යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?




ප්‍රශ්නය: යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?

පිළිතුර:
බොහෝ දෙනා වැරදියට වටහා ගන්නවා බයිබලයෙහි සඳහන් දේ කියවීමේදී නික්මයාම 20:13, “මිනීනොමරව” ඊට පසු මෙම ආඥාව යුද්ධයට අදාල කිරීමට සොයනවා කෙසේ වෙතත් හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය “ජාත්‍යන්තර, හිතාමතාම තවත් පුද්ගලයෙකුව මැරීම දුෂ්ඨ චේතනාවෙන්.” දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලයට ආඥා කළේ අනෙක් ජාතීන් සමග යුද්ධයට යාමටයි (1 සාමුවෙල් 15:3; යොෂුවා 4:13). දෙවියන් වහන්සේ බොහෝ වැරදි ක්‍රියා වලට මරණ දඬුවම නියම කරා (නික්මයාම 21:12; 15; 22:19; ලෙවී කථාව 20:11). දෙවියන් වහන්සේ සෑම පීඩාවකදීම (තත්වයකදීම) මැරීමට විරුද්ධ නැත, නමුත් සැලසුම් සහගත මිනීමැරීමට. යුද්ධය කිසිමවිටක යහපත් නැත. නමුත් සමහර අවස්ථාවල එය කිරීමට අවශ්‍යයි. පව්කාර මිනිසුන්ගෙන් පිරුණු ලෝකයක (රෝම 3:10-18), යුද්ධය අවශ්‍යයි, සමහර නපුරු මිනිසුන් අහිංසක මිනිසුන්ට හිංසා කිරීමෙන් වැළකීමට යුද්ධ කිරීම අවශ්‍යයි.

පරණ ගිවිසුමේ, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට ආඥා කරා “ඊශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න” (ගණන් කථාව 31:2). විතීය කථාව 20:16-17 ප්‍රකාශ කරනවා, “එහෙත් නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනගගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න. තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් නුඹලාට නූගන්වන පිණිසද, එසේ නුඹලාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට විරුද්ධව නුඹලා පව් නොකරන පිණිසද.” එසේම, 1 සාමුවෙල් 15:18 පවසනවා, “අමලෙක්වරුන් වන පව්කාරයන් විනාශකර දමා, ඔවුන් නැතිවී යන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කර පන්නැයි කීසේක.” නියත වශයෙන්ම දෙවියන් වහන්සේ සෑම යුද්ධයකටම විරුද්ධ නැත. යේසුස් වහන්සේ නියත වශයෙන්ම පියාණන් වහන්සේගේ තීරණයට එකඟය (යොහන් 10:13), එමනිසා අපට බැහැ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේගෙත් කැමැත්ත පමණයි යන්න පිළිබඳව තර්ක නොකළ යුතුය. දෙවියන් වහන්සේ වෙනස් නොවේ (මලාකි 3:6; යාකොබ් 1:17).

යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම දැඩි එකක් වන්නට යනවා. එළිදරව් 19:11-12 පැහැදිළි කරනවා ක්‍රිස්තුස් වහන්සේ සමග අවසාන සටන, ජයග්‍රාහික අණදෙන නිලධාරියා වන විනිශ්චය කර යුද්ධය දියත් කරන්නා “ධර්මිෂ්ඨකම ඇතිව” (11 පදය). එහි ලේ වැගිරීම තිබේ (13 පදය) හා මහිමය. උන් වහන්සේට විරුද්ධ වන්නාවූ සියලු දෙනාගේ මාංශය කුරුල්ලෝ කයි (17-18 පද). උන් වහන්සේට උන් වහන්සේගේ සතුරන් කෙරෙහි කිසි අනුකම්පාවක් නැත. උන් වහන්සේ ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම ජය ගනී, එමෙන්ම “සදාකාලික ගිනිවිලට හෙලයි” (20 පදය).

දෙවියන් වහන්සේ යුද්ධයට විරුද්ධයි කීම වැරදියි. යේසුස් වහන්සේ සමාවාදියෙක් නොවේ. නපුරින් පිරුණු මිනිසුන් සිටින රටක, සමහර අවස්ථාවල යුද්ධ කිරීම අත්‍යඅවශ්‍යයි ඊට වඩා නපුරක් වැලකීමට. හිට්ලර් දෙවන ලෝක යුද්ධ හී පරාජය නොක‍ෙර් නම්, මිලියන කීයක් මිනිසුන් ඔහු විසින් මරණයට පත් කරයිද? ඇමරිකානු නාගරිකයන්ට අයත් යුද්ධය හට නොගත්තා නම්, අප්‍රිකානු-ඇමරිකානුවන් වහලුන් ලෙසට තවත් කෙතරම් කලක් ගත කිරීමට වෙනවද?

යුද්ධය නම් ඉතාම භයානක දෙයකි. සමහර යුද්ධයන් අනෙක් ඒවාට වඩා වෙනස් නමුත් යුද්ධය නිතරම පාපයේ ප්‍රතිඵලයයි (රෝම 3:10-18). එම අවස්තාවේදීම, දේශනාකාරයා 3:8 පවසනවා “ප්‍රේම කරන්ට කාලයක් සහ වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.” පාපයෙන් පිරුණු ලොවක එපා කිරීම හා නපුර (රෝම 3:10-18), යුද්ධය අත්‍යඅවශ්‍යයි. කිතුනුවන් යුද්ධයට ආශා නොවිය යුතුය. එසේම කිතුනුවන් තමා යටත්ව සිටින ආණ්ඩුවට විරුඳධ වීමටද නොහැක (රෝම 13:1-4; 1 පේත්‍රැස් 2:17). යුද්ධ කාලයේ අපි කළ යුතු විශේෂතම දෙය නම් අපගේ නාකයන්ට දේව ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමය. අපගේ හමුදාවේ ආරක්‍ෂාව උදෙසා යාච්ඤා කිරීම, ඉක්මන් විසඳුමකට යාච්ඤා කිරීම, දෙපැත්තේම සිවිල් ජනතාව අඩුම අනතුරු වීමට යාච්ඤා කිරීම (පිලිප්පි 4:6-7).



නැවතත් සිංහල මුල් පිටුවට



යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?