settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු යනු කව්ද?

පිළිතුර


වෙබිස්ටර් අකාරාදියේ (ශබිදකෝෂයේ) කිතුණුවකු හඳුන්වන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස අදහාගත්තාවූ හෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීම මත පදනම්වූ ආගම අදහන පුද්ගලයෙකු ලෙසය. කිතුණුවකු කව්ද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙම නිර්වචනය හොඳ ආරමිභයක් වුවද අන් බොහෝ ලෞකික අර්ථ කථනයන් මෙන් මෙයද “සැබෑ කිතුණුවකු වීම කිමෙක්ද” යන්න පිළිබඳව ශුද්ධ බයිබලීය සත්‍යය අනූන ලෙස සංනිවේදනය කරන බව පෙනේ.

කිතුණුවා යන පදය නව ගිවිසුමේ (ක්‍රියා 11: 26, ක්‍රියා 26 : 28, 1 පේත්‍රුස් 4 : 16) තෙවරක් සඳහන් වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්(ශ්‍රාවකයන්)ප්‍රථම වරට “කිතුණුවන්” ලෙස හැඳින්වූයේ අන්තියෝකියේ දීය (ක්‍රියා 11 : 26) එසේ කරන ලද්දේ ඔවුන්ගේ හැසිරීම, ක්‍රියා කාර කම් සහ කථනය බොහෝ දුරට ක්‍රිස්තුස් වහන්සේට සමාන වූ හෙයිනි. අන්තියෝකියේ නොඇදහිලිවතුන් විසින් ප්‍රථමයෙන් භාවිතා කරනු ලැබුවේ කිතුණුවන් හාස්‍යයට ලක් කරමින් විකට නාමයක් ලෙසිනි. වචනානු සාරයෙන් එහි අර්ථය වුයේ ක්‍රිස්තුස් වහන්සේගේ පක්‍ෂයට අයත් හෝ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් යනුයි. වෙබිස්ටර් අකරාදියේ (ශබිදකෝෂයේ) අර්ථයට මෙය බෙහෙවින් සමානය.

අභාග්‍යයකට මෙන් කාලයාගේ ඇවෑමෙන් “කිතුණුවා” යන පදයේ වැදගත් කම බෙහෙවින් හීනවී ගොස් දැන් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ ආගමික හෝ උසස් අධ්‍යාත්මික ගුණාංගයෙන් හෙබි අයකුට විනා නව උත්පාදනය ලැබූ සැබෑ කිතුණු අනුගාමිකයකු සඳහා නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සැබෑ ලෙස නොඅදහන විශ්වාස නොකරන බොහෝ අය කිතුණුවන් ලෙස හඳුන්වනු ලබන්නේ ඔවුන් දේවස්ථාන කරා යන නිසා හෝ කිතුණු දේශයක වසන නිසාය. එහෙත් දේවස්ථානයට යෑමවත්, තමන්ට වඩා අභාග්‍ය සමිපන්න අයට සේවය කිරීමවත්, යහපත් පුද්ගලයෙකු වීමවත් ඔබව සැබෑ කිතුණුවකු නොකරයි. එක් එවැන්ජලිස්ත වරයකු (ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙක්) ප්‍රකාශ කළ පරිදි යම්අයකු වාහනයක් සෑදීම සඳහා නොනවත්වා ගරාජයකට යෑම මෙන් දේවස්ථානයට යෑම ඔහු කිතුණුවකු ද නොවන්නේය කියා. දේවස්ථානයේ සාමාජිකයකු වීමත්, දේව මෙහෙයට නිතිපතා යෑමත්, සභාවේ වැඩ උදෙසා දායක වීමත් ඔබ සැබෑ කිතුණුවකු නොකරයි.

ශුද්ධ බයිබලය අපට උගන්වන පරිදි අප කරන යහපත් ක්‍රියා කරණකොටගෙන පමණක් දෙවියන් වහන්සේ අපව පිළිගන්නේ නැත. තීතස් 3 : 5 අපට ප්‍රකාශ කරනවා “අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨ කමේ ක්‍රියා වලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්ම යාණන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන් වහන්සේ අප ගැළවූ සේක”. එම නිසා කිතුණුවා යනු දෙවියන් වහන්සේ විසින් නැවත උත්පාදනය කරන ලද (යොහන් 3 : 3, 3 : 7, 1 පේත්‍රැස් 1 : 23) තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබූ අයකි. එපීස 2 : 8 අපට ප්‍රකාශ කරනවා “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය”. සැබෑ කිතුණුවකු යනු තම පව් ගැන පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තම ඇදහිල්ල තැබූ අයෙකි. ඔවුන්ගේ විශ්වාසය වූ කලී, ආගමක් අනුගමනය කරීමවත්, සදාචාර නීති මාලාවක් පිළිපැදීමවත්, ක්‍රියාත්මක කළ හැකි / නොහැකි ලේඛනයක් මතවත් පදනම්කරගෙන නොවේ.

සැබෑ කිතුණුවකු යනු තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබුවවූද, පාපයේ මිලය වෙනුවෙන් උන් වහන්සේ කුරුසිය මත පූජාවී මරණය ජය ගෙන තුන්වෙනි දින ජයග්‍රාහිකව නැවත උත්ථානයවී, උන් වහන්සේ අදහන සියල්ලන්ට සදාකාල ජීවනය ලබා දෙන්නාවු සත්‍යය විශ්වාස කරන අයෙකි. යොහන් 1:12 අපට ප්‍රකාශ කරනවා “යම්පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම්උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක”. සැබෑ කිතුණුවකු යනු සැබවින්ම දේව දරුවකු වන අතර, දෙවියන් වහන්සේගේ සැබෑ පවුලට සමිබන්ධ වීමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේට තම අලුත් ජීවිතය කැප කිරීමෙන්ය. දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවකුගේ ලක්‍ෂණය වන්නේ අන්‍යයන් උදෙසා ප්‍රේමය දැක්වීමත්, දේව වචනයට කීකරු වීමත්ය (1 යොහන් 2 : 4, 1 යොහන් 2 : 10).

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු යනු කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries