settings icon
share icon
ප්‍රශ්නය

නොනවත්වාම යාච්ඤා කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


1 තෙසලෝනික 5:17 හී පාවුලුගේ නියෝගය වන “නොනවත්වාම යාච්ඤා කිරීම” ව්‍යාකුල විය හැක. එය ඇත්ත වශයෙන්ම, මුලු දවසේම හිස නමා, ඇස් වසාගෙන සිටින ඉරියව්වකින් සිටීම අදහස් කරනවා විය හැක. නොනවත්වාම කථා කිරීම පිළිබඳ පාවුලු සඳහන් නොකරයි. නමුත් එසේ නොව මුලු දවසෙහිම දේව-විඥානය සහ දේව-යටහත්කම ඇති ආකල්පයක් ඉසිලීමය. සියලු ඇවිදීමේ ක්‍රියාදාමයක්ම තුලම දෙවියන් වහන්සේ අප සමග බවත්, උන් වහන්සේ අප‍ෙග් සිතුවිලි හා ක්‍රියාවන් උදෙසා ක්‍රියාකාරිව සම්බන්ධව නියැලි සිටින බව ඒත්තු ගෙන ජීවත් වීමය.

අපගේ සිතුවිලි වද වීමට, බියට, අධෛර්යට සහ කෝපයට හැරෙන කළ සිහිකල්පනාවෙන් යුක්තව වහාම අපගේ සෑම සිතුවිල්ලක්ම යාච්ඤාවට හරවා සෑම යාච්ඤාවක්ම ස්තුති දීමකට හැරවිය යුතුය. පිලිප්පිවරුන්ට ලියන ලද මෙම ලිපියෙහි අපට කරදර වීමෙන් වැලකී සිටීමට පාවුලු නියෝග දෙයි. ඒ වෙනුවට “සියල්ලෙදී ස්තුති පූර්වකව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ ඇයදීම් දෙවියන් වහන්සේට දන්වන්න” (පිලිප්ප් 4:6). ඔහු කොලොස්සියෙහි ඇදහිලිවන්තයින්ට “අවදිව ස්තුතිවන්තකමෙන් යුක්තව නොකඩවා යාච්ඤාවේ යෙදී සිටිමින් (කොලොස්සි 4:2). තමන්ම කැප කරගන්නා ලෙස ඉගැන්වූහ. එපීසියෙහි ඇදහිලිවන්තයින්ට පාවුලු යාච්ඤාව අධ්‍යාත්මික සටන තුළ භාවිතා කරන ආයුධයක් ලෙස දකින්නට උනන්දු කළේය (එපීස 6:18). අප දවස තුළ ගමන් ගනිද්දි, සියලු බියකරු තත්වයකදීම, සෑම කරදරකාරි සිතුවිල්ලකදී, සහ දෙවියන් වහන්සේ නියෝග කරන සියලු අකමැති කටයුක්තකදීම යාච්ඤාව අපගේ ප්‍රධාන ප්‍රතිචාරය විය යුතුය. යාච්ඤාව මදිකම හේතුවෙන් දෙවියන් වහන්සේගේ කරුණාව මත රැඳෙනවා වෙනුවට අප මත රැඳෙන්න සිදු වේ. නොකඩවා පවත්නා යාච්ඤාවේ හරය නම් පියාණන් සමග නොනවත්වා රැඳීසිටීම හා සන්නිවේදනයෙහි සාරයයි.

ක්‍රිස්තියානින්ට, යාච්ඤාව හුස්ම ගැනීමට හා සමාන විය යුතුය. ඔබට හුස්ම ගැනීමට සිතන්නට අවශ්‍යය නැත. කුමක් නිසාද වාතාවරණය ඔබගේ පෙණහැල්ල පීඩණයක් යොදන විට ඔබට හුස්ම ගැනීමට ඉඳුරාම බලපෑම් ඇති කරයි. හුස්ම ගන්නවාට වඩා හුස්ම තද කර ගෙන සිටීමට අපහසු වන්නේ ඒ නිසයි. එසේම දෙවියන් වහන්සේගේ පවුලට ජනිතවූ කල්හී අපගේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ අභිමුඛය සහ කරුණාව පීඩනයක් ලෙස යොදමින් බලපෑම් ඇති කරන අධ්‍යාත්මික පරිසරයකට අප අවතීරණ වේ. යාච්ඤාව එම පීඩනයට ප්‍රතිචාරයකි. ඇදහිලිවන්තයින් ලෙස අප සියලු දෙනාම යාච්ඤාවේ වායුව හුස්ම ගැනීමට දිව්‍යමය පරිසරයකට ඇතුල් වී ඇත.

අවාසනාවකට, දෙවියන් වහන්සේත් සමග ගත කරන කෙටි අවස්ථා ඔවුන්ට නොමැරී සිටීමට ප්‍රමාණවත් බව සිතමින් බොහෝ ඇදහිලිවන්තයින් ඔවුන්ගේ අධ්‍යාත්මික හුස්ම දිගු කාලීනව නවත්වා සිටිති. එනමුත් එවැනි සීමාවන් ඔවුන්ගේ අධ්‍යාත්මික ඇතුල්වීම තුළ පැන නැගෙන්නේ පව්කාරවූ ආශාවන් හේතුකොට ගෙනය. කාරණාව නම් සම්පූර්ණයෙන් ක්‍රියාකාරි වීමට සෑම ඇදහිලිවන්තයෙක්ම නිරන්තරයෙන්ම උන් වහන්සේගේ සත්‍යය හුස්ම ගනිමින් නිතිපතා දේව අභිමුඛයේ සිටීමය.

දෙවියන් වහන්සේගේ කරුණාව මත රැඳෙනවාට වඩා අනුමාන කිරීම මගින් සුරක්‍ෂිත බව හැඟීම ක්‍රිස්තියානින්ට පහසුය. බොහෝ ඇදහිලිවන්තයින් ශාරීරික ආශීර්වාදයෙන් තෘප්තියට පැමිණෙන අතර අධ්‍යාත්මික ආශීර්වාදය කෙරෙහි ඇත්තේ අලාප ආශාවක්ය. වැඩ සටහන්, මාර්ග සහ මුදල් සිත් ගන්නා ප්‍රතිඵල පමුණුවන විට ව්‍යාකුල මනුෂ්‍යය සාර්ථකත්වය සමග දිව්‍යමය ආශීර්වාදයට පසුබෑමක් ඇත. මෙය සිදුවූ කළ දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය සහ උන් වහන්සේගේ උපකාර ඉල්ලීමේ අභිලාශය නැතිවී යයි. අඛණ්ඩව නොනැසෙන නිරන්තර යාච්ඤාව ක්‍රිස්තියානි ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වන අතර නිහතමානිකම තුලින් ගලා ඇවිත් දෙවියන් වහන්සේ මත රැඳෙයි. English



නැවතත් සිංහල මුල් පිටුවට

නොනවත්වාම යාච්ඤා කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries