settings icon
share icon
ප්‍රශ්නය

අසභ්‍ය ප්‍රබන්ධ පිළිබඳව බයිබලය කුමක් පවසයිද? අසභ්‍ය ප්‍රබන්ධ බැලීම පාපයක්ද?

පිළිතුර


අන්තර්ජාලය පිළිබඳ බොහෝ කරුණු බැලුවොත් ඒවා අසභ්යු ප්‍රබන්ධයි. අසභ්‍ය ප්‍රබන්ධ අද ලෝකයේ බොහෝ ව්‍යාප්ත වී ඇත. අන් සියලු දේට වඩා සැබවින්ම සාතන් ලිංගික සම්බන්ධකම වියවුල් ලෙසට ක්‍රියාත්මක කිරීමට වෙර දරයි. යහපත් හා නිවැරදි දේ ඔහු අරගෙන (ස්වාමියෙක් හා බිරිඳක් අතර ඇති ආදර ලිංගික සම්බන්ධතාවය) වෙනුවට කාම රාගය, අසභ්‍ය ප්‍රබන්ධ, කාමමිථ්‍යාචාර, දූෂණය (ස්ත්‍රි දූෂණ) හා සමලිංගිකත්වය ඉදිරිපත් කර ඇත. අසභ්‍ය ප්‍රබන්ධ දුෂ්ඨකම හා දුරාචාරයට ඇදගන්නා පළමු අධියරය විය හැක (රෝම 6:19). අසභ්‍ය ප්‍රබන්ධ වලට වහල්වූ ස්වභාවය සහතික කර ඇත. හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නකු හොඳට මත් වීමට නම් වැඩි ප්‍රමාණයක් අර ගතයුතුය. අසභ්‍ය ප්‍රබන්ධ මිනිසාව දැඩි ලිංගික අවකල ක්‍රියාවලට හා දෙවියන් වහන්සේගෙන් නොවන ආශා වලට යොමු කරයි.

පාපයේ මූලික කාණ්ඩ තුන නම් මාංශයේ රාගය (තෘෂ්ණාව), ඇසෙහි රාගය හා ජීවිතයේ අහංකාරය (1 යොහන් 2:16). අසභ්‍ය ප්‍රබන්ධ අනිවාර්‍යයෙන් අපව මාංශයේ තෘෂ්ණාව / රාගයට පොළොබවයි. එමෙන්ම එය ඇසේ තෘෂ්ණාව නොවේ යැයි පැවසිය නොහැක. අසභ්‍ය ප්‍රබන්ධ ගැන අපි සිතන්නවත් සුදුසු දෙයක් නොවේ පිලිප්පි 4:8 ට අනුව. අසභ්‍ය ප්‍රබන්ධ වලට වහල් වෙනවා (1 කොරින්ති 6:12; 2 පේත්‍රැස් 2:19) සහ විනාශකාරි (හිතෝපදේශ 6:25-28; එසකියෙල් 20:30; එපීස 4:19). අපගේ මනසේ ඉන්න මනුෂ්‍යන් පිළිබඳ රාගයෙන් පෙලීම, අසභ්‍ය ප්‍රබන්ධයක රූප රාමුවකි. එය දෙවියන් වහන්සේට විරුද්ධය (මතෙව් 5:28). අසභ්‍ය ප්‍රබන්ධ වලට වුනු මනුෂ්‍යකුගේ ජීවිතයේ චරිතයද නිරූපණය කරයි. එම පුද්ගලයා නොගැලවුනු කෙනෙකු ලෙසට පිළිබිඹු කරයි (1 කොරින්ති 6:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අසභ්‍ය ප්‍රබන්ධ පිළිබඳව බයිබලය කුමක් පවසයිද? අසභ්‍ය ප්‍රබන්ධ බැලීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries