settings icon
share icon

1 වන රාජාවලිය පොත

කර්තෘ: 1 වන රාජාවලිය පොත නිරූපිත වශයෙන්ම එහි කර්තෘන්ව නම් කරනු නොලබයි. එය අනාගතවතෘ වන යෙරමියා විසින් ලියනු ලැබූ බවට ප්‍රවාදයක් ඇත.

ලියනු ලැබූ දිනය: 1 වන රාජාවලිය පොත බොහෝ විට ක්‍රි. පූ. 560 ත් 540 ත් අතරතුර කාලයෙහි ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: මෙම පොත 1 වන සහ 2 වන සාමුවෙල් පොත්හී අනුගාමී කෘතිය වන අතර එය ආරම්භ වන්නේ දාවිත්ගේ මරණින් පසුව සලමොන් රාජත්වයට උසස්වීමේ මග සෙවීමෙනි. මෙම වෘත්තාන්තය ආරම්භ වන්නේ එක්සත් වූ රාජධානියකින් වුවද එය අවසාන වන්නේ රාජ්‍යයන් දෙකකට බෙදා ගත් ජාතියක්, එනම් යුදා සහ ඉශ්‍රායෙල් ලෙසටය. හෙබ්‍රව් බයිබලයේ 1 වන සහ 2 වන රාජාවලිය පොත් එක් පොතක් ලෙසට සංයෝග වී ඇත.

මූලික පද: 1 රාජාවලිය 1:30, “සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිදින්නෙහිය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය.”

1 රාජාවලිය 9:3, “ස්වාමින් වහන්සේ කථා කොටථ නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාව ඇසුවෙමි. නුඹ ගොඩ නැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලෙටම තබන පිණිස ඒක විශුද්ධ කලෙමි; මාගේ ඇස්ද සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.”

1 රාජාවලිය 12:16, “සියළු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල සෙනග රජුට උත්තර දෙමින්ථ දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සෙගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි නුඹලාගේ කූඩාරම් වලට පලයල්ලා. ඉතින් දාවික් නුඹ නුඹේම වංශය බලාගනින්නැයි කීවෝය.”

1 රාජාවලිය 12:28, “එවිට රජ මන්ත්‍රණය කොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැග ගියාම නුඹලාට අමාරු වැඩිය. ඉශ්‍රායෙල්වරුනි නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.”

1 රාජාවලිය 17:1, “තවද ගිලියද්හී විසුවන්ගෙන් එක්කෙනෙක් වූ තිෂ්බීය එලියා ආහබ්ට කථා කොට: මා සේවය කරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.”

කෙටි සාරංශය: 1 වන රාජාවලිය පොත ඇරඹෙන්නේ සලමොන්ගෙන් වන අතර අවසාන වන්නේ එලියාගෙනි. ඔවුන් දෙදෙනාගේ වෙනස තුළින් අතරතුර සදහන් වන කාරණා පිළිබදව ඔබට අදහසක් ගෙන දෙනු ලබයි. සලමොන් උපත අපචාරයකට පසුවය. ඔහුටද ඔහුගේ පියාට මෙන් ඔහුව පහතට හෙලා දමන දුර්වලතාවයක් ස්ත්‍රීන් පිළිබදව තිබිණි. සලමොන් මූලිකවම ඉතා හොදින් කටයුතු කළේයත එනම් බුද්ධිය ඉල්ලා යාච්ඤා කිරීම සහ වසර 7ක් වූ කාලයක් තුළ ඉදිකර නිමා කළ දෙවියන් වහන්සේගේ මාළිගාවය. එනමුදු ඔහු තමාටම රජමාලිගාවක් ඉදි කිරීමට වසර 13ක් ගත කළේය. ඔහු විසින් ගොඩ නගා ගත් ස්ත්‍රීන් සංචිතය ඔහුව ඔවුන්ගේ රූප නමස්කාරය සදහා සේම දෙවියන් වහන්සේගෙන් ඈත් කළහ. සලමොන්ගේ මරණින් පසුව ඉශ්‍රායලය රජවරුන් මාලාවක් මගින් පාලනය කරන ලදී, ඔවුන් බොහෝ දෙනෙක් දුෂ්ට සහ රූප වන්දනාව කළ අයවූහ. මෙයද නැවත වතාවක් ජනතාවට දෙවියන් වහන්සේගෙන් ඈත් වීමට තුඩු දුන් කරුණක් වූවා මෙන්ම එලියා කළ දේශනාවලින් වුවද ඔවුන්ව නැවත යථා තත්වයට ගෙන ඒමට නොහැකි විය. දුෂ්ටවූ රජවරුන් අතර වූයේ ආහබ් සහ ඔහුගේ බිසවවූ ජෙසබෙල්ය, මන්දයත් ඔවුන් ඉශ්‍රායලෙහි බාල් වන්දනාව ඉතා ඉහළ තලයකට ගෙන ආහ. එලියා විසින් ඉශ්‍රායලිතයන් නැවත යෙහොවාට නමස්කාර කිරීමට ගෙන ඒමට උත්සාහ දැරුවේ, රූප වන්දනාවෙන් හෙබ් බාල්ගේ පූජකයන්ට දෙවියන් වහන්සේගේ බලය කර්මෙල් කන්දහිදී පෙන්වීමට අභියෝග කිරීමෙනි. නිත්‍ය වශයෙන්ම ජයගත්තේ දෙවියන් වහන්සේය. අවම වශයෙන් කිවහොත් – මෙම කාරණය හේතුවෙන් ජෙසබෙල් රැජින කෝපයට පත්විය. ඇය එලියාව මරන්නට නියම කෙරුවෙන් ඔහු පලාගොස් වනාන්තරයේ සැගවුනි. විෂාදයට සහ අතීශයෙන් වෙහෙසට පත්වූ ඔහු පැවසුවේ “මට මිය යන්නට ඉඩ දෙන්න” යනුවෙනි. එනමුත් දෙවියන් වහන්සේ මෙම දිවැසිවරයාට ආහාර සහ ධෛර්‍යය එවා ඔහුගේ කනට “නිශ්චල මෘදු හඩකින්” කථාකොට තවදුරටත් කටයුතු කරගෙන යාම සදහා එම ක්‍රියාවලිය තුලින් ඔහුගේ ජීවිතය බේරාගත්සේක.

ලකුණු පහල වීම්: යෙරුසලමමේ දේවමාලිගාව එනම් දෙවියන් වහන්සේගේ ආත්මය වැජඹෙන ශුද්ධස්ථානය ලකුණු පහල කරන්නේ අපගේ ගැළවීමේ මොහොත පටන් ශුද්ධාත්මයාණන් වහන්සේ වාසය කරන්නාවූ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් පිළිබදවය. ඉශ්‍රායෙල්වරුන් රූප නමස්කාරය අත්හැරීමට සූදානම් වූවා සේ අපද දෙවියන් වහන්සේත් අපත් වෙන් කරනු ලබන සියල්ලම අත්හැර දැමිය යුතුවෙමු. අප උන් වහන්සේගේ සෙනග එනම් ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාව වන්නෙමු. 2 වන කොරින්ති 6:16 අපට ප්‍රකාශ කරනු ලබන්නේ “දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකගකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවය. එසේම දෙවියන් වහන්සේ කථාකොටත මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනගව සිටින්නෝ යයි කීසේක.”

දිවැසිවර එලියා වූ කලී ක්‍රිස්තුස් වහන්සේගේ පූර්වගාමියා මෙන්ම නව ගිවිසුමේ අපෝස්තුළුවරයෙකි. තමන් සැබවින්ම දෙවියන් වහන්සේගේ මනුශ්‍යයෙකු බව සනාථ කරනු වස් හාස්කම් කිරීමේ බලය දෙවියන් වහන්සේ එලියාට දුන්සේක. ඔහු ශාරපත්හී වැන්දඹුවගේ මිය ගිය පුත්‍රයාව මළවුන්ගෙන් නැගිටුවේ “ඔබ දෙවියන් වහන්සේගේ මනුශ්‍යයෙකු බවත් ඔබගේ මුඛයේ තිබෙන ස්වාමින් වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමි.” යන්න ශබ්ද නගා කීමට ඈට සලස්වමිනි. එලෙසම උන් වහන්සේගේ බලය කරණකොටගෙන උන් වහන්සේගේ වචනය කථා කළ දෙවියන් වහන්සේගේ මනුශ්‍යයන් නව ගිවිසුමේ ප්‍රත්‍යක්ෂ කරනු ලබති. යේසුස් වහන්සේ ලාසරුස් පමණක් නොව නායින් නුවර වැන්දඹු ස්ත්‍රියගේ පුත්‍රයාත් (ලුක් 7:14–15) එසේම යායිරස්ගේ දියණියවත් මළවුන්ගෙන් නැගිටවනු ලැබූ සේක. (ලුක් 8:52–56). අපෝස්තුළුවූ පේත්‍රැස් දොර්කස්ව මළවුන්ගෙන් නැගිටවනු ලැබූ අතර (ක්‍රියා 9:40) පාවළු යුතිකස්ව මළවුන්ගෙන් නැගිටවනු ලැබුවේය. (ක්‍රියා 20:9–12).

ප්‍රායෝගික උපයෝගය: 1 වන රාජාවලිය පොතෙහි ඇදහිලිවන්තයන් උදෙසා බොහෝ පාඩම් ඇත. අප විසින් පවත්වනු ලබන සමාගම් පිළිබදව අනතුරු ඇගවීමක් දක්නට ඇති අතර විශේෂ කොටම සුහද ඇසුරු කිරීම් සහ විවාහය පිළිබදවවේ. සලමොන් වැනි ඉශ්‍රායෙල්හී සිටි රජවරුන් විදේශ කාන්තාවන් විවාහ කර ගැනිමෙන් තමන් මෙන්ම ඔවුන් පාලනය කළ සෙනගද නපුර සදහා නිරාවරණය කරනු ලැබූහ. ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයන් ආකාරයට අප විසින් තෝරා ගනු ලබන්නාවූ මිත්‍රයන්, ව්‍යාපාර හවුල්කරුවන් මෙන්ම භාර්යාවන් හෝ පුරුෂයන් පිළිබදවද ඉතාම ප්‍රවේසම් විය යුතු වෙමු. “නොරැවටෙල්ලා, නපුරු සමාගමෙන් හොද චරිත නරක් වන්නේය.” (1 කොරින්ති 15:33).

එලියා විසින් පාළුකරයේ ලැබූ අත්දැකීමද අපට ඉතා වටිනා පාඩමක් උගන්වනු ලබයි. කර්මෙල් කන්දේදී බාල් ප්‍රොපේතවරුන් කෙරෙන් ඔහු ලැබූ පුදුම සහගත ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුගේ සතුට වේදනාව බවට පත්වූයේ ජෙසබෙල් විසින් ඔහුව ලූහු බැද ඒමෙන් ඔහු තම දිවි ගලවා ගනු වස්පලා යෑමෙනි. මෙවන් “ගිරි මුදුන්” අත්දැකීම් පසුපස බොහෝවිට මගහැර යාම් සහ විෂාදනය ඇතිවේ. කිතුණු ජීවිතයේදීද මෙවන් අත්දැකීම් කෙරෙන් අප ආරක්ෂා විය යුතු වන්නෙමු. එනමුත් අපගේ දෙවියන් වහන්සේ විශ්වාස වන අතර එතුමන් කිසිකලෙක අපව තනි වීමට හෝ අනාථ වීමට ඉඩ නාරීන සේක. එලියාව ධෛර්‍යයමත් කළ නිශ්චල මෘදු හඩ අපවද ධෛර්‍යයමත් කරනු ලබයි. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

1 වන රාජාවලිය පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries