settings icon
share icon
ප්‍රශ්නය

ස්වයං මෛථුනය - ශුද්ධ බයිබලයට අනුව පාපයක්ද?

පිළිතුර


ශුද්ධ බයිබලය මෙය විශේෂයෙන් කිසිවිටකත් සඳහන් නොකරන අතර එය පාපයක් බව සඳහන් කරන්නේද නැත. කෙසේ වෙතත් ස්වයං මෛථුනයට යොමුවන ක්‍රියාවන් පාපකාරි බවට ප්‍රශ්නයක් නැත. මෙය කාමුක සිතිවිලි, ලිංගික උත්තේජනය හා / හෝ අසභ්‍ය චිත්තරූප වල අවසාන ප්‍රිතිඵලය වේ. ගනුදෙනු කළ යුත්තේ මෙම ගැටළු සමගය. කාමයේ හා අසභ්‍ය පත පොත පරිහරණය කිරීමේ පාපය අත්හැර ජයගත හැකි නම් - ස්වයං මෛථුනයේ ගැටළුව මතභේදයට කරුණක් නොවනු ඇත.

ලිංගික දුරාචාර සඳහන් කරන්නවත් එපා යයි ශුද්ධ බයිබලය අපට පවසයි (එපීස 5 : 3). ස්වයං මෛථුන්‍යය එම පරීක්‍ෂණයෙන් සමර්ථ වන්නේ කෙසේදැයි මම නොදනිමි. යමක් පාපයක්ද පාපයක් නොවේදැයි පරීක්‍ෂා කිරීමට ඇති හොඳම ක්‍රමය ඔබ කළ දේ පිළබඳව අන් අය සමග ආඩම්බරයෙන් පැවසීමට ඔබට හැකි වීමය. අන් අය දැනගැනීම ඔබව අපහසුවට හෝ ලජ්ජාවට පත් කරයි නම් එම ක්‍රියාව පාපයක් වන්නේය. තවත් හොඳ පරීක්‍ෂනයක් නම්, අපට අවංකවම, යහපත් සිහි බුද්ධියෙන් යුක්තව අපගේ කිසියම් ක්‍රියාවක් උන් වහන්සේගේ යහපත් අභිප්‍රායන් උදෙසා ආශිර්වාද කොට පාවිච්චි කරන්න යයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නට පුළුවන්දැයි තීරණය කිරීමය. ස්වයං මෛථුනය අපට “ආඩම්බර” විය හැකි හෝ අව්‍යාජ ලෙස දෙවියන් වහන්සේට ස්තුති කළ හැකි ක්‍රියාවක් ලෙස සුදුසුකම් ඇතැයි මම නොසිතමි.

ශුද්ධ බයිබලය අපට මෙසේ උගන්වයි, “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්න” (1 කොරින්ති 10 : 31). එය දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේද යන්න පිළිබඳව සැකයක් ඇත්නම් අත්හැරීම වඩාත් සුදුසුය. ස්වයං මෛථුනය ගැන සැකයට ඉඩක් ඇති බව සහතිකය. “ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය” (රෝම 14 : 23). ශුද්ධ බයිබලයට අනුව ස්වයං මෛථුනය දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. එමෙන්ම අපගේ ශරීර මෙන්ම අපගේ ආත්මද ගලවනු ලැබ දෙවියන් වහන්සේට අයත්වන බව අප මතක තබාගත යුතුය. “නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදන්නේද? නුඹලා නුඹලාටම අයිති නැති මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න (1 කොරින්ති 6 : 19-20). අප අපගේ ශරීරයෙන් කරන්නේ කුමක්ද හා යන්නේ කොතැනටද යන්න පිළිබඳව අපට සැබෑ පැවැත්මක් තිබිය යුතුය. එබැවින් මෙම මූලධර්ම වලට අනුව ස්වයං මෛථුනය ශුද්ධ බයිබලයට අනුකුලව පාපයක් බව මම සහතිකවම කියමි. එය දෙවියන් වහන්සේ සතුටු කරන්නක් යයි මම විශ්වාස නොකරන්නෙමි. දුරාචාරයේ මුහුණුවර මඟහරින්නේ හෝ අපගේ ජීවිත වල දෙවියන් වහන්සේගේ උරුමයේ පරීක්‍ෂණයෙන් සමර්ථ වන්නේවත් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වයං මෛථුනය - ශුද්ධ බයිබලයට අනුව පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries