settings icon
share icon
ප්‍රශ්නය

දුම්පානය පිළිබඳව කිතුනු දැක්ම කුමක්ද? දුම්පානය පාපයක්ද?

පිළිතුර


බයිබලයේ කිසිම විටක දුම්පානය ගැන කෙලින්ම කථා නොකරයි. මූලධර්ම ඇත, එසේ වෙතත්, එය දුම්පානයට අනිවාර්‍යයෙන්ම අදාලවේ. පළමුව බයිබලය ආඥා කරයි අපගේ ශරීර වෙන කිසිවක්ගේ පාලනය යටතට නොහරින ලෙසට. “සියලු දේ ගැන මට නිදහස තිබේ, නමුත් සියල්ල ප්රියෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිවබ්, නමුත් මම වසඟ නොවෙමි” (1 කොරින්ති 6:12). දුම්පානය දැඩි ඇබ්බැහිවීමකි නැතැයි කීමට නොහැක. එම පරිච්ඡේදයේ පසුව අපට පවසනවා “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත, මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරපල්ලා” (1 කොරින්ති 6:19-20). නිසැකයෙන්ම දුම්පානය අප‍ෙග් ශරීර සෞඛ්‍යයට අහිත කරයි. දුම්පානයෙන් පෙනහලු හා හෘදවස්තුවට හානි වන බව සනාථවී ඇත.

දුම්පානය “හිතකර” ලෙසට ගණන් ගත හැකිද (1 කොරින්ති 6:12)? දුම්පානය නිසා අපගේ ශරීරයෙන් අපගේ ශරීරයෙන් අපි දෙවියන් වහන්සේට ගෞරව ගෙන දෙනවා යැයි සැබවින්ම පැවසිය හැකිද (1 කොරින්ති 6:20)? මිනිසෙකුට අවංකව “දෙවියන් වහන්සේගේ මහිමය” උදෙසා කියා දුම්පානය කළ හැකිද (1 කොරින්ති 10:31)? අප විශ්වාස කරනවා ඉහත සඳහන් ප්‍රශ්න තුනට දිය යුතු පිළිතුර නම් “නැත” යන්නයි පිළිතුරු වශයෙන්. ප්‍රතිඵලයක් වශයෙන්, අප විශ්වාස කරනවා දුම්පානය පාපයක් ලෙසටත් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් එය නොකල යුතුය.

සමහර අය මිනිසුන් ශක්තියක් නොමැති ආහාර ගැනීම ඉදිරිපත් කර ඉහත සඳහනට විරුද්ධව වාද කරයි. එය ශරීරය ඇබ්බැහිකර ගැනීමක් හා ශරීරයට හානිකර ගැනීමක් නිසා. උදාහරණයකට සමහර අය අනිවාර්‍යයෙන්ම තේ / කෝපි කෝපාපයකට ඇබ්බැහිවී ඇත. එය නොමැතිව බැරි ලෙසට, උදේ කෝපි කෝප්පය නැතිව. මෙය සත්‍ය වන අතර, දුම්බීම ඒ නිසා නිවැරදි වන්නේ කෙසේද? එය අපේ වගකීමය / සිතුවිල්ලයි කිතුනුවෝ කෑදර කමින් ඉවත්ව අගුණ ආහාර වලින් ඉවත්වීම. ඔව්, කිතුනුවන් වංකව එක පාපයක් නොකර වෙනත් එකක් කරන අවස්ථාද ඇත. නමුත් නැවත දුම්බීම දෙවියන් වහන්සේට ගෞරව නොකරයි.

දුම්පානය පිළිබඳ තවත් තර්කයක් බොහෝ දෙවියන් වහන්සේ දන්න අය දුම්පානය කරනානෝ බව. ඉතා ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය දේශක සී. එච්. ස්පජන් ඔහු දුම්වැටි (සුරුට්ටු) පානය කරන ලෙසට හඳුනා ගත ඇත. නැවත, අපි විශ්වාස කරන්නේනෑ මේ තර්කය කිසි තේරුමක් ඇති දෙයක් ලෙසට. අප විශ්වාස කරනවා ස්පජන් දුම්පානය (සුරුට්ටු) කිරීම වැරදි බවටත්, ඇත්තටම ඔහු දේවභක්තික උසස් දේශකයෙක්ද? නියතවශයෙන්ම! ඔහුගේ ක්‍රියා හා පුරුදු දෙවියන් වහන්සේට මහිමය ගෙන දුන්නේද? නැත.

දුම්පානය පාපයක් හැටියට ප්‍රකාශ කරන අතර, අපි කියන්නේ නැහැ දුම්පානය කරන සියලු දෙනා නොගැලවේ කියා. යේසුස් වහන්සේ තුළ සැබවින් අදහන සමහරු දුම්පානය කරයි. දුම්පානය නිසා මිනිසා ගැලවීම තුළින් වලක්වා නොගනි. එය ගැලවීම අහිමිවීමටද බල නොපායි. අනෙකුත් පාප මෙන්ම දුම්පානය කිරීමටත් සමාව ලැබේ. මනුෂ්‍යකු කිතුනුවකු වීම හෝ කිතුනුවකු ඔහුගේ / ඇයගේ පාපය දෙවියන් වහන්සේ ඉදිරියේ (1 යොහන් 1:9). එම අවස්ථාවේදීම දුම්පානය එපා කළ යුතු හා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඉන් ඉවතට ආයුතු බවත් අපි දැඩි ලෙස විශ්වාස කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දුම්පානය පිළිබඳව කිතුනු දැක්ම කුමක්ද? දුම්පානය පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries