settings icon
share icon
ප්‍රශ්නය

අද අපගේ ජීවිතයන් තුළ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවලිය කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට දී ඇති සියලුම දීමනා අතරින්, ශුද්ධාත්මයාණන්ගේ අභිමුඛයට වඩා වටිනා දෙයක් නැත. ආත්මයාණෝ නොයෙක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා, ක්‍රියාකලාප (කොටස), හා ක්‍රියාකාරකම් ඇත. පළමුව, උන් වහන්සේ සෑම ස්ථානයකම මනුෂ්‍යයන්ගේ හදවත් තුළ ක්‍රියාත්මක වෙනවා (කටයුතු කරනවා). යේසුස් වහන්සේ තම ගෝලයන් හට පැවසුවා ශුද්ධාත්මයාණන්ව එවන බවට එමගින් “පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවා දෙන සේක” (යොහන් 16:7-11). සියලු දෙනාට “දේව විඥානයක්” ඇත, කැමති හෝ අකමැති ඔවුන් එය පිළිගනී. ආත්මයාණෝ දෙවියන් වහන්සේගේ සත්‍යතාව මනුෂ්‍යයන් පිළිගන්නා ලෙසට මනසට ඇතුල් කර ඔවුන් පව්කරුවන් බව ඒත්තු ගන්වා ඔවුන්ව ගැලවීමේ අවශ්‍යතාවයට යොමු කරවයි.

අප ගැලවීම ලබා දෙවියන් වහන්සේට අයිතිවූ පසුව, ආත්මයාණෝ සදහටම අපගේ හදවත් තුළ ලැගුම් ගනී. අපව ස්තීරත්වයෙන්, සහතිකත්වයෙන් හා උන් වහන්සේගේ සදාකාලිකත්වයේ දරුකම ගැන අපට ප්‍රකාශ කිරීම මුද්‍රා කරයි. යේසුස් වහන්සේ පැවසුවා උන් වහන්සේ අපට ආත්මයාණෝ එවන බවට අපට උපකාර කරනා පිණිස, අපව සනසන පිණිස, හා මඟ පෙන්වන පිණිස. “මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන් වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක” (යොහන් 14:16). “උපදේශකයකු” යන ග්‍රීක වචනය පරිවර්ථනයෙහි අදහස “සමඟ සිටීමට කැඳවනු ලැබුවාවූ” එසේම ධෛර්ය්‍යමත් කිරීමේ හා එසවීමේ අදහස ඇත්තාවූ කෙනෙකි. ශුද්ධාත්මයාණෝ ස්තීරව ඇදහිලිවන්තයකුගේ හදවත් තුළ වාසය කරයි (රෝම 8:9; 1 කොරින්ති 6:19-20, 12:13). යේසුස් වහන්සේ ආත්මය දෙන ලද්දේ “අඩුව පිරවීමක් / වන්දි ගෙවීමක්” ඔහුගේ නොසිටීම වෙනුවට. උන් වහන්සේ අප සමගම නැවතී සිටියා නම් උන් වහන්සේ විසින් කරන්නට යෙදෙන දේවල් ඉදිරියට කරගෙන යාමට.

සත්‍යතාවය පිළිබ්ඹු කිරීමේ එම ක්‍රියාවලියන් තුළ, ආත්මයාණන්ගේ අභිමුඛත්වය අපට හැකියාව දෙනවා උන් වහන්සේගේ වචනය තේරුම් ගැනීමට හා පරිවර්ථනය කිරීමට. යේසුස් වහන්සේ උන් වහන්සේගේ ගෝලයන්ට පැවසුවා “උන් වහන්සේ එනම් සැබෑකමේ ආත්මයාණන් වහන්සේ ආ කල, උන් වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මග පෙන්වන සේක” (යොහන් 16:13). උන් වහන්සේ අපට පිළිබ්ඹු කරනවා දෙවියන් වහන්සේගේ සභාව නමස්කාරය, මූලධර්ම, හා කිතුනු ජීවත්වීම, උන් වහන්සේ අපගේ මාර්ග උපදේශකයා ඉදිරියෙන් යන, මාර්ගය පෙන්වා යන, බාදක ඉවතලන, තේරුම් ගැනීමට ඉඩ සලසන, සියලු දේ සරළව හා පැහැදිලිව තිබීමට ඉඩ සලසයි. උන් වහන්සේ අපට උපදෙස් දෙනවා අපව ආත්මික දේ වලට, එවැනි උපදේශ නොමැතිව, අප වැරදි දේ වලට වැටීමට ඉඩ ඇත. උන් වහන්සේ උගන්වන දේ තුළ විශේෂම (ඉතා වැදගත්ම) දෙය නම් යේසුස් වහන්සේ නම් උන් වහන්සේ පැවසූ කෙනාවූ ඔහු (යොහන් 15:26; 1 කොරින්ති 12:3). ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය හා ආත්මභාවය ආත්මයාණෝ අපට හඟවා දෙයි, උන් වහන්සේ මෙසියස් වහන්සේව සිටියදී, උන් වහන්සේගේ දුක් විඳීම හා මරණය, උන් වහන්සේගේ උත්ථානය හා ඔසවා ගැනීම, දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටීම තුළින් උන් වහන්සේව එසවීම, එසේම සියල්ලේ විනිශ්චකරුවාණෝ ලෙස උන් වහන්සේ කටයුතු කිරීම. උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට සියලු දේ තුළ මහිමය ගෙන දෙයි (යොහන් 16:14).

ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරකම් වල තවත් එකක් නම් දීමනා දෙන්නා. 1 කොරින්ති 12 හි විස්තර කරනවා මේ පොළොව මත ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස ක්‍රියාත්මක වීමට ඇදහිලිවන්තයාට අවශ්‍ය ආත්මික දීමනා දීම පිළිබඳව. මේ සියලු දීමනා, විශාල හා කුඩා අපට ශුද්ධාත්මයාණෝ දී ඇත්තේ අප උන් වහන්සේගේ තානාපතියෝ වීමට මේ ලෝකයේ, උන් වහන්සේගේ කරුණාව පෙන්වමින් හා උන් වහන්සේව මහිමයට පත් කිරීම තුළින්.

ආත්මයාණෝ එලෙසම අප ජීවිතයේ ඵල නිපදවන්නා වේ, උන් වහන්සේ අප තුළ වැඩ වසන විට. උන් වහන්සේ අපගේ ජීවිතයේ උන් වහන්සේගේ ඵල අපගේ ජීවිතයෙන් නොලා ගැනීම ආරම්භ කරයි. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසීම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම හා හික්මවීම (ගලාති 5:22-23). මේවා අපගේ මාංසයේ ක්‍රියා නොවේ. එවැනි ඵල නිපදවීමට අපට නොහැක, නමුත් අප තුළ වැඩ සිටින ආත්මයාණනගේ නිශ්පාදන වේ.

ශුද්ධාත්මයාණන්ගේ අභිමුඛත්වය අපගේ ජීවිතයේ තිබෙන බව දැන ගැනීම, උන් වහන්සේ මේ සියලු ආශ්චර්ය ක්‍රියාත්මක කරන අතර, උන් වහන්සේ අප සමග සදාකාලයටම වැඩ වසන අතර උන් වහන්සේ අපව අත්නොහරින හා අනාථ නොකරන බවත් එය අපට මහත් ප්‍රීතියක් හා සැනසුමක් ගෙන දේ. දෙවියන් වහන්සේට ස්තුති වෙනවා මේ උතුම් දීමනාවවූ-ශුද්ධාත්මයාණන් හා අපගේ ජීවිතයේ උන් වහන්සේගේ ක්‍රියාවලිය (භුමිකාව) නිසා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අද අපගේ ජීවිතයන් තුළ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවලිය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries