settings icon
share icon
ප්‍රශ්නය

යුදාස් යේසුස් වහන්සේව පාවා දුන්නේ මන්ද?

පිළිතුර


අපට හරියාකාරව යුදාස් යේසුස් වහන්සේ පාවාදුන්නේ මන්දැයි තීරණය කළ හැකි කරුණු නොමැත. නුමුත් සමහරක් කරුණු මෙම මතය ගැන පැහැදිලිව පෙන්වා දෙයි. කෙසේවූවත් පළමුව යුදාස් ගෝලයන් දොළොස් දෙනාගෙන් කෙනෙක් වූයේය (යොහාන් 6:64). සියළු බයිබලීක කරුණු හෙළි කරන්නේ, ඔහු යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගෙන් ආ කෙනෙක් බව කිසිදිනෙක විශ්වාස නොකළ බවයි. ඔහු යේසුස් වහන්සේ, මෙසියස් වහන්සේ ලෙස පැහැදිලිව විශ්වාස නොකළ කෙනෙකි. වෙනත් ගෝලයන් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ ලෙස ආමන්ත්‍රණය කරද්දී, යුදාස් සැමවිටම යේසුස් වහන්සේව ආමන්ත්‍රණය කලේ රබ්බි, එනම් ගුරුවරයෙකුට වඩා උසස් යන්නයි. ගෝලයන් විටෙක ඔවුන්ගේ විශ්වාසය හා ඇදහිල්ල යොදා ගනිමින් මහත් ක්‍රියාවන් කළත් (යොහාන් 6:68,11:16) යුදාස් එසේ ධෛර්යමත් දේ නොකළ සැමවිට නිෂ්චලව සිදුවන දේ බලා සිටියේය. පහත සඳහන් සියළු හේතුන් වලට ප්‍රධාන වූ කරුණු යේසුස් වහන්සේ තුළ යුදාස්ට තිබුණාවූ මද විශ්වාසය හා ඇදහිල්ලයි. අපටත් එය එලෙසම බලපායි. අප යේසුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ වූ ඒකඡාතක මැවිල්ල ලෙස පිළිගැනීමට හා අපගේ පාප සියල්ලට කමාව දිය හැක්කේ යේසුස් වහන්සේට බව හා සදාකාළ ගැළවීම පැමිනෙන්නේ යේසුස් වහන්සේගෙන් බව පිළිනොගත්තොත්, අප ඉදිරියෙහි බොහෝ අපව බොහෝ ප්‍රශ්න වලට ගොඳුරු විය හැක. මන්ද අප තුළ තිබෙන්නේ යේසුස් වහන්සේගේ වැරදි වූ ආකල්පයක් හෙයිනි.

දෙවනුව, යුදාස් තුළ යේසුස් වහන්සේට පොඩි හෝ මද ඇදහිල්ලක් හෝ කිසිඳූ පෞද්ගලික සබඳතාවයක් නොවීය. සුභාරංචි පොත් සියල්ලෙහිම, ගෝලයන් ගැන සඳහන් වන තැන් වල, සෑම ස්ථානයකම පාහේ එකම පිළිවෙළට සඳහන් වී තිබේ. නුමුත් කුඩා වෙනස්කම් ද දක්නට ලැබේ (මතෙව්10:2-4, මාර්ක් 3 :16-19, ලූක් 6:14-16) යේසුස් වහන්සේත් සමඟ තිබෙන පෞද්ගලික සබඳතාවය අනුව, එහි පිළිවෙළ සෑඳී ඇති බව අපට පෙනේ. වෙනස්කම් නොසළකා, පේත්‍රැස් හා ඔහුගේ සහෝදරයන් යාකොබ් හා යොහාන් එම පිළිවෙලෙහි මුලින්ම සිටියෝය. එය පෙන්නුම් කරන්නේ යේසුස් වහන්සේ සමඟ පැවති පෞද්ගලික සබඳතාවයයි. යුදාස් සැමවිට පිළිවෙලහි අවසානයේ සිටීමෙන් නිරුපණය කරන්නේ, ඔහු හා යේසුස් වහන්සේ අතර තිබෙන පෞද්ගලික සබඳතාවයයි. ඊට අමතරව, සඳහන් වන යේසුස් වහන්සේ හා යුදාස් අතර පැවති සංවාදයේ, යුදාස් විසින් මරියා කළ දෙයට තිබුණාවූ කෑදරකම හේතු කොට හෙන දැඩිව තරවටු කිරීම් වලට භාඡනය වුණි (යොහාන්12 :1-8). යේසුස් වහන්සේව යුදාස් පාවා දෙනවා යැයි පැවසීම (මතෙව් 26:25) හා ඔහු පාවාදෙන්නෙකු විය (ලූක් 22:48).

තෙවනුව, යුදාස් සැමවිටම යේසුස් වහන්සේගේ විශ්වාසය පමණක් නොව, සියළු ගෝලයන්ගේ විශ්වාසය පාවා දුන්නේය (යොහාන්12:5-6). යුදාස් යේසුස් වහන්සේව විශ්වාස නොකල හා ඉතා පහසුවෙන් යේසුස් වහන්සේව අනුගමනය කළේ මන්ද ඔහු යේසුස් වහන්සේ වටා සිටිය සෙනඟ හා බොහෝ ලාභ ලැබිය හැකි බැවින්ය. යුදාස් භාණ්ඩාගාරික ලෙස තැවීමෙන් ඔහුට අවශ්‍ය සියළු පොලිය ද ඔහු ලබා ගත්තේය (යොහාන්13:29).

ඊට අමතරව යුදාස් අන් සියළු මිනිසුන් බලාපොරොත්තු වුණාසේ, මෙසියස් වහන්සේ ඔහුගේ රැකියාව අත්හැර, ඊශ්‍රායෙල් ඡාතිය පාලනය කරන්නට යන සිංහාසනයක තත්වයක් ඔහු බලාපොරොත්තු වුණේය. යුදාස් යේසු් වහන්සේව අනුගමනය කළේ, උන් වහන්සේ තුළින් දේශපාලන තත්වයක් ගොඩ නඟා ගත හැකි බව විශ්වාස කරමින්ය. ඔහුගේ සැලැස්ම වූයේ යේසුස් වහන්සේ ඇති කරන විප්ලවයෙන් පසුව එහි පාලන තනතුරක් ලබා ගැනීමටයි. යේසුස් වහන්සේව යුදාස් විසින් පාවා දූන් පසු, යේසුස් වහන්සේ පැහැදිලිව පැවසුවේ ඔහු නිසැකව මරණයට පත් වන බවය. රෝමයට විරුද්ධව කිසිඳු කැරැල්ලක් ගෙන යාමට නොහැකි විය. යුදාස් නීර්ණය කළ ඇත්තේ සැමවිටම, පරිසිවරුන් කළා සේ, ඔහු රෝමවරුන් පන්නා නොදමන නිසා, මොහු බලාපොරොත්තු නොවූ මෙසියස් වහන්සේ නොවන බවයි. පැරණි ගිවිසුමෙහි සඳහන් බොහෝ පද එනම් පාවදීම සම්බන්ධයෙන් ලියවී ඇත. මේ ඒ ආකාර දෙකකි. එසේය මා විසින් විශ්වාස කළාවූ, මාගේ භෝඡනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විළුඹ එසවිය (ගීතාවලිය41:9, මතෙව් 26:14 හා 48-49) සම්පූර්ණ කරයි. මමද නුඹලාට හොඳව පෙනේනම මාගේ කුල්ය දියල්ලා, නැත්නම් නොදී සිටපල්ලායැයි ඔවුන්ට කීවෙමි. ඔවුහු මාගේ කුලිය වන රිදී 30 ක් කිරාදූන්නේය. ඔවුන් විසින් මා මිළ කළ වටිනා අගය වන ඒවා කුම්භ කාරයාට හෙළාපන්නයැයි ස්වාමින් වහන්සේ මට කීසේක. මමද රීදි 30 රැගෙන ස්වාමින් වහන්සේගේ ගෘහයෙහි කුම්භකාරයාට හෙළීය (සෙකරියා11:12-13, මතෙව් 27:3-5 සම්පූර්ණ වෙයි). මෙම පැරණි ගිවිසුමෙහි වදන් වලින් පැහැදිලි වන්නේ දෙවියන් වහන්සේ යුදාස්ගේ පාවාදීම ගැන දැනගෙන සිටීම හා යේසුස් වහන්සේගේව යුදාස් විසින් පාවාදීම ගැන දැනගෙන සිටින්නට හා එය දෙවියන් වහන්සේ රාඡකීය ලෙස සැළසුම් කරන්නට ඇති යයි නිගමනය කළ හැක.

නුමුත් යුදාස් කළ යේසුස් වහන්සේගේ පාවාදීම, දෙවියන් වහන්සේ දැනගෙන සිටියාද එසේත් නැතහොත් එය යුදාස්ගේ තේරීමක් ද? හෝ ඔහු යේසුස් වහන්සේගේ පාවාදීමට වඟකිය යුත්තාද?

සියළු දෙනාටම තිබෙන පැනය නම් නිදහස් කැමැත්ත පිළිබඳවය. දෙවියන් වහන්සේගේ අනාගතය පිළිබඳව ඇති සර්වඥානය හේතුකොටගෙන අප ඡීවිත් වන කාලයේදී අපට මුහුණ පෑමට සිදූවන අත්දැකීම් හා සම්බන්ධ වේ. අප හැම පියවරක්ම, අපගේ අතීතයේ අප ඉගෙන ගත් පාඩම් හා ඡීවත් වූවත් අපගේ අනාගතය හෙවත් අප අත්පත් කරගන්නේ මොනවාදැයි අප දන්නේ නැත. කෙසේ නුමුත් දෙවියන් වහන්සේ කලයේ නිර්මාතෘ වන අතර අප කාලයේ නොව කාලය තුළ අපගේ ඡීවිත ගෙනයයි. එය සැබවින්ම අපට අපගේ ඡීවිත ගැන කාලය සමඟ ගෙවීමට (නොහොත් දෙවියන් වහන්සේ සමඟ) උගන්වයි. දෙවියන් වහන්සේ අපගේ ඡීවිතයන්හී අක්ශය වන අතර උන් වහන්සේට අපගේ ඡීවිත සමඟ ඇත්තේ කිටිටු සබඳතාවයක් ඇත.

ඕනෑම අවස්ථාවක යුදාස්ට තමාගේ තීරණය ගැනීමට හැකියාවක්, නිදහසක් ඔහුට තිබුණි. අවම වශයෙන්, සාතන් ඔහුගේ සිතට ඇතුළු වන තැන තෙක් (යොහාන් 13:27) හා දෙවියන් වහන්සෙගේ සර්වඥානය ලැබෙන තෙක් (යොහාන්13:10,18, 21) යුදාස් වෙනුවට තවත් කෙනෙකු එම තනතුරට පත් කළ නොහැක. එබැවින් දෙවියන් වහන්සේ යුදාස් කරන දේ ගැන දැනසිටිය අතර ඒ දේ පිළිබඳව දෙවියන් වහන්සේට මනා අදහසක් තිබුණි. යේසුස් වහන්සේ සැමවිටම පැවසුවේ යුදාස් විසින් තෝරාගත් ඔහුගේ කැමැත්ත, නිවැරදි බවය. සැබැවක් නුඹලාට කියමි. මා සමඟ කන්නාවූ කෙනෙක් වන නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවා දෙන්නේයයි කීසේක (මාර්ක් 14:18). යේසුස් වහන්සේ, යුදාස්ගේ සහභාගී වීම පවා පාවාදීමක් ලෙස සැළකුවේය. මෙම පාවාදීම ගැන යේසුස් වහන්සේ මෙලෙසද පැවසුවේය. මක්නිසාද තමා ගැන ලියා තිබෙන හැටියට මනුශ්‍ය පුත්‍රයා යන්නේය. නුමුත් මනුශ්‍ය පුත්‍රයා පාවා දෙන්නාට දූක් වේ. ඒ මනුශ්‍ය නූපන්නා නම් ඔහුට හොඳයයි කීසේක (මාර්ක් 14:21). සාතන්ටත් මෙහිදී කිරීමට මාර්ගයක් තිබුණි. යොහාන්13:26-27 බලන කල්හී අපට පැහැදිලි වන්නේ සාතන් ද මෙයට වගකිව යුතුය යන්නයි. දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ ප්‍රඥාවෙන්, සාතන් මිනිස් සිතට ඇතුල්වන ආකාරය ගැන දැන සිටියේය. සාතන් යේසුස් වහන්සේව කුරුසියට යැවීමට බොහෝ උත්සහ දැරීය. කුරුසියෙදී මරණය හා පාපය පරාඡය වුන අතර දැන් දෙවියන් වහන්සේගේ ගැළවීම, යේසුස් වහන්සේ ලබාගන්නා සියළු දෙනාටම නොමිලයේම ලැබෙයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යුදාස් යේසුස් වහන්සේව පාවා දුන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries