settings icon
share icon
ප්‍රශ්නය

ජීවිතයේ අරමුණ සොයා ගැනීම පිළිබඳව බයිබලයේ පවසන්නේ මොනවාද?

පිළිතුර


බයිබලය පැහැදිලිව පවසනවා අපගේ ජීවිතයේ අරමුණ කුමක් විය යුතුද යන්න. පරණ හා අළුත් ගිවිසුමේ මනුෂ්‍යයන් ජීවිතයේ අරමුණ සොයා තේරුම් ගත්හ. සලමොන් එවකට ජීවත්වූ ඥාණවත්ම මිනිසා. ඔහු තේරුම් ගත්තා ජීවිතයේ නිරර්ථක (නිෂ්ඵල) බව මේ ලෝකයේ වෙනුවෙන් ජීවත්වෙනවා පමණක් නම්. ඔහු මේ ප්‍රකාශන දේශනාකාරයාගේ පොතේ සඳහන් කරයි. “මුළු කාරණයේ තීන්දුව නම් මෙය: දෙවියන් වහන්සේට භයව උන් වහන්සේගේ ආඥා පවත්වා පන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණුවන සේක” (දේශනාකරයා 12:13-14). සලමොන් පවසනවා ජීවිතය යනු දෙවියන් වහන්සේට ගෞරවය දීමත් අපගේ අදහස් වලින්ද, ජීවිත හා උන් වහනාසේගේ ආඥා පැවැත්වීමය, මක්නිසාද දවසකදී උන් වහන්සේ ඉදිරියේ සිට ගන්නවා විනිශ්චය උදෙසා. අපගේ ජීවිතයේ අරමුණු වලින් කොටසක් නම් දෙවියන් වහන්සේට භය වීම හා කීකරුවීම.

අපගේ ජීවිතයේ අරමුණෙහි කොටසක් නම් මේ පොළොවේ ජීවිතය අභික්‍ෂාවෙන් (දෘෂ්ටිකෝණයෙන්) බැලීම. මේ පොළොවේ ජීවිතය පමණක් සිතනා මිනිස්සු වගේ නවේ. දාවිත් රජ පැමි‍ෙණන්නට තිබෙන ජීවිතයේ සෑහීමට පත්වීමට සෙව්වා. ඔහු පැවසුවා “මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කළ ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි” (ගීතාවලිය 17:15). දාවිත්ට, සම්පූර්ණ සෑහීමට පත්වීම ලැබෙන්නේ ඔහු පිබිදෙන දවසදී (ඊළඟ ජීවිතයේ) දෙවියන් වහන්සේගේ මුහුණ දරාගෙන (උන් වහන්සේ සමග සම්බන්ධතාවයක් සමග) හා උන් වහන්සේ වගේ වීම (1 යොහන් 3:2).

ගීතාවලිය 73, අසාප් කථා කරනවා කෙසේද ඔහු පරික්‍ෂාවට ලක් වුනේ නපුරාට ඊර්ෂ්‍යා කිරීමට කිසි තැකීමක් නැති හා ඔවුන්ගේ ශාස්ත්‍ර ඔවුන් ප්‍රයෝජන ගත්තාවූ දේවල් පිටුපස ගොඩ නැගීම. නමුත් ඊට පසු ඔහු තේරුම් ගන්නවා ඔවුන්ගේ අවසානය. ඔවුන් පසුව තේරුම් ගත් දෙයට පටහැනිව, ඔහු 25 පදයෙහි සඳහන් කරනවා ඔහුට අදාළවන දෙය පිළිබඳව “ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.” අසාප්ට, දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාව ජීවිතයේ අන් සියලු දේවලට වඩා වැදගත්. ඒ සම්බන්ධය නොමැතිව ජීවිතයට කිසිම අරමුණක් නැත.

උත්ථානවූ යේසුස් වහන්සේ මුහුණට මුහුණ මුණ ගැසීමට පෙර පාවුල්තුමා ආගමිකව ඔහු ලබා ඇති සියලු දේ ගැන කථා කරන අතර එමෙන්ම ඔහු ඒ සියලිම දේ අලාභ යැයි සලකන බව යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා. පිලිප්පි 3:9-10 පාවුල්තුමා පවසනවා, ඔහුට ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමට මිස කිසිවෙක් ඔහුට අවශ්‍යය නොවන බව. “උන් වහන්සේ තුළ සොයා ගන්නා ලෙස” උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගැනීම හා උන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ජීවත්වීම දුක් විඳ මිය යෑමට සිදුවූවත් පාවුල්ගේ අරමුණ ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීම, උන් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමට පැමිණීම. උන් වහන්සේ තුළ සහභාගිකම තුළ ජීවත්වීම, එය සමහරවිට දුක්විඳීම ගෙනාවත් (2 තිමෝති 3:12). අවසානයේ, ඔහු බලාපොරොත්තු උනේ “මරණයෙන් උත්ථාන වීමේ” අවස්ථාවේ කොටස් කරුවෙකු වීමයි.

අපගේ ජීවිතයේ අරමුණ, දෙවියන් වහන්සේ පළමුවෙන්ම මිනිසා මැවූ ලෙසට, 1) දෙවියන් වහන්සේව මහිමයට පත් කරීම හා උන් වහන්සේ සමග සහභාගිකම දරමි, 2) අන් අය සමග යහපත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම, 3) ක්‍රියාවන්, 4) පොළොව කෙරෙහි බලය පැවැත්වීම. නමුත් මිනිසා පාපයට වැටීමත් සමග දෙවියන් වහන්සේ සමග සම්බන්ධය කැඩුනා. අන් අය සමග සම්බන්ධය පීඩාවට ලක්විය. ක්‍රියාවන් (වැඩ) නිතරම අපහසුතාවයට පත්විය. ස්වභාවධර්මය පාලනය කිරීමට සෑම අවස්ථාවේදීම අසීරුතාවයට ලක් විය. දෙවියන් වහන්සේ තුළ සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමෙන් පමණි, යේසුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන්, ජීවිතයේ අරමුණ අනාවරණය කර ගත හැක.

මිනිසාගේ අරමුණ විය යුත්තේ දෙවියන් වහන්සේව මහිමයට පත්කිරීම හා උන් වහන්සේව භුක්ති විඳීමට සදහටම. අපි දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නේ උන් වහන්සේට බිය වීමෙන් හා කීකරුකමෙන් අපගේ අනාගත ස්වර්ගය නිවස දෙසට අපගේ ඇස් තබාගෙන හා උන් වහන්සේව සමීපව දැන ගැනීමෙන්. අපි දෙවියන් වහන්සේව භුක්තිවිඳීම අපගේ ජීවිතයේ උන් වහන්සේගේ අරමුණ අනුගමනය කිරීම, ඉන් සත්‍ය හා සදාකාලික සතුට අත්දැකීමට හැකිවීම-උන් වහන්සේ අපට තබා තිබෙන අනන්තවූ ජීවිතය ගැන.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවිතයේ අරමුණ සොයා ගැනීම පිළිබඳව බයිබලයේ පවසන්නේ මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries