settings icon
share icon
ප්‍රශ්නය

තලෙන්ත හා ආත්මික දීමනා අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර


තලෙන්ත හා ආත්මික දීමනා අතර සමානකම් හා වෙනස්කම්ද ඇත. ඒ දෙක දෙවියන් වහන්සේගේ දීමනාය. ඒ දෙකම වර්ධනය වන්නේ අපගේ කැපවීම මගින්ය. ඒ දෙකම අන් අයගේ යහපත / උන්නතිය තකා පාවිච්චි කිරීමට දෙන ලද්දකි. ආත්මාර්තකාමි අවශ්‍යතාවන් සඳහා නොව. 1 කොරින්ති 12:7 පවසනවා ආත්මික දීමනා අපට දී ඇත්තේ අන්අයගේ උන්නතිය සඳහා බවත් අපගේ උන්නතිය තකා නොවන බවත්ය. මහ ආඥාවන්ත කටයුතු කරන දෙවියන් වහන්සේ හා අන්අයට ප්‍රේම කිරීම, ඉන් අදහස් කරන්නේ කෙනෙකු එම දීමනා භාවිතා කළ යුත්තේ එම අරමුණු සඳහාය. නමුත් කාටද? කවදාද? දී ඇති තලෙන්ත හා ආත්මික දීමනා වෙනස් වන්නේ. යම් මනුෂ්‍යයෙකු (දෙවියන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල නොසලකා හරින විට) ඔහුට දී ඇති ස්වභාවික තලෙන්ත ජාන විද්‍යාවේ එකතුවක ප්‍රතිඵලයක් වශයෙන් (සමහර අයට ස්වභාවිකවම සංගීතය පිළබඳ හැකියාව ඇත, චිත්‍ර හෝ ගණිත ශාස්තය) හා වටාපිටාව (සංගීතමය පවුලක වැඩීමද සංගීතය හුරුවීමේ තලෙන්තය වර්ධනය කරයි) හෝ දෙවියන් වහන්සේ තීරණය කර ඇත. ඒ ඒ කෙනාට ඒ ඒ තලෙන්ත ලබා දීමට. (උදාහරණයකට, නික්මයාම 31:1-6 හී බෙශිලීල්). සියලුම ඇදහිලිවන්තයන්ට ආත්මික දීමනා දෙන ලද්දේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින්ය (රෝම 12:3,6) ඔවුන් ඔවුන්ගේ පාප වලට සමාව යේසුස් වහන්සේගෙන් ඇයදූ මොහොතේදීම. ඒ අවස්ථාවේ ශුද්ධාත්මයාණන් වහන්සේ නව ඇදහිලිවන්තයන්ට ආත්මික දීමනා දෙන ලදි. උන් වහන්සේ ආශා කරනවා ඇදහිලිවන්තයා තුළ තිබෙනවාට (1 කොරින්ති 12:11).

රෝම 12:3-8 හී ආත්මික දීමනා පහත සඳහන් ලෙස ලැයිස්තු ගත කර ඇත. අනාගතවාක්‍ය පැවසීම, අන්අයට සේවය කිරීම, (පොදුවේ) ඉගැන්වීම, අනුශාසනාදීම, උදාරත්වය, නායකත්වය හා කරුණාව පෙන්වීම. 1 කොරින්ති 12:8-11 දීමනා ප්‍රඥාවේ වචනය ලෙස හඳුන්වයි (ආත්මික ප්‍රඥාව සමග සන්නිවේදනය කිරී හැකියාව), දැනගැනීමේ වචනය (ප්‍රායෝගික සත්‍යතාවන් සමග සන්නිවේදනය කිරී‍මේ හැකියාව), ඇදහිල්ල (දෙවියන් වහන්සේ අසාමාන්‍ය ලෙස යැපීම), හාස්කම්, අනාවැකි, ආත්ම විමසීම, අන්‍යභාෂාව (ඉගෙන නොගත් භාෂාවක් කථා කිරීමේ හැකියාව) හා අන්‍යභාෂා පරිවර්තනය. තෙවන ලැයිස්තුව එපීස 4:10-12, දෙවියන් වහන්සේ සභාව අපෝස්තුලුවරුන්ට, අනාගතවකතෘන්, එවැන්ජලිස්තවරු, සභාපාලකවරු හා ගුරුවරු. ආත්මිකදීමනා කීයක් තිබෙනවාද යන්න ගැන ප්‍රශ්නයක් හට ගැනේ, මන්ද ලැයිස්තු දෙකම එක හා සමාන නිසා. එසේම බයිබලානුකුල ලැයිස්තු අසාර්ථක නොවීමට ඉඩ ඇත, බයිබලයේ සඳහන් නොවන දීමනාවන් දැන් ඇති හෙයින්.

කෙනෙකු තම තලෙන්ත වර්ධනය කර ගෙන පසුව ඒවා ඔහුගේ රුකියාව හෝ විනෝදාංශය ලෙස පාවිච්චි කරන අතර ආත්මික දීමනා දී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ වර්ධනය උදෙසාය. ඒ තුළ සියලුම කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචියේ පුලුල්වීම සඳහා උපකාරි විය යුතු බව. සියලුදෙනාම “සේවයේ ක්‍රියාව” තුළ ක්‍රියාත්මක වීමට කැඳවා ඇත (එපීස 4:12). සියලු දෙනාට දීමනා දී ඇත, ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් උදෙසා කල දෙය වෙනුවට ස්තුතිවන්ත කමෙන් යුක්තව උන් වහන්සේගේ සේවය කරන පිණිස. එසේ කිරීමෙන්, ඔවුන්ගේ ජීවිතයේ සම්පූර්ණත්වයකට ඔවුන් පත්වෙනවා ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කරන සේවය නිසාවෙන්. සභා නායකයන්ගේ වගකීම නම් ශුද්ධවන්තයන්ව ගොඩ නැගීමයි. ඒ මගින් ඔවුන් තුළ ඇති දෙවියන් වහන්සේගේ කැමැත්ත වූ සේවය සඳහා සන්නද වීමට. ආත්මික දීමනාවල අවසාන අරමුණ සභාව වර්ධනය වීමයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සෑම කොටස් කරුවකුගේ එකතුවීමේ ප්‍රතිඵලයයි.

ආත්මික දීමනා හා තලෙන්ත වල ඇති වෙනස සාරංශ ගත කිරීම වශයෙන් 1) තලෙන්ත නමි ජානවිද්‍යාවේ හෝ ඉගෙන ගත් දේ හී ප්‍රතිඵලයක් වන අතර ආත්මික දීමනාව ශුද්ධාත්මයාණන්ගේ බලයේ ප්‍රතිඵලයයි. 2) තලෙන්ත කිතුනු හෝ කිතුනු නොවන ඕනෑම කෙනෙකුට තිබිය හැකි අතර ආත්මික දීමනා ක්‍රියාත්මක වන්නේ කිතුනුවන් තුළ පමණක්ය. 3) ආත්මික දීමනා හා තලෙන්ත යන දෙකම දෙවියන් වහන්සේගේ මහිමය හා අන්අයට සේවය කිරීමට භාවිතා වන අතර ආත්මික දීමනා ක්‍රියාත්මක වන්නේ ඒ හේතුව මත පමණක් වන අතර තලෙන්ත ආත්මික නොවන හේතුන් වලටද, භාවිතා කල ඒ හේතුව මත පමණක් වන අතර තලෙන්ත අත්මික නොවන හේතුන්වලටද භාවිතා කළ ගත හැකි බවත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

තලෙන්ත හා ආත්මික දීමනා අතර ඇති වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries