settings icon
share icon
ප්‍රශ්නය

ආගම සහ අධ්‍යාත්මිකතාව අතර ඇති වෙනස්කම කුමක්ද?

පිළිතුර


අප ආගම සහ අධ්‍යාත්මිකතාව අතර වෙනස ගවේශනය කිරීමට පෙර ප්‍රථමයෙන් මෙම පද දෙක නිර්වචනය කළ යුතුවේ. ආගම අපට නිර්වචනය කළ හැක්කේ “දෙවියන් වහන්සේ හෝ නමස්කාර කිරීමට සිටින දෙවුවරුන් කෙරෙහි ඇති විශ්වාසය හෝ සාමාන්‍යයෙන් හැසිරීමෙන් හෝ චාරිත්‍ර ක්‍රම වලින් ප්‍රකාශ කරනු ලැබීමක් නොහොත් යම් විශේෂිතවූ විශ්වාස, නමස්කාර ක්‍රමයක් යනාදියයි, බොහෝවිට ආචාර ධර්ම සංග්‍රහයක් සම්බන්ධ වූවකි.” අධ්‍යාත්මිකතාව නිර්වචනය කළ හැක්කේ “ගුණාත්මකභාවය හෝ අධ්‍යාත්මික වී සිටීමේ කරුණ, එය භෞතික නොවන්නකි.” අති ප්‍රමුඛ වශයෙන්ම සිතුවිලි ජීවිතය යනාදියෙන් අධ්‍යාත්මික චරිත ස්වභාවයක් දක්වන්නක්, අධ්‍යාත්මික ප්‍රවණතාවයක් හෝ ස්වරයක්. කෙටියෙන් දක්වතොත් ආගම යනු පුද්ගලයෙකු දෙවියන් වහන්ස් හා සමග නිවැරදි සම්බන්ධතාවයකට හිමිකම් පාන විශ්වාසයන් සහ චාරිත්‍ර ක්‍රම කට්ටලයක් වන අතර අධ්‍යාත්මිකතාව යනු අධ්‍යාත්මික දේ සහ ලෞකික හෝ භෞතික දේ වෙනුවට අධ්‍යාත්මික ලෝකයක් කෙරෙහි යොමු වීමයි.

ආගම පිළිබඳ ඇති ඉතාමත්ම පොදු දුර්මතය නම් කිතුනු ධර්මය යුදෙව් ආගම හින්දු ධර්මය වන්වූ තවත් එක් ආගමක් බවය. කිතුනු ධර්මය පිළිපදින්නන් බොහෝ දෙනෙකු එය හුදෙක් ආගමක් ලෙස භාවිතා කිරීම කණගාටුවට කරුණකි. බොහෝ අයට කිතුනු ආගම වූ කලී මරණයෙන් පසුව ස්වර්ගයට යෑම සඳහා පිළිපැදිය යුතු හුදු නීතිරීති සහ චාරිත්‍ර ක්‍රම කට්ටලයක් පමණි. මෙය සැබෑ කිතුනු ධර්මය නොවේ. සැබෑ කිතුනු ධර්මය ආගමක් නොව, එය වූ කලී යේසුස් වහන්සේ තම ගැළවුම්කාර මෙසියස් වහන්සේ ලෙස පිළිගෙන කරුණාව තුළින් ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේ හා සමග නිවැරදි සම්බන්ධතාවයකින් සිටීමයි. එසේය කිතුනු ධර්මයේ අනුගමනය කිරීම පිණිස “චාරිත්‍ර ක්‍රම” තිබේ (උදා: ලෙස බව්තිස්මය සහ සහභාගිත්වය) එසේය, කිතුනු ධර්මය අනුගමනය කිරීම පිණිස “නීති රීතිද” ඇත (උදා: ලෙස මිනී නොමරව, එකිනෙකාට ප්‍රේම කරව යනාදිය). කෙසේ නමුත් මෙම චාරිත්‍ර ක්‍රම සහ නීති රීති කිතුනු ධර්මයේ හරය නොවේ. කිතුනු ධර්මයේ චාරිත්‍ර ක්‍රම සහ නීති රීති නම් ගැළවීමේ ප්‍රතිඵලයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අප ගැළවීම ලැබූ පසු එම ඇදහිල්ලේ ප්‍රකාශනයක් ලෙස අප බව්තිස්මය ලබන්නෙමු. අප ස්වාමින් වහන්සේගේ මේසයට සහාභාගිත්වය දරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවීම සිහිකිරීම පිණිසය. අප විසින් කළ යුතු සහ නොකල යුතු දේ ලැයිස්තුවක් අප අනුගමනය කරන්නේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කර ඇති සියල්ල වෙනුවෙන් ඇති ප්‍රේමයත් කෘතඥතාවත් කරණකොටගෙනය.

අධ්‍යාත්මිකතාව පිළිබඳ ඇති ඉතාමත්ම පොදු දුර්මතය නම් විවිධ අධ්‍යාත්මිකතා ස්වරූපයන් ඇති බවත්ඒවා සියල්ලම ඒකාකාරව වලංගු බවත්ය. අසාමාන්‍ය ශාරීරික ඉරියව් වලින් යුතුව භාවනා කිරීම, ස්වභාධර්මයා හා සමග සන්නිවේදනය කිරීම, භුත ලෝකයන් හා සංවාදයේ යෙදීමට සෙවීම වැනි දෑ අධ්‍යාත්මික ලෙස පෙනුනත් ඒවා ව්‍යාජ අධ්‍යාත්මිකතාවන්ය. සැබෑ අධ්‍යාත්මිකතාවය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලැබූ ගැලවීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුනු ශුද්ධාත්මයාණන් වහන්සේ හිමි කර ගැනීමයි. සැබෑ අධ්‍යාත්මිකතාවය නම් පුද්ගලයෙකුගේ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් උපදවන්නාවූ ඵලය, ප්‍රේමය, ප්‍රීතිය, සමාදාණය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීමයි (ගලාති 5:22-23). අධ්‍යාත්මිකතාවය නම් හැකි තාක් දෙවියන් වහන්සේ බවට පත්වීමයි, එතුමාණන් ආත්මයක්ය, (යොහන් 4:24) එලෙසම අපගේ චරිතය උන් වහන්සොගේ අනුරූපය හා සමග අනුකුල වීමය (රෝම 12:1-2).

ආගම සහ අධ්‍යාත්මිකතාවය අතර ඇති පොදු සමානාත්මතාවය නම් ඒ දෙකම දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධතාවයක් තබා ගන්නා ව්‍යාජ ක්‍රමයන් විය හැක. ආගම බොහෝවිට නෑඹුරු වන්නේ හදවතට කිසිඳු සමීපයක් නොමැති චාරිත්‍ර ක්‍රම දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධතාවයට ආදේශ කිරීමටය. අධ්‍යාත්මිකතාවය බොහෝවිට නෑඹුරු වන්නේ භුත ලෝකයන් හා සමග ඇති සබඳකම් දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධතාවයට ආදේශ කිරීමටය. දෙආකාරයම බොහෝවිට හෝ නිතැනින්ම දෙවියන් වහන්ස් වෙතට ඇති ව්‍යාජ මාර්ග විය හැක. ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ සිටින සේක සහ අප කෙසේ හෝ උන් වහන්සේට ගණන් දිය යුතු යන කරුණු වලට මග පාදන අවබෝධය හේතුකොටගෙන ආගම වටිනා දෙයක් විය හැක. ආගමේ ඇති සත්‍ය වටිනාකම නම් අප සියල්ලන්ම පව් කොට ඇති බවත් අපට ගැළවුම්කරුවෙකු අවශ්‍යය බවත් පෙන්වා දීමට හැකියාවක් තිබීමයි. අධ්‍යාත්මිකතාවයේ වටිනාකම නම් ද්‍රව්‍යමය ලෝකයක් පමණක් නොමැති බව පෙන්වා දෙන හෙයිනි. මනුෂ්‍යයන් භෞතික අයවලුන් පමණක් නොවන අතරම ආත්මයක් සහ ප්‍රාණයක්ද හිමි කොටගෙන සිටිති. අප වටා ආත්මික ලෝකයක් ඇති බවට අප පරීක්‍ෂාකාරිව සිටිය යුතු වෙමු. අධ්‍යාත්මිකතාවයේ ඇති සත්‍යය වටිනාකම නම් මෙම ද්‍රව්‍යමය ලෝකයෙන් ඔබ්බට අපට සම්බන්ධවීමට යම් දෙයක් තිබේ සහ යමි කෙනෙකු සිටියි යන කරුණට එය මග පෙන්වන හෙයිනි.

ආගමේ සහ අධ්‍යාත්මිකතාවයේ එකම සම්පූර්ණ කිරීම නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අප විසින් ගණන් දිය යුතු සහ සත්‍යය ආගමකින් මග පෙන්වන්නාවූ එකම තැනන් වහන්සේ නම් යේසුස් වහන්සේ වේ. අප සම්බන්ධවිය යුතු සහ සත්‍යය අධ්‍යාත්මිකතාව මග පෙන්වන එකම තැනන් වහන්සේ නම් යේසුස් වහන්සේ වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආගම සහ අධ්‍යාත්මිකතාව අතර ඇති වෙනස්කම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries