settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ හඬ අපි හඳුනා ගන්නේ කෙසේද?

පිළිතුර


අවුරුදු ගණනාවකට සිට මිනිසුන් බෙහෝ දෙනෙක් මේ ප්‍රශ්නය අසා ඇත. සාමුවෙල්ට දෙවියන් වහන්සේගේ හඬ ඇසුනා. නමුත් එලී ඔහුට පහදා දෙන තෙක් ඔහු එය දැන සිටියේ නැත (1 සාමුවෙල් 3:1-10). ගිඩියොන්ට කායික එළිදරව්වක් ලැබුණා දෙවියන් වහන්සේගෙන්, නමුත් ඔහුට තවමත් එය සැක සහිතවූ නිසා ඔහු ලකුණක් ඉල්ලුවා, එක සැරයක් නොව තුන් වතාවක් (විනිශ්චකාරයා 6:17-22, 36-40). අපි දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන කොට, අපි දන්නේ කොහොමද උන් වහන්සේමයි කථා කරන්නේ කියලා? පළමුව ගිඩියොන්ට හා සාමුවෙල්ට නොතිබුනු දෙයක් අපට තිබේ. අපට සම්පූර්ණ බයිබලය තිබෙනවා දේවානුභාව‍ෙයන් දුන්. කියවා ඉගෙනගෙන මෙනෙහි කිරීමට හැකි. “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16-17). අපගේ ජීවිතයේ තීරණ හා මාතෘකා ගැන අපට ප්‍රශ්න ඇති වන අතර, ඒ ගැන බයිබලයේ කුමක් කියනවා දැයි බැලිය යුතුය. උන් වහන්සේ අපට උගන්වා ඇති දී ඇති පොරොන්දු වලට පටහැනිව ක්‍රියා නොකරයි (තීතස් 1:2).

දෙවනුව, උන් වහන්සේගේ හඬ ඇසීමට පළමුව අප එය හඳුනාගත යුතුය. “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔවුන් මා පස්සේ එති” (යොහන් 10:27). උන් වහන්සේගේ හඬ අසන අය උන් වහන්සේට අයිති අය වේ. උන් වහන්සේගේ කරුණාව නිසාත් ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසය නිසාත් ගැලවීම ලැබූ අය. මේ බැටළුවෝ තමයි හඬ අසා හඳුනාගත් අය. මක්නිසාද ඔවුන් උන් වහන්සේව තම එඬේරා හැටියට හඳුනනවා, උන් වහන්සේගේ හඬ හඳුනනවා. උන් වහන්සේගේ හඬ අපි හඳුනාගන්න අවශ්‍ය නම් අපි උන් වහන්සේට අයිති විය යුතුය.

තුන්වෙනුව, අපි යාච්ඤාවට කාලය දෙන විට උන් වහන්සේගේ හඬ අපට ඇසේ, බයිබල් අධ්‍යනය, නිහඬව වචනය මෙනෙහි කිරීම. උන් වහන්සේ හා උන් වහන්සේගේ වචනය අප කාලය ගත කරන තරමට උන් වහන්සේගේ හඬට හා මග පෙන්වීම හඳුනාගැනීමට පහසු වේ. බැංකුවක සේවකයෙකු ව්‍යාජ නෝට්ටු හඳුනාගැනීමට පුරුදු කර ඇත. එයින් මායාවට හසු නොවී සිටිය හැක. දෙවියන් වහන්සේ අපට කථා කරන හෝ මග පෙන්වන විට අපි උන් වහන්සේගේ වචනය තුළ හොඳ දැනුමක් තිබිය යුතුය. එවිට එය දෙවියන් වහන්සේද යන්න පැහැදිලි වේ. අපි සත්‍ය තේරුම් ගන්නා පිණිස උන් වහන්සේ අපට කථා කරයි. දෙවියන් වහන්සේට මනුෂ්‍යාට ශ්‍රවනය වන ලෙස කථා කිරීමේ හැකියාව ඇති අතර උන් වහන්සේ මූලිකව උන් වහන්සේගේ වචනයෙන් කථා කරයි. ඒ වගේ සමහර විට ශුද්ධාත්මයාණන් තුළින් අපගේ හෘදසාක්‍ෂියට, කරදර පීඩා තුළදී, අන් අය තුළින්, ලියවිල්ලේ සත්‍යතාව ඇසීමෙන්, උන් වහන්සේගේ හඬ හඳුනා ගැනීමට පුරුදු වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ හඬ අපි හඳුනා ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries