settings icon
share icon
ප්‍රශ්නය

දේවවේදයේ අර්ථ දැක්වීම කුමක්ද?

පිළිතුර


“දේවවේදය” යන වචනය ඉංග්‍රීසි බසින් “Theology” ලෙස සකස්වී ඇත්තේ ග්‍රීක වචන දෙකක් එකතුවීමෙනි, එහි තේරුම වන්නේ “දෙවියන් වහන්සේ පිළිබඳව ඉගෙනගැනීම” යනුයි. කිතුනු දේවවේදය මගින් දෙවියන් වහන්සේව ශුද්ධ ලියවිල්ල තුළ දක්වන ආකාරයටම අනාවරණය කිරීම (ප්‍රකාශ කිරීමට) එහි වෑයම වේ. කිසිදා දේවවේදයකින් දෙවියන් වහන්සේ හා එතුමන්ගේ ක්‍රියාවන් නිශ්චිතවම විදහා දැක්වීමට හැකියාවක් නොමැති අතර එයට හේතුව වන්නේ දෙවියන් වහන්සේ අපට වඩා උසස් හා සදාතනික තැනැන් වහන්සේ නිසාය. ඒ අනුව එතුමන් විග්‍රහ කරන ඕනෑම විග්‍රහ කිරීමක්ම ඉතා සීමා සහිතය (රෝම 11:33-36). කෙසේ වෙතත්, අපට හැකි පමණින් දෙවියන් වහන්සේ පිළිබඳව දැන ගැනීමට දෙවියන් වහන්සේට අවශ්‍යවන අතර මෙය ක්‍රමානුකුලව හා විද්‍යාත්මක ලෙස අපට දැන ගැනීමට හැකි වන්නේ දේවවේදය තුලින්ය. සමහරෙක් දේවවේදය අධ්‍යණය කිරීම මග හරින්නේ එය භේදවිය හැකි බව විශ්වාස කරන බැවින්ය. නමුත් එය හරි හැටි පැහැදිලි කලහොත් දේවවේදය ඉගැන්වීම ඉතාමත් හොඳ දෙයක් වන අතර එය දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳව ඉගෙන ගැනීමකි (2 තිමෝති 3:16-17).

දේවවේදය යනු අන් කසිවක් නොව දෙවියන් වහන්සේගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කොට දෙවියන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව අනාවරණය කර තිබෙන දේ අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයනය මගින් දෙවියන් වහන්සේ සියල්ලෙහි මැවුම්කරු බවත්, සියල්ල දරා සිටින්න හා සියලු දෙයහි විනිශ්චකරුවාණන් ලෙසට අපට දැන ගත හැක. එතුමන් අල්ෆා සහ ඔමේගාය, ආරම්භය හා අවසානයයි. මෝසෙස් විසින් “තමන්ව පාරාවෝ රජු වෙතට ගෙන යන්නේ කවුදැයි” යන පැණය ඇසූවිට දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිතුරු දෙනු ලබන්නේ “මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි යනුවෙනි (නික්මයාම 3:14). “මමය” යනුවෙන් මෙහිදි පෞරුෂය හුවා දක්වයි. දෙවියන් වහන්සේ යනු සියුම් ශක්තියක් හෝ විශ්වීය ශක්තියක් නොවේ. එතුමන් සර්වබලධාරි, ස්වයං පැවතීමක් හා ස්වයං තීරන ගනු ලබන තමන්ගේ ස්වභාවය මනුෂ්‍යයා හට වචනය තුලින් හා එතුමන්ගේ පුත්‍රයාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් කරන තැනැන් වහන්සේය.

දේවවේදය ඉගෙන ගැනීම යනු දෙවියන් වහන්සේ දිනා ගැනීම අතර ඒ තුලින් ප්‍රේමයෙන් හා අවනතවීමෙන් එතුමන්ව ගෞරවයට පත් කිරීමට අප හට අවස්ථාව හිටිවනු ඇත. මේ තුල වටහා ගත යුතු වැදගත් කරුණ නම්: එතුමන්ට ප්‍රේම කිරීමට පෙර අප එතුමන්ව නිසි පරිදි දිනා ගත යුතු අතර එතුමන්ට අවනතවීමට අදහස් කර ගැනීමට පෙර එතුමන්ට ප්‍රේම කල යුතුය. දෙවියන් වහන්සේ විසින් එතුමන්ව හඳුනන, ප්‍රේම කරන හා එතුමන්ට අවනත වූවන් සඳහා එතුමන් සීමා රහිතව එතුමන්ගේ අනුග්‍රහය හා ආශීර්වාදය වගුරවනු ලබයි. දේවවේදයේ තුළ පවතින්නාවූ අඩු දැනුම හා දැන ගැන්මෙහි පවතින්නාවූ යම් දුර්වලතා නිසා අපගේ ජීවිත තුලට සහනයක් හා බලාපොරොත්තුවක් ගෙන දෙනවාට වඩා ජීවිතය දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. දෙවියන් වහන්සේ පිළිබඳව දැනගැනීම ඉතාමත් වැදගත්ය. යම් අවස්ථාවන්වලදී අප අපගේ ජීවිත දෙවියන් වහන්සේ පිළිබඳව නොදැන ජීවත්වීමට තරම් දරුණු වන අවස්ථාද පවතීයි. මේ ලෝකය ඉතාමත් වේදනාවන්ගෙන් පිරුණු, අසතුටු කරවන, අප්‍රසන්න ස්ථානයකි. දේවවේදයෙන් තොරවීම, ජීවිතය ගෙන යන්නාවූ මාර්ගය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතිව ගත කිරීමක් වන්නා සේම දේවවේදයෙන් තොරවීම තුලින් අපගේ ජීවිත පරිහානියට පත්වන අතර අපගේ ආත්මයන් අහිමි කර ගැනීමකට ලක්වනු නිසැකය.

සෑම කිතුනුවෙක්ම දේවවේදය ඉගෙන ගැනීමට උනන්දු විය යුතු අතර, ඒ තුලින් ප්‍රේමය, අවනතවීම හා සදාකාලිකව අපගේ ජීවිත ප්‍රීතියෙන් ගෙවන්නාවූ තැනැන් වහන්සේ පිළිබඳව දැන ගැන්මකට පැමිණිය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවවේදයේ අර්ථ දැක්වීම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries