මම යාච්ඤා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලවමද යන්න නිසැකවම දැන ගන්නේ කෙසේද?




ප්‍රශ්නය: මම යාච්ඤා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලවමද යන්න නිසැකවම දැන ගන්නේ කෙසේද?

පිළිතුර:
මනුෂ්‍යයාගේ උච්චිතම අරමුණ විය යුත්තේ දෙවියන් වහන්සේට ගෞරවය ලබා දීමයි (1 කොරින්ති 10:31), උන් වහන්සේගේ කැමැත්තට අනුකුලව යාච්ඤා කිරීමත් මෙයට ඇතුලත්වේ. ප්‍රථමයෙන් අප බුද්ධිය ඉල්ලා සිටිය යුතුයි. “නමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝකොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. අප බුද්ධිය ඉල්ලනවිට, දෙවියන් වහන්සේ දයාන්විතව සහ අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දීමට කැමැත්තෙන් සිටින බවට විශ්වාස කළ යුතු වෙමු (යාකොබ් 1:5). නමුත් අනුමාන නොකරව ඇදහිල්ලෙන් ඉල්ලාවා (යාකොබ් 1:6; මාර්ක් 11:24 සඳහන් පදයද බලන්න). එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලව යාච්ඤා කිරීම තුළ බුද්ධිය ඉල්ලා සිටීමද අන්තර්ගත වේ (මෙය උන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීම පිණිසයි) එසේම අප ඇදහිල්ලෙන් එය ඉල්ලිය යුතුය (මෙය උන් වහන්සේගේ කැමැත්ත විශ්වාස කිරීම සඳහායි).

ඇදහිලිවන්තයාට දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලව යාච්ඤා කිරීම සඳහා මග පෙන්වන බයිබලයේ සඳහන් උපදෙස් 7 ක් පහත සඳහන්වේ.

1) බයිබලයේ ආඥා කර ඇති දේ උදෙසා යාච්ඤා කරන්න. අපගේ විරුද්ධ කාරයන් උදෙසා යාච්ඤා කරන ලෙස අපට දන්වා ඇත (මතෙව් 5:44), මිෂනාරිවරු පිටත් කර යවන පිණිස (ලූක් 10:2), අප පරීක්‍ෂාවට නොවැටෙන පිණිස (මතෙව් 26:41), දේවවචනය ගෙන යන තානාපතින් උදෙසා (කොලොස්සි 4:3; 2 තෙසලෝනික 3:1), රාජ්‍යය පාලකයන් උදෙසා (1 තිමෝති 2:1-3), පීඩාවලින් සහනය ලැබීම පිණිස (යාකොබ් 5:13), එසේම අපගේ සහකාර ඇදහිලිවන්තයන් උදෙසා (යාකොබ් 5:16). දෙවියන් වහන්සේ අපට යාච්ඤා කිරීමට ආඥා කර ඇති අවස්ථාවල, එතුමන්ගේ කැමැත්ත ප්‍රකාරයට යාච්ඤා කිරීමට හැකි බවට අපට නිශ්චිත විය හැක.

2) ශුද්ධ ලියවිල්ලේ සඳහන් භක්තිවන්ත චරිතයන් පිළිබඳව ඇති උදාහරණ අනුගමනය කරන්න. පාවුලුතුමා ඊශ්‍රායෙලයේ ගැලවීම උදෙසා යාච්ඤා කළේය (රෝම 10:1). දාවිත් පව් කළ අවස්තාවේදී, අනුකම්පාව සහ සමාව උදෙසා යාච්ඤා කළේය (ගීතාවලිය 51:1-2). මුල් සභාව සාක්‍ෂි දැරීම සඳහා අවශ්‍ය කරන නිර්භීතකම ලැබෙන පිණිස යාච්ඤා කළහ (ක්‍රියා 4:29). මේ කලාවූ යාච්ඤා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලව කළ ඒවා වූ අතර, ඒ හා සමාන යාච්ඤා දැනුදුද කළ හැක. පාවුලු සහ මුල් සභාව කළ අන්දමට අපද සැමවිටම අන්‍යයන්ගේ ගැලවීම උදෙසා යාච්ඤා කරමින් පැවතිය යුතුය. අපද දාවිත් යාච්ඤා කළ ආකාරයටම අපගේ පාපයන් ගැන පරික්‍ෂාකිරීම දෙවියන් වහන්සේ වෙතට ඒවා ගෙනෙමින් යාච්ඤා කළ යුත්තේ, උන් වහන්සේ හා සමග අපගේ සබඳතාවයට බාධාවක් නොවන්නට ස හ අපගේ යාච්ඤාවන් නිශ්ප්‍රභා නොවන්නට ප්‍රථමයෙන්ය.

3) නිවැරදි අභිප්‍රායන් සහිතව යාච්ඤා කරන්න. ආත්මාර්ථකාමි අභිප්‍රායන්ට දෙවියන් වහන්සේ ආශීර්වාද නොකරන සේක. “නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත” (යාකොබ් 4:3). අප යාච්ඤා කළ යුත්තේ, අපගේ උදාරතර වචන ඇසෙන්නට හෝ අපව ඉතා ආත්මික ලෙස අන් අයට පෙනෙන්නට නොව, හැකි පමණ පුද්ගලිකව සහ රහසිගතව විය යුතු වන්නේ අපගේ පියාණන් වහන්සේ රහසින් අපගේ යාච්ඤා අසා එළිපිට අපට විපාක දෙන හෙයිනි (මතෙව් 6:5-6).

4) අන් අය කෙරෙහි සමාව දීමේ ආත්මයකින් යුක්තව යාච්ඤා කරන්න (මාර්ක් 11:25). තිත්තකමේ, කෝපයේ, පළිගැනීමේ සහ වෛරයේ ආත්මයකින් අප අන් අය කෙරෙහි සිටියොත්, දෙවියන් වහන්සේට සම්පූර්ණ යටත්වීමකින් යාච්ඤා කරන්ට අපගේ හදවත් ඉඩ නොදෙනු ඇත. අපට තවත් කිතුනුවෙක් සමග යම්කිසි ගැටීමක් තිබෙනවා නම්, දෙවියන් වහන්සේට අපගේ තුති පඬුරු පූජා නොකළ යුතු බව කියා ඇති සේම (මතෙව් 5:23-24), අපගේ සහෝදර සහෝදරියන් සමග සමාදාන වන තුරු, අප ඔප්පු කරන යාච්ඤා දෙවියන් වහන්සේට අවශ්‍ය නොවේ.

5) ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤා කරන්න (කොලොස්සි 4:2; පිලිප්ප් 4:6-7). අපගේ අවශ්‍යතා සහ ඕනෑ එපාකම් හේතුවෙන් අප කෙතරම් කරදරයට පත්වී සිටියත් සෑම විටකම අපට ස්තුතිවන්ත විය හැකි යම් දෙයක් අපට සොයා ගත හැක. මේ ලෝකයේ බොහෝසේ දුක්විඳීමෙන් ජීවත් වන්නටද ප්‍රේමයෙන් මිලදී ගෙන මුදා හරිනු ලැබ සිටීම, එසේම ස්වර්ග රාජ්‍යය නමැති පිරිනැමීම ඔහු ඉදිරියේ තිබීම, ආදි දේ ඔහුට දෙවියන් වහන්සේට කෘතඥ වීමට හේතු කාරණයන් වේ.

6) අප්‍රතිහතව යාච්ඤා කරන්න (ලූක් 18:1; 1 තෙසලෝනික 5:17). අපගේ යාච්ඤාවන්ට එවලේම පිළිතුරු නොලැබීම හේතුකොටගෙන, අප කිසිසේත්ම, යාච්ඤා කිරීමෙන් ඉවත්වී යාම හෝ අධෛර්යට පත් නොවිය යුතු අතර, නොපසුබට වීර්යයෙන්ම යාච්ඤා කළ යුතුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලව යාච්ඤා කිරීමේ එක් කොටසක් වනුයේ උන් වහන්සේගේ පිළිතුර “එසේය”, “නැත”, හෝ “මදක් සිටින්න” යන ඒවායින් කුමක් වූවත්, අප එතුමන්ගේ තීන්දුව භාර ගෙන උන් වහන්සේගේ කැමැත්තට යටත් වී නොනැවතී යාච්ඤා කිරීමයි.

7) යාච්ඤා කරන විට ආත්මයාණන් වහන්සේ මත රඳා පවතින්න. මෙය අපූරු සත්‍යයකි. එලෙසෙම ආත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව. නමුත් ආත්මයාණන් වහන්සේට කිය නොහැකි කෙඳරිගෑම් වලින් අප උදෙසා මැදහත්කාරකම් කරන සේක. ඒ ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කාරකම් කරන බැවින්, සිත් විමසන තැනැන් වහන්සේගේ අදහස කුමක්දැයි දන්නා සේක” (රෝම 8:26-27). අපට යාච්ඤා කිරීම සඳහා ආත්මයාණන් වහන්සේගේ උපකාරය ලබා ගත හැක. අප බලවත් මානසික අවපීඩනයකින් හෝ කනස්සල්ලකින් යන අවස්ථා වලදී අපට අපට කිසිසේත්ම යාච්ඤා කරන්ට නොහැකි බව හැඟෙන විට ශුද්ධාත්මයාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අප වෙනුවෙන් යාච්ඤා කරන බවට අප දන්නා කාරණය මහත් සැනසිල්ලකට හේතු වේ. අපට ඇත්තේ කෙතරම් විශ්වජනක දෙවි කෙනෙක්ද?

අප වංශාකාරයෙන් ගමන් නොකොට, ආත්මයෙන් ගමන් කිරීමට සෙවීම තුළ කෙතරම් සහතික කිරීමක් තිබේද? දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත සහ කාල නියමයට අනුව අපගේ යාච්ඤා ඔප්පු කිරීමෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් දෙවි පියාණන් වහන්සේට ඉදිරිපත් කිරීමෙන්, එතුමන්ගේ කාර්යය භාරය ඉෂ්ඨ කරන බවට අපට නිශ්චිතයක් ඇත. එලෙසෙම උන් වහන්සේ සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන සේක (රෝම 8:28) යන අවබෝධය තුළ අපට විවේකීව සිටිය හැක.



නැවතත් සිංහල මුල් පිටුවට



මම යාච්ඤා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලවමද යන්න නිසැකවම දැන ගන්නේ කෙසේද?