settings icon
share icon
ප්‍රශ්නය

නිර්දෝශිභාවය නම් කුමක්ද?

පිළිතුර


සරළව ප්‍රකාශ කළහොත්, නිර්දෝශිභාවය නම් ධර්මිෂ්ඨත්වය ප්‍රකාශවීම, කෙ‍ෙනකුව දෙවියන් වහන්සේ සමග නිවැරදි ස්ථානයට ගෙන ඒම. නිර්දෝශිභාවය නම් දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නා අයව ධර්මිෂ්ඨයන් හැටියට ප්‍රකාශ කිරීමයි. එය ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නාවූ අයගේ ගණනට ඇතුලත් කිරීමයි (2 කොරින්ති 5:21). නිර්දෝශිභාව ලියවිල්ල පුරාවටම සඳහන්ව ඇති නුමුත් ඇදහිලිවන්තයන්ගේ නිර්දෝශිභාවය පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ රෝම 3:21-26 හිය: “නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවකෘවරුන්ගෙන් සාක්‍ෂි ලබමින්, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශ කරන ලද්දේය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය ප්‍රභේදයකුත් නැත. මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔව්හූ උන් වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. ඇදහීම කරණකොටගෙන උන් වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන් වහන්සේ නියම කළ සේක. කුමටද? දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙන හැරීම කරණකොටගෙන, තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. එනම් තමන් වහන්සේ ධර්මිෂ්ඨ වෙන හැටියටද, යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨ කරන්නා හැටියටද, තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.”

අපව නිර්දෝශිකර ඇත, ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශකර ඇත, ගැලවීම ලැබූ මොහොතේදීම. නිර්දෝශිකමම අපව ධර්මිෂ්ඨ නොකරයි, නමුත් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශයට පත් කරයි. අපගේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කුරුසියේ නිමවූ වැඩය මත අපගේ ඇදහිල්ල තැබීමෙනි. ඉන් උන් වහන්සේගේ පූජාව අපගේ පාපය ආවරණය කරයි. ඉන් අප දෙවියන් වහන්සේ බලන කල අපව සම්පූර්ණ හා කැලලක් නැති ලෙසට දකින්න ලැබීම. අප ඇදහිලිවන්තයන් හැටියට අප ක්‍රිස්තුස් වහන්සේ තුළය දෙවියන් වහන්සේ අප දෙස බලන කල ක්‍රිස්තුස් වහන්සේගේම ධර්මිෂ්ඨකම අප තුළ දකීවි. මින් දෙවියන් වහන්සේ බලාපොරොත්තුවන සම්පූර්ණත්වය සපුරයි. එමගින් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරයි, උන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කරයි.

රෝම 5:18-19 හී එය මනා ලෙස සාරාංශ ගත කරයි. “එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත් කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණක්මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨ කිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝ දෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය.” දෙවියන් වහන්සේගේ සමාදානය අප තුළ රජ කිරීමට හැකිවන්නේ නිර්දෝශි කිරීම නිසාය. නිර්දෝශිභාවය නිසා තමයි ඇදහිලිවන්තයන්ට ගැලවීමේ සහතිකය ලැබෙන්නේ. මේ නිර්දෝශිභාවය තුළින් දෙවියන් වහන්සේට අපව පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකි වන්නේ. දෙවියන් වහන්සේ අපව යථාර්ථයට ගෙන එන්නේ අප ඒ වන විට ලබා ඇති තත්වය. “එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු” (රෝම 5:1).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිර්දෝශිභාවය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries