settings icon
share icon

එස්රා පොත

කර්තෘ: එස්රා පොතෙහි කර්තෘ පිළිබඳව විශේෂයෙන් සඳහන් නොවේ, නුමුත් සම්ප්‍රදාය නම් දිවැසිවර එස්රා විසින් මෙය ලියවුණු බවය. අධ්‍යනය කළ යුතු කරුණ නම් 7 වන පරිච්ඡේදයෙහි එස්රා පෙනෙන්නට එන අතර එතැන් සිට එස්රා පොතෙහි කර්තෘ 3 වැන්නා සිට පළමුවැන්නා දක්වා වෙනස් වේ. මේ තුළින් එස්රාට එහි කර්තෘ වීමේ අවස්ථාව හිමි වේ.

ලියනු ලැබූ කාලය: මෙය ලියනු ලැබුවේ ක්‍රි.පූ.460 සහ 440 කාලයේදීය.

ලියනු ලැබූ කාරණය: ක්‍රි.පූ. 538 ඇරඹී ශත වර්ශයේ බබිලෝනියේ වහල් බවින්මිදී ඉශ්‍රායෙල් සිය නිඡබිම කරා එන ගමනේදී සිදුවූ සිද්ධීන් පිළිබඳව සවිස්තරාත්මකව මෙම පොතෙහි සඳහන් වේ. මෙම පොතෙහි අවධාරණය කොට ලියා ඇත්තේ නැවත දේවමාළිඟාව ගොඩ නැඟීම පිළිබඳවයි. ආරොන්ගේ පරම්පරාවේ සිට පැවත එන්නන්, නැවතත් සිය පූඡකත්වයේ නීති මාලාව මෙම පොතෙන් ස්ථාපිත කෙරේ.

ප්‍රධාන පදයන්: එස්රා 3:11 - ඔව්හු ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් උන් වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමින් වහන්සේගේ ගෘහයෙහි අත්තවාරම දමන නිසා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළ විට මුළු සෙනඟ මහත් ශබ්දයකින් ඝෝෂා කළෝය.

එස්රා 7:6 - මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රඡ්ඡුරුවෝ ඔහුට දුන් සේක.

කෙටි සාරාංශය: මෙම පොත පහත ආකාරයට වෙන් කළ හැක.1-6 වන පරිච්ඡේද දක්වා, සෙරුබාබෙල්ගේ දෙවන හැරීයාම හා දේව මාළිගය දෙවන වරට ගොඩනැඟීම.7-10 පරිච්ඡේද දක්වා, එස්රාගේ සේවය සඳහන් වේ.

පරිච්ඡේද 6 සිට 7 දක්වා ශත වර්ශයක කාලයක් තිබෙන අතර, පොතෙහි පළමු පරිව්ඡේද වල සඳහන් චරිත එස්රා යෙරුසලමෙහි සේවය පටන් ගන්නා කාලයේදී මරණයට පත් වී ගොස්ය. එස්රා යනු එස්රා හා නෙහෙමියා පොත් දෙකෙහිම සඳහන් වැදගත්ම පුත්ගලයාය. පොත් දෙකම අවසාන වන්නේ පාපොච්චාරණයේ යාච්ඤා වලින්ය. (එස්රා 9, නෙහෙමියා 9) හා බෙහෝ පව්කාර මිනිසුන්ගේ වැටීම හා වැටීමට පෙර ඡීවිතය පිළිබඳව සඳහන් වේ. බොහෝ දිවැසිවර පොත්වල හග්ගයි හා සෙකරියාගේ ධෛර්යමත් පණිවිඩය පැහැදිලි ලෙස සඳහන් වේ (එස්රා 5:1).

එස්රා පොතෙහි පැහැදිලිව සඳහන් වන්නේ බබිලෝනියේ වහල් බවින් මිදීම හා අන්ටාක්සස් රඡුගේ අණ පරිදි නැවත දේව මාළිඟය ගොඩනැඟීම ගැන, මෙය නෙහෙමියා පොතෙහි ආරම්භයෙහි සඳහන් වේ. එස්රාගේ කාලයේ සිටි දිවැසිවර ලෙස හග්ගයි ද නෙහෙමියාගේ කාලයේදී සෙකරියා ද වෙන් වෙනම දක්නට ලැබුණි.

අනාගතවාක්‍ය: එස්රාගේ පොත සැබවින්ම දෙවියන් වහන්සේගේ කරුණාව ලැබූ ඉතිරි වූ පිරිස පිළිබඳව සඳහන් වේ. විනිශ්චය හා විපත ලඟා වූ විට දෙවියන් වහන්සේ සැමවිට කුඬා පිරිසක් තමා සතු කරගත් සේක, ගංවතුරෙන් නෝවා හා නෝවාගේ පවුල, සොදොම හා ගොමෝරාවෙන් ලොත්ගේ පවුල, ආහාබ් හා යෙසබෙල්ගෙන් අනාගතවාකෘත වරුන් 7000 සුරුකීම ඉන් ප්‍රධාන තැනක් ගනී. ඉශ්‍රායෙල් ඡනයා මිසරයේ වහල් කමට ගෙනයන විට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ කරුණාව හිමි ඉතිරි වූ පිරිස නැවත පොරොන්දු දේශයට ගෙනගියා. එස්රා පොතෙහ් මිනිසුන් 50000 පමණ නැවත යුදා දේශයට හැරීයන ආකාරය එස්රා 2:64-67 සඳහන් වෙන අතර ඔවුන් දැනටත් ඔවුන් ඉශ්‍රායෙල් ඡනයා හා දාවිත්ගේ ස්‍යෙභාග්‍යමත් කාලයේ දවස් ගැන සසඳන්නට විය. ඔවුන්ගේ මතය නම් නව ගිවිසුමෙහි පාවුල් තුමා සඳහන් කරන ආකාරයට “අනුග්‍රහයේ” ප්‍රකාරයට තෝරාගත් පිරිස කැඳවනු ලබන බවයි (රෝම11: 5). යේසුස් වහන්සේගේ දවස්වල උන් වහන්සේව බොහෝ මිනිසුන් ප්‍රතික්ශේප කළා සේම උන් වහන්සේ විසින් තෝරා ගත් උන් වහන්සේගේ කරුණාවෙහි හා යේසුස් වහන්සේගේ හස්තයෙහි සිටියි. මක්නිසාද ඡීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බවන්නේ සිවල්ප දෙනෙකුටය. (මතෙව් 7:13-14) මෙහි ස්වල්ප දෙනා ශුද්ධාත්මයාණන්ගේ බොහෝ ආරක්ෂා ඇතිව අවසාන දවසේදී උන් වහන්සේගේ මහිමය දකින බවය (2 කොරින්ති 1:22, එපීස 4:30).

ප්‍රායෝගික භාවිතය: එස්රා පොත බලාපොරොත්තුවෙහි හා නැවත ගොඩනැඟීමෙහි වංශාවලියකි. පව් වලින් කැළැල් ඇතිව හා යේසුස් වහන්සේව ප්‍රතික්ශේප කළ කිතුනු අපට දෙවියන් වහන්සේ තුළ සතුටට පත්වන කාරණයක් ඇත්තේ උන් වහන්සේ සමාව දෙන දෙවියන් වහන්සේ බැවින්ය. අපගේ නැවත හැරී ඒම හෝ අපගේ සිත් බිඳීම උන්වහන්සේ සතුටින් භාරගන්න බවය (1 යොහාන් 1:9) ඉශ්‍රායෙල් ඡනයා නැවත යෙරුසලම කරා පැමිණ දේව මාළිඟාව නැවත ගොඩනැඟීම සැබවින්ම කිතුනු ඡීවිතයකට සමානය. එනම් අප පාපයේ වහල් බවින් හා දෙවියන් වහන්සේව ප්‍රතික්ශේප කිරීමෙන් ඉවත්ව දෙවියන් වහන්සේගේ ඉතා උණුසුම් වූ ආදරණීය වූ පිළිගැනීමයි. අප කොපමණ කාලයක් උන් වහන්සේ අතහැර දමා යෑම නොව, උන් වහන්සේ ඕනෑම වේලාවක අපට සමාව දී නැවත භාරගෙන උන් වහන්සේගේ පවුලට ආදරයෙන් පිළිගැනීමට සුදානම්ය. උන් වහන්සේ ස්වකීයව අපට නැවත ඡීවතය ගොඩනඟාගැනීමට අවශ්‍ය දේ, උන් වහන්සේගේ ගෘහයේදී කියා දීමට සුදානම්ය. නැවත දේවමාළිඟය සෑඳීමේ කාර්යයයෙන් දෙවියන් වහන්සේ අපට පැහැදිලි කර දීමට උත්සහ දරන්නේ දෙවියන් වහන්සේ අපගේ ඡීවිත නැවත වර්ණවත් කර හා නැවත අපගේ ඡීවිත උන් වහන්සේගේ සේවයට බඳවා ගන්නා ආකාරයයි.

දේව මාළිඟය නැවත සෑදීමට එරෙහි වූවන්ව අපගේ අත්මයට විරුද්ධව සටන් කරන සාතන් ලෙස පිළිඹ්ඹු කරයි. සාතන් සැමවිටම පාවිච්චි කරනු ලබන්නේ දෙවියන් වහන්සේට යමක් කරන හා උන් වහන්සේගේ සේවයට කැඳවනු ලැබූවන්ය. එස්රා 4:2 විස්තර කරනු ලබන්නේ යේසුස් වහන්සේව නමස්කාර කරන්නන්ගේ මායාකාර කථාව නුමුත් ඔවුන්ගේ ප්‍රධාන අධිෂ්ඨානය නම් තමන්ගේ සිත ඉරා ගෙන, තමන්ගේ සිත ගොඩනඟා ගැනීමට නොව. ඔවුන් වෙනුවෙන් රැකවල්ලන් වීම අපගේ පරම යුතුකමය. ඉශ්‍රායෙලිතයන් මෙන් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ මෝඩ වචන වලට නොරැවටී ඒවා ප්‍රතික්ශේප කර බොරු ඇදහිලිකාර වෘත්තීයන්ගෙන් වැළකී සිටිය යුතුය.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

එස්රා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries