ප්‍රාණයේ සැතපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?




ප්‍රශ්නය: ප්‍රාණයේ සැතපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර:
ප්‍රාණයේ සැතපීම යනු යම්කිසි පුද්ගලයෙකු මිය ගොස් නැවත මළවුන්ගෙන් නැගිටින තුරු සහ අවසාන විනිශ්චය තෙක් ඔහුගේ / ඇයගේ ප්‍රාණය සැතපී සිටියි යන විශ්වාසයයි. ප්‍රාණයේ සැතපීම යන සංකල්පය බයිබලය හා සම්බන්ධවූවක් නොවේ. මනුෂ්‍යයෙකු මරණය සම්බන්ධයෙන් “සැතපීම” බයිබලයේ විස්තර කෙරෙන ආකාරයට (ලූක් 8:52, 1 කොරින්ති 15:6), සාමාන්‍ය නිදාගැනීමක් ලෙස අර්ථවත් නොවේ. මරණය නිදාගැනීමක් ලෙස විස්තර කෙරෙන්නේ මිය ගියාවූ ශරීරය නිදාගැනීමක ස්වරූපයක් ගන්නා හෙයිනි. අප මිය ගිය මොහොතේදීම දෙවියන් වහන්සේගේ විනිශ්චයට මුහුණ දීමට සිදුවේ (හෙබ්‍රෙව් 9:27). ඇදහිලිවන්තයන්ට ශරීරයෙන් ඉවත්ව යාම දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටීම වේ (2 කොරින්ති 5:6-8; පිලිප්පි 1:23). මිත්‍යාදෘෂ්ඨිකයාට මරණය යනු නිරයේ විඳින්නාවූ සදාකාල ඳඬුවමකි (ලූක් 16:22-23).

අවසාන නැවත නැගිටීම තෙක් තාවකාලික ස්වර්ගයක්ද එනම් පාරාදීසය (ලූක් 23:43; 2 කොරින්ති 12:4) සහ තාවකාලික නිරයක්ද එනම් පාතාලයද ඇත (එළිදරව් 1:18; 20:13-14). ලූක් 16:19-31 හී පැහැදිලිව පෙනෙන ආකාරයට පාරාදූසයෙහිවත් පාතාලයෙහිවත් කිසිවෙකු සැතපී නොසිටියි. මනුෂ්‍යයෙකුගේ ප්‍රාණය පාරාදීසයෙහි හෝ පාතාලයෙහි තිබෙන අතර වාරයේ ඔහුගේ ශරීරය සැතපී සිටින බව අපට කිව හැක. නැවත නැගිටීමේදී එම ශරීර පිබිද ස්වර්ගයේ හෝ නිරයේ සිටිය හැකි අන්දමට මනුෂ්‍යයෙකුට සදාකාලිකත්වයට සුදුසු වන, සදහටම පවතින ශරීරයන් බවට පරිණාමණය වේ. පාරාදීසයෙහි සිටියවුන්ව අළුත් අහසට සහ අළුත් පොළොවට යවනු ලැබේ (එළිදරව 21:1). පාතාලයෙහි සිටියවුන්ව ගිනිවිලට හෙලනු ලැබේ (එළිදරව් 20:11-15). ඟැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කල හෝ නොකල සියලු මනුෂ්‍යයන්ට අත්වන්නාවූ අවසාන සහ සදාකාල ගමනාන්තය මෙය වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



ප්‍රාණයේ සැතපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?