settings icon
share icon
ප්‍රශ්නය

මා ගැලවීමට පත්වන්නේ කෙසේද?


මෙය ඉතා සරල, නමුත් ගැඹුරු අර්ථයක් සහිතව, ඇසිය හැකි වැදගත් පැණයකි. “මා ගැලවීමට පත්වන්නේ කෙසේද?” යන වග අප මෙලොව තුළ ජීවත් වීමෙන් අනතුරුව සදාකාලික ජීවිතයට ඇතුල් වන්නේ කොතැනින්ද යන ප්‍රශ්නය හා බැඳේ. සදාකාලිකත්ව නියමය හැරුණු කොටගෙන අප හට වෙනත් වැදගත් හේතුවක් නොමැත. අප හට ස්තුති වන්ත විය හැක්කේ, බයිබලය තුළ ඉතාමත් නිශ්චිත ලෙස කෙනෙක් ගැලවීමට පත්විය හැක්කේ කෙසේද යන වග පහාදා දෙන බැවිනි. සිරගෙයි මුලාදෑනියා පාවුල් හා සීලස්ගෙන් අසනු ලබන ප්‍රශ්නය නම් “ස්වාමිවරුනි මා ගැලවෙන පිණිස කුමක් කලයුතු දැයි ඇසුවේය?” (ක්‍රියා 16:30). එවිට පාවුල් හා සීලස් උත්තර දෙමින් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අදහා ගන්න, එවිට නුඹ ගැලවෙන්නෙහිය” (ක්‍රියා 16:31).

මා ගැලවීමට පත්වන්නේ කෙසේද? මා ගැලවීමට පත්විය යුත්තේ ඇයි?
අපි සියලු දෙනා පාපයන් සිදුකර ඇත (රෝම 3:23). අපි පාපයෙන් ඉපදී ඇත (ගීතාවලිය 51:5), එලෙසම පෞද්ගලිකව පාපයන් කිරීමට අප තීරණය කර ඇත (දේශනාකාරයා 7:20; 1 යොහන් 1:8). පාපය තුලින් අපව පාපිෂ්ඨයන් බවට පත් කරයි. පාපය කිරීම තුලින් අප හා දෙවියන් වහන්සේ අතර දුරස්ථතාවයක් ඇති කරයි. සදාකාලික මාර්ගය කරා යන ගමන විනාශ කර දමන්නේද පාපයයි.

මා ගැලවීමට පත්වන්නේ කෙසේද? ගැලවිය යුත්තේ කුමකින්ද?
අපගේ පාපයන් නිසා අප සියලුදෙනා මරණයට සුදුස්සෝ වේ (රෝම 6:23). ශාරීරික පාපයේ ප්‍රතිඵලය ශාරීරික මරණය වූවද, පාපයේ ප්‍රතිඵලයෙන් සිදුවන එකම මරණයද මෙය නොවේ. අවසානයේ අප විසින් සදාකාලික හා අසීමිත දෙවියන් වහන්සේට විරුද්ධව අප අපගේ සියලු පාපයන් සිදුකර ඇත (ගීතාවලිය 51:4). මේ නිසා අපගේ පාපයන් සඳහා ලැබෙන දඬුවමද සදාකාලික හා අසීමිත වේ. එසේ නම් සිදුවිය යුත්තේ අප මේ සදාකාලික විනාශයෙන් මිදීම ලැබීමයයි (මතෙව් 25:46; එළිදරව් 20:15).

මා ගැලවීමට පත්වන්නේ කෙසේද? දෙවියන් වහන්සේ ගැලවීම ලබා දුන්නේ කෙසේද?
පාපයේ දඬුවම අසීමිත මෙන්ම සදාකාලික බැවින්, එම දඬුවමට මිල ගෙවීමට සිදුවූයේ දෙවියන් වහන්සේටය, ඒ මන්දයත් අසීමිත හා සදාකාලිකවූ එකම තැනන් වහන්සේ එතුමන් නිසාය. නමුත් දෙවියන් වහන්සේ හට එතුමන්ගේ දිව්‍යමය ස්වරූපය තුළ සිටිමින් ශාරීරික මරණයට පත්විය නොහැකිය. එමනිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ නම් මනුෂ්‍යයාගේ ස්වරූපයෙන් මනුෂ්‍යත්වයට පැමිණියේය. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ලබා ගනිමින් අප අතර වැඩ සිටිමින් අප හට ඉගැන්වීය. මිනිසුන් විසින් එතුමන් මෙන්ම එතුමන්ගේ පණිවිඩයද ප්‍රතික්ෂේප කල අතර, එතුමන්ව මරණයටද පත් කිරීමට තීරණය කලහ. යේසුස් වහන්සේ දැනුවත්වම අප උදෙසා එතුමන්ගේ ජීවිතය පූජා කලේ එතුමන්ව කුරුසිපත් කිරීමට ඉඩ දෙමිනි (යොහන් 10:15). යේසුස් වහන්සේ මනුෂ්‍යයෙක්වූ බැවින් එතුමන්ට මරණයට පත් වීමට හැකි විය. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වූ බැවින් එතුමන්ගේ මරණය තුළ සදාකාලික හා අසීමිත මිලක් අන්තර්ගත විය.කුරුසිය මත යේසුස් වහන්සේගේ මරණය පාපය සඳහා වූ සම්පූර්ණ මිල ගෙවීමකි (1 යොහන් 2:2). අප හට ගෙවීමට තිබූ ප්‍රතිවිපාකය එතුමා විසින් දරා ගන්නා ලදි. යේසුස් වහන්සේගේ උත්ථානය මගින් පාපය සඳහා ගෙවූ ඉහලම පූජාව එතුමාගේ මරණය වූ බවට ආදර්ශයක් විය.

ගැලවීමට පත්වන්නේ කෙසේද? ඒ සඳහා මා කුමක් කළ යුතුද?
“ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහගන්න, එවිට නුඹ ගැලවෙන්නේය” (ක්‍රියා 16:31). දෙවියන් වහන්සේ විසින් දැනටමත් කටයුතු සියල්ල නිමකර හමාරය. අප විසින් සිදුකල යුතු වන්නේ දෙවියන් වහන්සේ විසින් දුන්නාවූ ගැලවීම ඇදහිල්ලෙන් යුක්තව බාර ගැනීමය (එපීස 2:8-9). අපගේ පාපයේ මිල ගෙවනු ලැබූ යේසුස් වහන්සේ තුළ සම්පූර්ණ ඇදහිල්ලෙන් යුක්තව එතුමන්ව විශ්වාස කරන්නේ නම් එවිට අප කිසිවිටකත් විනාශයට පත් වන්නේ නැත (යොහන් 3:16). ගැලවීම යනු දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට දුන්නාවූ ත්‍යාගයකි. අපි විසින් කළ යුතු වන්නේ එම ත්‍යාගය පිළිගැනීමය. එලෙස දුන්නාවූ ගැලවීමේ මාර්ගය වන්නේ යේසුස් වහන්සේය (යොහන් 14:6).

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා ගැලවීමට පත්වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries