යාච්ඤා කිරීමේ නිසි මාර්ගය කුමක්ද?




ප්‍රශ්නය: යාච්ඤා කිරීමේ නිසි මාර්ගය කුමක්ද?

පිළිතුර:
යාච්ඤා කිරීමේදී සිටගෙන, ඉඳගෙන, දන නමා සහ හිස නමා යන මේවා අතරින් ඉතා සුදුසු ආකාරය වන්නේ ඉහත සඳහන් කුමන ආකාරයද? අප යාච්ඤා කරන කල්හී දෑස් වසා යාච්ඤා කළ යුතුද? දේව ගෘහයක එසේත් නැතිනම් ස්වභාවික එළිමහනක යාච්ඤා කිරීම යෝග්‍යයද? අප යාච්ඤා කළ යුත්තේ උදෑසන අවදිවීමෙන් පසුද නැති නම් නින්දට යාමට පෙරද? යාච්ඤාවට ආවේනිකවූ වචන මාත්‍රාවක් භාවිතා කළ යුතුද? යාච්ඤාවක් ආරම්භ කළ යුතු සහ අවසාන කළ යුතු ආකාරයක් තිබේද? මෙකී ප්‍රශ්න ඇතුලු අනෙකුත් පොදු ප්‍රශ්න යාච්ඤා පිළිබඳව අසනු ලබයි. යාච්ඤා කිරීමෙහිලා නියම මාර්ගය කුමක්ද? එසේත් නැතිනම් අවම වශයෙන් ඉහත සඳහන් කාරණා යාච්ඤාව සඳහා සෑහීමට භාජනය වේද?

බොහෝ වෙිලාවට යාච්ඤාව යනුවෙන් පිළිබිඹු වන්නේ “විජ්ජා සූත්‍රයක්” ලෙසිනි. ඇතමෙකුගේ විශ්වාසය වනුයේ යාච්ඤාවට ආවේ නිකවූ වචන අනුපිළිවෙලක් සහ එයටම නියමවූ ඉරියවිවකින් පිහිටුවා නොසිටීම කරණකොටගෙන දෙවියන් වහන්සේ විසින් යාච්ඤාව අසනු නොලබන බවයි. මෙය දේවවචනයට සම්පූර්ණයෙන්ම පටහැනි මතයකි. දෙවියන් වහන්සේ යාච්ඤාවට පිළිතුරු දීම සඳහා අප විසින් කුමන ටවේ ට, කුමන ස්ථානයක, කුමන ඉරියවිවකින් හෝ එසේත් නැතින්් කුමන අනුපිළිවෙලකට අපගේ වචන භාවිතා කළ යුතුද යන ආකාරය පදනම් කර නොගන්නා සේක. 1 යොහන් 5:14-15 යාච්ඤාවෙන් අප දෙවියන් වහන්සේ වෙත එන කල්හී නිසැකවම ඇතිව පැමිණෙන්න කියා අපට කියන සේක. තවද උන් වහන්සේ අප මොන දෙයක් ඉල්ලුවත් උන් වහන්සේගේ කැමැත්ත අනුව එය අපට ලබා දෙන බවට අවබෝධයෙන් යුක්තව පැමිණෙන්න කියා දේවවචනයේ අපට කුයන සේක. එයට සමගාමිව යොහන් 14:13-14 ප්‍රකාශ කරනවා “නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වූවත්, පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත් මම ඒක ඉෂ්ට කරන්නෙම්” යැයි සඳහන් වේ. මේ අනුව සහ එයට සමානවූ බොහෝ ශුභාරංචි වචන අනුව ස්වාමින් වහන්සේ අප‍ෙග් යාච්ඤා ඉල්ලීමි සඳහා පිළිතුරු ලබා දෙන්නේ අපගේ ඉල්ලීම් උන් වහන්සේගේ කැමැත්ත පරිදි සහ යේසුස් වහන්සේගේ නාමයෙන්ද යන වග පදනමිකරගෙනය (එමගින් යේසුස් වහන්සේට මහිමය පැමිණේ).

එසේ යාච්ඤාව සඳහා නියම මාර්ගය කුමක්ද? පිලිප්පි 4:6-7 සඳහන් පරිදි යාච්ඤාවේදී කිසිවක් ගැන කණගාටු නොසිතා ස්තුති දීමේ පූර්ණ හදවතින් යාච්ඤා කරපල්ලා, එවිට උන් වහන්සේගේ සමාදාන යඅපගේ සිත් තුළ පිහිටු වන්නේය කියාය. අප දෙවියන් වහන්සේට යාච්ඤා කළ යුතු ඉතා සුදුසු ආකාරය නම් අවංකවූ, විවෘත සිතකින් අපගේ හදවත් උන් වහන්සේ වෙතට වැගිරීමයි. මන්දයත් සියල්ලට ප්‍රථමයෙන් අපට වඩා උන් වහන්සේ අප ගැන දන්නා බැවිනි. අපගේ ඉල්ලීම් උන් වහන්සේට ඔප්පු කළ යුත්තේ උන් වහන්සේ අප හට වඩාත් යෝග්‍ය දේ ලාබා දීමට දන්නා බවත්, දෙවියන් වහන්සේගේ කැමැත්තට පටහැනි කිසි යාච්ඤා ඉල්ලීමක් උන් වහන්සේ අනුමත නොකරන බවට අප තේරුම් ගත යුතුය. අපගේ යාච්ඤා තුලින් උන් වහන්සේට අප‍ෙග් ප්‍රේමය ප්‍රකාශ කරමින් කෘතඥවීම සහ නමස්කාරය හැර යාච්ඤාවකදී භාවිතා කළ යුතු වචන ගැන කරදරවීම පලක් නැත. මක්නිසාද උන් වහන්සේ වඩාත් සැලකිලිමත් වන්නේ යාච්ඤා වෙහිදි අපගේ සිත් තුළ ඇති තෘප්තිය විනා අපගේ චතුර භාවය නොවේ.

අපට බයිබලය යාච්ඤාව සඳහා නිදර්ශණයක් මතෙව් 6:9-13 ස්වාමින් වහන්සේගේ යාච්ඤාව තුලින් උපුටා දක්වයි. එහි සඳහන් ස්වාමින් වහන්සේගේ යාච්ඤාව යනු හඬ නගා කටපාඩමින් කිව යුතු යාභිඤාවක් නොවන බව කරුණාවෙන් වටහා ගත යුතුය. එය සැබෑ යාච්ඤාවක් සඳහා අඩංගුවිය යුතු නමස්කාරය, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය, යැදීම, පාපය කියාදීම සහ උන් වහන්සේ ඉදිරියෙහි යටත්වීම යන මූලික කරුණු ආදර්ශයක් වශයෙන් දක්වයි. අප යාච්ඤා කරන කල්හී ස්වාමින් වහන්සේගේ යාච්ඤාවේ සඳහන් කරණු භාවිතා කරමින් දෙවියන් වහන්සේ තුළ අපගේ පුද්ගලික ගමනෙහිදි මාංශම වචනයෙන් හා හැකියාව අනුව සෑදුවාවූ සැබෑ යාව්ඤාවක් ලෙස එදිනෙදා ජීවිතයේ කළ හැකිය. යාච්ඤා කිරීම සඳහා නියම මාර්ගය එනම් අපගේ සිත මුලුමනින්ම උන් වහන්සේට ප්‍රකාශ කිරීමයි. ඉඳගෙන, සිටගෙන, නැති නම් දණ ගසා දෑත් විවෘතව, හෝ හකුලා දෑස් ඇර හෝ වසා දේවස්ථානයක නිවසක, හෝ එළිමහනේ උදෑසන හෝ රාත්‍රියේ යන වග පුද්ගලික කැමැත්ත මත, තමා ඒත්තු ගැනීම හා යෝග්‍යතාවය අනුව පැණ නගින බාහිර ප්‍රශ්නයි. මෙහිලා ස්ර්වබලධාරි දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් එය උන් වහන්සේත් අපත් අතර ඇති අව්‍යයාජ හා පුද්ගලික සම්බන්ධතාවයයි.



නැවතත් සිංහල මුල් පිටුවට



යාච්ඤා කිරීමේ නිසි මාර්ගය කුමක්ද?