අපි කාටද යාච්ඤා කළ යුත්තේ, පියාණන්ටද, පුත්‍රයානන්ටද, ශුද්ධාත්මයාණන්ටද?




ප්‍රශ්නය: අපි කාටද යාච්ඤා කළ යුත්තේ, පියාණන්ටද, පුත්‍රයානන්ටද, ශුද්ධාත්මයාණන්ටද?

පිළිතුර:
සියළු යාච්ඤා යොමු කළ යුත්තේ අප ත්‍රිත්වයවූ දෙවියන් වහන්සේටය-පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් තුන් ආකාරයට එකක් බැවින් එක් ආකාරයට හෝ තුන් ආකාරයටම යාච්ඤා කළ හැකි බව බයිබලය උගන්වයි. ගීතිකාකරුවන් සමග අප පියාණන් වහන්සේට යාච්ඤා කරමුව. “මාගේ දෙවියන් වහන්ස, ඔබට යාච්ඤා කරමි, මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම්කන් දුන මැනව” (ගීතාවලිය 5:2). යේසුස් වහන්සේටත්, පියාණන් වහන්සේට සේම අප යාච්ඤා කරනුයේ ඔවුන් වහන්සේලා එක සමාන වන නිසාය. ත්‍රිත්වයේ එක් සාමාජිකයෙකුට කරන යාච්ඤාව කරනුයේ සියළු දෙනාටමය. ප්‍රාණත්‍යක්ත කරනු ලැබූ විට ස්තේපන් යාච්ඤා කළේ, “ස්වාමිවූ යේසුස් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව” (ක්‍රියා 7:59) කියාය. එසේම ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළ යුතුය. පාවුලු එපීසයේ ඇදහිලිවන්තයින්ට සෑම විටම “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරපල්ලා” (එපීස 5:20) යැයි උනන්දු කළේය. යේසුස් වහන්සේ ගෝලයින්ට උන් වහන්සේගේ නාමයෙන් හා උන් වහන්සේගේ කැමනැත්ත පරිදි ඔවුන් ඉල්ලන කවර දෙයක් වුවද දෙන බව ස්තීර කළේය (යොහන් 15:16; 16:23). එසේම, ශුද්ධාත්ඝ්‍රාණන්ට හා උන් වහන්සේගේ බලයට යාච්ඤා කරන මෙන් අපට කියා තිබේ. කෙසේද හෝ කුමක් ඉල්ලීමට නොදැන සිටින විටත් ශුද්ධාත්මයාණන් අපට යාච්ඤා කිරීමට උපකාර කරයි (රෝම 8:26; යූද් 20). සමහරවිට ඉතා හොඳ ක්‍රමය ත්‍රිත්වයේ ක්‍රියා කලාපය යාච්ඤාවේදී තේරුම් ගැනීමට නම්, අප පියාණන් වහන්සේට, පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය කරණකොටගෙන යාච්ඤා කිරීමය. ඇදහිලිවන්තයාගේ යාච්ඤාව තුළ තුන් ආකාරයට ක්‍රියාකාරිව සහභාගිකම් දරන්නේය.

සමානව වැදගත් වන්නේ අප යාච්ඤා නොකළ යුත්තේ කා හටද යන්න වගය. සමහර ක්‍රිස්තියානි-නොවන ආගම් ඔවුන්ගේ භක්තිකයින්ට දෙවිවරු සමූහයන්ට, මැරුණු ඥාතීන්ට, ශුද්ථවන්තදයින් හා ආත්මයන්ට යාච්ඤා කරන මෙන් පොළඹවයි. රෝමානු කතෝලිකයින්ට මරියාට සහ නොයෙක් සාන්තුවරයින්ට යාච්ඤා කිරීමට උගන්වයි. මෙවැනි යාච්ඤා බයිබලය හා සම්බන්ධ නොවේ. ඇත්ත වශයෙන්ම, කියතොත්, මෙය ස්වර්ගීක පියාණන්ට නිග්‍රහ කිරීමකි. මක්නිසාද යන්න තේරුම් ගැනීමට, යාච්ඤාවේ ස්වභාවය පමණක් අප බැලීමට උවමනාය. යාච්ඤාවේ මූලිකාංග කිහිපයක් ඇත. එයින් දෙකක් ගැන අප බැලුවහොත්-ප්‍රශංසාව සහ ස්තුතී දීමය-යාච්ඤාවේ හරි මාර්ගය නමස්කාරය ලෙස අපට පෙනීයනු ඇත. අප දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන කළ, අප උන් වහන්සේට නමස්කාර කරන්නේ උන් වහන්සේගේ ගුණාංග සහ උන් වහන්සේ අපගේ ජීවිත තුළ කර ඇති ක්‍රියාවන් උදෙසාය. ස්තුති දීමේ යාච්ඤා ඉදිරිපත් කරන විට, අපහට දැක්වූ උන් වහන්සේගේ යහපත්කම, කරුණාව සහ ප්‍රේමවන්ත-දයාව පිළිබඳ අප උන් වහන්සේට නමස්කාර කරන්නෙමු. නමස්කාරය දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙයි. මහිමය දීමට යෝග්‍යව සිටිනා එකම තැණන්වහන්සේ උන් වහන්සේ පමණක්ය. දෙවියන් වහන්සේ හැර අන් අයට කරන යාච්ඤා වල ගැටළුව නම් උන් වහන්සේගේ මහිමය උන් වහන්සේ භුක්ති නොවිදීමයි. ඇත්ත වශයෙන්ම කියතොත්, දෙවියන් වහන්සේට හැර සෙසු අයට හෝ යම් දෙයකට කරන යාච්ඤා රූප වන්දනාවක් ලෙස සැලකේ. “මම ස්වාමින් වහන්සේය, මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙම්” (යෙසායා 42:8).

යාච්ඤාවේ අනෙක් මූලාංග වන පශ්චාත්තාපය ‍, පාපොච්‍චාරණය අයැදීම තවත් නමස්කාර කරන ආකාරයක්ය. අප පශ්චාත්තාප වන්නේ දෙවියන් වහන්සේ දයාන්විත සහ ප්‍රේමාන්විත බව තේරුම් ඇතිවන අතර උන් වහන්සේගේ පුත්‍රයාණන් කුරුසිය මත කැප කිරීම කරණකොටගෙන ක්ෂමාවට මාර්ගයක් සලසා දී ඇත. අප අපේ පාප හෙළිදරව් කරන්නේ “විශ්වාසවන්තවූ ද, ධර්මිෂ්ඨවූ ද, දෙවියන් වහන්සේ සියලු පාප වලින්ද අදමිටුකම් වලින්ද අප පවිත්‍ර කරන බව” (1 යොහන් 1:9) දන්නා නිසා වන අතර අප ඒ වෙනුවෙන් උන් වහන්සේට නමස්කාර කරමුව. අප අපේ අයැදීම් සහ මැදහත්වීම් සමග උන් වහන්සේ වෙතට යන්නේ උන් වහන්සේ අපට ප්‍රේම කරන බවත් අපට ඇහුම්කන් දෙන බව දන්නා නිසාත්ය. එසේම, කරුණාවෙන් සහ දයාවෙන් සිය කැමැත්තෙන් අපට ඇහුම්කන් දී පිළිතුරු දීම උදෙසා අප උන් වහන්සේට නමස්කාර කරන්නෙමු. මේ සියල්ල සලකා බලන විට, ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ හැර අන් අයෙකුට යාච්ඤා කිරීම අපට සිතන්නට නොහැකි බව පහසුවෙන් පෙනී යයි. කුමක් නිසාද, යාච්ඤාව නමස්කාර කිරීමේ ක්‍රමයකි, සහ නමස්කාරය වෙන්කර ඇත්තේ දෙවියන් වහන්සේට සහ උන් වහන්සේට පමණක්ය. අප යාච්ඤා කළ යුත්තේ කා හටද? පිළිතුර නම් දෙවියන් වහන්සේටය. ත්‍රිත්වයේ කවරෙකුටද අපගේ යාච්ඤා

යොමු කරනුයේ යන කරුණට වඩා වැදගත් වනුයේ දෙවියන් වහන්සේට සහ උන් වහන්සේට පමණක් යාච්ඤා කිරීමය.



නැවතත් සිංහල මුල් පිටුවට



අපි කාටද යාච්ඤා කළ යුත්තේ, පියාණන්ටද, පුත්‍රයානන්ටද, ශුද්ධාත්මයාණන්ටද?