settings icon
share icon

ගණන් කථාව පොත

කතෘ: ගණන් කථාවෙහි කතෘ මොසෙස් තුමාය.

ලියනු ලැබූ දිනය: ගණන් කථාව පොත ලියනු ලැබුවේ ක්‍රි.පූ.1440 සිට 1400 දක්වා කාලයේදීය.

ලියනු ලැබූ කාරණ: ගණන් කථාවෙහි පණිවිඩය නම් පොදු හා කාලයට බැඳි වූ පණිවිඩයන්ය. එය සැබවින්ම ඇදහිලිවතුන්ට එනම් ආත්මික පුද කිරීම් කරන්නන්ට ඔවුන් යෙදෙන්නාවූ කාර්යයන්ට මඟපෙන්වීමක් හා දෙවියන් වහන්සේගේ ගමන යන්නාවූ සෙනඟට අස්වැසිල්ලක්ය. ගණන් කථාව පොත සැබවින්ම අත්වැලක් වන්නේ ව්‍යවස්ථාව හිමි කර ගත් ඉශ්‍රායෙල් ඡනයා (නික්මයාම හා ලෙවී කථාව) හා ඔවුන්ව පොරොන්දු වූ දේශයට රැගෙන යන තෙක් (ද්විතිය කථාව හා යොෂුවා) ඔවුන්ම සුදානම් කිරීම පිළිබඳ වූ සංඟ්‍රාමයයි.

විශේෂ වූ බයිබල් පද:
ගණන් කථාව6:24-26, ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආශිර්වාදකරන සේක්වා, ස්වාමි වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණා කරන සේක්වා, ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා.

ගණන් කථාව12:6-8, උන් වහන්සේ ද මාගේ වචන අසාපල්ලා, නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශ වෙමි. හීනයකින් මම ඔහුය කථා කරමි. මාගේ මෙහෙකරුවූ මොසෙස් එසේ නොවේ. ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය. මම ඔහු සමඟ අඳුරු කථා වලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කථා කරමි. ස්වාමින් වහන්සේගේ ස්වරූපයද ඔහු බලන්නේය. එබැවින් නුඹලා මාගේ මෙහෙකරු වූ මොසෙස්ට කථා කරන්නට බිය වූණේ කෙසේදැයි ඇසුසේක.

ගණන් කථාව14:30-34, නුඹලා යම් දේශයක වාසය කරමියි කියා මාගේ අත එසවීම් ද එහි යෙඵුන්නෙගේ පුත් වූ කාලෙබ් ද නූන්ගේ පුත්‍ර වූ යෝෂුවා ද මිස නුඹලා නම් කිසිසේත් ඇතුළු නොවන්නහුය. එහෙත් කොල්ලයක් වේවායැයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි. ඔවුහු නුඹලා ප්‍රතික්ශේප කළාවූ දේශය දැනගන්නෝය. එහෙත් නුඹලාගේ මළ කඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. නුඹලාගේ පුත්‍රයෝ ද හතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඩේරුන් මෙන් තැනින් තැන යමින් නුඹලාගේ මළ කඳන් කාන්තාරයෙහි ක්ෂයව යන තෙක් නුඹලාගේ අනාචාර කම් දරන්නෝය. නුඹලා දේශය සෝදිසි කළ දවස් ගණන වූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින් මාගේ විරුද්ධවීම නුඹලා දැනගන්නහුය.

කෙටි සාරාංශය: ගණන් කථාවෙහි සඳහන් සියළුම සිද්ධීන් පාහේ ප්‍රධාන වශයෙන් දෙවන අවුරුද්දේ සිට හතළිස් වන අවුරුද්ද දක්වා කාන්තාරයේ ඉශ්‍රායෙල් ඡනයා මුහුන දුන් අත්දැකීම්ය. පොතෙහි පළමුවන පරිච්ඡේද 25 ඉශ්‍රායෙල් ඡනයාගේ මුල් පරපුර පිළිබඳව ද ඉන් පසු දෙවන පරපුර පිළිබඳව ද සඳහන් වේ. ඔවුන් කාන්තාරයෙහි ලබා ගත් අත් දැකීම් බොහෝ ලෙස සඳහන් වේ. කීකරු වූවන්ගේ ආශිර්වාදය හා විරුද්ධ පෑවුන්ගේ පසු තැවිලි වීම මුළු පැරණි ගිවිසුම පුරා පැවති දෙවියන් වහන්සේගේ ශුද්ධ කම පිළිබඳ ගණන් කථාවෙි සිට ලෙවී කථාව දක්වා පැවතගෙන එයි. මෙහිදී පොරොන්දු දේශය කරා යන ගමනේදී තම ඡනයාව සියළු දෙවියන් වහන්සේගේ ආඥා හා ඡනයාව සැකසීම පිළිබඳව සඳහන් වේ. ගණන් කථාවෙහි සුවිශේෂී තත්වය අළුත් ගිවිසුමෙහි පවා විවිධ ස්ථානවල සඳහන් වේ. ශුද්ධාත්මයාණන් වහන්සේ ගණන් කථාව පිළිබඳව1 කොරින්ති10:1-12 පැහැදිලි ලෙස සඳහන් කරයි. මේ සියල්ල ඔවුන්ට සිඳු වූණේ, යන වචන වලින් හැඟෙන්නේ ඉශ්‍රායෙල් ඡනයාගේ පවුකාර ස්වභාවය හා දෙවියන් වහන්සේ තුළ ඔවුන් කෙරෙහි තිබුනාවූ අප්‍රසාදයයි.

රෝම11:22, පාවුල්, දෙවියන් වහන්සේගේ යහපත්කම හා දැඩිකම ගැන කථා කරයි. එය කෙටියෙන් නම් ගණන් කථාවෙහි පණිවිඩයයි. දෙවියන් වහන්සෙගේ දැඩිකම මනාව දැක ගැනීමට හැකි වන්නේ කාන්තාරයේ විරුද්ධකම් පෑ සෙනඟ, පොරොන්දු දේශයට ඇතුළු නොවුන් ගේ මරණය මොහොතේදීය. දෙවියන් වහන්සෙගේ කරුණාව දිස්වන්නේ නව පරපුර සමඟය. පොරොන්දු වූ දේශයට ඇතුළු වූ සෙනඟට දෙවියන් වහන්සේගේ සැපයීම, ආරක්ෂාව හා රැකවරණය නොඅඩුව ලැබුණි. මෙය දෙවියන් වහන්සේගේ යුක්තිය හා ප්‍රේමය මනාව එළිදරව් කරයි. මෙය සැබවින්ම ශ්‍රේෂ්ඨ සමාදානයේ පණිවිඩයයි.

අනාගත වාක්‍ය: දෙවියන් වහන්සේගේ ශුද්ධකමේ අඥාව කෙසේ හෝ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීම පිණිස යේසුස් වහන්සේගේ පැමිණීමෙන් සම්පූර්ණ ය. (මතෙව් වූයේය. (මතෙවි5:17) පොරොන්දු වූ මෙසියස් වහන්සේ පිළිබඳව මුළු පොත පුරා පැතිරෙයි. පොතෙහි19 වන පරිච්ඡේදයෙහි සඳහන් වන රතු එළදෙනෙකු පූඡා කිරීම පිළිබඳව සඳහන් වීමේදී කැළැලක් හෝ පළුද්දක් නොමැති කම යන වචන වලින් එළිදරව් වන්නේ කැළැලක් හෝ පළුද්දක් නොමැති අපගේ පව් උදෙසා පූඡා වුණ යේසුස් වහන්සේ වමය. ශාරීරික සුවය පිණිස ඔසවනු ලැබූ පිත්තල සර්පයා (21 වන පරිච්ඡේදය) ද සැබවින්ම ලෝකයේ මිදීම හා අපගේ පව් උදෙසා කුරුසිය මත මිලය ගෙවා යේසුස් වහන්සේ ව පිළිඹ්බු කරයි. ඇදහිල්ලෙන් උන් වහන්සේ වෙත ළඟා වන්නන්ට සැබැවූ සුවය ඇත.

24 වන පරිච්ඡේදයේ, බාලාම්ගේ අනාගතවාක්‍ය වලින් පැවසන්නේ ද යාකොබ්ගේ පරපුරෙන් පැවත එන සිංහාසන උරුමකරු හා තාරකාව පිළිබඳවයි. මෙහිදී අනාගතවාක්‍ය ලෙස යේසුස් වහන්සේ උදෑසන තාරකාව ලෙස නම් කරයි. එළිදරව් 22:16 පැවසෙන ආකාරයට උන්වහන්සේගේ මහිමය, බැබළීම හා ශ්‍රේෂ්ඨත්වය සහ එන්නට යන ආලෝකය ද උන් වහන්සේ බවය. දෙවියන් වහන්සේගේ බවය. දෙවියන් වහන්සේගේ රාඡකීයත්වය නිසා උන් වහන්සේ රඡ වන හා රඡවරුන් පාලනය කරන්නන් වන බවද පැහැදිලිය. දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ රඡ කෙනෙකුගේ නාමයක් පමණක් නොවන අතර උන් වහන්සේ රාඡධානියක් වන අතර අනුග්‍රහයෙන්, කරුණාවෙන් හා ධෛර්මිෂ්ඨකමින් උන්වහන්සේ පාලනය කරන බවත්ය.

ප්‍රයේගික භාවිතය: ගණන් කථාව තුළින් නව ගිවිසුමෙහි හටගත දේවධර්මවාදී තේමාව නම්, පාපය හා නොඇදහිලිවන්ත කම විශේෂයෙන් විරුද්ධවීම් දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක් වන බවය.1 වන කොරින්ති හා හෙබ්‍රව් 3:7 සහ 4:13 බලවත් ලෙස ප්‍රකාශ කරන්නේ මෙම සිඳුවීම් ලියනු ලැබ ඇත්තේ ඇදහ්ල්වතුන්ට දැන හඳුනා ගෙන වැළකීම පිණිසයි. අප සිටින්නේ අදේව දේවල් පිළිබඳ හිත යොමු කිරීම පිණිස නොව (ප.6) ලිංගිකත්වයෙන් දුරාචාර නොවන (ප.8) දෙවියන් වහන්සේව පරික්ෂා නොකරන ලෙස (ප.9) හා පීඬාව හා පැමිණිල්ල නොකරන ලෙසය (ප.10).

ඉශ්‍රායෙල් ඡනයාගේ විරුද්ධ වීම හා කැරලි ගැසීම් නිසා අවරුදු 40 වනාන්තරයේ සිටියා සේම අපද අප දෙවියන් වහන්සේට විරුද්ධ වූ විට උන් වහන්සේ අපට ද ආශිර්වාද නොකර තනිකම ගෙන දෙයි. මොන දේ ඉශ්‍රායෙල් ඡනයා කළත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටි අතර, උන් වහන්සේ තම ඡනයාව උන් වහන්සේගේ හදවතෙහි තබා ගත්තා. එසේම දෙවියන් වහන්සේ අපවද අපගේ පව්කාර ඡීවිතයෙන් ඈත්වී උන් වහන්සේ සමඟ සබඳතාවයකට පැමිණියොත් උන් වහන්සේ අපට ආශිර්වාද ගෙන දෙන බවය. (1 යොහන්1:9)

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

ගණන් කථාව පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries