settings icon
share icon
ප්‍රශ්නය

එකම දෙයක් උදෙසා නැවත නැවත යාච්ඤා කිරීම භාරගනු ලැබේද? එසේ නැති නම් එක සැරයක්ද ප්‍රශ්නය උදෙසා යාච්ඤා කළ යුත්තේ?

පිළිතුර


ලූක් 18:17 හී යේසුස් වහන්සේ උපමාවක් සඳහන් කරනවා එය උපහැරණයකි නොකඩවා යාච්ඤා කිරීමේ වැදගත්කම ගැන. මෙහිදී වැන්දඹුවක් නපුරු විනිශ්චකාරයකු ලඟට ගොස් ඇයට සාධාරණය ඉල්ලා සිටියා. ඇය දිගටම ඇගේ කන්නලව්ව නිසා විනිශ්චකරු ක්‍රියාත්මක විය. යේසුස් වහන්සේ මෙතන දැක්වූ විශේෂ දෙය නම් නොකඩවා කෙරුණු යාච්ඤාව (කන්නලව්ව) නිසා නපුරු විනිශ්චකරුවා පවා යුක්තිය ඉටු කිරීමට පෙළෙඹුනා. එසේ නම් අපට ප්‍රේම කරන අපගේ දෙවි පියාණන් ඊට වැඩියෙන් “උන් වහන්සේගේ තෝරා ගත්තවුන්” (7 පදය) අපගේ යාච්ඤා වලට පිළිතුරු ලබා දෙයි අප යාච්ඤා කරන කළ. උපමාවෙන් අපට උගන්වන්නේ නැත, වැරදියට වටහාගෙන තිබුණත්, අපි යම් දෙයක් උදෙසා නැවත නැවත යාච්ඤා කළ විට දෙවියන් වහන්සේ පෙළඹිමට (බැඳී සිටිනවා) පත් වෙනවා අපට පිළිතුරු දීමට යන්න. නැතහොත් උන් වහන්සේ තම සෙනගට ප්‍රතිවිපාක දෙනවා ඔවුන්ව නිදොස් කිරීමට. වරද නිවැරදි කිරීමට, ඔවුනට යුක්තිය කිරීමට, ඔවුන්ගේ ප්‍රශ්න වලින් ඔවුන්ව මුදා ගනී. උන් වහන්සේ එසේ කරන්නේ උන් වහන්සේගේ යුක්ති සහගතකම නිසාත්, ශුද්ධකම නිසාත්, උන් වහන්සේ පාපයට ද්වේෂ කරන නිසාත්ය. යාච්ඤාවට පිළිතුරු දීමෙදී උන් වහන්සේ උන් වහන්සේගේ පොරොන්දුව තබා උන් වහන්සේගේ බලය ප්‍රදර්ශනය (ඉදිරිපත්) කරයි.

යේසුස් වහන්සේ යාච්ඤාව පිළිබඳ තවත් උදාහරණයක් දෙනවා ලූක් 11:5-12 හී නපුරු විනිශ්චකාරයාගේ කථාවට සමාන. යේසුස් වහන්සේ මේ කොටසේ දෙන පණිවිඩය නම් යම් මිනිසෙකු තම මිතුරාට උපකාර කිරීම උදෙසා තමාව අපහසුතාවයට පත්කර ගන්නේද, දෙවියන් වහන්සේ ඊටත් වැඩිය අපට උපකාර කිරීමට මන්ද කිසිම ඉල්ලීමක් උන් වහන්සේට අපහසු නැත. නැවතත් පොරොන්දුව නම් අප ඉල්ලන දෙය දිගටම ඉල්ලගෙන සිටියාම එය අපට ලැබෙනවා යන්න නොවේය. දෙවියන් වහන්සේගේ පොරොන්දුව නම් උන් වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සැපිරීමේ පොරොන්දුවයි. අපට ඕන දේ නොවෙයි. අපි දන්නවාට වඩා අපගේ අවශ්‍යතාවය ගැන උන් වහන්සේ දන්නව. එම පොරොන්දුවම නැවත වරක් මතෙව් 7:7-11 හා ලූක් 11:13 හී “යහපත් ත්‍යාගය” ශුද්ධාත්මයාණන් වහන්සේ ලෙසට හඳුන්වනු ලබයි.

ලියවිලි කොටස් දෙකෙන්ම අපව යාච්ඤා කිරීමට උගන්වයි. එකම දෙය ගැන නිතර නිතරම ඉල්ලීම වැරදි නැත. ඔබ යාච්ඤා කරන දෙය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකුලව තිබේද යන්නයි වැදගත් (1 යොහන් 5:14-15), ඔබගේ ප්‍රශ්නයට විසඳුම දෙවියන් වහන්සේ දෙන තෙක් හෝ ඒ ආශාව ඔබගේ හදවතින් උන් වහන්සේ ඉවත් කරන තෙක් හෝ යාච්ඤාව දිගටම කිරීම / ඉල්ලීම කළ හැක. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ අපව පිළිතුරක් ලබනා තෙක් රඳා පැවතීමට ඉඩ හරි. මන්ද යාච්ඤාවෙන් සිටින විට අපට ඉවසීම හා ස්තිරත්වයක් ඇති වෙනවා. සමහර අවස්ථාවල අපි යාච්ඤා කරන ඉල්ලීමට පිළිතුරු දීමට තවම දෙවියන් වහන්සේගේ වෙලාව පැමිණ නැතිව ඇත. තවත් සමහර අවස්ථාවල දේව කැමැත්ත නොවන දේවල් ගැන අපි යාච්ඤා කරයි. ඊට පසු උන් වහන්සේ එය “නැත” යැයි පවසයි. යාච්ඤාව නම් අපගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේට දැන්වීම පමණක් නොවේ. එය දෙවියන් වහන්සේ තම කැමැත්ත අපට ඉදිරිපත් කිරීමද වේ. දිගටම ඉල්ලගෙන යාම, දිගටම තට්ටු කිරීම, දිගටම උන් වහන්සේ අවශ්‍යතාවයට පිළිතුර හෝ ඔබ ඉල්ලන දෙය උන් වහන්සේගේ කැමැත්ත නොවේද යන්න ඔබට පවසන තෙක්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

එකම දෙයක් උදෙසා නැවත නැවත යාච්ඤා කිරීම භාරගනු ලැබේද? එසේ නැති නම් එක සැරයක්ද ප්‍රශ්නය උදෙසා යාච්ඤා කළ යුත්තේ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries