settings icon
share icon
ප්‍රශ්නය

විවාහය කරණකොටගෙන එක් මාංශයක් බවට පත්වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


“එක් මාංශයක්” යන භාෂිතය පැමිණෙන්නේ උත්පත්ති කථාවේ ඒව නිර්මාණය කිරීමේදීය. ආදම්ව තද නින්දකට පත්කොට ඔහුගේ ඉල ඇටයක් ගෙන ඒවව නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය උත්පත්ති 2:21-24 හි විස්තර කෙරේ. ඒව තමාගේ ශරීරයේම කොටසක් බව ආදම් හඳුනා ගත්තේය-සත්‍ය වශයෙන්ම ඔවුන් දෙදෙනා “එක් මාංශයක්ය.” “එක් මාංශයක්” යන භාෂිතයෙන් අර්ථවත් වන්නේ අපගේ ශරීර එක් සම්පූර්ණ පැවැත්මක් ඇති දෙයක් වන හෙයින් ඉන් කොටස් කඩා වෙන් නොකල හැකි සහ සම්පූර්ණ වශයෙන් පවතින්නා සේම අපගේ විවාහ සම්බන්ධතාවයද එලෙසම පැවතීම දෙවියන් වහන්සේගේ අභිලාෂය විය. ඔවුන් තව දුරටත් පැවැත්ම දෙකක් ඇති අයවලුන් (පුද්ගලයන් දෙදෙනෙක්) නොව එක් පැවැත්ම ඇත (විවාහක යුවලක්) වේ. මෙම නව එකමුතු භාවය තුළ ලක්ෂණ කිහිපයක අන්තර්ගතවේ.

භාවාත්මක බැඳීම පිළිබඳව සලකා බලන කළ, එම නව ඒකකය, මීට පෙර පැවතුන සහ මතුවට පැවැත්වෙන සියලු සබඳතාවයන්ට වඩා ප්‍රමුඛත්වයක් ගනියි (උත්පත්ති 2:24). සමහර විවාහක සහකරුවන් තමාගේ නව සහකරුවාට චඩා තම දෙමව්පියන් සමග ඇති බැඳීම් වලට වැඩි වැදගත් කමක් දක්වයි. මෙය විවාහයේ ව්‍යසනට සංයෝගක්‍රමයක් වන අතර දෙවියන් වහන්සේගේ අපූර්ව අභිප්‍රාය වන අත් හැරයාම සහ ඇලුම්ව සිටීම විපරිවර්තනය කිරීමක් වේ. විවාහකයෙක් තමාගේ භාවාත්මක අවශ්‍යයතා සපුරා ගැනීම පිණිසඔහුගේ හෝ ඇයගේ සහකරුවා වෙනුවට තම දරුවාට සමීප ලෙස ආකර්ශණය වීම හේතුකොටගෙන ඊට අනුරූප ගැටලුවක් හට ගැනීමට අවකාශයක් ඇත.

භාවාත්මකව, අධ්‍යයාත්මිකව බුද්ධිමත්ව, ආර්ථකව සහ අනෙකුත් සෑම ආකාරයකින්ම යුවලක් ඒකත්වයක් විය යුතුවේ. ශරීරයේ එක් එක් කොටස් අනෙකුත් කොටස් ගැන සලකන අයුරින් (උදරය ශරීරය වෙනුවෙන් ආහාර ජීරණය කරයි, මොළය සමස්ත ශරීරයම යහපත් ලෙස හසුරුවනු ලබයි, දෑත් ශරීරය උදෙසා ක්‍රියා කරනු ලබයි) මේ අයුරින්ම සෑම විවාහක සහකරුවෙකුම එකිනෙකා පිළිබඳව සැලකිය යුතු වේ. එක් එක් සහකරුවා විසින් උපයනු ලබන මුදල් තව දුරටත් “මාගේ මුදල්” වශයෙන් නොව “අපගේ මුදල්” ලෙස දැකිය හැක. එපීස 5:22-23 සහ හිතෝපදේශ 31:10-31 හී මෙම ඒකත්වයෙහි සම්ප්‍රයෝගය ස්වාමිපුරුෂයාගේ සහ භාර්යාවගේ භුමිකාවන් අනුපිළිවෙලින් ගෙන හැර පායි.

කායිකව ඔවුන් එක් මාංශයක් බවට පත්වේ, එක් මාංශයේ ප්‍රතිඵල විදහා දැක්වෙන්නේ ඔවුන්ගේ එකමුතු වීමෙන් උපදවන්නාවූ දරුවන් මගින්ය. එම දරුවන් විශේෂ ජානමය අංගරචනයකින් හෙබි වන්නේ ඔවුන්ගේ එකමුතු වීමේ නිශ්චයක් ලෙසින්ය. ඔවුන්ගේ සබඳතාවයේ ලිංගික දෘෂඨි කෝණයේදී පවා ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාගේ ශරීර තමාට අයත් ලෙස නොව තමාගේ සහකරුවාට අයත් බව සමාලෝචනය කළ යුතුය (1 කොරින්ති 7:3-5). තම තමාගේ සන්තුෂ්ටිය පමණක් කේන්ද්‍රගත කොට නොගෙන තම විවාහකයාට සන්තුෂ්ටිය ලබා දීමට යොමු විය යුතුය.

මෙම ඒකත්වය සහ එකිනෙකාගේ ශුභසිද්ධිය උදෙසා කටයුතු කිරීමට ඇති අභිලාෂය ස්වයන්සිද්ධ නොවන්නේ විශේෂයෙන්ම මනුෂ්‍යයවර්ගයා පාපයට වැටීමෙන් අනතුරුවය. උත්පත්ති 2:24 පුරුෂයා තම භාර්යාවට ඇලුම් විය යුතු බව පවසයි. මෙම වදන පිටුපස අදහස් දෙකක් අඩංගුවේ. එකක් නම් තම භාර්යාවට “තදින් ඇලී” සිටිය යුතුය, එය විවාහ බන්ධනය කෙතරම් තදබල විය යුතුද යන්නට පින්තාරුවකි. අනෙක් ලක්ෂණය නම් තම භාර්යාව “අනුව තදින් අනුසරණය” කිරීමයි. මෙම තදින් අනුසරණය කිරීම විවාහ බස් ඉල්ලන්නාවූ අවධිය අභිබවා ගොස් විවාහය පුරාවටම නොකඩවා පවත්වාගෙන යා යුත්තකි. මාංශික ප්‍රවණතාවය නම් තම විවාහකයාගේ අභිවෘද්ධිය තකා නොව “තමාට යහපත් යැයි හැඟෙන දේ” කිරීමය. මධුසමය ගත කිරීමෙන් අනතුරුව බෙහෝ විවාහයන් ගමන් ගන්නා චක්‍රමාර්ගය නම් මෙම “තමකමයි.” එක් එක් විවාහකයා ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යයතා සපුරා නොතිබීම පිළිබඳව ගැඹුරින් සිතමින් සිටිනවා වෙනුවට ඔහු හෝ ඇය, තම විවාහකයාගේ අවශ්‍යයතා සපුරා ලීම කේන්ද්‍ර ගතකොටගෙන රැඳීසිටීම යහපත්ය.

පුද්ගලයන් දෙදෙනෙකු එකි‍ෙනකාගේ අවශ්‍යයතා සපුරා ලමින් එකට ජීවත්වීම ප්‍රියමනාප වනවා සේම, දෙවියන් වහන්සේගේ ඊට වඩා උසස්වූ කැඳවීමක් විවාහය තුළ ඇත. ඔවුන් විවාහයට ප්‍රථමයෙන් ඔවුන්ගේ ජීවිත ක්‍රිස්තුස් වහන්සේගේ සේවයට යොදාගෙන තිබුනද (රෝම 12:1-2), ඔවුන් දැන් ඒකකයක් ලෙස එක්ව ක්‍රිස්තුස් වහන්සේට සේවය කළ යුතු හා සේම තම දරුවන්ද දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා ගොඩ නැංවිය යුතු වේ (1 කොරින්ති 7:29-34; මලාකි 2:15; එපීස 6:4). ක්‍රියා 18 හී සඳහන් කෙරෙන අකිලා සහ ප්‍රිස්කිලා මෙයට කදිම නිදසුනකි. යුවලක් එක්ව ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමට අනුසරණය කරන විට ආත්මයාණන් වහන්සේ විසින් දෙනු ලබන ප්‍රීතියෙන් ඔවුන්ගේ විවාහය පරිපූර්ණ වේ (ගලාති 5:22-23). ඒදන් උයනෙහිදී තුන් දෙනෙකු (ආදම්, ඒව සහ දෙවියන් වහන්සේ) පැවතුනු අතර එහි ප්‍රීතිය තිබුණි. එසේ හෙයින් වර්තමානයේ දෙවියන් වහන්සේ විවාහයේ මධ්‍යස්ථය නම් ඒ තුළ ප්‍රීතිය හට ගනියි. දෙවියන් වහන්සේ රහිතව සත්‍ය සහ පූර්ණ ඒකත්වයක් ඇති විය නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහය කරණකොටගෙන එක් මාංශයක් බවට පත්වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries