settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ සිකුරාදා කුරුසපත් වුනාද? එසේ නම් උන් වහන්සේ ඉරිදා උත්ථාන උනා නම් දින තුනක් සොහොන් ගෙයි ගත කළේ කෙසේඳ?

පිළිතුර


බයිබලයේ උන් වහන්සේගේ කුරුසපත්වීම සතියේ කුමන දවසේ සිදුවුනිදැයි සඳහන් නොකරයි. තර්කයට නැගුණු දවස් දෙක වුනේ සිකුරාදා හා බදාදා. මේ සංවාදය සිකුරාදා හා බදාද වෙනුවට බ්‍රහස්පතින්දා දවස බව සිතමු.

යේසුස් වහන්සේ මතෙව් 12:40 හී ප්‍රකාශ කළා “මක්නිසාද යෝනා මාහා මතස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය.” තවමත් සිකුරාදා තමයි දවස යැයි පවසන අය පවසන්නේ කෙසේ වෙතත් පිළිගත හැකි ක්‍රමයක් ඇති බවයි දවස් තුනක් සිටි බවට. පළමු ශත වර්ෂයේ යුදෙව්වරුන්ගේ මනසේ දවස් භාගයක් ඔවුන් දවසක් ලෙස සලකයි. යේසුස් වහන්සේ සිකුරාදා භාගයක්, සෙනසුරාදා මුළු දවසම, ඉරිදා භාගයක් සොහොනේ සිටියා දවස් තුනක් සිටිය යුතුව තිබුණ නිසා එලෙස විය. සිකුරාදා මූලධර්මයට අදාල බයිබල් කොටසක් මාර්ක් 15:42 ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත්වීම සඳහන් කරයි. “සබත් දවසට පෙර දවස” එය සති සබත නම් සබත් දවස සෙනසුරාදා එසේ නම් එය අපව සිකුරාදා කුරුසපත් කිරීමට යොමු කරයි. තවත් මතෙව් 16:21 සහ ලූක් 9:22 උගන්වනවා යේසුස් වහන්සේ උත්ථාන වන්නේ තුන්වෙනි දවසේ. එසේ නම් උන් වහන්සේ සොහොනේ සම්පූර්ණ දවස් තුනක් සිටය යුතු නැත. නමුත් සමහර පරිවර්ථන “තුන්වෙනි දවසේදී” ලෙසට පාවිච්චි කර ඇත. මේ පද වලට සියලු දෙනා එකඟ වෙන්නේ නැහැ පරිවර්ථනය කර ඇත්තේ සුදුසුම ක්‍රමය ලෙසටද යන්න. තව දුරටත් මාර්ක් 8:31 පවසනවා යේසුස් වහන්සේ දවස් තුනකට “පසුව” උත්ථාන වන බවට.

බ්‍රහස්පතින්දා යැයි පවසන අය විවාද කරනවා සිකුරාදා පැත්තෙන් බලලා බොහෝ සිදුවීම් වැඩි බවට ඔවුන් වාද කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ භුමදානය සිදුවීම හා ඉරිදා උදෑසන වනතෙක් සිදුවීම් සිදුවෙනවා සිකුරාදා සවස සිට ඉරිදා උදෑසන වන විට. ඔවුන් පවසනවා තිබෙණ ප්‍රධානම ප්‍රශ්නය සිකුරාදා හා ඉරිදා දවස් අතර ඇති සම්පූර්ණ දවස සෙනසුරාදා පමණයි කියලා යුදෙව් සබත්. වැඩිපුර දවස් දෙකක් මේ ප්‍රශ්නෙදී ඉවත්වේ. බ්‍රහස්පතින්දා තර්කය සදාරණයි. ඔබ ඔබේ මිතුරෙකු සඳුදා සවස සිට දුටුවේ නෑ යයි සිතමු. ඊට පසු ඔහුව දකින ඊළඟ දවස බ්‍රහස්පතින්දා උදෑසනයි. ඉතින් ඔබ පවසනවා “මම ඔබව දවස් තුනකින් දැක්කේ නෑ” රිත්‍යනුකුලව පැය 60 ක කාලයක් උනත් (2.5 දවස්). යේසුස් වහන්සේ බ්‍රහස්පතින්දා කුරුසපත් උනා නම් මේ උදාහරණය අපට පෙන්වනවා දවස් තුන ගණන් ගත යුතු අයුරු.

බදාදා යැයි පවසන අය පවසනවා එම සතියට සබත් දෙකක් කියලා. පළමු එකට පසු (කුරුසපත් සිදුවන සවස මාර්ක් 15:42; ලූක් 23:52-54), ස්ත්‍රිය සුවඳ ද්‍රව්‍ය මිලදී ගත්තා, මතක තබාගන්න ඔවුන් මිලදී ගත්තේ සබතට පසුව (මාර්ක් 16:1). බදාදා දර්ශණය පවසනවා මේ සබත “පාස්කුව”ලෙසට (ලෙවී කථාව 16:29-31, 23:24-32,39 ඉතාමත් ශුද්ධ දවසක් මේ දවස සතියේ සත්වෙනි දිනම විය යුතුම යැයි නීතියක් නොවීය සාමාන්‍ය ලෙස). දෙවන සබත නම් ඔවුන් සාමාන්‍යයෙන් තබන සතියේ සත්වන දින එනම් සෙනසුරාදා දවසයි. ලූක් 23:56 පළමු සබතට පසුව විලවුන් මිලදී ගත් ස්ත්‍රිය පැමිණ එම විලවුන් පිළියෙල කරා “සබත් දවසේ නිවාඩු” ගෙන (ලූක් 23:56). විවාදය නම් ඔවුන්ට විලවුන් මිලදී ගැනීමට නොහැක සබතට පසුව යන්නයි, එය සබතට පෙර සූදානම් කළ හැක, එසේ නම් සබත් දෙකක් විය යුතුය. සබත් දෙකේ කෝනෙන් බැලූ කළ ක්‍රිස්තුස් වහන්සේ බ්‍රහස්පතින්දා දවසේ කුරුසපත් උනා නම් අති ශුද්ධ සබත (පාස්කුව) පටන් ගන්නේ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමග සිකුරාදා ඉර බැසීමත් සමග වේ. සති සබතේ නැතහොත් සෙනසුරාදා ආරම්භයේ විලවුන් මිලදී ගැනීම මුල් සබතේ (පාස්කුව) අවසානයේදී, එසේ නම් ඔවුන් සබත කඩලා යන හැඟීම නැගේ.

කෙසේ වෙතත් මෙම කෝන සියල්ලම දෙස බලන විට ස්ත්‍රිය විලවුන් ගැනීම, සබත මේ සියල්ල ගැන පැහැදිලි ප්‍රකාශයක් මතෙව් 12:40 දෙයි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් උනේ බදාදා ද? පළමු සබත අති ශුද්ධ දවස (පාස්කුව) සිදුවුනේ බ්‍රහස්පතින්දා ස්ත්‍රිය විලවුන් මිලදී ගත්තේ එයට පසුවයි (සිකුරාදා) ඊට පසු එදාම ගොස් එම විලවුන් සූදානම් කළා. ඔවුන් සෙනසුරදා නිවාඩු ගත්තා එදා සති සබතයි. ඊට පසු විලවුන් සොහොනට ගෙනාවේ ඉරිදා අළුයමයි. ඔහු සොහොන් ගත කළේ බදාදා ඉර බැසීමත් සමග. යුදෙව් කැලැන්ඩරයට (දින දර්ශනයට) අනුව බ්‍රහස්පතින්දා පටන් ගැන්ම. යුදෙව් දින දර්ශනයට අනුව බ්‍රහස්පතින්දා රෑ (පළමු රැය), බ්‍රහස්පතින්දා දවස (පළමු දවස), සිකුරාදා රෑ (දෙවන රැය), සිකුරාදා දවස (දෙවන දවස), සෙනසුරාදා රෑ (තුන්වන රැය), සෙනසුරාදා දවස (තුන්වන දවස). උන් වහන්සේගේ උත්ථානය හරියටම උනේ කවදාද කියලා අප නොදනී, නමුත් ඉරිදා ඉර නැගීමට පෙර බව අපි දනිමු (යොහන් 20:1), “සතියේ පළමුවෙනිදා අළුයම වේලේ අඳුර තිබියදීම, මග්දලාහි මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක් කොට තිබෙන බව දුටුවාය. ඈ සිමොන් පේත්‍රැස්ව හමුවී ඔවුන් ස්වාමීන් වහන්සේව සොහොනින් රැගෙන ගොස් තිබේ යැයි කීවාය.” ඉතින් උන් වහන්සේගේ උත්ථානය සෙනසුරාදා ඉර බැසීමත් සමගම යුදෙව් දින දර්ශනයට අනුව සතියේ පළමු දින ආරම්භයේ දිනය විය හැක.

බදාද තර්කය සනාතවන තවත් කරුණක් නම් උන් වහන්සේගේ ගෝලයන් දෙදෙනා එම්මාවුස් බලා යමින් සිටියෝය, ඔවුන් එසේ ගියේ උන් වහන්සේ උත්ථානවූ දවසේමයි (ලූක් 24:13). ඔවුන් (ගෝලයන්) දෙදෙනා යේසුස් වහන්සේව නොහඳුගෙන උන් වහනාසේටම යේසුස්ගේ කුරුසපත්වීම පිළිබඳව ප්‍රකාශ කරනවා (24:21) තවද මේ දේවල් සිදුවී අදට දවස් තුනක් යැයි පවසන ලදි (24:22). බදාදා සිට ඉරිදාට දවස් හතරයි (04). අපට සිතීමට ඇත්තේ උන් වහන්සේගේ සොහොන්ගත කිරීම බදාදා හවස වෙන්ට ඇති. යුදෙව්වන්ට බ්‍රහස්පතින්දා ආරම්භය. බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දවස් තුනයි.

පුළුල් ලෙස කල්පනා කලොත්, යේසුස් වහන්සේ කුරුසපත්වූ දවස ගැන කරදර වීම අනවශ්‍යයි. එය ඉතා වැදගත් නම් දේව වචනයේ පැහැදිළිව දවස ගැන කියයි. වැදගත්ම දේ උන් වහන්සේ මැරුණා. ශාරිරිකව උත්ථානවුනා. සාමාන්‍යයෙන් වැදගත් දේ මොනවාද? උන් වහන්සේගේ මරණයට හේතුවයි සියලු පව් කාරයන්ට හිමි ඳඬුවම තම කරපිට ගත්තා. යොහන් 3:16 සහ 3:36 ප්‍රකාශ කරනවා උන් වහන්සේ කෙරෙහි අදහා ගන්නා සදාකාල ජීවනය ලබයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ සිකුරාදා කුරුසපත් වුනාද? එසේ නම් උන් වහන්සේ ඉරිදා උත්ථාන උනා නම් දින තුනක් සොහොන් ගෙයි ගත කළේ කෙසේඳ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries