settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමිපුරුෂයෙකු තුළ මා සොයා බැලිය යුතු කරුණු මොනවාද?

පිළිතුර


කිතුනු කාන්තාවක් ස්වාමිපුරුෂයෙකු සොයන විට දෙවියන් වහන්සේගේ සිතට එකඟ, උන් වහන්සේගේ මුලු කැමැත්ත කරන්නාවූ පුරුෂයෙකු සෙවිය යුතු වේ (ක්‍රියා 13:22). අප ඕනෑම කෙනෙකුට පැවැත්විය හැකි ඉතා වැදගත්ම සබඳතාවය නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග අපට ඇති පෞද්ගලික සබඳතාවයයි. එම සබඳතාවය අන් සියල්ලට වඩා ඉදිරියෙන් පසුවේ. අප ස්වාමින් වහන්සේ හා සමග පැවැත්විය යුතු සිරස් සබඳතාව ඒ අකාරයෙන්ම තිබේ නම්, අපගේ තිරස් සබඳතාවයන් තුළින් එම යථාර්ථය පිළිඹ්බු වේ. එසේ හෙයින් විභව්‍ය ස්වාමිපුරුෂයෙකු නම් දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ගමන් කිරීමට යොමු වී ඇති මෙන්ම දෙවියන් වහන්සේට ගෞරව දෙන ලෙස ජීවත්වීමට උත්සහ දරණ කෙනෙකුය (1 කොරින්ති 10:31).

සොයා බැලිය යුතු අනෙකුත් ගුණාංග මොනවාද? 1 තිමෝති 3 වන පිරිච්ඡේදය තුළින් අපෝස්තුලු පාවුලු, ස්වාමිපුරුෂයෙකු තුළ සොයා බැලිය යුතු ගුණාංග සඳහන් කරනු ලබයි. මෙම පාඨයේ සඳහන් වන්නේ සභා ගර්භයේ නායකයන් තුළ තිබිය යුතු සුදුසුකම්ය. කෙසේ නමුත් මෙම ගුණාංග “දෙවියන් වහන්සේගේ හදවත පසුපස ගමන් කරන” ඕනෑම පුරුෂයෙකුගේ ජීවිත අලංකාර කළ යුතුය. එම ගුණාංග මෙසේ අදහස් දැක්විය හැක, පුරුෂයෙකු සෑමවිටම ඉවසිලිවන්ත විය යුතු සහ තමාගේ හැසිරීම පාලනය කර ගත යුතුය. උඬඟුකමින් පූර්ණ නොවී සන්සුන් වූ මානසික ආකල්ප වලින් හෙබී, හැඟීම් මනා ලෙස නිපුණ කරගැනීමට හැකි, අන් අය කෙරෙහු දයාන්විත වූ ඉවසිලිවන්ත භාවයෙන් යුතුව ඉගැන්වීමට හැකියාවක් ඇති, බේබදුකමට වහල් නොවූ දෙවියන් වහන්සේ විසින් දුන් දීමනා අසංවර ලෙස භාවිතා නොකරන්නාවූ, ප්‍රඡණ්ඩත්වයට නෑඹුරු නොවූ, ජීවිතයේ සුළු කාරණා කේන්ද්‍ර කර නොගෙන දෙවියන් වහන්සේව පමණක්කේන්ද්‍ර කොට ගත්, සිත් රිදවීම් පහසුවෙන් වැළඳ නොගන්නා පිණිස අනුන්ගේ දෝෂාරෝපණ වලට ඉක්මනින් කලබල නොවන නොහොත් හිතුවක්කාරකමට ආප්ත නොවූ සහ අන්‍යයන්ට ලැබී තිබෙණ දීමනා කෙරෙහි ඊර්ෂ්‍යා සහගත නොවී ඒ වෙනුවට දෙවියන් වහන්සේ දුන්නාවූ සියල්ල පිළිබඳව කෘතඥ වන කෙනෙකු විය යුතු වේ.

ඉහත සඳහන් ගුණාංග වලින් පැහැදිලි කරනු ලබන්නේ පරිණත ඇදහිලිවන්තයෙකු වීම සඳහා ක්‍රියාකාරි ලෙස නියැලෙන පුද්ගලයෙකු පිළිඹඳවය. විභව්‍ය ස්වාමිපුරුෂයෙකු වීම සඳහා ස්ත්‍රියක් මෙවන් පුරුෂයෙකු පිළිබඳව සොයා බැලිය යුතුය. එසේය, බාහිර ආකර්ශණය, සමරූපි අභිරුචිය, අනුපූරකප්‍රබලතාවයන් සහ දුබලතාවයන් මෙන්ම දරුවන් පිළිබඳව ඇති කැමැත්ත ආදී කරුණු සමාලෝචනය කළ යුතු ඒවාය. කෙසේ වූවත් මෙවැනි දෑ ස්ත්‍රියක විසින් පුරුෂයෙකු පිළිබඳව සොයා බලන අධ්‍යාත්මික ගුණාංග වලට ද්වීතිය විය යුත්තකි. ඔබට විශ්වාස කළ හැකි, ගෞරවය දිය හැකි, ධාර්මික මාවත් තුළ අනුගමනව කළ හැකි පුරුෂයෙකු, කඩවසම් ප්‍රසිද්ධ බලවත් හෝ ධනවත් පුරුෂයෙකුට වඩා ඉමහත් අගයක් ගනීයි.

අවසාන වශයෙන්, සුවාමිපුරුෂයෙකු සොයා බලන කළ අප දෙවියන් වහන්සේගේ අභිප්‍රායට යටහත් විය යුතු වෙමු. සෑම ස්ත්‍රියකටම ඇයගේ “මනෝහර රාජ කුමාරයා” සොයා ගැනීමට අවශ්‍යය නමුත් යථාර්ථය නම් බොහෝ දුරට ඇය විවාහ වනු ලබන්නේ ඇය වැනිම අඩුපාඩු බොහෝමයක් ඇති කෙනෙකු විය හැක. එහෙයින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි කාලය එකිනෙකාට සහකාරයෙකු සහ මෙ‍ෙහකාරයෙකු විය යුතු ආකාරය ගැන අධ්‍යයනය කරමින් ගත කරති. අපගේ ජීවිතයේ ඉතා වැදගත්ම ද්වීතික සබඳතාවට එනම් විවාහයට ඇතුළත් විය යුත්තේ හැඟීම් වලාවකට යටත් නොවී නොව පුළුල් මෙන් විවෘත වූ දෑස් සහිතවය. අපගේ ස්වාමින් වන ගැළවුම්කාරයාණන් තුළ අපගේ ඉතා වැදගත්ම සබඳතාව කේන්ද්‍රගත කළ යුතු වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමිපුරුෂයෙකු තුළ මා සොයා බැලිය යුතු කරුණු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries