settings icon
share icon
ප්‍රශ්නය

පීඩා කාලය නම් කුමක්ද? පීඩා කාලය අවුරුදු 07 කට පවතින බව අපි දන්නේ කෙසේද?

පිළිතුර


පීඩා කාලය නම් අනාගත අවුරුදු 07 ක කාලයකි. එනම් දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට තම හික්මවීම අවසන් කර නොඇදහිලිවතුන්ගේ විනිශ්චය අවසානයට ගෙන ඒමයි. සභාව, නම් ක්‍රිස්තුස් වහන්සේ නමැති පුද්ගලයා කෙරෙහි විශ්වාස කර උන් වහනාසේගේ ක්‍රියාවන් ඔවුන්ගේ පාපය උදෙසා වන්දි ගෙවූ බව විශ්වාස කරන අයවේ. ඔවුන් මේ පීඩා කාලය තුළ නැත. සභාව පොළවෙන් ඉවතට ගනී, එය “ඔසවා ගැනීම” ලෙස හඳුන්වනු ලබයි (1 තෙසලෝනික 4:13-18; 1 කොරින්ති 15:51-53). සභාව පැමිණෙන්ට තිබෙන උදහසින් ගැලවී ඇත (1 තෙසලෝනික 5:9). ලියවිල්ල පුරාවට පීඩා කාලයට දෙවියන් වහන්සේගේ දවස ලෙසටද හඳුන්වයි (යෙසායා 2:12; 13:6-9; යෝවෙල් 1:15; 2:1-31; 3:14; 1 තෙසලෝනික 5:2), කරදර හෝ පීඩාව (විතීය කථාව 4:30; ශෙපනියා 1:1), මහා පීඩා කාලය මෙය පීඩා කාලයේ (අවුරුදු 07) දෙවන භාගය පිළිබඳව කථා කරයි (මතෙව් 24:21), කාලය හෝ දවසේ කරදර (දානියෙල් 12:1; ශෙපනියා 1:15), යාකොබ්ගේ පීඩාවේ කාලය (යෙරමියා 30:7).

දානියෙල් 9:24-27 තේරුම් ගැනීමේදී ඉතා වැදගත් දේ නම් පීඩා කාලයේ කාල පරිච්ඡේදය හා අරමුණ වටහා ගැනීමයි. මේ කොටස කථා කරන්නේ සති 70 ක් “ඔබේ මනුෂ්‍යන්” විරුද්ධව ප්‍රකාශයට පත් කරයි. දානියෙල්ගේ මනුෂ්‍යන් නම් යුදෙව්වන්, ඊශ්‍රායෙල් ජාතිය, හා දානියෙල් 9:24 කථා කරන දේ නම් දෙවියන් වහන්සේ දී ඇති කාල පරිච්ඡේදයයි, “සීමාව ඉක්මවා යෑම නතර කිරීම” පාපයට අවසාන තිත තැබීම. නපුරට වන්දිගෙවීම, සදාකාල ධර්මිෂ්ඨකම ගෙන ඒම දර්ශණ හා අනාගත වාක්‍ය මුද්‍රා කර අතී ශුද්ධ තැනැත්තා ආලේප කිරීම. දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා “සැත්තෑවර සත්වරක්” මේ සියලු දේ සම්පූර්ණ කරයි. මෙය සැත්තෑවර සත්වරක් අවුරුදු වේ. හෝ අවුරුදු 490 ක් (සමහර පරිවර්ථනයන් සති 70 ක අවුරුදු) යැයි පවසයි. මෙය ස්ථීර වෙනවා දානියෙල් හී මෙම පදය තුළ, 25 හා 26 යන පද වල දානියෙල්ට පවසනවා ආලේපලත් තැනැත්තා සිදඳමනු ලබන බවට. “සති සතක්ද සති සැට දෙකක්ද” (69 සම්පූර්ණ) යෙරුසලම නැවත පිහිටීමමේ ආඥාව ඇතුව. තවත් වචන වලින් 69 සත්වරක් අවුරුදු (483 අවුරුදු) යෙරුසලම ගොඩ නැගීමේ ආඥාවෙන් පසු මෙසියස් වහන්සේව සදඳමනු ලැබේ. බයිබලීය ඉතිහාසඥයෝ සනාථ කරනවා 483 ක අවුරුදු කාලය පසු කර යනවා යෙරුසලම ගොඩ නැගීමේ ආඥාවෙන් සිට යේසුස් වහන්සේගේ කුරුසිපත් කිරීම දක්වා. බොහෝ කිතුනු විද්වතුන් සැලකිලිමත් නොමැතිව ඉරණම ගැන ඔවුන්ගේ කෝනයෙන් බලයි. (අනාගත දේවල් / සිදුවීම) දානියෙල්ගේ 70 සත්වර ගැන ඉහත තේරුම් ගැනීම ඇතිව.

අවුරුදු 483 යෙරුසලම නැවත ගොඩ නැගීමේ සිට මෙසියස් වහන්සේගේ සිදඳැමීම දක්වා, දානියෙල් 9:24 හී සඳහන් පරිදි මෙය අවුරුදු 07 ක කාල පරිච්ඡේදය සම්පූර්ණ වේ. “වරද තීන්දු කරන්නටත්, පව් කෙලවර කරන්නටත්, අපරාධය උදෙසා සමගිකම් කරන්නටත්, සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්නටත්, දර්ශනය සහ අනාගත වාක්‍ය මුද්‍රා තබන්නටත්, අතිශුද්ධ ස්ථානය ආලේප කරන්නටත්” ‍ෙම් අවසාන අවුරුදු 07 කාල පරිච්ඡේද පීඩා කාලයයි. මෙය දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය ඇගේ පාපයට විනිශ්චය දී අවසාන වේ.

දානියෙල් 9:27 අපට කරුණු කිහිපයක් දෙයි අවුරුදු 07 ක පීඩා කාලය පිළිබඳව. “ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථීරකොට, සතියේ මැදදී යාගයක් ආහාර පූජාවක් පවත්වන්නේය, පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය. පාළු කරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම ගුරුවහු ලබන්නේයයි කීවේය.” මේ පදයෙහි පවසන පුද්ගලයා නම් යේසුස් වහන්සේ ආමන්ත්‍රණය කළේ “පාළු කරන පිළිකුල්” (මතෙව් 24:15) එයට “මෘගයා” ලෙසට ආමන්ත්‍රණය කරයි එළිදරව් 13 හී. දානියෙල් 9:27 පවසනවා මෘගයා ගිවිසුමක් තබනවා අවුරුදු 07 කට නමුත් මේ සතිය මැදදී (3 1/2 වසර පීඩා කාලයො) ඔහු ගිවිසුම කඩයි. පූජාවලට නැවතීම තබයි. එළිදරව් 13 පහදා දෙයි මෘගයා ඔහුගේ පිළිරුව දේව මාලිගාවේ තබා මිනිසුන්ට ඔහුව නමස්කාර කිරීමට ඉල්ලයි. එළිදරව් 13:5 මෙය මාස 42 කට පවතින බවට, එනම් අවුරුදු 3 1/2. දානියෙල් 9:27 සතියේ මැදදි සිදු වේ. එළිදරව් 13:5 පවසනවා මෘගයා මෙය මාස 42 කට සිදු කරයි. මෙය පැහැදිලිව බැලූ කළ මාස 84 ක් නැති නම් අවුරුදු 07ක් වේ. එසේම දානියෙල් 7:25 බැලූ කළ කාලයකටද, කාලවලටද, කාල භාගයකටද (කාලය=අවුරුදු 1, කාලවල=අවුරුදු 2, කාල භාගය=1/2 අවුරුදු මුලු 3 1/2 අවුරුදු) එමෙන්ම එය “මහ පීඩා කාලය” ලෙස වේ. අවුරුදු 07 අවසාන භාගය තුළ මෘගයා බලයේ සිටියි.

පීඩා කාලය පිළිබඳ දීර්ඝ විස්තර නම්, එළිදරව් 11:2-3 බලන්න. එහි දවස් 1260 හා මාස 42 ක් ගැන කථා කරයි. එමෙන්ම දානියෙල් 12:11-12 හී දවස් 1290 හා දවස් 1335 ක් මෙය පීඩා කාලයේ මැද භාගයයි. දානියෙල් 12 හී සඳහන් පරිදි ස්ථීරම දවස් වල ජාතීන් විනිශ්චය කර අවසාන අදියරයයි (මතෙව් 25:34-46) හා ක්‍රිස්තුස් වහන්සේගේ සහස්‍රයේ රාජ්‍යයේ ආරම්භය වේ (එළිදරව් 20:4-6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පීඩා කාලය නම් කුමක්ද? පීඩා කාලය අවුරුදු 07 කට පවතින බව අපි දන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries