settings icon
share icon
ප්‍රශ්නය

විශ්වවාදය / විශ්වීය ගැලවීම බයිබලයට අනුකුලද?

පිළිතුර


බොහෝ අය විශ්වීය ගැලවීම අල්ලාගෙන සිතනවා සියලු මනුෂ්‍යයන්ගේ අවසානය සවර්ගයේ කියා. සැබවින්ම මෙම මතය බොහෝවිට දරන්නේ මේ මතය පිළිබඳව ලියවිල්ලේ උගන්වන ඉගැන්වීම් එපා කරන සදාකාල ගිනිවිලට හිමිකම් කියන ජීවන රටාවක් ගත කරන මිනිසුන්ය (පිරිමි හා කාන්තාවන්). සමහරුන්ට එය දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා කරුණාව පමණට වඩා ඉස්මතු කරන තත්වයකි හා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය හා සාධාරණත්වය අඩූ තක්සේරු කිරීම (අතපසු කිරීම)-එය ඔවුන්ව දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට යොමු කරයි. සියලු ජීවමාන සත්වයන්ට උන් වහන්සේ කරුණාව දක්වන බව විශ්වාස කිරීමට. නමුත් ලියවිල්ල පවසනවා සමහර අය සදාකාලිකව නිරයේ සිටින බවට.

පළමුව, බයිබලය පවසනවා නොගැලවුන අය නිරයේ සිටින්ට යන බව. යේසුස් වහන්සේ තම වචනයෙන් කියනවා ගැලවුනාවූ අය ස්වර්ගයේ සදාකාලිකව සිටිනා සේම නොගැලවුනු අය නිරයේද සිටින්නට යන බව. මතෙව් 25:46 පවසනවා, “මොව්හූ සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.” මේ පදයට අනුව නොගැලවූවන්ට ඇති දඬුවම හරියටම ධර්මිෂ්ඨයාට ඇති සදාකාල ජීවනය මෙන්ම ස්තීරය. සමහරු සිතනවා නිරයට යන අය පවතින් නැති බවට නමුත් දෙවියන් වහන්සේම එය සදහටම පවතින බව ස්තීරවම පවසා ඇත. මතෙව් 25:41 හා මාර්ක් 9:44 විස්තර කරනවා නිරය “සදාකාල ගින්න” හා “නොනිමෙන ගින්න.”

මේ නොනිමෙන ගින්නෙන් කෙනෙකු වළකින්නේ කෙසේද? බොහෝ අය සිතනවා සෑම පාරක්ම-සෑම ආගමක්ම හා සෑම විශ්වාසයක්ම ස්වර්ගයට ගෙන යන බවට, එසේ නැති නම් ඔවුන් සිතනවා දෙවියන් වහන්සේ තුළ එතරම් ප්‍රේමය හා කරුණාව තිබෙනවා එම නිසා සියලු දෙනාට ස්වර්ගයට ඇතුල් විය හැකි බවට. සැබවින්ම දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් හා කරුණාවෙන් පූර්ණයි. එම ගුණාංග නිසා තමයි උන් වහන්සේ පුත්‍රයා පොළොවට එවිවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අප වෙනුවෙන් කුරුසියේ මැරුම්කෑමට. යේසුස් වහන්සේ තමයි සදාකාලයට ඇති රහස්‍ය දොරටුව. ක්‍රියා 4:12 පවසනවා, “වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවෙිය.” “මක්නිසාද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත් කාර කෙනෙකුත්ය” (1 තිමෝති 2:5). යොහන් 14:6 යේසුස් වහන්සේ පවසනවා, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” යොහන් 3:16, “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” අපි එම පුත්‍රයා එපා කිරීම තෝරා ගත්තොත් අපට ගැලවීම අහිමි වේ (යොහන් 3:16, 18, 36).

මෙවැනි පද විශ්වමතය, විශ්වීය ගැලවීම වැනි දේ බයිබලයට විරුද්ධ බව විශ්වමතය බයිබලය උගන්වන දෙයට පටහැනි මත ඉදිරිපත් කරයි. බෙහෝ මිනිසුන් කිතුනුවන්ට චෝදනා කරන අතර දරා සිටීම හා “රහස්‍යභාවය” මතක තබා ගන්න මේවා ක්‍රිස්තුස් වහන්සේගේම වචනය. කිතුනුවන් තමා විසින් හදා ගත් අදහස් නොව. කිතුනුවන් ඉදිරිපත් කරන්නේ දෙවියන් වහන්සේ පවසා ඇති දේ බොහෝ අය මෙය පිළිනොගන්නේ ඔවුන්ගේ පාපය හෙලිවී ඔවුනට ගැළවුම්කරුවාවූ දෙවියන් වහන්සේව පිළිගැනීමට සිදුවන බව ගැලවීම ලැබීමට නම් එම හේතුව නිසාය. දෙවියන් වහනාසේ විසින් ඉදිරිපත් කර ඇති ගැලවීම ක්‍රිස්තුස් තුළ ඇති එපා කරන අය ගැලවීම ලැබීම ශුද්ධකම පහත් කිරීම හා දෙවියන් වහන්සේගේ සාධාරණත්වය හා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව අහෝසි කිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විශ්වවාදය / විශ්වීය ගැලවීම බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries