අත් හැරීම සහ ඇලුම්ව සිටීම යන්නෙහි අරුත කුමක්ද?




ප්‍රශ්නය: අත් හැරීම සහ ඇලුම්ව සිටීම යන්නෙහි අරුත කුමක්ද?

පිළිතුර:
“එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය, ඔව්හූ එක මාංශයක් වන්නෝය” (උත්පත්ති 2:24). අනෙකුත් පරිවර්තන “අත් හැරීම සහ ඇලුම්ව සිටීම” ගෙන හැර පාන්නේ “අත් හැරීම සහ ඒකාබද්ධවීම”, “අත් හැරීම සහ සම්බන්ධවීම” “අත් හැරීම සහ තදින් අල්ලා ගැනීම” ආදි ලෙසින්ය. එසේ නම් තම මවද පියාද අත් හැර තමාගේ භාර්යාබට හෝ ස්වාමිපුරුෂයාට ඇලුම්වීම යන්නෙහි නිශ්චිත අර්ථය කුමක්ද?

උත්පත්ති 3 වන පරිච්ඡේදයේ සටහන් කර ඇති ආකාරයට දෙවියන් වහන්සේ ප්‍රථමකොට ආදම්වද ඉන් අනතුරුව ඒවවද මැවූ සේක. ඒවව ආදම් වෙත ගෙන එනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින්මය. ඔවුන් දෙදෙනා ශුද්ධ විවාහය තුළින් එකට එකතු විය යුතු බවට දෙවියන් වහන්සේ විසින්ම නියම කරනු ලැබූ සේක. උන් වහන්සේ වදාළේ ඔවුන් දෙදෙනා එක් මාංශයක් බවට පත් විය යුතු බවය. මෙය, විවාහයේ ඉතා කිට්ටු ආශ්‍රයෙහි පින්තාරුවකි-එනම් කිසි කෙනෙකු කිසිම විටක සම්බන්ධ කර නොගැනීමට කරන්නාවූ ප්‍රේමයේ පණතයි. ඇලුම්වීම යන්නෙහි අර්ථය නම් “පිළිපැදීම” “ස්ථීරව පිහිටා සිටීම” නොහොත් හා “සම්බන්ධවීමයි”. මෙය වනාහි පුද්ගලයන් දෙදෙනෙකු එකම පැවැත්මක් බවට පත් කරන්නාවූ අද්විතීය සම්බන්ධ කිරීමකි. මෙයින් අදහස් කරනු ලබන්නේ තත්වයන් සුභවාදි නොවන අවස්ථාවලදී ඉවත්ව නොයෑමයි. එය තුළ අන්තර්ගත වන්නේ එකිනෙකා හා සමග කථාබස් කිරීමෙන් ප්‍රශ්නය විසඳා ගැනීම, ප්‍රශ්න යාච්ඤා තුලින් ජය ගැනීම, දෙදෙනාගේම හදවත් තුළ ක්‍රියාත්මක වීම පිණිස ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටියි, තමා වැරදි බවට ඒත්තුගෙන එයට සමාව සමාව ඉල්ලා සිටීමට කැමති වීම, දේවවචනය තුළ නිතරම උන් වහන්සේගේ උපදෙස් සෙවීම යනාදියයි.

භාර්යාව හෝ ස්වාමිපුරුෂයා යන අය‍ෙගන් කව්රු හෝ අත් හැරීම සහ ඇලුම්ව සිටීමට අසමත් වුවහොත්, විවාහය තුළ ගැටලු හට ගනියි. භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සත්‍ය වශයෙන්ම දෙමව්පියන්ව අත්හැර ඒම ප්‍රතික්ෂේප කළහොත් ගැටුම් සහ ආතතිය, එහි ප්‍රතිඵලයන් වේ. දෙමව්පියන්ව අත්හැර ඒම යන්නෙන් අදහස් වන්නේ ඔවුන්ව නොසලකා හැරීම හෝ ඔවුන් හා සමග කාලය ගත නොකර සිටීමවත් නොවේ. දෙමව්පියන්ව අත්හැර ඒම යන්නෙන් අදහස් වන්නේ ඔබගේ විවාහය තුළින් නව පවුලක් නිර්මාණය වී ඇති බවත් එම නව පවුලට, පූර්ව පවුලට වඩා උසස්වූ ප්‍රමුඛතාවයක් දිය යුතු බව ඒත්තු ගැනීමයි. භාර්යාව හෝ ස්වාමිපුරුෂයා එකිනෙකාට ඇලුම්ව සිටිම අතපසු කළහොත් එහි ප්‍රතිඵලය වනුයේ, ඉතා කිට්ටු අශ්‍රයේ සහ එකමුතුකමේ ඌනතාවයකි. ඔබගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාට ඇලුම්ව සිටීම තුළ අදහස් වන්නේ, එකිනෙකා හා සමග මපණක් සෑම මොහොතක්ම ගතකිරීම හෝ ඔබගේ විවාහයෙන් පිටත කිසිඳු අර්ථවත් සබඳතාවයක් ඇති කර ගැනීම හෝ නොවේ. ඔබගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාට ඇලුම්ව සිටීම යනු ඔබගේ විවාහකයා හා සමග ඒකාබද්ධවී, නොහොත් ඉඳුරාම කියතොත් “ඇලී” සිටීමයි. ඇලුම්ව සිටීම, විවාහය ගොඩ නැගීම පිණිස ඉවහල් වන ප්‍රධානතම කරුණක් වන අතර, එය ජීවිතයේ කර්කශ කාලයන් තුළින් යනවිට ඉවසීමෙන් දරාගෙන යාමට සහ දෙවියන් වහන්සේ අභිප්‍රාය කරන අලංකාර ජීවිතයකට පිටුවහලක් වේ.

විවාහ බන්ධනයේ අත් හැරීම සහ ඇලුම්ව සිටීම අප දෙවියන් වහන්සේ හා සමග තිබිය යුතු එක්සත්කම විදහා දක්වන පින්තාරුවක් ලෙසද සැලකිය හැක. “නුඹලාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ අනුව ගොස්, උන් වහන්සේට භයව, උන් වහන්සේගේ ආඥා රක්ෂා කොට, උන් වහන්සේගේ හඬට කීකරුව, උන් වහන්සේට සේවය කර, උන් වහන්සේට ඇලුම්ව සිටපල්ලා” (ද්විතිය කථාව 13:4). ඉන් අදහස් කරන්නේ අන් සියලු දෙවිවරුන් කුමණ ආකාරයෙන් සිටියත්, ඔවුන්ව අප අත් හැර දමා අපගේ එකම දෙවියන් වහන්සේ වන උන් වහන්සේ හා සමග පමණක් සම්බන්ධවීමයි. අප උන් වහන්සේගේ වචනය කියවා එතුමන්ගේ ආධිපත්‍යයට යටත් වීම තුළින් අපි උන් වහන්සේට ඇලුම්ව සිටින්නෙමු. අප උන් වහන්සේව ඉතා ඕනෑකමින් අනුගමනය කරන විට, දෙමව්පියන්ව අත හැර භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට ඇලුම්ව සිටීමට දෙවියන් වහන්සේ විසින් දෙනු ලබන්නාවූ උපදෙස් අප දකින්නේ, උන් වහන්සේ අභිප්‍රාය කළ ලෙස කැපවීම සහ සුරක්‍ෂිතභාවය අනාවරණය කර ගැනීමක්ය. දෙවියන් වහන්සේ විවාහය පිළිබඳව උන් වහන්සේගේ සැලසුම් නිර්මාණය, ඉතා වැදගත් ලෙස සලකනු ලබන සේක. විවාහ වන්නන් උදෙසා දෙවියන් වහන්සේගේ සැලසුම නම් අත් හැරීම සහ ඇලුම්ව සිටීමයි. අප දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන්නෙමු නම් කිසිසේත්ම කළකිරීමට පත් නොවන්නෙමු.



නැවතත් සිංහල මුල් පිටුවට



අත් හැරීම සහ ඇලුම්ව සිටීම යන්නෙහි අරුත කුමක්ද?