත් වූ ලෙසට. එවිට පදයෙහි කියනවා භාර්‍යාව ඔහුගේ ක්‍රියාව උදාහරණයට ගෙන ඇයගේ පුරුෂයාට යටහත් විය යුතුය.

ප්‍රේමණීය නායකත්වයට ස්වභාවික ප්‍රතිචාරයයි යටහත්කම. පුරුෂයන් තම භාර්‍යාවන්ට ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ ලෙසට ප්‍රේම කරන විට (එපීස 5:25-33), යටහත්කම භාර්‍යාව තම ස්වාමි පුරුෂයාට ස්වභාවයෙන්ම දෙනු ලබයි. ග්‍රීක් වචනය පරිවර්ථනය “යටහත්කම” හුපොටෑසෝ එය ක්‍රියා පදයෙහි ආරම්භ වේ. ඉන් අදහස් වන්නේ දෙවියන් වහන්සේට යටහත් වන්න, රජයට හෝ ස්වාමියාට එය එක වරට සීමාවූ ක්‍රියාවක් නොවේ. එය දිගටම කරගෙන යා යුතුය. එය අවසානයේදී හැසිරීම් රටාවක් බවට පත් වේ. එපීස 5 හී සඳහන් කරන යටහත්කම එක පැත්තකට සීමාවූ හැසිරීම් රටාවක් නොවේ. ඇදහිලිවන්තයාව ආත්මාර්ථකමේ පුද්ගල පාලනය, බයිබලානුකුල යටහත්කම ආත්මික දෙදෙනෙකු එකඟත්වයෙන් යුක්තව එකිනෙකාට හා දෙවියන් වහන්සේට යටහත් වීම. යටහත්කම මාර්ග දෙකකි. යටහත්කම ගෞරවය හා සම්පූර්ණත්වයයි. බිරිඳකට ප්‍රේමය ලැබූ විට ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ ලෙස යටහත්කම අපහසු නැත. එපීස 5:24 “එබැවින් සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නාක්මෙන් භාර්‍යාවෝද සියලු දේ වලදී තමුන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා.” මෙම පදයෙහි පවසන්නේ නිවැරදි සියළු දේ තුළදි භාර්‍යාව පුරුෂයාට යටහත් විය යුතුය. එමනිසා භාර්‍යාව යටහත්වීම ගැන දෙවියන් වහන්සේට ව්‍යවස්ථාවට අකීකරු වීම. නොකර සිටිය යුතුමය යන ලෙසට යුතුකමකට යටත්ව නැත.

මැතිව් හෙන්රි ලියනු ලැබුවා, ස්ත්‍රිය මවනු ලැබුවේ ආදම්ගේ ඉලයෙන්. ඇයව ඔහුගේ හිසෙන් හැදුවේ නැත ඔහුව පාලනය කිරීමට, ඔහුගේ පාදයෙන් සෑදුවේ නැත ඔහු විසින් පාගනු ලැබීමට, නමුත් ඔහුගේ ඉලයෙන් ඔහු හා සමානව සිටීමට, ඔහුගේ සුරත යට සුරක්‍ෂිතව සිටීමට, ඔහුගේ හදවතට ලංව ආදරය ලැබීමට, ඇදහිලිවතුන් එකිනෙකාට යටහත්විය යුත්තේ දෙවියන් වහන්සේට ගෞරවය පිණිස (එපීස 5:21). සංදර්භය, එපීස 5:19-33 ඇති සියල්ල ආත්මයෙන් පූර්ණවීමෙහි ප්‍රතිඵලයයි, ආත්මයෙන්-පූර්ණවීම ඇදහිලිවතුන් නමස්කාර පූර්ව විය යුතුය (5:19) ස්තුතිපූර්ව (5:20) හා යටහත්ව (5:21). එවිට පාවුල්තුමා ඔහුගේ අදහස් මේ අයුරින් පවසයි, ආත්මයෙන් පූර්ණවීම පුරුෂ හා භාර්‍යාවගේ 22-33 පදයන්. භාර්‍යාව තම පුරුෂයාට යටහත් විය යුතුය. ස්ත්‍රිය දුර්වල නිසා නොව නමුත් විවාහ ජීවිතය දෙවියන් වහන්සේ සැලසුම් කලේ එලෙසයි. යටහත්කම නම් බිරිඳ “පාපිස්නක්” වීම නොවේ ඇයගේ පුරුෂයාට. ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන්, බිරිඳ තම ස්වාමියාට කීකරු වන්න, එමෙන්ම පුරුෂයා කැප වීමෙන් තම බිරිඳට ප්‍රේම කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භාර්‍යාවක් තම පුරුෂයාට යටහත් (කීකරු) විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries