settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය වර්ගවාදය, පූර්ව මතය (ප්‍රාග් විනිශ්චය, අගතිය) පිළිබඳව කුමක් පවසයිද?

පිළිතුර


මෙම දේවල් වලට අවධානය දෙන කළ අපි සිතිය යුතු ප්‍රධාන දෙය නම් මනුෂ්‍ය ජාතියේ ඇති ප්‍රධාන ජාතිය මිනිස් ජාතියයි. සුදු ජාතික, අප්‍රිකානු, ආසියානු, ඉන්දියානු අරාබියානු හා යුදෙව් කිසිම වෙනත් ජාතියක් නොව මනුෂ්‍ය ජාතියේ වෙනස් ලක්‍ෂණ ඇති අයවේ. සියලු මනුෂ්‍ය වර්ගයාට සමාන ශරීර ලක්‍ෂණ හිමිව ඇත (සැබවින්ම සුලු වෙනස් කම් ඇතිව). විශේෂයෙන්ම සෑම මිනිසෙකුම දෙවියන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මවා ඇත (උත්පත්ති 1:26-27). දෙවියන් වහන්සේ ලෝකය එතරම් ප්‍රේම කළා එම නිසා උන් වහන්සේ යේසුස් වහන්සේව අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට එවනු ලැබුවා (යොහන් 3:16). “ලෝකය” නම් නිසැකවම සියළු මනුෂ්‍ය වර්ගයා ඇතුලත් වේ.

දෙවියන් වහන්සේ තරාතිරම් බලන්නේවත් විශේෂත්වයක් දක්වන්නේවත් නැත (ද්විතීය කථාව 10:17; ක්‍රියා 10:34; රෝම 2:11; එපීස 6:9), අපිද එසේ නොකල යුතුය. යාකොබ් 2:4 විස්තර කරනවා විවේචනය කරන අය “නපුරු අදහස් ඇති විනිශ්චකරුවන්” ලෙස හඳුන්වයි. එසේ නොකර අපි අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කළ යුතුය (යාකොබ් 2:4). පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ මිනිසුන් “වාර්ගික” කණ්ඩායම් දෙආකාරයට බෙදන ලදි. යුදෙව් හා අන්‍යජාතික. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව උනේ යුදෙව්වරු පූජක තනතුරු දැරීමයි. අන්‍යජාතීන්ට උපස්ථාන කිරීමට. නමුත්, යුදෙව්වරු තමාගේ තත්වය ගැන ආඩම්බර වී අන්‍යජාතීන්ව පහත් කළා. යේසුස් වහන්සේ මෙයට අවසාන තිත තැබුවා, ඉතිහාසයේ බෙදීමේ පවුර විනාශ කරා (එපීස 2:14). සියලු වර්ගවාද (ජාතිභේද) පූර්ව මත විවේචන උන් වහන්සේගේ කුරුසියෙන් පසු නිම විය.

යේසුස් වහන්සේ අපට ආඥා කළා (නියෝග කළා) උන් වහන්සේ අපට ප්‍රේම කරනවා සේම එකිනෙකාට ප්‍රේම කිරීමට (යොහන් 13:34). දෙවියන් වහන්සේ සර්වසාධාරණයි, උන් වහන්සේ අපට තරාතිරම් නොබලා ප්‍රේම කලා නම් අපිද අන් අයට එම ලෙසටම කළ යුතුය. යේසුස් වහන්සේ මතෙව් 25 දී අපට උගන්වනවා අපි අතරේ සිටින කුඩා පුද්ගලයාට (සහෝදරයාට) අපි යමක් කලොත් එය අපි උන් වහන්සේට කළ සේක. අපි යම් පුද්ගලයෙකුව පිළිකුලෙන් බැලුවොත් අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට මැවූ තැනැත්තෙක්ව එපා කිරීමයි. අපි රිදවන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට මැවූ උන් වහන්සේ ප්‍රේම කරපු උන් වහන්සේ ඔහු වෙනුවෙන් මැරුණ පුද්ගලයෙකු වේ.

වර්ගවාදය, බොහෝ කොටස් වල, තත්වයන් වල, මිනිස්කමේ යාගයක් තිබේ අවුරුදු දහස් ගණනක සිට. සියළු ජාති වර්ග වල සහෝදර සහෝදරියන් මෙය මෙසේ සිදු නොවය යුතුය. වර්ගවාදයේ, ප්‍රාග් විනිශ්චයේ හා විවේචනයේ ගොදුරුවූ අය සමාව ලැබිය යුතුය. එපීස 4:32 පවසනවා “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙයල්ලා.” ඔබ උසස් යැයි පැවසීම ඔබගේ ගැලවීම ලැබීමට (සමාව ලැබීමට) හේතුව නොවේ. දෙවියන් වහන්සේගේ සමාව ලැබීමට අප සුදුසු නැත. වර්ගවාදය දරණ අය, ප්‍රාග් විනිශ්චය හා විවේචනය දරණ අය “ නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන් මෙන් දෙවියන් වහන්සේට භාරවී නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ ලෙස උන් වහන්සේට භාර වෙයල්ලා” (රෝම 6:13). ගලාති 3:28 සම්පූර්ණයෙන් තේරුම් ගෙන “නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් නැත්තාහ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය වර්ගවාදය, පූර්ව මතය (ප්‍රාග් විනිශ්චය, අගතිය) පිළිබඳව කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries