settings icon
share icon
ප්‍රශ්නය

අද සභාවේ අරමුණ කුමක්ද?

පිළිතුර


ක්‍රියා 2:42 සභාවේ අරමුණ පිළිබඳව විස්තර කරයි, “තවද ඔවුන් ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, රොටි කැඩීමෙහිද යාච්ඤාවද ස්ථීර ලෙස පැවතුනහ.” මේ ශුද්ධ ලියවිල්ලට අනුව, අරමුණ / ක්‍රියාකාර කම් සභාව තුළ විය යුතු වන්නේ (1) බයිබලානුකුල මූලධර්ම ඉගැන්වීම, (2) ඇදහිලිවතුන්ට නමස්කාර කිරීමට ස්ථානයක් සූදානම් කිරීම, (3) ස්වාමින්ගේ භෝජනය සිහිකිරීම හා (4) යාච්ඤාව.

සභාව තුළ බයිබලානුකුල මූලධර්ම ඉගැන්විය යුතුය. ඒ තුළින් අපේ ඇදහිල්ල තුළ මුල් ඇදීමට අපට හැක. එපීස 4:14 පවසනවා, “තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගෙන්ද රුවටිලි සහිත උපාමාරුවෙන්ද හට ගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,” සභාව තුළ සහභාගිත්වය තිබිය යුතුය. කිතුනුවන් එකිනෙකාට ලෙන්ගතු විය යුතු ස්ථානයක්, අන් අයට ‍ෙගෟරව කළ යුතුය (රෝම 12:10), එකිනෙකාට මග පෙන්වීමට (රෝම 15:14), එකිනෙකාට කරුණාවන්තව හා අනුකම්පාසහගත වන්න (එපීස 4:32), එකිනෙකා ධෛරය්‍ය කරන්න (1 තෙසලෝනික 5:11), ඉතාමත් වැදගත්ම දේ නම් එකිනෙකාට ප්‍රේම කරන්න (1 යොහන් 3:11).

සභාව තුළ මනුෂ්‍යයන්ට (ඇදහිලිවන්තයන්) ස්වාමින්ගේ මේසය සිහි කිරීමට සුදුසු ස්ථානයක්, උන් වහන්සේගේ මරණය හා ලේ වැගිරීම අප උදෙසා සිහි කිරීම (1 කොරින්ති 11:23-26). “රොටි කැඩීමේ” ක්‍රියාවලිය (ක්‍රියා 2:42) එමෙන්ම එකිනෙකා සමග ආහාර අනුභව කිරීමද අදහස් වේ. තවත් උදාහරණයක් නම් සභාව තුළ සහභාගිත්වය ඉදිරිපත් කරයි. ක්‍රියා 2:42 හි අවසාන අරමුණ සභාව පිළිබඳව යාච්ඤාවයි. සභාව යාච්ඤාවට යොමු කරන්නාවූ ස්ථානයක් විය යුතුය, යාච්ඤාව උගන්වයි, යාච්ඤාව ක්‍රියාත්මක කරයි. පිලිප්පි 4:6-7 අපව ධෛරය්‍යමත් කරනවා “කිසිවක් ගැන කණගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැන ගත නොහැකිවූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතවිලිද ආරක්‍ෂා කරනවා ඇත.”

තවත් ආඥාවක් සභාවන් ගැන ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැලවීමේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම (මතෙව් 28:18-20; ක්‍රියා 1:8). සභාව කැඳවා ඇත්තේ උන් වහනසේගේ ශුභාරංචිය බෙදා ගැනීමට විශ්වාසව සිටීමට. උන් වහන්සේගේ වචනය හා ක්‍රියා තුළින් සභාව “ආලෝක කුළුණක්” සමාජය තුළ. මනුෂ්‍යාව අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස් ගැලවුම්කාරයා වෙතට යොමු කිරීමට. සභාව ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා එහි සාමාජිකයන්ව සූදානම් කරයි ශුභාරංචිය ප්‍රකාශ කිරීමට (1 පේත්‍රැස් 3:15).

සමහර අවසාන හේතුන් සභාව පිළිබඳව යාකොබ් 1:27, හී සඳහන් වේ. “අපගේ පියවූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද, වැන්දඹු ස්ත්‍රීන්ද, ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්‍ෂාකර ගැනීමත්ය.” සභාවේ රාජකාරියක් නම් අවශ්‍යතාවයෙන් පෙනෙන අය හට පිහිටවීමයි (ආහාර, ඇඳුම්, වාසස්ථානයක්) අවශ්‍යතාව හා ඉල්ලීම මත. ලෝකයේ ඇති දූෂණය (දුශ්‍ය) දේවල් හා පාපයෙන් ගැලවී සිටීමට අවශ්‍ය ආයුධ සන්නද්ධව සිටීමට ඇදහිලිවන්තයන්ව ආත්මිකව සන්නද්ධ කළ යුතුයි සභාව විසින්. මෙය සිදුවන්නේ බයිබලානුකුල ඉගැන්වීම හා කිතුනු සහභාගිකම තුළින්.

ඉතින් සභාවේ අරමුණ කුමක්ද? පාවුල් ඉතා වැදගත් උදාහරණයක් දෙනවා කොරින්තියේ සිටින ඇදහිලිවන්තයන්ට. සභාව නම් දෙවියන් වහන්සේගේ හස්තය, මුඛයයි, දෙපා ශරීරය මේ ලෝකය මත (1 කොරින්ති 12:12-27). අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවේ සිටියා නම් ශාරීරිකව උන් වහන්සේ කරන ක්‍රියා කරන ලෙස කළ යුතුය. සභාව කැඳවා ඇත්තේ “ක්‍රිස්තුස්-මෙන්” හා “ක්‍රිස්තුස්-අනුගාමිකයෝ” වන්නයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අද සභාවේ අරමුණ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries