settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


යොහන් 1:29 හා යොහන් 1:36 හී යේසුස් වහන්සේ ඳෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ හැටියට ආමන්ත්‍රණය කර ඇති අතර එහි පිළිබ්ඹු කරන්නේ උන් වහන්සේ පාපයට සම්පූර්ණවූ පූජාව ලෙසටය. ක්‍රිස්තුස් වහන්සේ කව්ද? උන් වහන්සේ කළේ කුමක්ද? යන්න තේරුම් ගැනීමට, අප පරණ ගිවිසුමෙන් ආරම්භ කළ යුතුය. එහි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන අනාවැකි “පාප-පූජාව” හඳුන්වා පවසා ඇත (යෙසායා 53:10). එසේම, පරණ ගිවිසුමේ සියලු පූජාවන් දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරණුයේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට අඩිතාලමක් ලෙසටය. උන් වහන්සේ තමයි සම්පූර්ණ පූජාව. උන් වහන්සේගේ මනුෂ්‍යයන්ගේ පාපයට (රෝම 8:3; හෙබ්‍රෙව් 10).

යුදෙව් ජීවිත හා පූජාවන් කිරීමේදී බැටළුවන් පූජා කිරීම ඉතා වැදගත් ස්ථානයක් ගනී. යොහන් බව්තිස්ත යේසුස් වහන්සේ “ලෝකයේ පාපය දුරු කරන බැටළුපැටවාණෝ” හැටියට අමතන විට (යොහන් 1:29), උන් වහන්සේට ඇහුම්කන් දුන් යුදෙව්වරු සිතනවා කව්රු හරි නොයෙක් වැදගත් පූජාවන් ගැන. පසුකර යාමේ මංගල්‍ය ඉතා ලංව ඇති විට පළමු අදහස සමහරවිට පසුකර යෑමේ බැටළුවා විය හැක. පසුකරයෑමේ මංගල්‍ය (පාස්කු) යුදෙව්වරුන්ගේ විශේෂ නිවාඩු දවසක් හා සැමරීමක් දෙවියන් වහන්සේ මිසරයේ වහල්කමේ බැම්මෙන් ඊශ්‍රායෙලිතයන්ව මුදවා ගැනීම පිළිබඳව පසුකර යෑමේ බැටළුවා මරා ඌගේ ලේ උළුවහුවල තැවටරීම නිවෙස්වල (නික්මයාම 12:11-13) ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත කරන සමගි කිරීමේ පූජාව එය ඉතා අලංකාර සිදුවීමකි. උන් වහන්සේ කා උදෙසාද මැරුණේ ඔවුන් ඒ ලේ වලින් ආවරණය වී ඇත. අපව (ආත්මික) මරණය ගෙන එන දූතයාගෙන් ආරක්‍ෂා කරයි.

තවත් වැදගත් බැටළු පූජාවක් නම් දිනපතා (දෛනික) යෙරුසලමේ දේව මාලිගාවේ කරන පූජාව. සෑම උදෑසනක හා සවසක මනුෂ්‍යයන්ගේ පාපය උදෙසා බැටළුවෙකු පූජා කරනු ලැබීය (නික්මයාම 29:38-42). මේ දිනපතා පූජාවන්, අනෙක් ඒවා මෙන්ම, මනුෂ්‍යයන්ව යේසුස් වහන්සේගේ කුරුස පූජාව වෙතට යොමු කිරීමට වේ. යේසුස් වහන්සේගේ කුරුස පත්වීමේ වෙලාව සසඳා බලනවිට එය ඔවුන් සවස දේව මාලිගාවේ පූජාව කරන වෙලාවටම වීම. එම කාලයේ යුදෙව්වරු පරණ ගිවිසුමේ යෙසායා හා යෙරමියා අනාගතවකතෘන්ගේ සාක්‍ෂි ගැන වඩා වැඩි අවධානයක් දුන්හ. ඔවුන් පෙරදිම පැවසුවා පැමිණෙන්ට යන “මරණයට ගෙන යන බැටළුවෙකු මෙන්” ගෙනෙන බව (යෙරමියා 11:9; යෙසායා 53:7) එසේම උන් වහන්සේගේ පූජාවෙන් ඊශ්‍රායෙලයට ගැලවීම ලැබෙන්ට යන බවට. නියත වශයෙන්ම, ඒ පුද්ගලයා යේසුස් වහන්සේට අමතර වෙන කෙනෙකු නැත, “දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ.”

මේ පූජා කිරීමේ ක්‍රමයන් අද අපට නුපුරුදු දෙයක් වන අතර, නමුත් වන්දිය හෝ ගෙවීම කළ යුත්තක් බව අපට පැහැදිලිව පෙනෙනු ඇත. අපි දන්නවා පාපයේ කුලිය මරණය බව (රෝම 6:23) එසේම අපගේ පාප අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරයි. එසේම බයිබලයේ අප සියල්ලෝ පව්කාරයන් බවත් කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණ නැති බවත් සඳහන් කර ඇති බව අප දනිමුව (රෝම 3:23). අපගේ පාපයන් නිසා අප දෙවියන් වහනාසේගෙන් වෙන් කරන ලදි, එසේම උන් වහන්සේ ඉදිරියේ වරදකරුවන් ලෙස සිටියි. එමනිසා අපට ඇති මරණය නම් උන් වහන්සේම අප පාපයට සමාව දී සමගි කිරීමේ මාර්ගයක් අපට පෙන්වා දීමය. එසේම උන් වහන්සේගේ පුත්‍රයා පාපය උදෙසා මැරෙන පිණිස පොළොවට එවනු ලැබුවේ එමනිසයි. ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ සමගි කිරීමක් කිරීමට හා උන් වහන්සේ කෙරෙහි අදහන අයගේ පාපයේ කුලිය ගෙවීමට වේ.

එය උන් වහන්සේගේ කුරුසියේ මරණය දෙවියන් වහන්සේගේ සම්පූර්ණ පූජාව නිසාය (පාපය උදෙසා). එසේම උන් වහන්සේගේ උක්ථානය නිසා අපට සදාකාල ජීවනය ලැබේ. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කලහොත් අපගේ පාපයට වන්දිය උදෙසා පූජාව දෙවියන් වහන්සේම සූදානම් කිරීමේ සත්‍යතාවේ කොටසක ශුභාරංචි වල ඇති ප්‍රවෘතිවලින් ඉතා පැහැදිලිව පවසා ඇත. 1 පේත්‍රැස් 1:18-21 “මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය. ලෝකය මැවීමට පළමුවෙන් නියම කරනු ලැබූ උන් වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන් වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන් වහන්සේ කෙරෙහි උන් වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ නුඹලා උදෙසා, උන් වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශ කරනු ලැබූ සේක, මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ කෙරෙහි ඇත්තේය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries