යාච්ඤාව සහ නිරාහාරය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?




ප්‍රශ්නය: යාච්ඤාව සහ නිරාහාරය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

පිළිතුර:
නිරාහාරය සහ යාච්ඤාව අතර ඇති සම්බන්ධය නියත වශයෙන්ම ශුද්ධ ලියවිල්ලේ පහදා නුදුන්නද, මෙම අංග දෙක සම්බන්ධ කරන පොදු තන්තුවක්. බයිබලයේ වාර්තා වී ඇති, යාච්ඤාව සහ නිරාහාරය හා සම්බන්ධ සිද්ධීන් තුලින් ඉස්මතු වේ. පැරණි ගිවිසුමේ සඳහන් ආකාරයට නිරාහාරයෙන් සිට යාච්ඤා කරනු ලැබුවේ, අවශ්‍යතාවය සහ පරාධීන හේතුන් මත සහ / හෝ මුහුණ දීමට සිදුවූ ඉතා දුක්ඛිත සහ අසරණ තත්වයන් හෝ ඇති විය හැකි ආපදාවන් හේතුකොටගෙන බව පෙනී යයි. පැරණි ගිවිසුමේ යාච්ඤාව සහ නිරාහාය ඒකාබද්ධ වූ අවස්ථා නම් ශෝකවීම, පශ්චාත්තාප වීම සහ / හෝ ගැඹුරු අධ්‍යාත්මික අවශ්‍යතාවයන්ය.

නෙහෙමියා පොතේ 1 වන පරිච්ඡේදයේ විස්තර කරන ආකාරයට නෙ‍ෙහමියා යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් සිටියේ යෙරුසලම පාළු තත්වයකට පත්වූ බව දැනගත් පුවත හේතුවෙන් ඇතිවූ කණගාටුව නිසාය. ඔහු දින කීපයක්ම නිරතවූ යාච්ඤාවෙන් විදහා දක්වන්නේ, ඔහුගේ සෙනග වෙනුවෙන් කඳූළු සහිතව, නිරාහාරයෙන් සහ පාපොච්චාරණයෙන් යුක්තව දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය උදෙසා කළ අභියාචනාවන්ය. ඔහු කෙතරම් තදබල සහ අධික ලෙස හැඟීම් ප්‍රකාශ කළාද කිවහොත්, එසේ කළ යාච්ඤාවන් අතරතුරේදී කිසිඳු ආහාර පානයක් ගැනීමට නොනැවතුන ආකාරය අපට සිතා ගත නොහැක. යෙරුසලමට සිදුවූ මහත් විනාශය හේතුවෙන් ඒ හා සමනාව ඉරියව්වක උපයෙදීමට දානියෙල්වද පෙළඹුණේය. “එවිට මම නිරාහාරව ගෝණි රෙදිද අළුද ඇතිව, යාච්ඤාවෙනුත් කන්නලව්වෙනුත් ස්වාමිවූ දෙවියන් වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන් වහන්සේ දෙසට හරව” (දානියෙල් 9:3). නෙහෙමියා සේම දානියෙල්ද නිරාහාරව සිට යාච්ඤා කරමින් සෙනග උදෙසා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඉල්ලමින් කියනුයේ “අපි පව් කොට, දුෂ්ඨකම්කොට, කැරළිගසා, ඔබගේ ශීක්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව” (5 වන පදය).

පැරණි ගිවිසුමේ සඳහන් සිද්ධීන් කීපයකම නිරාහාරය මැදහත්කමේ යාච්ඤා හා සමග එකට එකතු වී ඇත. දාවිත් ඔහුගේ රෝගි දරුවා වෙනුවෙන් නිරාහාරව යාච්ඤා කලේ (2 සාමුවෙල් 12:16), අප්‍රමාදි මැදහත්කාරකමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ වැළපෙමින්ය (21 සහ 22 පදයන්). එස්තර් රැජින මොර්දෙකායි සහ යුදෙව්වන්ට නිරාහාරව සිටීමට අයදුම් කළේ ඇයගේ ස්වාමිපුරුෂයා වන රජුන් ඉදිරියේ පෙනී සිටීමට ඇය සැලසුම් කළ තිබූ හෙයිනි (එස්තර් 4:16). එහෙයින් නිරාහාරය සහ යාච්ඤාව අතර ඉතාමත් කිටිටු සම්බන්ධතාවයක් ඇති බව පැහැදිලි වේ.

යාච්ඤාව සහ නිරාහාරය පිළිබඳ සිද්ධීන් සමහරක් නව ගිවිසුමේ සඳහන් වූවත්, ඒවා පශ්චාත්තාපය සහ පාපොච්චාරණය සම්බන්ධ නොවේ. ආනා නම් වූ අනාගතවක්ත්‍රියක් “දේවමාලිගාවෙන් අහක්ව නොගොස් රෑ දාවල් දෙකෙහි නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කරමින් නමස්කාර කළාය” (ලූක් 2:37). 84 වන වියේ පසුවූ ඇය, යාච්ඤාව සහ නිරාහාරය, ස්වාමින් වහන්සේගේ මාළිගයේ ඇය විසින් කළ සේවාවේ කොටසක් බවට පත්වූ අතර පොරොන්දු වී සිටිය ඊශ්‍රායෙල්හී ගැළවුම්කාරයාණන් එනතුරු ඇය උදක්ම බලා සිටියාය. එසේම නව ගිවිසුමේ, අන්තියෝකියේ සභාව, ඔවුන්ගේ නමස්කාරය සඳහා නිරාහාරයෙන් සිටින අවස්ථාවේදී පාවුලු සහ බාර්ණබස්ව ස්වාමින් වහන්සේගේ සේවය සඳහා පත්කිරීම පිළිබඳව ශුද්ධාත්මායාණන් වහන්සේ විසින් ඔවුන්ට කථා කළ සේක. ඒ මොහොතේදී ඔවුන් නිරාහාරව යාච්ඤා කොට ඔවුන් දෙදෙනා පිට අත් තබා ඔවුන්ව පිටත් කර යැවූහ. එහෙයින් මෙම යාච්ඤාව සහ නිරාහාරය පිළිබඳව ඇති උදාහරණ තුලින් පෙනී යන්නේ ඒවා දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සහ උන් වහන්සේගේ කරුණාව සෙවීම තුළත් කොටස් ගන්නා බවයි. කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ බොහෝවිට යාච්ඤාවට පිළිතුරු දෙන්නේ එය නිරාහාරය සමග මුසුවී තිබුනොත් පමණක් බවට කිසිඳු ස්ථානයක ඇඟවීමක්වත් නොමැත. තවත් ආකාරයකින් කිව්වොත් යාච්ඤාව සමග කරන නිරාහාරයෙන් පිළිඹ්බු වන්නේ මනුෂ්‍යයාගේ යාච්ඤාවේ අවංක භාවය සහ ඔවුන්ගේ ජීවිත වල තීරණාත්මක අවස්ථාවන්ය.

පැහැදිලි වන එක කරුණකි: නිරාහාරයේ දේවධර්මානුකුල ඉගැන්වීම නම් එය ප්‍රමුඛතා පිළිබඳ ඉගැන්වීමකි. මේ තුලින් ඇදහිලිවන්තයන්ට ස්වාමින් වහන්සේ කෙරෙහි ඇතිබලවත් භක්තිය සහ ආත්මික ජීවිතයේ මහත් ඕනෑකම් පැහැදිලි ලෙස දන්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. මෙම භක්තිය ප්‍රකාශයට නැගෙන්නේ ජීවිතයේ සාමාන්‍ය සහ යහපත් දේ වන ආහාර පාන වලට ඇති ආශාවෙන් මදකට මිදී, අපගේ පියාණන් වහන්සේ සමග නිරන්තර සහභාකිකමකට ඇතුල්වී ඒ තුළ ප්‍රීතිමත් වීමෙන්ය. අප නිරාහාරව සිටියත් නැතත් අපට ශුද්ධ ස්ථානයට ඇතුල්වීමේ නිසැකකම, යේසුස් වහන්සේගේ ලේ කරනකොටගෙනවීම (හෙබ්‍රෙව් 10:19), අපට ක්‍රිස්තුස් වහන්ස් තුළ ලැබී ඇති විශේෂ වරප්‍රසාදයේ ප්‍රීතිමත් කොටසකි. යාච්ඤාව සහ නිරාහාරය වනාහි අපගේ ජීවිතයේ බරක් හෝ යුතුකමක් ලෙස නොසැළකිය යුතු අතර එය සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේගේ දරුවන්ට උන් වහන්සේ දක්වන්නාවූ යහපත්කම සහ අනුග්‍රහයේ සැමරීමක් ලෙස අපට නම් කළ හැක.



නැවතත් සිංහල මුල් පිටුවට



යාච්ඤාව සහ නිරාහාරය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?